IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


පැරිස් ඔලිම්පික් යන අපේ අයගේ වත ගොත

ඡායාරූපයේ වමේ සිට කණ්ඩායමේ  නායිකාව දිල්හානි ලේකම්ගේ,කයිල් අබේසිංහ, තරුෂි කරුණාරත්න, ගංගා සෙනවිරත්න, අරුණ දර්ශන. බැඩ්මින්ටන්  ක්‍රීඩක විරේන් නෙත්තසිංහ  ඡායාරූපයේ  නොමැත.


 

සිකුරාදා (26) නිල වශයෙන් ආරම්භ වන 33 වැනි ඔලිම්පික් ක්‍රීඩා උළෙල සදහා ප්‍රංශයේ පැරිස් නුවර මේ වන විට සූදානම්ය. එහිදී රටවල් 206 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10714 දෙනෙකු ක්‍රීඩා ඉසව් 32 ක් සඳහා තරග වැදීමට නියමිතය.

ශ්‍රී  ලංකා කණ්ඩායම් ප්‍රධානි චන්දන  ලියනගේ මහතා පැරිස්  නුවරදී....


ශ්‍රී ලංකාවෙන් ඒ සඳහා ක්‍රීඩා ඉසව් තුනකින් පමණක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය දෙනෙකු නිර්දේශ ලබා ගෙන තිබේ. එහිදීත් සුදුසුකම් නිර්දේශ ලබා ගත්තේ බැඩ්මින්ටන් හා මලල ක්‍රීඩා යන ඉසව් දෙකෙන් පමණි.පිහිනුම් ක්‍රීඩාවෙන් පංගු (වයිල්ඩ් කාඩ්) ක්‍රමය යටතේ එක් ක්‍රීඩකයෙකු හා එක් ක්‍රීඩිකාවක් නම් කිරීමේ අවස්ථාව හිමි විය.

කෙසේවුවත් ඔලිම්පික් උළෙලක් සඳහා නිර්දේශ ලබා ගැනීමත් ශ්‍රී ලංකාව වැනි විශේෂයෙන්ම තෙවැනි ලෝකයේ (දුප්පත්) රටවලට පදක්කමක් දිනා ගැනීම තරම් දුලභ අවස්ථාවකි. 

1948 ලන්ඩන් ඔලිම්පික් උළෙලන් ශ්‍රී ලංකාව සහභාගිත්වය ඇරඹීමෙන් පසුව මෙවර පැරිස් ඔලිම්පික් උළෙල දක්වා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෙස ශ්‍රී ලාංකිකයන් 127 දෙනෙකු සහභාගිවී තිබේ.

මලල ක්‍රීඩිකා නදීෂා දිල්හානි ලේකම්ගේ (හෙල්ල විසි කිරීම (කාන්තා) -: පැරිස් ඔලිම්පික් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාවයි. වයස 37, උපන් නගරය :- ඇහැළියගොඩ, පාසල -: ඇහැළියගොඩ මහින්ද විදුහල, රැකියාව : -යුද හමුදා කාන්තා බලකායේ කෝප්‍රල් , පුහුණුකරු :- ප්‍රදීප් නිශාන්ත මහතා, පැරිස් ඔලිම්පික් නිර්දේශ තහවුරු කර ගත්තේ ශ්‍රේණිගත දක්ෂතා ලකුණු එකතුවෙනි.

මෙතෙක් ජාත්‍යන්තර හොඳම දක්ෂතා :- හංජෝ ආසියානු ක්‍රීඩා උළෙල (2022) රිදී පදක්කම (මීටර් 61.57 - මෙය ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවයි.

බැංකොක් ආසියානු ශූරතා (2023) රිදී පදක්කම (60.93), බුහුබනේශ්වර් ආසියානු ශූරතා (2017) රිදී පදක්කම (මීටර් 58.11), මොක්පෝ ආසියානු විසි කිරීමේ ඉසව් තරගාවලිය - ලෝකඩ පදක්කම (මීටර් 57.94).

පැරිස් ඔලිම්පික් නිර්දේශ ලබන විට ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරිම් ස්ථානය - 23.

මලල ක්‍රීඩිකා තරුෂි දිල්සරා කරුණාරත්න (මීටර් 800 - කාන්තා) -: වයස 19, පාසල - වලල ඒ රත්නායක මැදි විදුහල, පුහුණුකරු - සුසන්ත ප්‍රනාන්දු මහතා, උපන් ස්ථානය - උඩුදුම්බර පැරිස් ඔලිම්පික් නිර්දේශ තහවුරු කර ගත්තේ ශ්‍රේණිගත ලකුණු ක්‍රමයෙනි. පාසල් ශිෂ්‍යයාවක්ව සිටියදී ආසියානු ශුරතා නව වාර්තාවක් බිහි කරමින් මීටර් 800 කාන්තා ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වූවාය.

මීටර් 400 හා මීටර් 600 යන කාන්තා ඉසව් වලදීත් දක්ෂතා දක්වයි.

මෙතෙක් ප්‍රධාන ජාත්‍යන්තර දක්ෂතා - ස්පාඤ්ඤ තරගාවලිය (2024) - මීටර් 600 (කාන්තා) රිදී පදක්කම (නව වාර්තාවකි - විනාඩ් 1 තත්පර 24.84), බැංකොක් ආසියානු ශූරතා මීටර් 800 (කාන්තා) රන් පදක්කම (විනාඩි 2 තත්පර 00.66), තායිවාන් විවෘත - මීටර් 400 (කාන්තා) රන් පදක්කම - (තත්පර 52.48), හංජෝ ආසියානු ක්‍රීඩා - මීටර් 800 (කාන්තා) රන් පදක්කම - (විනාඩි 2 තත්පර 03.20), තායිවාන් විවෘත - මීටර් 400 (කාන්තා) රන් පදක්කම (තත්පර 53.39)

ආසියානු ශූරතා වයස 20 න් පහළ (2023) මීටර් 400 (කාන්තා) රිදී පදක්කම (තත්පර 53.71) හා එහිදී මීටර් 800 (කාන්තා) රන් පදක්කම (විනාඩි 2 තත්පර 05.64), 

මේ හැරෙන්නට හංජෝ ආසියානු ක්‍රීඩා, බැංකොක් ආසියානු ශූරතා, ආසියානු ශූරතා වයස 20 න් පහළ යන තරග වලදී සහය හා මිශ්‍ර සහය දිවීමේ රන් හා රිදී පදක්කම් දිනා ගත් ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායම්හි ඇය ක්‍රීඩිකාවකි.

පැරිස් ඔලිම්පික් නිර්දේශ තහවුරු කර ගන්නා විට ඉසව්වේ ලෝක ශේණිගත ස්ථානය 47)

මලල ක්‍රීඩක අරුණ දර්ශන (මීටර් 400 ( පිරිමි) - :

වයස 25 - උපන් ස්ථානය - තිකුණාමලය සිංහපුර, පාසල - කන්තලේ දෙහිවත්ත මහ විදුහල හා අකුරම්බොඩ වීර කැප්පෙටිපොළ ජාතික පාසල, රැකියාව - යුද හමුදා සේවය, පුහුණුකරු - අසංක රාජකරුණා මහතා

මෙතෙක් හොඳම ජාත්‍යන්තර දක්ෂතා - චොන්ග්කින්ග් ග්‍රෝන් ප්‍රී (2024) ප්‍රථම ස්ථානය - (තත්පර 45.48), ඔසාකා තරගාවලිය -දෙවැනි ස්ථානය (තත්පර 45.49), පුකුරෝයි තරගාවලිය (2023) - දෙවැනි ස්ථානය 

බැංකොක් ආසියානු ශූරතා (2023) - හත් වැනි ස්ථානය (45.69), බූඩාපේස්ට් ලෝක තරගාවලිය (2023) - 6 වැනි ස්ථානය (45.70)

පැරිස් ඔලිම්පික් නිර්දේශ ලබන විට ඉසව්වේ ලෝක ශ්‍රේණිගත ස්ථානය 51

පිහිනුම් ක්‍රීඩිකා ගංගා සෙනවිරත්න ( මීටර් 100 - (පසුපස ආර - කාන්තා)

ඇය 21 හැවිරිදිය. කොළඹ විශාඛා විදුහලේ ආදි ශිෂ්‍යයාවකි. කොළඹ හතේ ටොරින්ටන් පෙදෙසේ ඉපදුණු ගංගාගේ පුහුණුකරු කයිල්  අබේසිංහ මහතායි.

2022 සිංගප්පූරු ජාතික තරගාවලියේදී රන් පදක්කමක් දිනා තිබේ. ඇය මෙතෙක් සහභාගිවී තිබෙන ජාත්‍යන්තර තරගාවලි අතර 2022 බර්මින්හැම් පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල හා 2022 හංජෝ ආසියානු ක්‍රීඩා උළෙලද වේ. කොළඹ හතේ ඉපදුණු ක්‍රීඩිකාවක් බැවින් සිය දියණිය ගංගා පහසුකම් වලින් අඩුවක් නැති අයෙකු ලෙස බොහෝ දෙනෙකු සිතා සිටියත් ඇයගේ ඉදිරි ක්‍රීඩා දිවිය පවත්වා ගෙන යාම සඳහා අනුග්‍රහකයෙකු සොයමින් සිටින බව ඇගේ පියා පවසයි.

පිහිනුම් ක්‍රීඩක කයිල් අබේසිංහ (මීටර් 100 - නිදහස් ආර)

මෙරට පිහිනුම් ක්‍රීඩාවේ දස්කම් පාන සුප්‍රසිද්ධ අබේසිංහ පවුලේ සාමාජිකයෙකු වන 23 හැවිරිදි කයිල් අබේසිංහ ගියවර ටෝකියෝ ඔලිම්පික් උළෙල සදහා සහභාගිවූ මැතිව් අබේසිංහගේ සොහොයුරාය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර තරග නියෝජනය කළ ඇන්ඩෲ අබේසිංහ කයිල්ගේ තවත් සොහොයුරෙකි.

මොවුන්ගේ පියා වන ප්‍රසිද්ධ පිහිනුම් උපදේශක මනෝජ් අබේසිංහ මහතා කයිල්ගේ පුහුණුකරු ලෙස පැරිස් ඔලිම්පික් තරග සංචාරයට එක්වේ.

කයිල්ගේ සොහොයුරු මැතිව් අබේසිංහ 2019 සාග් ක්‍රීඩා උළෙලේදී හා 2016 ගුවහටි සාග් ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් 14 දිනා ගැනීමෙන් වාර්තාවක් පිහිටුවා තිබේ. 

බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ -: 21 හැවිරිදි විරේන් ඔලිම්පික් නිර්දේශ මෙතෙක් ලැබූ ළාබාලතමයායි.

ඔහුගේ වත්මන් පුහුණුකරු ගනේෂ් මලියවඩු මහතායි. වීදේශීය පුහුණුකරුවන් කිප දෙනෙකුම යටතේ පුහුණුවීම් හදාරා ඇත. පැරිස් ඔලිම්පික් නිර්දේශ ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර තරග සංචාර රැසකට සහභාගිවී තිබේ.

කොළඹ ශාන්ත පීතර විදුහලේ ආදි සිසුවෙකි. මේ වන විට ලෝක ශේණිගත කිරීම් අනුව පිරිම් - කේවල ඉසව්වේ 70 වැනි ස්ථානයේ පසුවේ. අවසන් වරට පැවති ජාතික ශූරතා තරගාවලියේ අනුශූරයායි.


  • නාමල් පතිරගේ

 



අදහස් (0)

පැරිස් ඔලිම්පික් යන අපේ අයගේ වත ගොත

ඔබේ අදහස් එවන්න

තක්සලාව

මිතුරු වෙස් ගත් සතුරු උවදුර මයික්‍රෝ ප්ලාස්ටික් වසංගතය
2024 සැප්තැම්බර් මස 03 27 0

අපට ඒවා පෙනෙන්නේ නැහැ. අපට ඒවා දැනෙන්නේ නැහැ. ඒත් ඒවා හැමතැනම. මේ කියන්නේ ත්‍රාසජනක, බිහිසුණු විද්‍යා ප්‍රබන්ධයක් ගැන නොවේ.


ඕවල් පිටියේ ටෙස්ට් ජයක්
2024 සැප්තැම්බර් මස 02 30 0

එංගලන්තය සමග පැවති පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාව ගෞරවණීය පරාජයක් ලැබීය. ඒ අනුව මැන්චෙස්ටර් පිටියේ අතීත අභිමානය රැක ගැනීමට එංගලන්තයට හැකියාවක් ලැබු


පැරිස් දෙවෙනි ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාවෙන් 25 ක්
2024 සැප්තැම්බර් මස 02 19 0

පැරිස් ඔලිම්පික් උළෙල නිමාවට පත්ව දින 17 කට පසුව එහිදීම ආරම්භ වූ ගිම්හාන පැරලිම්පික් උළෙලට සහභාගිවී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම බ්‍රහස්පතින්දා (29) සිට ආරම


ගුවනින් බර අදින්නන්ට 67 යි
2024 සැප්තැම්බර් මස 02 69 0

එදින අගෝස්තු මස 28 බදාදා දිනයයි. කටුනායක ගුවන් හමුදා මූලික කඳවුර වෙත මාධ්‍ය කණ්ඩායම් කිහිපයක් ඒ වෙනවිටත් පැමිණ සිටියේ ගුවන් හමුදාවේ අංක දෙක ප්‍රවාහන බල


ලොව නිදි යාමේ බංකර් ඇතුළේ
2024 සැප්තැම්බර් මස 02 70 0

යුධ බිමේ බංකර් සෑදීම අමුතුම කලාවකි. එසේම එය බොහෝ දුෂ්කර කටයුත්තකි. ඒ සඳහා සටන් බිමේ සිටින ඕනෑම සෙබළෙකුට ශ්‍රම දායකත්වය ලබාදිය හැකි මුත්, නිසි ප්‍රමිතිය


දෙලොවක් අතර තනිවූ රණවිරුවෝ
2024 අගෝස්තු මස 27 111 0

උතුරු පළාතේ ස්ථාපිතව තිබූ ප්‍රධානතම මාර්ග බාධකය හා මුරපොළ පිහිටා තිබුණේ ඕමන්තේ ය. ඉන් ඔබ්බෙහි වන උතුරේ මුදා නොගත් ප්‍රදේශ වෙත යන සෑම වාහන සහ පුද්ගලයින


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site