IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


පැරිස් දෙවෙනි ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාවෙන් 25 ක්


පැරිස් ඔලිම්පික් උළෙල නිමාවට පත්ව දින 17 කට පසුව එහිදීම ආරම්භ වූ ගිම්හාන පැරලිම්පික් උළෙලට සහභාගිවී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම බ්‍රහස්පතින්දා (29) සිට ආරම්භ වියගප්‍රංශයේ පැරිස් නුවරදී ආරම්භවූ මෙම පැරලිම්පික් උළෙල හැඳින්විය හැක්කේ දෙවැනි ඔලිම්පික් උළෙල ලෙසය.

ගිම්හාන ඔලිම්පික් උළෙල සිව් වසරකට වරක් පවත්වා අවසන් කිරීමෙන් පසුව එම සත්කාරක නගරයේදීම සම්ප්‍රදානුකූලව ලොව පුරා වෙසෙන විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට සමානාත්මතාවය පිළිඹිබු කරමින් පැරලිම්පික් උළෙල සංවිධානය කෙරේ.

ඒ අනුව පැරිස් නුවරදී සරණාගත කණ්ඩායම ඇතුළුව රටවල් 169 කගේ සහභාගිත්වයෙන් ආරම්භවූ 17 වැනි පැරලිම්පික් උළෙල සදහා ඇතුළත් ක්‍රීඩා ඉසව් ගණන 22 කි. ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් නිර්දේශවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන අටකි. කෙසේ වූවත් පරිවාර නිලධාරීන්ද හා මෙරට විශේෂ ආරාධිතයින් ද සමග සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම 25 ක අගයක් ගනියි.

පැර ක්‍රීඩා භාවය අහෝසිවූ දිනේෂ් ප්‍රියන්ත ටෝකියෝ නුවරදී ලෝක වාර්තාව පිටුවීමෙන් පසුව

මෙම පිරිසට පෞද්ගලිකව වියදම් දරමින් සහභාගි වන මෙරට පුහුණුකරුවන් හා නිලධාරීන් ඇතුළත්ව නැත. ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ෂේමාල් ප්‍රනාන්දු මහතා පැවැසුවේ තමන් ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් පැරිස් පැරලිම්පික් ස්මාරම්භක උත්සවයට සභාභාගි වන බවයි.

ජනාධිපතිවරණය කැඳවීම තුළ ක්‍රීඩා අමාත්‍යාංශයේ ඉහළම නිලධාරීන් වඩාත් කාර්යබහුල තත්වයකට පත්ව සිටින බැවින් පැරිස් පැරලිම්පික් උළෙලට ඔවුන් වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ විශේෂ ආරාධිතයෙකු ලෙස තමන් එක්ව සිටින බව ෂේමාල් ප්‍රනාන්දු මහතා පැවැසීය.

 පැරිස් පැරලිම්පික් ශ්‍රී ලංකාවේ සහභාගිත්වය අරඹමින් පිහිනුම් ක්‍රීඩක නවීඩ් රහීම් බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රීයේදී මීටර් 400 - නිදහස් ආර (පිරිමි) ඉසව්වෙන් මූලික වටයට සහභාගිවීමට නියමිතව තිබුණි. ඔහු තරග වදින්නේ S - 9 කාණ්ඩය හෙවත් පාදයක ආබාධයක් ඇති හෝ දණ හිසෙන් පහළ අහිමි කාණ්ඩයෙනි.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩක නුවන් ඉන්දික T- 44 කාණ්ඩයෙන් මීටර් 100 (පිරිමි) ඉසව්වේ මූලික වටය සඳහා ඊයේ (31) සහභාගිවීමේදී ඔහු අවසන් තරගයට නිර්දේශ ලබා ගත්තේ නම් ඊට සහභාගී වීමට නියමිතව තිබුණේ අද (1) දිනයේදීය. T 44 කාණ්ඩය පාදයක දණහිසෙන් පහළ ආබාධ හෝ අහිමි ගණයට වැටේ.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන මලල ක්‍රීඩක ප්‍රදීප් සෝමසිරි - මීටර් 1500 (පිරිමි) ඉසව්ව : T 46 හෙවත් එක් අතක් වැළමිටෙන් පහළ අහිමි හෝ ආබාධ කාණ්ඩය), අනිල් ප්‍රසන්න ජයලත් - මීටර් 100 (පිරිම්) ඉසව්ව ( T 42/63 හෙවත් පාදයක් අහිමි හෝ ආබාධ කාණඩය), සමිත දුලාන් - හෙල්ල විසි කිරීම (පිරිමි) ඉසව්ව : ත්‍44 හෙවත් පාදයක ආබාධයක් සහිත හෝ අහිමි කාන්ඩය), පාලිත බණ්ඩාර - යගුලිය විසි කිරීම (පිරිමි) ඉසව්ව : පාදයක ආබාධ හෝ දණ හිසෙන් පහළ අහිම් කාණ්ඩය), ජනනී ධනංජනා - දුර පැනීම ඉසව්ව : T 47 හෙවත් අතක වැළමිටෙන් පහළ අහිමි හෝ ආබාධ කාණ්ඩ), සුරේෂ් ධර්මසේන - ටෙනිස් - රෝද පුටු (පිරිමි) ඉසව්ව (විවෘත - කේවල) ලබන සෙනසුරාදා (7) දක්වා පැරිස් පැරලිම්පික් තරග වැදීමට නියමිතය.

සමිත දුලාන් පැරිස් නුවරදී


 

ශ්‍රී ලංකාවේ ඔලිම්පික් පදක්කම් මෙතෙක් දෙකකට පමණක් සීමාවී තිබුණත් පැරලිම්පික් පදක්කම් පදක්කම් හතරක් 1996 (ඇතැන්ස්) සිට දිනා තිබේ. එය රන් පදක්කමක් හා ලෝක වාර්තාවකින්ද සමන්විතය.

 මෙම ලෝක පැරලිම්පික් වාර්තාව සමග රන් පදක්කමක් දිනා ගත් දිනේෂ් ප්‍රියන්ත මෙවර පැරිස් පැරලිම්පික් සඳහාද නිර්දේශ වී සිටියත් ජපානයේ කෝබේ නුවරදී පැවැති 2024 ලෝක පැර මලල ක්‍රීඩා තරගාවලියට සභභාගී වෙමින් සිටියදී ඔහුගේ පැර ක්‍රීඩාභාවය අහෝසි කෙරුණි.

ඒ ලෝක පැර මලල ක්‍රීඩා කමිටුවට ඉන්දියාව කළ පැමිණිල්ලක් සළකා බැලීමෙන් පසුවයගඔහුගේ ඒ වන විට ක්‍රීඩා ඉරියව් පැර ක්‍රීඩකයෙකුට නොගැළපෙන බව එහිදී ඉන්දියාව පැමිණිළි කරමින් කියා සිටියේයගඒ නොවන්නට ඔහුට පැරිස් පැරලිම්පික් සභභාගිවීමට හැකියාව ලැබුණේ නම් පිට පිටම පැරලිම්පික් තුනක පදක්කම් දිනා ගත් ක්‍රීඩකයෙකුවීමේ දුලභ අවස්ථාවක් ඔහුට හිමි වීමේ අවස්ථාවද සැලසී තිබුණි.

ගියවර ඔහු ටෝකියෝ පැරලිම්පික් උළෙලේදී F 46 කාන්ඩයට අයත් අතක වැළමිටෙන් පහළ අහිමි හෝ ආබාධ තත්වයන් සහිත කාන්ඩයේ හෙල්ල විසි කිරීම (පිරිමි) කාණ්ඩයෙන් මීටර් 67.79 කට ඉසව්වේ ලෝක වාර්තාව සමග රන් පදක්කම දිනා ගත්තාය. 

එහිදී ලෝකඩ පදක්කමත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු විසින් දිනා ගැනීම කැපී පෙණුනි. මෙම දස්කම කළේ මෙවර කණ්ඩායම් නායකත්වය දරණ සමිත දුලාන් කොඩිතුවක්කු (මීටර් 65.61) විසිනි. 2016 රියෝ පැරලිම්පික් උළෙලේදී දිනේෂ් ප්‍රියන්ත සිය ඉසව්වෙන් ලෝකඩ පදක්කමක්ද දිනා ගෙන තිබුණි.

මෙවර පැරිස් පැරලිම්පික් උළෙලේදීත් ශ්‍රී ලංකාව පදක්කමක් දිනා ගැනීමේ දැඩි අපේක්ෂාවෙන් පසු වන බව ජාතික පැරලිම්පික් කමිටුවේ උප සභාපති හා ජාත්‍යන්තර සබඳතා නිලධාරී ප්‍රියන්ත පීරිස් මහතා පවසයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානියා ලෙස ජාතික පැරලිම්පික් කමිටුවේ වත්මන් සභාපති දීපාල් හේරත් මහතා පැරිස් නුවරට ළඟාවී සිටියි. මේ දිනවල පැරිස් පැරලිම්පික් ආරම්භයත් සමග ජාතික පැරලිම්පික් කමිටුවේ පවතින කාර්ය බහුලත්වය හමුවේ එහි සම්බන්ධීකරණ කටයුතු බාධාවකින් තොරව පවත්වා ගෙනයාමට මුල්වී සිටින්නේ උප සභාපති ප්‍රියන්ත පීරිස් මහතාය.

ඒ අඛණ්ඩව පැරිස් නුවර හා සබඳතා ගොඩ නඟා ගනිමින්ය. ශ්‍රී ලංකාව මෙවරත් පදක්කමක් දිනා ගැනීමට සමත් වන්නේ නම් එය අඛණ්ඩවම ශ්‍රී ලංකාව පදක්කමක් හිමි කර ගන්නා සිව් වැනි පැරලිම්පික් උළෙල බවට පත් වනු ඇත. 2012 ලන්ඩන් පැරලිම්පික් උළෙලේදී පදක්කමක් හිමි කර දුන් ශ්‍රී ලාංකිකයා වන්නේ මීටර් 400 ඉසව්වෙන් ප්‍රදීප් සංජය පතිරන්නෑහේලාගේ ක්‍රීඩකයායි.

ශ්‍රී ලංකාව පැර ක්‍රීඩාවෙන් යම් සාර්ථකත්වයක් පෙන්වයි. මීට බලපෑ ප්‍රධාන කරුණක් ලෙස සැළකිය හැක්කේ 2009 දී නිමාවට පත්වූ රටේ සිවිල් යුද්ධය හමුවේ හමුදා සේවයේ නිරතව සිටි විශාල තරුණ (පිරිමි) ප්‍රජාවක් මෙරටින් විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාවට එක්ව සිටීමය.

උපතින් ආබාධ තත්වයට පත්වූවන්ට වඩා හමුදා පුහුණුවීම් ලද අහඹු ලෙස ආබාධ තත්වයන්ට පත්වූ මොවුන්ගේ ක්‍රීඩා පුහුණුවීමේ හැකියාවන් වඩාත් සාර්ථක වීම ඊට හේතු ලෙස මතු කළ හැකිය. මේ වනවිට ශ්‍රී ලංකාව දිනා ගත් පැරලිම්පික් පදක්කම් හතරම පමණක් නොව මෙතෙක් ශ්‍රී ලංකාව දිනා ඇති ලෝක ශූරතා, ආසියානු ශූරතා, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ශූරතා ඇතුළු දිනා ගත් පැර ක්‍රීඩා පදක්කම් බහුතරයක හිමිකරුවන් ක්‍රියාන්විත රාජකාරියේදී අනතුරට පත් හමුදා සාමාජිකයන් වීමෙන් එය බොරුවක් යයි බැහැර කළ නොහැකිය.

  • නාමල් පතිරගේ 



අදහස් (0)

පැරිස් දෙවෙනි ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාවෙන් 25 ක්

ඔබේ අදහස් එවන්න

තක්සලාව

හෙළ මියැසිය සොඳුරු කළ හියුබත් දිසානායක
2024 සැප්තැම්බර් මස 13 18 0

මෙවන් සොඳුරු රසාලිප්ත ගේය පද සමුදායක් 50/60 දශකයේ දී සිංහල මියැසියට හඳුන්වාදුන් කවියකු, ගත්කතුවරයකු හා හෙළ භාෂා විද්වතකු වූ හියුබත් දිසානායක සූරීන්ගේ යු


ශ්‍රී ලංකා නාමය රැව්දෙයි
2024 සැප්තැම්බර් මස 13 18 0

එංගලන්තයේ දී වසර 10 කට පසුව ටෙස්ට් ජයක් ලැබීමෙන් කීර්තිය දිනාගත් ශ්‍රී ලංකාව පසුගිය සතියේ දී එවැනිම කීර්තිමත් ක්‍රීඩා ජයග්‍රහණ දෙකක් අත් කර ගැනීමට සමත


සමාජ කියවීම කවිය තුලට ගෙනා තුරුණු කිවිඳිය
2024 සැප්තැම්බර් මස 13 9 0

මෙරට කාව්‍ය ඉතිහාසයට වඩා වර්තමානය තුළ කිවිඳියන්ගේ භූමිකාව ප්‍රබල හා කැපීපෙනෙන්නක් බවට පත්වී ඇත.


ඕවල් පිටියෙන් ගාල්ලට
2024 සැප්තැම්බර් මස 13 18 0

එංගලන්ත සංචාරය ආරම්භයේ දී ම අප කියූ පරිදි ඕවල් පිටියේ ටෙස්ට් තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය.


පතල් කුහරයෙන් හමුවූ ලවණ මිනිසා
2024 සැප්තැම්බර් මස 13 23 0

අතීතයේ පර්සියාව, අද ඉරානයයි. ඉරානයට ඇත්තේ ප්‍රෞඪ ඉතිහාසයකි. මීට වසර 30 කට පමණ පෙර, ඉරානයේ ලු‍ණු කැණීම් කළ පතලකින් ස්වාභාවිකව මමීකරණය වුණු මිනිස් සිරුරක ක


රාත්‍රී බංකරයේ හොර ඩියුටිය
2024 සැප්තැම්බර් මස 11 72 0

යුද පිටියේ නිදි වැරීම යනු, වෙඩි සද්ද තරමටම සුලබ දෙයකි. අවදානම වැඩිවත්ම, නිදිවැරීම ද වැඩිය. එසේ නොවන තැන්වල - ගෙදරට වඩා හොඳින් නිදාගන්න අය ද නැතුවා නොවේ.


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 67 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2131 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 985 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site