IMG-LOGO

2025 ජනවාරි මස 15 වන බදාදා


පිරිමි නැති වෙන්නයි යන්නේ


නිමාවට පත්වූ 2024 ප්‍රංශයේ පැරිස් නුවර ඔලිම්පික් උළෙලේ සිදුවුණු කාගේත් කතාබහට ලක්වුණු, රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් තෙක් දුරදිග ගිය සිද්ධියකින් මේ සටහන ආරම්භ කරමු.

ඉමාන් කෙලීෆ්, 25 හැවිරිදි ඇල්ජීරියාවේ බොක්සිං ක්‍රීඩිකාවකි. ඇය දක්ෂ ක්‍රීඩිකාවක බව අමුතුවෙන් කිව යුතු නැත. 2022 වසරේ, කෙලීෆ්, ජාත්‍යන්තර බොක්සිං සංගමය සංවිධානය කළ කාන්තා ලෝක කුසලාන බොක්සිං ශූරතා තරගාවලියට සහභාගී වී රිදී පදක්කම දිනා ගත්තාය. පසුගිය පැරිසියේ ඔලිම්පික් උළෙලේ බොක්සිං තරග ඉසව්වට ඇය සහභාගී වූ අතර, ඇයගේ ප්‍රතිවාදී ක්‍රීඩිකාව වූයේ, ඉතාලියේ ඇන්ජෙලා කරීනී නමැති ක්‍රීඩිකාවය. තරගය ඇරඹී තත්පර 46 ක් ගතවෙද්දී කෙලීෆ්ගේ මුෂ්ටි පහරවලින් ඇන්ජෙලා කරීනී අසරණ වී සිටියාය. ඒ සමගම, කෙලීෆ්ගේ සැර පහරක් කරීනීගේ නාසයට වැදුණි. තමන්ට තවදුරටත් කෙලීෆ් සමග ක්‍රීඩා කළ නොහැකි බවත් ඇගේ පහරවල් සැර වැඩි බවත්, ඇගේ පහරවල් පිරිමියෙකුගේ පහරවල් මෙන් සැර බවත් කරීනී විනිසුරුවරයාට පැවැසුවාය. තවදුරටත් කෙලීෆ් සමග සටන් කිරීම කරීනී ප්‍රතික්ෂේප කළාය. කෙලීෆ්ගේ ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ ඒ අනුව ප්‍රශ්න කිරීම සිදුවිය. 

පිරිමින්ට නැති ගැහැනුන්ට පමණක් ඇති හෝමෝනය ඊස්ට්‍රජන්ය. පිරිමින්ට බහුල ලෙස ඇති හෝමෝනය ටෙස්ටොස්ටරෝන්ය. පෙනුමින් කාන්තාවක වන කෙලීෆ්ගේ සිරුරේ ටෙස්ටොස්ටරෝන් ඉහළ අගයක් ගනී. මෙය මීට පෙර අවස්ථා කීපයක දීද කෙලීෆ්ට ගැටලු‍වක් වී ඇත. ඒ, බොක්සිං තරගවලට සහභාගීවීමට පෙර වෛද්‍ය පරීක්ෂණවලට යොමු වෙද්දී, එම පරීක්ෂණ අනුව ඇය පිරිමියෙකු බව තහවුරු වූ බැවිනි. එසේ වුවත්, කෙලීෆ් පසුගිය පැරිස් ඔලිම්පික් උළෙලට සහභාගී වූයේ එම හෝමෝන ගැටලු‍ව ප්‍රංශ ඔලිම්පික් බලධාරීන් සැලකිල්ලට නොගත් නිසාය. එසේ වුවත්, ඉතාලි ක්‍රීඩිකා ඇන්ජෙලා කරීනී, ඉමාන් කෙලීෆ් සමග තරග වැදීම ප්‍රතික්ෂේප කිරීමත් සමග කෙලීෆ්ගේ හෝමෝන ගැටලු‍ව කරළියට පැමිණියේය. 

වෛද්‍ය පරීක්ෂණ අනුව කාන්තාවක නම්, ඉමාන් කෙලීෆ්ට තිබිය යුත්තේ එක්ස් සහ එක්ස් වර්ණ දේහ යුගලයකි. නමුත්, පරීක්ෂණවලින් තහවුරු වී ඇති අන්දමට ඇයට ඇත්තේ එක්ස් සහ වයි වර්ණ දේහ යුගලකි. එසේනම් ජීව විද්‍යාත්මකව කෙලීෆ් යනු පිරිමියෙකි. නමුත් ඇය ගැහැනියකි. පැරිස් ඔලිම්පික් උළෙලේ බොක්සිං වළල්ලේ හටගත් මෙම අර්බුදය ඉතාලිය සහ ඇල්ජීරියාව අතරේ රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් දක්වා ද ඔඩුදිව්වේය. තම ක්‍රීඩිකාවට අසාධාරණයක් සිදුවුණැයි ඉතාලි රජයෙන් චෝදනා නැගුණි.

දැන් අපි අපේ කතාවට යමු. ගැහැනු පිරිමි සහ ලිංගභේදය ගැනත්, මානව පරිණාමයේ අනාගතය කෙබඳු වේවිද යන්න ගැනත් පසුගිය දා ලොකු කතාබහක් ඇතිවිය. ඒ, නව අධ්‍යයනයක් මුල් කොට ගනිමිනි. විද්‍යාඥයන් වසර දෙකක් තිස්සේ කළ පර් යේෂණ ඇසුරින් සිදු කළ එම අධ්‍යයනයෙන් පෙන්වා දුන්නේ, අනාගතයේ ‘වයි’ වර්ණදේහ ක්ෂය වී, සදහටම නැතිවී යෑමට ඉඩ ඇති බවය. එයින් අදහස් වන්නේ අනාගතයේ දිනෙක, මවු කුසේ දී කලලයක ගැහැනු සහ පිරිමි වෙනස තීරණය කරන ඒ ප්‍රධාන සාධකය අහිමි වී, පිරිමින්ගේ උපත නැත්තටම නැතිවී යෑමකි. 

ජීව විද්‍යානුකූලව, සරලව පැහැදිලි කළොත්, ගැහැනු පිරිමි වෙනසට හේතුව මෙම ‘වයි’ වර්ණදේහයයි. මවු කුසේ, කලළ අවස්ථාවේදී, මනුෂ්‍ය අප සියලු‍ දෙනාගේ ආරම්භය සිදුවන්නේ ගැහැනුන් ලෙසය. එහෙත්, ‘වයි’ වර්ණදේහය එක් වෙද්දී, ලිංගිකත්වය තීරණය වෙයි. ‘වයි’ වර්ණදේහය ඇති නම් ඒ පිරිමින්ය. ඒ අනුව, ‘වයි’ වර්ණදේහය ඉතා වැදගත් කාර්යයක් ඉටු කරයි. විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ, පසුගිය වසර මිලියන ගණන තිස්සේ මානවයන්ගේ ‘වයි’ වර්ණදේහය කෙමෙන් කෙමෙන් ක්ෂය වී යෑමට පටන් ගෙන ඇති බවය. එසේ ක්ෂය වී ගොස්, යම් දවසක ‘වයි’ වර්ණ දේහය නැත්තටම නැති වී යනු ඇත. එයින් අදහස් වන්නේ කුමක්ද ‘වයි’ වර්ණදේහය නැත්තටම නැතිවී ගිය පසු, ‘එක්ස්’ වර්ණදේහ පමණක් ඉතිරි වුවහොත්, උපත ලබන්නේ, ගැහැනුන් පමණි. එසේ නම්, අනාගතයේ ලෝකය සැබැවින්ම, පිරිමි නැති තැනක් වේවිද? එසේ වුවහොත් මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්ම කෙසේ සිදුවේවිද?

පිරිමිකම’ තීරණය කරන, ‘වයි’ වර්ණදේහය සම්බන්ධයෙන් විද්‍යාඥයන් මේ වෙනවිට ඉතා වැදගත් පර් යේෂණ රැසක් සිදු කර ඇත. සරලව පැහැදිලි කළොත්, වර්ණදේහ යනු සෛලයක න්‍යෂ්ටියේ අන්තර්ගත වන ඩී.එන්.ඒ. අණු ඇතුළු දේවල්ය. සමහරුන්ට වර්ණ දේහ යුගල 23 කි. මේ වර්ණ දේහ යුගල 23 න්, 22ක් ගැහැනු පිරිමි දෙපාර්ශ්වයටම පොදුය. ලිංගිකත්වය තීරණය කරන්නේ අවසන් වර්ණදේහයයි. එය ‘එක්ස්’ සහ ‘වයි’ වෙයි.

සාමාන්‍යයෙන් ජෛව විද්‍යාත්මකව කාන්තාවකට එක්ස් වර්ණ දේහ දෙකකි. පිරිමියෙකුට ඇත්තේ ‘එක්ස්’ සහ ‘වයි’ වර්ණදේහයන්ය. ‘වයි’ වර්ණ දේහය, ප්‍රමාණයෙන් ‘එක්ස්’ වර්ණ දේහයට වඩා කුඩාය. එහි අන්තර්ගත වන්නේ ක්‍රියාකාරී ජාණ අතළොස්සකි. ඒත් ඈත අතීතයේදී මේ තත්වය වෙනස් වී තිබුණු බව විද්‍යාඥයෝ පැහැදිලි කරති. මානව මුතුන් මිත්තන්ගේ ‘එක්ස්’ සහ ‘වයි’ වර්ණදේහ ප්‍රමාණයෙන් සමානව තිබෙන්නට ඇතැයි ඔවුහු කියති. ඒ අනුව, ජාණමය තොරතුරු සියල්ල එකිනෙකා අතරේ හුවමාරු කර ගැනීමට ඒවාට හැකියාව තිබෙන්න ඇත. එසේ ජාණමය තොරතුරු හුවමාරු කර ගැනීමෙන්, හානිකර ජාණවල විකෘතිතාවලින් මනුෂ්‍ය වර්ගයා ආරක්ෂා වෙන්නට ඇත.

කෙසේ නමුත්, කාලයත් සමග ‘එක්ස්’ සහ ‘වයි’ වර්ණදේහ එකිනෙකාගෙන් සම්පූර්ණයෙන්ම වෙනස් විය. එවිට, එකිනෙකා අතරේ ජානමය තොරතුරු හුවමාරු කර ගැනීමට නොහැකි තත්ත්වයක් වර්ධනය විය. ‘වයි’ වර්ණ දේහයට එකතු වුණු ජාණ විකෘතිතා සහ ‘වයි’ වර්ණ දේහයෙන් මැකී ගිය විකෘතිතා නිවැරදි කිරීමක් සිදු කළ නොහැකි විය. මේ නිසා ‘වයි’ වර්ණදේහය පරම්පරා මිලියන ගණනක් තිස්සේ වියැකී යෑමක් සිදුවිය. අද පිරිමින් තුළ ඇති ‘වයි’ වර්ණදේහය තුළ අන්තර්ගත වෙන්නේ, ක්‍රියාකාරී ජාණ සියයට 3 ක් වැනි සුළු ප්‍රමාණයකි. ගතවූ වසර මිලියන 25 ක කාලයේ, මේ අයුරින් ‘වයි’ වර්ණදේහ ක්ෂය වී ගියේ මනුෂ්‍ය වර්ගයාගෙන් පමණක් නොවෙයි. සත්ත්ව විශේෂවල ද මෙවැනි තත්ත්වයක් දක්නට හැකි වූ බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. 2014 වසරේ ජාන සම්බන්ධයෙන් පර්යේෂණ දෙකක් සිදුවිය. එක් පර් යේෂණයක් සිදු කළේ ඇමෙරිකාවේ මැසචුසෙට්ස් එම්.අයි.ටී. විශ්වවිද්‍යාලයේ පර් යේෂකයන්ය. දෙවැනි පර් යේෂණය සිදු කළේ ස්විට්සර්ලන්ත විද්‍යාඥයන්ය. ඔවුහු ක්ෂීරපායි ජීව විශේෂ 8 ත්, 15 ත් අතර ගණනකගේ ‘වයි’ වර්ණදේහ පිළිබඳ පර් යේෂණ පැවැත්වූහ. ඇතැම් සතුන්ගේද ‘වයි’ වර්ණදේහය ක්ෂය වී අතුරුදන් වූ බව ඒ අනුව පැහැදිලි විය.

වර්ණදේහ සම්බන්ධයෙන් දිගින් දිගටම පර් යේෂණ සිදු කරන විද්‍යාඥයන්ට ජපානයට ආවේණික වූ ‘ස්පයිනි රැට්’ මීයෙකුගෙන්, මනුෂ්‍ය වර්ගයාගේ අනාගතය කුමක් වේවි දැයි අනුමාන කිරීමට හැකි වී ඇත. මේ මීයාට ‘වයි’ වර්ණදේහය නැත. එය නැත්තටම නැතිවී ගොසිනි. එසේ වුවත්, පරිණාමය සිදුවෙද්දී වර්ගයා බෝ කිරීමට මෙම මීයා වෙනස් වී ඇත. නව විශේෂයක් බවට වෙනස් වී ඇත. ඕස්ට්‍රේලියාවට ආවේණික බිත්තර දමන ක්ෂීරපායී සත්වයෙකු වන ප්ලැටිපස් ද එසේ වර්ණ දේහ වෙනස් වීමෙන් පරිණාමය වූ ජීවියෙකි. මේ ආකාරයට අනාගතයේ මනුෂ්‍යයන් අතරින් ද නව විශේෂ බිහිවෙනු ඇත. ඒ, වර්ගයා බෝ කිරීමේ අවශ්‍යතාව මුල්කොට ගනිමිනි. ඇතැම් විට, අනාගතයේ මනුෂ්‍ය විශේෂ කිහිපයක් බිහිවෙනු ඇත. එකිනෙකට වෙනස් එම විශේෂ ලෝකයේ තැනින් තැන ඔවුන්ගේ ආධිපත්‍යය පතුරුවනු ඇත.


ලු‍සිත ජයමාන්න
එන්.ඩී.ටී.වී. ඇසුරිනි


 



අදහස් (0)

පිරිමි නැති වෙන්නයි යන්නේ

ඔබේ අදහස් එවන්න

 

 

තක්සලාව

කල්වාරි පාලමෙන් එගොඩ වී කුරුස කන්ද පුදබිමට
2025 ජනවාරි මස 15 3 0

දකුණුලක අගනගරය යන විරුදාවලිය ලත් ගාලු පුරවරය ඓතිහාසික වටිනාකම්වලින් මෙන්ම ස්වභාව සෞන්දර්යයෙන් පරිපූර්ණ වූ පුරවරයකි.


පතුලක් නැති දිය ඇල්ල බලන්න යමුද ?
2025 ජනවාරි මස 15 8 0

අප රටේ ඇති සුන්දර දිය ඇලිවලින් වෙනස්ම හැඩයක් ගන්න, නෙත් සිත් සනහනා, පහන්තුඩාව බලන්න යමු ද? ස්වාභාවික පරිසරයක පහනක හැඩයට ස්වාභාවිකවම නිර්මාණය වුණු දිය ඇ


දරුවා දැඩිසත්කාරයේ පසුවෙද්දී ස්වාමියාට ත්‍රස්තවාදී ප්‍රහාරයක්
2025 ජනවාරි මස 15 13 0

ශල්‍යකර්මයෙන් අනතුරුව යුද හමුදා රෝහලේ නිලධාරී වාට්ටුවට ඇතුළු කළ මේජර් සමීරට ප්‍රකෘති සිහිය ලැබෙද්දී රාත්‍රිය උදාවී තිබිණ. ඒ වනවිට ඔහු බොහෝ වේදනාවෙන්


අපට හොරෙන් අපේ සිරුරේ ඉන්න අමුතු සතෙක් හමුවෙලා
2025 ජනවාරි මස 15 11 0

ක් ෂුද්‍ර ජීව විද්‍යාඥයෝ, මිනිස් සිරුර තුළ සැඟවී ජීවත්වන අමුතු ක්ෂුද්‍ර ජීවී විශේෂයක් සොයාගැනීමට සමත් වී සිටිති. වයිරසවලට සමාන මේ ජීවියා, මීට පෙර කිසි


ඉරට හාදු දුන් නාසා ’නෑයා ’
2025 ජනවාරි මස 06 63 0

අභ්‍යවකාශ වික්‍රම ගැන කතා කරද්දී අපට නිතැතින්ම මතක් වෙන්නේ ඇමෙරිකාවේ නාසා ආයතනයයි. නාසා ආයතනය පසුගිය දෙසැම්බර් මාසයේ තවත් අපූරු වික්‍රමයකට සම්බන්ධ ව


නවසීලන්තයේ සුදු අභියෝගය
2025 ජනවාරි මස 01 78 0

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වසර අවසන් කරන්නේද ඊළඟ වසර ආරම්භ කරන්නේද නවසීලන්තයේ දීය. මේ වනවිට නවසීලන්තයේ සිටින ඔවුන් ​ඔබ මේ සටහන කියවන දිනයේ දී පළමු


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 245 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 556 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 307 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site