ජයන්ත කහටපිටිය බහුවිධ කුසලතා සහිත ලේඛකයෙකි.සාහිත්‍ය කලා විචාරය,ළමා කතා ,යොවුන් කතා,තිර රචනා යනාදී ක්ෂේත්‍ර කිහිපයක සුලකුණු තැබූ අපූරු රසවතෙකි.මේ සියලු දේ අතර කවියකු ලෙස ඔහු තබමින් තිබෙන මුද්‍රාව වඩාත් කැපී පෙනේ.
ජයන්ත කහටපිටිය
|
“කවියකුට කල්පනා ශක්තියට වැඩි විචාර බුද්ධියක් වුවමනා ය.එය අනුන්ගේ සිදුරු සොයන කූට බුද්ධිය නොව උචිතානුචිත විවේකයටත් ආත්ම විවේචනයටත් පිරිමසින්නකි.”
මාර්ටින් වික්‍රමසිංහයන්ගේ කියුමක් මෙහිදී උපුටාගන්නට සිත්වූයේ ජයන්තගේ කවි මහිමය ගැන කීමට එය හොඳ ප්‍රවේශයක් වන හෙයිනි.නිර්මාණකරණය සහ විචාරය දෙකෙහි ම සංවේදී වූ කවියකු හැටියට ඔහුගේ කවිය විචාර බරින් මිදී කවියෙහි නියම ස්වරූපය සොයා යයි.එසේ යන්නට ඉඩ හරී.
“කවියා තමාගේ දැනුම හා සිතුම් බුද්ධි ක්ෂේත්‍රයෙහි නොව භාව ක්ෂේත්‍රයෙහි වපුරා හැඟුම් නොහොත් භාව රස ඵල ගන්වන්නට වෑයම් කරන්නෙකි.”
මාර්ටින් වික්‍රමසිංහ වැඩි දුරටත් පවසයි.
එම කරුණු ප්‍රවේශයක් කරගනිමින් ජයන්තගේ පොතෙන් කවියක් උපුටමි.
“තාත්තෙක් හිතන හැටි”කවියෙහි මාතෘකාවයි.
රත්තරං පාට
මැණික් කැටයක්
එල්ලෙයි
උණ පතක් අග්ගිස්සේ
බලන්න එන්නැයි කියමින්
මහා කලබලයක් කරයි තාත්තෙක්
උණ කොළය අග්ගිස්සේ
ලඹ දෙයි ජල බින්දුවක්
ජනේරු හීතලට අහසින් ගිලිහුණු
පිනි බින්දුවක් වෙන්නැති
සමහර විට
උත්තේජනයක් වී පත්‍ර බිත්තියේ
පූටිකා විවරයෙන් ගලා ආ
ජල බින්දුවක් වෙන්නැති
උදා හිරු කදම්බයක්
වලා පෙළ විනිවිදගෙන
රිංගා තුරුපත් අතරින්
ගව් ගණනක් දුර එන්නැති
ඒ කිරණ දහර
ජලප්‍රිස්මයේ වැදී පරිවර්තනය වී
දූට බලන්නට වර්ණාවලියක්මැවෙන්නැති
මෙහි ඇත්තේ හිමිදිරියෙහි ගෙමිදුලට පෙනෙන පරිසරයේ දසුනකි.ආලෝකය, පිනිබිඳු, උණ පත්‍රය මෙහි අචේතනික වස්තූන් ය.සචේතනික වස්තුව වන්නේ තාත්තාය. ඔහුට දැනෙන්නේ සොබාදහමේ අසිරිමත් දසුන දුව වෙනුවෙන් නිමවූවක් ලෙසය.
මේ කවි චින්තාවට නෑකම් කියන කවි සිතුවිල්ලක් දශක ගණනාවකට පෙර මෙරට ජීවත්වූ කවියෙකුගේ හදවතෙහි ද ජනිත විය.කාව්‍ය නිර්මාණය“නැළැවිල්ල”යි.එහි රචකයා කුමාරතුංග මුනිදාස කවියාය.සොබා දහම දරුවාගේ සුව නින්දට පහසු වන පරිදි තම රිද්ම රටා පවත්වාගෙන යන අයුරු එහි වර්ණිතය.
කහටපිටියගේ කවිය තව ඉදිරියට යමින් නිශ්චිත මොහොතක නිශ්චිත සිදුවීමක් අන්වීක්ෂණය කරමින් පියෙකුගේ හදසන්තානයෙහි සැඟවුණු ගැඹුරු දාරක ස්නේහය පරීක්ෂාවට ලක් කරයි.
කවියෙහි ඇතුළත් පූටිකා,ජලප්‍රිස්මය කදම්බය පරිසරයෙහි ක්‍රියාවලීන් නාමකරණය කරන කෝෂාර්ථවත් වචන වුවද ඊප්සිතාර්ථසාධනයට උචිත වන පරිදි කවියා පද සංයෝජනය කරයි.
කවිය යනු සංස්කෘතික කැටපතකි.කවිය එය බිහිවන සමාජ සංස්කෘතික දේහයෙහි නිල අල්ලන සංකේතීකරණයකි.මේ කෘතියෙහි ඇතුළත් “එකම මැදුරක”කවිය උසස් නිර්මාණයක් වන්නේ ප්‍රස්තුතයට උචිත රිද්මය,කාව්‍යොචිත බව හා සංරචනය පිළිබඳව කවියා දක්වා ඇති සැලකිල්ල නිසා ය.
මේ බලන්න.
අභය මුද්‍රාවෙන්
වැඩ හිඳී
බුදු හිමි
පසෙක
පනවයි
දෙතිස් වධ
නිරි සතුන්ට
යම රජු
දොරකඩ බියපත් දැරියකි
ඇතුළුවන්නට
බුදුමැදුරට
ශාස්තෘ දහම පිළිබඳ ව්‍යවහාර පිළිවෙත් සහ දේශනා යාවත්කාලීන විය යුතු ව තිබියදී බුදු මැදුරට පිවිසෙන දැරියක බියට පත් කරවන දසුන් පෙනේ.අනුගාමිකයන් බියට පත්කරවන ආත්මවාදී දර්ශනය වෙනුවට ප්‍රත්‍යක්ෂ අවබෝධය මුල්කරගත් අනාත්මවාදී දර්ශනයක් සහිත දහමක අනුගාමිකයන් අභය මුද්‍රාව අස්සේ අපාය පෙන්වීම බරපතළ විකෘතියක් නොවේද?
කවියා කිසිවක් නොකියයි.අභය මුද්‍රාව, අපාය සහ බියට පත් දැරිය සම්මුඛ කරයි. මෙය සමෝධාන චිත්‍රයක් වැන්න. කවියා භාෂාව සිතුවම් කර කවිය නිමවයි. කවිය කතා කරන්නට පටන්ගනී.
උත්ප්‍රාසය කවියෙහි බවට ජීවය බවට පත්වූ අවස්ථා කහටපිටියගේ කාව්‍යාවලියෙහි ද සුලබය.මේ වනාහී විවේචනාත්මක රීතියෙහි සැර මරා සුන්දර කාව්‍ය වස්තුවක් නිර්මාණය කිරීමේ එක් මානයකි. ජීවිතයේ බේදය කවියට ප්‍රස්තුත වන කල්හි ද උත්ප්‍රාසය කවියා වහල් කොට ගනී.
තුන්වැනි ලෝකයේ තක්කාලි සැණකෙළිය කවිය කියවා බලමු.
කොල්ලයි කෙල්ලයි සිනාවෙන විට
පිපෙන කම්මුල් වාගේ
රතු පාට ඉහින් කනින් එල්ලාගෙන
තක්කාලි පේළි සිනාසේ
උන්ගෙ අම්මා නෙළන විට රතු පාට තක්කලි ගෙඩි
ඉදිකටුවයි නූලයි වාගෙ
පසු පස වැටීගෙන දෙන්නා
කූඩ පුරවයි තක්කාලි
ඉර බහින වෙලාවට
තොරණක් වාගෙ බල්බ පිරුණු
තක්කලි ගොඩ ගැහෙයි උසට
ඉස්තෝප්පුව මැදින්
තක්කලි මෙහෙය හමාරව
කොඳු ඉහිල් වී දිගෑදේ
“මිලක් නැති හෙයින්
ගෝනි පිටින් තක්කාලි කානුවට හලයි.
එළවළු ගොවියෝ දිවි නසාගන්නා බවට තර්ජනය කරයි”
ගිනිපෙට්ටි රේඩියෝවෙන් ප්‍රවෘත්තියක්
බත් පිඟාන අතහැර
දුවගෙන එයි බිරිඳ
”හෙටත් දඹුලු යන්න වෙන්නෑද?”
නංගි අතින් තක්කාලි කැච් එක මිස් වී
තාත්තගෙ මුහුණේ චප්ප වෙයි
අයියගේ හිනාවක් පිපිරේ
දිග්ගැසුණු කය
එසැනින් සෘජු වෙයි
“තොපිට නම් බැරියැ හිනාවෙන්න”
නොසරුප් බසක් පිටවන්න නොදී
තාත්තා යටි තොල හපයි
“මේන්න බලන්නකෝ”
බිරිඳත් ළමයින්ගේ හිනාවට ගොඩවෙයි
අයියයි නංගියි
තක්කලි ගොඩ මැද පෙරළෙයි
පොඞ්ඩිගේ හිනාවේ තක්කලි ඇට පේළි දිලිසෙයි
තක්කලි පහරක් අම්මගේ
මුහුණ මැද පිපිරෙයි
“ඔයත් එන්නකො අනේ
ඇය ඔහුත් ඇදගෙන
තක්කලි කන්දට ඉගිළෙයි.
මේ කවියට අත්දැකීම වී ඇත්තේ කෘෂකයන්ගේ දිවියෙහි විෂම චක්‍රයයි.තක්කලි සැණකෙළි පවත්වන රටක කෘෂකයන්ගේ දිවිය සහ මෙදිවිය අහසට පොළොව මෙනි.කවියෙහි මාතෘකාවෙන්ම උත්ප්‍රාසය කැඳවයි.
කටුකත්වය හැඟෙන මෙවැනි සිදුවීමක් උත්ප්‍රාසයට නැගිය හැක්කේ සියුම් කවිත්වයක් ඇති අයකු හට පමණි.නොඑසේ නම් ඛේදයට මුහුණ දෙන ජීවිත පිළිබඳ එය නරුමාලාපයක් විීමට ඉඩ ඇත.
කවියා එම අගතියෙන් පහසුවෙන් මිදෙයි.
කවියාගේ ප්‍රකාශනය තියුණු වන්නේ භාෂාවේ රමණීයත්වය මත ය.මන්ද යත් කවියාගේ ප්‍රකාශන මාධ්‍ය භාෂාවයි.රසිකයාගේ භාව ලෝකය අවදි කරමින් බුද්ධීන්ද්‍රිය ස්පර්ශ කිරීම සාර්ථක වන්නේ බසෙහි අර්ථ ජනන ශක්‍යතාව අනුව ය.ජයන්ත කහටපිටියගේ මෙම කෘතියෙහි ඇතුළත් කවි රැසක් ම ගැඹුරු කියවීමකට ලක් කිරීමේ ජීව ගුණයෙන් යුක්ත වීම සතුටට කරුණකි.
“දන්නවාද?” මැයෙන් යුතු කවිය ඇතුළු කවි කිහිපයක් ම සමාජීය සත්වයකු ලෙසත් නිදහස්කාමියකු ලෙසත් පුද්ගල අභ්‍යන්තරයෙහි පැන නගින ද්වන්දාත්මක බව විදාරණය කරයි.එය එක්තරා සම්පරීක්ෂාවකි.
දන්නවාද කාව්‍ය නිර්මාණයෙහි එක් කවියකින් මේ සටහන නිමා කරමි.
තදබල හඬින් සිනාසෙන
දර්ශනය කතා කරන
මිතුරන් අතර වීරයකු වන
දන්නවාද ඔහු හඬන මිනිසෙක් බව?
තිඹිරියාගම බණ්ඩාර
ක්‍රීඩා අමාත්‍යාංශයේ ගිණුම් හිස්වීමෙන් මේ වන විට ජාතික ක්‍රීඩා සංගම් බහුතරයකට අඩු තරමින් එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමත් ප්‍රශ්නකාරීවී තිබේ.
දකුණු අප්‍රිකාව සමග පැවති ටෙස්ට් තරගාවලිය 2-0 කින් පරාජයට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම, මේ වනවිටත් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
තම සැමියා දෙගිඩියාවෙන් යුතුව වුවද රාජකාරියට වාර්තා කිරීමට සූදානම් වෙද්දී - දීපා තවදුරටත් ඔහුගේ ගමන වළකාලීමට උත්සාහ නොකළාය.
මානව පරිණාම ක්‍රියාවලිය ඉතාමත් සංකීර්ණ එකකි. එම සංකීර්ණ මානව පරිණාම ක්‍රියාවලියේ නව පරිච්ඡේදයක් ලිවීමට චීන විද්‍යාඥයන්ට දැන් හැකි වී තිබේ.
ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය තරුපති මුණසිංහ රචිත ‘ශබ්ද මානවවංශවේදය’ සහ ප්‍රවීණ රංගනවේදිනී ගයනි ගිසන්තිකා රචිත‘ගලන දියේ හංගා’ කෘති ද්විත්වය දෙසැම්බර් ම
ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය තරුපති මුණසිංහ රචිත ‘ශබ්ද මානවවංශවේදය’ සහ ප්‍රවීණ රංගනවේදිනී ගයනි ගිසන්තිකා රචිත‘ගලන දියේ හංගා’ කෘති ද්විත්වය දෙසැම්බර් ම
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
මකාදැමිය නොහැකි කාව්‍ය රේඛාව