IMG-LOGO

2025 ජනවාරි මස 03 වන සිකුරාදා


මෙරට සුන්දරම සුසාන භූමිය

මහනුවර පොදු රාජ්‍ය මණ්ඩලීය සුසාන භූමිය


සුසාන භූමියක් හෙවත් සොහොන් පිට්ටනියක් කියූ සැණින් බොහෝ දෙනෙකුගේ සිත්  තිගැස්මකට ලක් වන්නේ නිරායාසයෙනි. ඊට ප්‍රධානතම හේතුව වන්නේ එවැනි ස්ථානවල පවතින ගුප්ත බව මෙන්ම, ඒවා පිහිටි පරිසරයන් නිර්මාණය කොට  ඇති විවිධ වූ කරුණු කාරණා හේතුවෙනි.  

ලොව බොහෝ රටවල මෙන්ම, මෙරට ද සුන්දර සුසාන භූමියන් නැතුවා නොවේ. එහෙත් එම ප්‍රමාණය අතේ ඇඟිලිවලට වඩා අඩුය. කෙනෙකුගේ සිත්වලට සොඳුරු බවක් සුසාන භූමියක් හරහා එක් කිරීමට හැකියාවක් ඇත්නම් එය කදිමය. එසේ පිහිටි ලොව  සුන්දරතම සුසාන භූමි කීපය අතරට වැටෙන සුසාන භූමියක් මෙරට මහනුවර නගරය සමීපයේ පිටකන්ද නම් ප්‍රදේශයේ පිහිටා තිබේ. එය වූ කලී උද්‍යානයකට සමාන අතිශය චමත්කාරජනක වටපිටාවකින් සැදුම්ලත් වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම සොඳුරුතම  සුසාන භූමියකි. මෙම සුසාන භූමියට ගොඩවන කාගේ වුවද  සිත් සුන්දර උද්‍යානයකට ගිය විට ඇතිවන සොඳුරු හැඟු‍ම් ජනිත කරවීමට සමත්කම් දක්වයි. 

දෙවන ලෝක මහා යුද්ධයේ දී පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල යුද සොල්දාදුවන්ගේ සිරුරු මිහිදන් කිරීමට මහනුවර, පිටකන්දේ මෙම අතිශය චමත්කාරජනක සුන්දර සුසාන භූමිය ස්ථාපිත කොට තිබේ.  පොදු රාජ්‍ය මණ්ඩලීය සුසාන භූමිය ලෙස මෙය නම් කොට තිබේ. තවත් මෙවැනි පොදු රාජ්‍ය මණ්ඩලීය සුසාන භූමි හයක් මෙරට ප්‍රදේශ  කීපයක ස්ථාපිත කොට තිබේ. ඉන් සුසාන භූමි හතරක් කොළඹ කේන්ද්‍ර කර ගනිමින් හා අනෙකුත් ඒවා  ත්‍රිකුණාමලය හා මහනුවර නගර කේන්ද්‍ර කර ගනිමිනුත් ඉඳිකොට ඇත. 

ලොව පිහිටි ලස්සනම සුසාන භූමි කීපය අතරට ගණන් ගැනෙන මහනුවර, පිටකන්දේ පිහිටි මෙම සුසාන භූමිය සොඳුරු භූමි භාගයක මනරම් උද්‍යානයක් ලෙස සකස් කොට දිනපතා නඩත්තු කරමින් පවත්වාගෙන යනු ලබයි. වර්තමානයේ පොදු රාජ්‍ය මණ්ඩලීය සුසාන භූමිය ලෙස හැඳින්වුවද අතීතයේ දී මෙය  පිටකන්ද යුද සුසාන භූමිය ලෙස හඳුන්වා තිබේ. මෙම සුසාන භූමිය සකසා ඇති ආකාරය මෙන්ම අවට පරිසරයේ ඇති සුන්දරත්වය හේතුවෙන් ලොව සුන්දරම සුසාන භූමි  අතරට මෙය ද ගණන් ගැනේ.

දෙවන ලෝක යුද්ධය වර්ෂ 1939 සැප්තැම්බර් මස සිට 1945 වසරේ අගෝස්තු මස දක්වා වසර හයක් පුරා පැවැතිණි. මෙය පළමුව යුරෝපා රටවල ඇති වී පසුව  1941 වසරේ නොවැම්බර් මස 07 දින ජපානය ඊට එක්වීමත් සමග ලෝක මහා සංග්‍රාමයක් බවට පත්විය. දෙවන ලෝක මහා යුද්ධය සැලැකෙනුයේ දැනට ලෝකයේ ඇති වූ භයානකම යුද්ධය ලෙසයි. ඇඩොල්ෆ් හිට්ලර් විසින් පෝලන්තය ආක්‍රමණය කිරීම, ඉතාලියේ මුසෝලිනීගේ ක්‍රියාකලාපය, ජපානයේ ආක්‍රමණකාරී ප්‍රතිපත්තිය, ජාතීන්ගේ සංගමයේ දුර්වලතා හා වර්සෙල්ස් ගිවිසුමේ ප්‍රතිපත්ති දෙවන ලෝක මහා යුද්ධය ඇතිවීමට බලපාන ලද ප්‍රබලතම  හේතුන් ලෙස සඳහන් වේ. 

දෙවන ලෝක මහා යුද්ධයේ දී ජපානය විසින් අවස්ථාවන් දෙකක දී ශ්‍රී ලංකාවට ද බෝම්බ හෙලීමට පියවර ‌ගෙන  තිබිණි. 1942 වසරේ අප්‍රේල් මස 05  දින කොළඹ වරායට සහ 07 දින ත්‍රිකුණාමලයට මෙසේ  බෝම්බ හෙළීය. එයින් අතිමහත් විනාශයක් සිදුවිය. ජපානයට ශ්‍රී ලංකාව යටත් කර ගැනීමට අවශ්‍යතාවක් නොමැති වුවද, ඉංග්‍රීසීන් විසින් ඔවුන්ගේ ආසියාවේ අණදෙන මූලස්ථානය මහනුවර, කුණ්ඩසාල ප්‍රදේශයේ ස්ථාපිත කරන ලදී. මෙම මූලස්ථානයට අමතරව කටුකුරුන්ද, බූස්ස, වීරවිල, රත්මලාන ආදී  ස්ථානවල මෙන්ම සීගිරිය, මින්නේරිය, හිඟු‍රක්ගොඩ, ත්‍රීකුණාමලය ආදී නගරවල ද ඔවුන්ගේ එක් එක් බළකායන්ට අයත් කඳවුරු පිහිටුවා ගනු ලැබීය. එම යුද කඳවුරුවල ඉංග්‍රීසි, ඇමරිකානු, ගුරුකා, කාපිරි, කලු‍ අප්‍රිකානුවන්, ඉන්දියානුවන් ආදී රටවල යුද ගුවන් හා නාවික හමුදා  භටයන් සේවයේ යොදවා තිබිණි.

මෙම යුද්ධය කෙතරම් බිහිසුණු ද එමෙන්ම කෲර වූයේද යත් කිවහොත් ඉන් ලොව පුරා මියගිය ගණන කෝටි හයක් පමණ වෙතැයි සඳහන් වේ. එයින් කෝටි දෙකක් හමුදා සෙබළු‍න්ය. එහෙත් මෙම සංඛ්‍යා ලේඛන නිවරදිම සංඛ්‍යා ලේඛන නොවන බවත්,  මීට වඩා ඉහළ මරණ ප්‍රමාණයක් සිදුවෙන්නට ඇතැයි බොහෝ යුද විශේෂඥයන්ගේ  මතය වී  තිබේ.

දෙවන ලෝක මහා යුද්ධයෙන් මියගිය 2000 ට අධික යුද සෙබළුන් පිරිසක් ශ්‍රී ලංකාවේ ද  මිහිදන් කිරීමට එවකට පැවැති පාලකයන් පියවර ගෙන තිබිණි. ඔවුන් කොළඹ, ත්‍රිකුණාමලය හා මහනුවර පිහිටි පොදු රාජ්‍ය මණ්ඩලීය සුසාන භූමි හයක මෙසේ මිහිදන් කොට තිබේ. මහනුවර, පිටකන්දේ පිහිටි පොදු රාජ්‍ය මණ්ඩලීය සුසාන භූමියේ යුද්ධයෙන් මියගිය යුද සෙබළුන් 203 කගේ  සිරුරු මිහිදන් කොට ඇත. 

නාවිකය භටයන්  16 කු, යුද හමුදා භටයන් 151 කු, ගුවන් හමුදා භටයන්  32 කු, වෙළෙඳ නාවිකයන් එක් අයෙකු, ගිනි නිවන සේවයේ එක් අයෙකු, අනන්‍යතාව හඳුනානොගත් දෙදෙනෙකු ලෙස මෙසේ  මහනුවර, පිටකන්ද සුසාන භූමියේ මිහිදන් කොට තිබේ. ජාතීන් වශයෙන් ගත් කල බ්‍රිතාන්‍ය ජාතිකයන් 107 කු, පෙරදිග අප්‍රිකානුවෝ 35 දෙ​ෙනකු, ශ්‍රී ලාංකිකයෝ 26 කු, ඉන්දියානුවන් 23 දෙනෙකු, කැනේඩියානු ජාතිකයන් හය දෙනෙකු, ඉතාලි ජාතිකයෝ තිදෙනෙකු, ප්‍රංශ ජාතිකයන් එක් අයෙකු ලෙස පිරිසක් මෙම පොදු රාජ්‍ය මණ්ඩලීය සුසාන භූමියේ මිහිදන් කොට ඇති පුද්ගලයන් අතර  සිටිති.

ඉතාමත් මනරම් භූමිභාගයක ස්ථාපිත කොට ඇති මහනුවර, පිටකන්ද පොදු රාජ්‍ය මණ්ඩලීය යුද සුසාන භූමිය  ලස්සන සේම   ඉතාමත් පිරිසිදුය. මෙම සුසාන භූමිය පොදු රාජ්‍ය මණ්ඩලීය සොල්දාදුවන් අනුස්මරණ කොමිෂන් සභාව විසින් ඉදිකො‌ට තිබේ. දෛනිකව පිරිසිදු කොට නඩත්තු කරගෙන යන්නේද එම කොමිෂන් සභාව විසිනි. 

මහනුවරට පැමිණෙන විදේශිකයන් බොහෝ පිරිසක් මෙම පොදු රාජ්‍ය මණ්ඩලීය සුසාන භූමිය නැරඹීමට එහි යති. ඇතැම් අවස්ථාවන්හීදී මෙහි මිහිදන් කොට ඇති පුද්ගලයන්ගේ වර්තමාන ඥාති පරපුරේ පිරිස්ද මෙම ස්ථානයට පැමිණ තම ඥාතියාට ගෞරව දක්වා යන බව සුසාන භූමි  සේවකයෝ පවසති.


    සටහන හා ඡායාරූප- 

  • තලවකැලේ- ශාන්ත චන්ද්‍රසිරි හුලංනුගේ

 

 



අදහස් (0)

මෙරට සුන්දරම සුසාන භූමිය

ඔබේ අදහස් එවන්න

තක්සලාව

නවසීලන්තයේ සුදු අභියෝගය
2025 ජනවාරි මස 01 17 0

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වසර අවසන් කරන්නේද ඊළඟ වසර ආරම්භ කරන්නේද නවසීලන්තයේ දීය. මේ වනවිට නවසීලන්තයේ සිටින ඔවුන් ​ඔබ මේ සටහන කියවන දිනයේ දී පළමු


2025 ඔබට කොහොමද ?
2024 දෙසැම්බර් මස 31 137 0

මෙම ජනවාරි මස පළමුවැනි බදාදා දින උදාවන නව වසරේ මුල් සිව් මස තුළ හෙවත් අප්‍රේල් මස 15 තෙක්, ඉදිරි කාලය තුළ ග්‍රහගමනේ හැසිරීම් රටාව ඔබේ අධ්‍යාපන - ආර්ථික - රැ


ටොලමියානු ජෝතිෂ්‍ය ඇසින් 2025 රටට සහ ඔබට කොහොමද ?
2024 දෙසැම්බර් මස 31 103 0

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2025 නව වසර ලංකාවේ සමජ ආර්ථක දේශපාලනයටත්, රටේ ජීවත් වෙන රට වැසියන්ටත් අලුත් ආරම්භයක් සිදුවෙන්නේ අප


විනාඩියක ප්‍රමාදයෙන් මරණයෙන් බේරුණු හැටි
2024 දෙසැම්බර් මස 31 50 0

2006 අප්‍රේල් 27 වන විට නෙලීකා රෝහල්ගතව දින 10 කට ආසන්න වී තිබිණ. එම කාලසීමාව තුළ මේජර් සමීර රාජකාරී අතර වූවද, දිනකට දෙවරක් ඈ බලන්නට නොවරදවාම පැමිණියේය .


චීන මිතුදම කැටුව ආ සාමයේ නෞකාව
2024 දෙසැම්බර් මස 31 24 0

‘ජීවිත සුරැකීම සහ මිතුදම් පවත්වාගැනීම’ යන තේමාව යටතේ මානුෂීය මෙහෙයුම්වල නියැළෙන ‘ඩයිෂාන් ඩාඕ’ චීන රෝහල් නෞකාව, චීන ඉන්ජිනේරු විස්මයක් යැයි කීවොත් එහ


සිහින යථාර්තයක් කරගත් ධනුෂ්ක සේනාධීර
2024 දෙසැම්බර් මස 30 26 0

දුර්වල මිනිසුන් වාසනාව සොයා යද්දි බොහෝ දිරියවන්ත මිනිසුන් සොයා යන්නේ අවස්ථා පමණි, කියන වදන ඔබ අසා ඇති. ජීවිතය යන සිදුවීම් සමුදාය තුළ අවස්ථාවන් සොයා යම


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 372 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 193 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 175 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site