IMG-LOGO

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?

1993 වසරේ සිදු වූ අවාසනාවන්ත සිදුවීම් මෙවරත් සිදුවේ ද ?

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්ථාවේ තත්කාලයට අනුව ග්‍රහ ගෝචරයට සමාන ග්‍රහ ගෝචරයක් 1993 අප්‍රේල් මස 13 වැනිදා රවි මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වූ අවස්ථාවේ යෙදී තිබිණ.


1993 අප්‍රේල් මස 23 වැනිදා ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ නායක ලලිත් ඇතුලත් මුදලි මහතා කිරුළපන මහජන ක්‍රීඩාංගණයේ රැස්වීමක් පැවැති අවස්ථාවේ දී සාහසික වෙඩි පහරට ලක්වී මරණයට පත්විය. මෙම මරණයෙන් දින කිහිපයක් යාමට මත්තෙන් 1993 මැයි 01 වැනිදා මැයි දින පෙළපාළියේ දී එවක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා බෝම්බ ප්‍රහාරයකින් මරණයට පත්විය. ඉන්පසු පැවැති මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය පරදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කළේය.


1993 වසරේ රවි මේෂයට සංක්‍රමණය වීමේ දී අඟහරු හෙවත් කුජ මිථුන රාශිගතව බ්‍රහස්පතිට අයත් නැකතත්, බුධ මීන රාශියෙහි සෙනසුරුට අයත් නැකතක් ගුරු කන්‍යා රාශිගතව සඳුගේ නැකතක් සිකුරු මීන රාශිගතව සෙනසුරුට අයත් තැනකත්, සෙනසුරු කුම්භ රාශිගත බුධව අයත් නැකතක් ගෝචර ගමනින් ගමන් කර ඇත.


මෙම වසරේ දී අඟහරු කුම්භ රාශිගතව ගුරුට අයත් නැකතකත්, බුධ මීන රාශිගතව බුධටම අයත් නැකතෙත්, බ්‍රහස්පති මේෂ රාශිගතව සිකුරුට අයත් නැකතක් සිකුරු, මීන රාශිගතව සෙනසුරුට අයත් නැකතකත්, සෙනසුරු කුම්භ රාශිගතව රාහුට අයත් නැකතකත්, රාහු මීන රාශිගතව බුධට අයත් නැකතකත් ගෝචරයෙන් පැමිණෙයි.
1993 වසරේදීත් 2024 වසරේදීත් සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමේ දී යෙදී ඇති ග්‍රහ ගෝචරය බොහෝ ලෙස සමානතාවයක් පෙන්වයි. තව ද මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් 1993වසරේ දී සම්ප්‍රදායෙන් තොරව රවි මාරුවෙන් පැය 6 යි විනාඩි 24 ට පසුව සඳුදා උදෑසනට ගත් ලෙසට මෙවර පසුදා උදෑසනට අවුරුදු චාරිත්‍ර නැකැත් යොදා ගතහොත් 1993 වසරේ සිදු වූ තත්ත්වයටත් වඩා අති බිහිසුණු සිදුවීම් මාලාවක් මෙරට සිදුවනු ඇත. 


මෙවර රාජ්‍ය නැකැත් කමිටුව විසින් ඉතාමත් සුබ ඵල අත්වන ලෙසට ගැළපෙන නැකැත් රාත්‍රියට යොදා සකස් කර ඇති අතර රවි මේෂ රාශියට පිවිසීමෙන් යෙදෙන්නා වූ ඉතා බිහිසුණු සිදුවීම්වලින් යම් තාක් දුරට හෝ අවම වීමක් සිංහල අවුරුදු නැකතින් සිදුවනු ඇත.


මෙවර සූර්ය සංක්‍රාන්තිය හේතුවෙන් මෙරට ඉදිරි සූර්ය මංගල්‍යයට පෙර දේශපාලකයන් ජනාදරයට පත් උසස් රාජ්‍ය නායකයන්ට මාරක ඇතිවීමත්, දේශපාලන වශයෙන් ඡන්දවලින් පවතින රජයට අශුභ ඵල ඇතිවීමත්, මැතිවරණ ආශ්‍රීතව කඩාකප්පල්කාරී සිදුවීම් ද, පහරදීම් ද, පිපිරීම් ආදිය ද වැඩි වශයෙන් ඇතිවීමත් මහජන හිරිහැර වැඩිවීමත් සිදුවනු ඇත.

 

රාජ්‍ය නැකැත් කමිටුවේ ජ්‍යෙතීර්වේ දී
රේණුක වික්‍රමසිංහ



අදහස් (1)

මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?

randil dunuwille Tuesday, 02 April 2024 02:32 PM

ඔය සේරම බොරු මනස්ගාත.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

තක්සලාව

අලුත් අවුරුදු පලාපල
2025 අප්‍රේල් මස 08 89 0

2025 වර්ෂය විශේෂ වර්ෂයක් ලෙස ජ්‍යොතිෂ විද්‍යාවේ හඳුන්වා දෙන අතර 2025 මාර්තු මස 29 වන දින වසර 30 කට පසුව සිදුවූ සෙනසුරු ග්‍රහයාගේ සුවිශේෂී ග්‍රහ මාරුව මෙන්ම සූර


වසර 2100 දී පෘථිවියට ඇල්ගී ආක්‍රමණයක්
2025 අප්‍රේල් මස 08 42 0

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ යයි. ගෝලීය උණුසුම ඉහළ යෑම එසේ මෙසේ දෙයක් නම් නොවෙයි. ගෝලීය උණුසුම ඉහළ යෑමේ අනිසි ප්‍රතිඵලයක්


නව පරපුරට ගොවිකම උගන්වන ගොවියෙක්
2025 අප්‍රේල් මස 07 32 0

දීර්ඝකාලීන ඉතිහාසයක් පවතින දේශීය කෘෂි කර්මාන්තය ප්‍රධාන වශයෙන් දේශීය ආහාර අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමේ පරමාර්ථය ඇතිව බිහිවිය. කෘෂිකාර්මික කටයුතු ශ්


විස්මිත පාසලක්
2025 අප්‍රේල් මස 07 56 0

නූතන වැඩ ලෝකයට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක්‍ හා ඒ හා සබැඳි ඉගෙනුම් - ඉගෙන්වීම් ක්‍රියාවලියක අවශ්‍යතාව පිළිබඳ කතා ඇසෙන්නේ අදක ඊයෙක සිට නොවේ. විශ්ව විද්‍යාල


විශ්ව ශක්තියේ බලය ලැබෙන අයුරින් නිවසක් පිරිසිදු කරගන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 06 62 0

සිංහල හින්දු අලුත් අවුරුදු මාසය කියන්නේ අලුත් ඇඳුම් වගේම නිවසත් අලුත් වෙන මාසයක්. සිංහල අලුත් අවුරුද්ද නිවසේ සතුට රැඳෙන තැනක් කරගන්නේ කෙසේ ද කියා - ඔබ න


පැදුරටත් නොකියා තීන්දු ගන්නා කිචත් කැබිනෙට්ටුව
2025 අප්‍රේල් මස 06 38 0

ජාතික ජනබලවේගය ජනතාවගෙන් ලබාගත් ජනමතය ජනතා විමුක්ති පෙරමුණ මඟින් අවභාවිත කරන බවට චෝදනාවක් මේ වන විට යම්යම් පාර්ශ්වයන් මගින් නැගී ඇත. ඔවුන් කියන්නේ රට


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 95 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 453 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 929 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site