IMG-LOGO

2025 ජනවාරි මස 15 වන බදාදා


මේ වගේ පළාතක් තිබෙන්නේ ලෝකෙම අපට විතරයි

 

 

යන්න.. ගිහින් එන්න...

ඒත් කිසි විටෙකත් මේ තැන අපවිත්‍ර කරන්න නම් එපා......

ඔබගේ දෑස් වසා අපි ඔබ හරි අපූරු කලාපයකට කැඳවාගෙන යන්නෙමු. සහතිකයි ඔබ මවිත වේවි, මේ ඔබ සිටින්නේ නුවරඑළියේද, මන්නාරමේද? නැතහොත් නුවර මෙන් සෞම්‍යබවක් දැනෙන තැනකද යැයි ඔබට සිතා ගත නොහැකි වේවි. අතිශයෝක්තයකින් තොරව කිවහොත් මේ වගේ පළාතක් ඇත්තේ ලෝකයේ අපට විතරක්ම බව සඳහන් කළ හැකිය. ජීවිතේ ප්‍ර‌ීති සංචාරයක් කරගෙන නේක තැන්හි සැරිසරන සැරිසරන්නන් වෙනුවෙන් මේ සටහන බෙහෙවින් වැදගත් වේවි. 


බලංගොඩ කී සැනෙකින් අපට මුලින්ම මතකයට නැගෙන්නේ අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රිය හිමිගේ නාමයයි. එමෙන්ම බලංගොඩ ආදි මානවයා ගැන වූ ඉතිහාසය ගැනයි. බලංගොඩ කල්තොට ගැන ඔබ දන්නේ මොනවාද? මෙහි සැරිසරන අයගෙන් විමසුවහොත්, මේ තමයි තැන කියා ඒ හැමෝම කියාවි. සහතිකෙන්ම ලංකාවේ යා යුතුම හොඳම රස්තියාදුව, නැතහොත් ගත සිත නිවන සොඳුරුතම ගමනාන්තය බලංගොඩ කල්තොට යැයි ඕනෑම සැරිසරන්නෙකු කියාවි. ඇයි කල්තොට එහෙම වෙන්නෙ?

මේ ප්‍රදේශය දිස්ත්‍රික්ක තුනකට මායිම් වීම, හේතුවෙන් මේ පාරිසරික වෙනස අත්විඳිය හැකිය. තෙත්, වියලි, සෞම්‍ය, ශුෂ්ක යන මේ සෑම දේශගුණයක ඇති කාලගුණික දේශගුණික ස්වභාවයන් අත්විඳගත හැකි වෙන්නේ එනිසාවෙනි. එහිදී දකින, විඳින පාරිසරික වෙනසෙහි රසය ලංකාවේ වෙනත් කිසිම තැනෙකදී අත්විඳි නොහැකි යැයි යළි යළිත් සඳහන් කළ හැකිය. 

හරිත නිම්න, ගල් ගුහා, වියලි ස්ථාන, සියොතුන්ගෙන් පිරි වන උයන්, විවධ සිව්පාවුන්, මල් උයන් මෙන් වූ ස්ථාන, හීන් සැරේ වැටෙන පොද වැස්ස, සීත මීදුම, ගංගා, දිය ඇලි. ඒ වෙනස අත්විඳිද්දී දෙවියනේ මේක නම් හීනයකැයි ඔබට හැඟේවි. මේ වෙනස අපි හරිත සංධ්වනිය ලෙස නම් කරමු. 

මෙම හරිත සංධ්වනිය ගතට සිතට ගෙන දෙන සැහැල්ලුව වෙන කිසිම තැනෙකදී අත් විඳි නොහැකිය. ලංකාවේ නොකිළිටි වූ සොබාදහමේ සුන්දරම පාරාදීසය ලෙස මේ පළාත නම් කළ හැකිය. මෙහි සංචාරය කරන්නන් පවසන පරිදි එහි ගොස් ආ පසු දැනෙන්නේ ජීවිතය අලුත් වූවාක් මෙන් හැඟීමක්ය. 

සංචාරක පිපාසාවෙන් පෙළෙන බොහෝ දෙනා තවමත් නොගිය මේ නිකැලැල් තෝතැන්නට පිරිසක් එන්නේ නම්, ඒ කූරගල පංසල වැඳපුදා ගැනීම වෙනුවෙනි. එනිසා කූරගල පංසල අවට කලාපය නම්, තරමක් දුරට නාගරීකරණය වෙමින් තිබෙනු දැකගත හැකිය. එපමණක් නොව ඒ අවට ගංගා, දිය ඇලි ඇති ස්ථාන අසල තැන තැන ප්ලාස්ටික් බෝතල, ආදි දේ පරිසරයට මුදාහැර ඇති අයුරු දැකගත හැකිය. කූරගල නිසා, පොඩි පොඩි නිවාඩු නිකේතන පවා බිහිව ඇත. මේ පළාතටම ඇති එකම නවාතැන් බංගලාව වන්නේ මහවැලියට අයත් බංගලාවය. මේ පළාත දෙස් විදෙස් සැරිසරන්නන් වෙත හඳුන්වාදිය හැකිය. එය ඔවුන්  ජිවිතයේ ලබන හොඳම සංචාරක අත්දැකීමක් වෙනු ඇත. එනමුදු සිහි තබා ගත යුතු සහ අවධානයට ගත යුතු විශේෂම දෙය වෙන්නේ මේ පවිත්‍ර පරිසරය දූෂණය නොකිරීමට වග බලාගැනීමය. ජීවිතයේ සොඳුරුතම සංචාරයකට පාරාදීසයක් වෙන මේ පරිසරයේ සැරිසරන්න. ඒත් කිසි විටෙකත් මේ තැන් අපවිත්‍ර කරන්න නම් එපා.

 

 

විශේෂ ස්තුතිය ප්‍රවීන සිනමා සහ ටෙලි  නිර්මාණවේදී සුදත් රෝහණ මහතාට.


  • සඳුන් ගමගේ

 



අදහස් (0)

මේ වගේ පළාතක් තිබෙන්නේ ලෝකෙම අපට විතරයි

ඔබේ අදහස් එවන්න

 

 

තක්සලාව

බෙල්වුඩ් සීතල පාරාදීසයට
2025 ජනවාරි මස 15 2 0

මධ්‍යම කඳුකරය යනු ශ්‍රී ලංකාවේ සොබාව සෞන්දර්යයේ අපූරු පරාදීසයකි. මහනුවර නගරයට කිලෝමීටර 19ක දුරින් හරිත වර්ණයෙන් අනූන සෞම්‍ය පරිසරයක පිහිටා ඇති පුංචි


කල්වාරි පාලමෙන් එගොඩ වී කුරුස කන්ද පුදබිමට
2025 ජනවාරි මස 15 5 0

දකුණුලක අගනගරය යන විරුදාවලිය ලත් ගාලු පුරවරය ඓතිහාසික වටිනාකම්වලින් මෙන්ම ස්වභාව සෞන්දර්යයෙන් පරිපූර්ණ වූ පුරවරයකි.


පතුලක් නැති දිය ඇල්ල බලන්න යමුද ?
2025 ජනවාරි මස 15 8 0

අප රටේ ඇති සුන්දර දිය ඇලිවලින් වෙනස්ම හැඩයක් ගන්න, නෙත් සිත් සනහනා, පහන්තුඩාව බලන්න යමු ද? ස්වාභාවික පරිසරයක පහනක හැඩයට ස්වාභාවිකවම නිර්මාණය වුණු දිය ඇ


දරුවා දැඩිසත්කාරයේ පසුවෙද්දී ස්වාමියාට ත්‍රස්තවාදී ප්‍රහාරයක්
2025 ජනවාරි මස 15 13 0

ශල්‍යකර්මයෙන් අනතුරුව යුද හමුදා රෝහලේ නිලධාරී වාට්ටුවට ඇතුළු කළ මේජර් සමීරට ප්‍රකෘති සිහිය ලැබෙද්දී රාත්‍රිය උදාවී තිබිණ. ඒ වනවිට ඔහු බොහෝ වේදනාවෙන්


අපට හොරෙන් අපේ සිරුරේ ඉන්න අමුතු සතෙක් හමුවෙලා
2025 ජනවාරි මස 15 11 0

ක් ෂුද්‍ර ජීව විද්‍යාඥයෝ, මිනිස් සිරුර තුළ සැඟවී ජීවත්වන අමුතු ක්ෂුද්‍ර ජීවී විශේෂයක් සොයාගැනීමට සමත් වී සිටිති. වයිරසවලට සමාන මේ ජීවියා, මීට පෙර කිසි


ඉරට හාදු දුන් නාසා ’නෑයා ’
2025 ජනවාරි මස 06 63 0

අභ්‍යවකාශ වික්‍රම ගැන කතා කරද්දී අපට නිතැතින්ම මතක් වෙන්නේ ඇමෙරිකාවේ නාසා ආයතනයයි. නාසා ආයතනය පසුගිය දෙසැම්බර් මාසයේ තවත් අපූරු වික්‍රමයකට සම්බන්ධ ව


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 246 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 556 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 307 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site