පැරිස් පැරලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රීඩක සමිත දුලාන් කොඩිතුවක්කු ත් - 44 කාණ්ඩයේ හෙල්ල විසි කිරීම (පිරිමි) ඉසව්වෙන් මීටර් 67.03 ක දක්ෂතාවයක් පළ කරමින් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් විය. එය ත් - 44 හෙවත් පාදයක් දණ හිසෙන් පහළ ආබාධ (පිරිමි) කාණ්ඩයට අයත් මෙම ඉසව්වේ නව ලෝක වාර්තාවක් ලෙසත් සටහන් විය.
මෙය 34 හැවිරිදි යුද හමුදා ක්‍රීඩක සමිත දුලාන් දිනා ගත් දෙවැනි පැරලිම්පික් පදක්කමයි.පසුගිය ටෝකියෝ (2020) පැරලිම්පික් උළෙලේදී මෙම ඉසව්වෙන් සමිත ලෝකඩ පදක්කමක් (මිටර් 65.61) ශ්‍රී ලංකාවට දිනා දුන්නේය.
ශ්‍රී ලංකාව ප්‍රංශයේ පැරිස් නුවරදී අද (8) අවසන් වන 17 වැනි පැරලිම්පික් උළෙලේදී මෙය සටහන් කරන විට දිනා සිටි එකම පදක්කමත් එයම විය. සමිත රිදී පදක්කම හිමි කර ගත් මෙහි රන් පදක්කම පැරලිම්පික් වාර්තාවක් පිහිටුවමින් මීටර් 70.59 කට දිනා ගත්තේ ටෝකියෝ පැරලිම්පික් උළෙලේදීත් රන් පදක්කම දිනා ගත් ඉන්දීය ක්‍රීඩක සුමිට් අන්ටිල් විසිනි. ඔහු එහිදී තරග වැදුණේ ත් - 64 හෙවත් පාදයක් දණහිසෙන් අහිමි (පිරිමි) කාණ්ඩයෙනි. මෙම කාණ්ඩ දෙකම එකම ඉසව්වක් ලෙස පැවැත්වුණි.
ලෝකඩ පදක්කම ඕස්ට්‍රේලියානු ක්‍රීඩක බ්‍රයන් මයිකල් විසින් අත් කර ගත්තේ මීටර් 64.89 ක ඉසව්වේ මෙතෙක් ඔහුගේ හොඳම දක්ෂතාවය වාර්තා කරමිණි. සමිත ඔහුගේ උත්සාහයන් හයේදී මෙම හොඳම දක්ෂතාවය පස් වැනි උත්සාහයේදී වාර්තා කර සිටියේය.
සමිත මේ දක්වා ලෝක ශූරතා රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කමක්ද ඇතුළුව ආසියානු පැරක්‍රීඩා රිදී පදක්කමක්ද දිනා
ගැනීමට සමත්ව සිටින ශ්‍රී ලාංකිකයෙකි. පැරිස් පැරලිම්පික් රිදී පදක්කම දිනා ගැනීමෙන් පසුව ඔහු ඉරිදා ලංකාදීපයට මෙසේ පැවැසීය.
“සතියකට මම පැය 28 කට ආසන්න කාලයක් පුහුණුවීම් කරලයි මේ තත්වයට ආවේ. පදක්කමක් දිනා ගැනීම ගැන මට ප්‍රශ්නයක් තිබ්බේ නෑ. ඒත් ලෝක වාර්තාවක් ගැන මම හිතුවේ නෑ. ඒ නිසා මේ ජයග්‍රාහණය ගැන මම ගොඩක්ම සතුටු වෙනවා. අපිට තිබෙන ලොකුම ප්‍රශ්නය පුහුණුවීම් සඳහා උසස් තත්වයේ හෙල්ල මෙරටට ගෙන්වා ගැනීමේදී මතුවී තිබෙන ගැටලු. හංගේරියාවෙන් ඒවා ගෙන්වා ගැනීමේදී ඇතිවී තිබෙන බාධා මග හරවා ගැනීමට අපට උදව් අවශ්‍යයි.” ප්‍රමිතියෙන් උසස් මේ එක හෙල්ලක් අවම රුපියල් ලක්ෂ හයක් වත් වෙනවා.
අපට සල්ලි ප්‍රශ්නයක් නෑ. ජාතික පැරලිම්පික් කමිටුව වගේම ක්‍රීඩා අමාත්‍යාංශයත් මැදිහත් කරගෙන ඒ සඳහා අප තවදුරටත් උත්සාහ කරනවා. මේ අවස්ථාවේදී මට උදව් කළ අය මතක් කරනවා නම් මගේ බිරිඳ, අම්මා, තාත්තා ඉදිරියෙන්ම ඉන්නවා. මගේ පුහුණුකරු ප්‍රදීප් නිශාන්ත වගේම යුද හමුදාපතිතුමා ඇතුළු ශ්‍රී ලංකා යුද හමුදාවට ඒ වගේම මම සේවය කරන යුද හමුදා පොලීසියේ ප්‍රධානීන් ඇතුළු එහි සොහොයුරන්ටත් ප්‍රණාමය පුද කරනවා.
පැරිස් නුවරදී රිදී පදක්කම දිනා ගැනීමෙන් පසුව සමිත දුලාන් පුහුණුකරු ප්‍රදීප් නිෂාන්ත මහතා සමග
|
ශ්‍රී ලංකාවේ පැරලිම්පික් සහභාගිත්වය 1996 ඇට්ලන්ටා පැරලිම්පික් උළෙල දක්වා දිවෙන අතර මේ දක්වා පදක්කම් පහක් දිනා සිටියි. ඒ ශ්‍රී ලංකා වේලාවෙන් අඟහරුවාදා (3) පාන්දර දක්වා පැවැති සිය ඉසව්වෙන් සමිත දිනා ගත් රිදී පදක්කම හැරුණු විට මීට පෙර එක් රන් පදක්කමක් හා ලෝකඩ පදක්කම් තුනක් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විසින් මේ දක්වා දිනා ගැනීමෙනි.
එහිදී තවත් විශේෂයක් වන්නේ සමිත පසුගිය අඟහරුවාදා පැරිස් නුවරදී දිනා ගත් රිදී පදක්කමත් සමග ශ්‍රී ලංකාව පැරලිම්පික් උළෙල හතරකදීම පිට පිටම පදක්කම් දිනා ගැනීමට සමත්ව සිටීමයි.
එහිදී 2012 - ලංඩන් උළෙලේදී හා 2016 රියෝ උළෙලේදී එක් ලෝකඩ පදක්කමක් බැගින්ද, 2020 - ටෝකියෝ උළෙලේදී එක් රන් පදක්කමක් හා එක් ලෝකඩ පදක්කමක්ද ශ්‍රී ලංකාව දිනා ගත්තේය.
ටෝකියෝ (2020) පැරලිම්පික් උළෙලේදී ලෝක වාර්තාවක් පිහිටුවමින් හෙල්ල විසි කිරීම ත් - 46 හෙවත් එක් අතක වැළමිටෙන් පහළ අප්‍රාණික හෝ ආබාධ (පිරිමි) කාණ්ඩයෙන් රන් පදක්කම දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හේරත් මෙවර පැරිස් පැරලිම්පික් උලෙළටත් නිර්දේශ ලබා සිටියත් ඔහු පැර ක්‍රීඩක තත්වයෙන් ඉවත් කිරීමට අන්තර් ජාතික පැරමලල ක්‍රීඩා කමිටුව තීරණය කිරීමෙන් ඔහුට පැරිස් සංචාරය අහිමි විය.
ඒ 2024 කෝබේ ලෝක ශුරතා තරග සංචාරයේදී ඔහුට එරෙහිව ඉන්දියාව කළ පැමිණිල්ලකට අනුවය. එහිදී පදක්කමක්ද දිනා සිටි දිනේෂ් ප්‍රියන්තට තහනමක් පැනවුවත් එය අතීතයට බලනොපාන ආකාරයෙන් පැනවූ බැවින් ඔහුගේ ටෝකියෝ පැරලිම්පික් රන් පදක්කම හා ලෝක වාර්තාව තවදුරටත් ආරක්ෂා විය.
යුද හමුදා පොලීසියේ සාජන් මේජර්වරයෙකු ලෙස සේවය කරන පැරිස් පැරලිම්පික් රිදී පදක්කම්ලාභී සමිත දුලාන් මේ වන විට කළුතර වාරියමංකඩ පදිංචිව සිටියි. ඔහුගේ උපන් ගම් පළාත දෙනියායයි. දෙනියාය මධ්‍ය මහ විදුහලේ හා මාතර රාහුල විදුහලේ ආදි සිසුවෙකි. යතුරුපැදි අනතුරකින් පාදයක් ආබාධ තත්වයට පත්වූ ඔහු 2017 සිට පැර ක්‍රීඩා පුහුණුවීම් ආරම්භ කළේය. එදා සිට මේ දක්වා ජාත්‍යන්තර පදක්කම් ගණනාවක් දිනා ගැනීමේදී ඔහුගේ පෞද්ගලික පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ හිටපු හෙල්ල විසි කිරීමේ ජාතික ශූරයෙකු වන ප්‍රදීප් නිශාන්ත මහතායි.
සමිත එක් දරු පියෙකි. මේ වන විට ඔහුගේ සිඟිති දියණියට මාස පහක් පිරුණා පමණි.
පුහුණුකරු ප්‍රදීප් නිශාන්ත මහතා නිමාවට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පැරිස් ඔලිම්පික් සභාභාගිත්වයේදීත් හෙල්ල විසි කිරීමේ ක්‍රීඩිකා නදීෂා දිල්හානි ලේකම්ගේ පුහුණුකරු ලෙස කටයුතු කළේය.
රිදී පදක්කම්ලාභී සමිත දුලාන් අඟහරුවාදා (10) දහවල් පෙරළා දිවයිනට ළඟාවීමට නියමිතය. මෙවර පැරිස් පැරලිම්පික් උළෙලට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් හත් දෙනෙකු හා එක් ක්‍රීඩිකාවකගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි විය.
මධ්‍යම කඳුකරය යනු ශ්‍රී ලංකාවේ සොබාව සෞන්දර්යයේ අපූරු පරාදීසයකි. මහනුවර නගරයට කිලෝමීටර 19ක දුරින් හරිත වර්ණයෙන් අනූන සෞම්‍ය පරිසරයක පිහිටා ඇති පුංචි
දකුණුලක අගනගරය යන විරුදාවලිය ලත් ගාලු පුරවරය ඓතිහාසික වටිනාකම්වලින් මෙන්ම ස්වභාව සෞන්දර්යයෙන් පරිපූර්ණ වූ පුරවරයකි.
අප රටේ ඇති සුන්දර දිය ඇලිවලින් වෙනස්ම හැඩයක් ගන්න, නෙත් සිත් සනහනා, පහන්තුඩාව බලන්න යමු ද? ස්වාභාවික පරිසරයක පහනක හැඩයට ස්වාභාවිකවම නිර්මාණය වුණු දිය ඇ
ශල්‍යකර්මයෙන් අනතුරුව යුද හමුදා රෝහලේ නිලධාරී වාට්ටුවට ඇතුළු කළ මේජර් සමීරට ප්‍රකෘති සිහිය ලැබෙද්දී රාත්‍රිය උදාවී තිබිණ. ඒ වනවිට ඔහු බොහෝ වේදනාවෙන්
ක් ෂුද්‍ර ජීව විද්‍යාඥයෝ, මිනිස් සිරුර තුළ සැඟවී ජීවත්වන අමුතු ක්ෂුද්‍ර ජීවී විශේෂයක් සොයාගැනීමට සමත් වී සිටිති. වයිරසවලට සමාන මේ ජීවියා, මීට පෙර කිසි
අභ්‍යවකාශ වික්‍රම ගැන කතා කරද්දී අපට නිතැතින්ම මතක් වෙන්නේ ඇමෙරිකාවේ නාසා ආයතනයයි. නාසා ආයතනය පසුගිය දෙසැම්බර් මාසයේ තවත් අපූරු වික්‍රමයකට සම්බන්ධ ව
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
යතුරු පැදි අනතුරෙන් ලෝකය දිනූ සමිත