කොළඹ නිදහස් චතුරස්‍ර ක්‍රීඩාංගනයේදී 1962 පෙබරවාරි 4 වැනිදා නිදහස් දිනයේදී ගම්බද - නගරබද නිදහස් කුසලාන නමින් ඒකාබද්ධ කණ්ඩායම් දෙකක් අතර එල්ලේ තරගයක් පවත්වන ලදී. නරඹන්නන් දහස් ගණනක් සහභාගි වූ එම එම තරගයෙන් පසුව රටේ ජනතාව අතර එල්ලේ ක්‍රීඩාව පිළිබඳව අති විශාල උනන්දුවක් ඇති විය.
කොළඹ මහ දිසාපතිවරයාගේ දායකත්වයෙන් හා උප දිසාපති බී.සී. පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් මේ තරගය පවත්වන ලදී. එයින් අනතුරුව මෙවන් ජනප්‍රිය ක්‍රීඩාවක් සඳහා ජාතික ක්‍රීඩා සංගමයක් පිහිටුවා ගැනීමේ ආන්දෝලනයක් රට පුරා ප්‍රචලිත විය. මේ අනුව එකළ ලංකාදීප පත්‍රයෙහි ප්‍රධාන කර්තෘ ධුරය හෙබවූ මහානාම දිසානායක මහතාත් ලංකාදීප පත්‍රයේ ක්‍රීඩා සංස්කාරක ලෙස එකළ කටයුතු කළ සේන ගුණසේකර මහතාත් එල්ලේ ජාතික සම්මේලනය බිහි කිරීම සඳහා මූලික අත්තිවාරම දැමූ අතර කොළඹ කොටුව ටයිම්ස් මන්දිරයේ ඒ සඳහා පවත්වන ලද මූලික සාකච්ඡාවට රෙජී රුද්‍රිගු, වසන්ත ජයතිලක, රෙජිනෝල්ඩ් කබ්රාල්, මෝදර කබ්රාල් සහෝදරයින් දෙදෙනා, ජේ.ජී. ජයසිංහ, ලැන්ටි අමරසිංහ, එච්.ඩී. විජයදාස, ආනන්ද එම්.ඩයස්, ෆ්‍රැන්සිස් පී. ගුණසේකර යන මහත්වරු ඇතුළු පිරිසක් ඒ සඳහා කැඳවා තිබුණි.
එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් 1962 මාර්තු 24 දින සමස්ත ලංකා එල්ලේ සම්මේලනය නමින් ජාතික එල්ල සංගමය පිහිටුවා ගන්නා ලදී.
එහිදී ඉදිරි වර්ෂය සඳහා නිලධාරී මණ්ඩලයක් තෝරා පත් කරගත් අතර, එල්ලේ සම්මේලනයේ ව්‍යවස්ථාව සහ එල්ලේ ක්‍රීඩා නීති රීති ව්‍යවස්ථා මාලාව සම්පාදනය කිරීම සඳහා කමිටුවක්ද පත්කර ගන්නා ලදී.
එල්ලේ සම්මේලනයේ ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සඳහා ලංකාදීප ප්‍රධාන කර්තෘ මහනාම දිසානායක මහතා ද එල්ලේ නීති රීති මාලාව සම්පාදනය කිරීම සඳහා ගුවන් විදුලි ශිල්පී එල්ලේ ක්‍රීඩා විස්තර විචාරක එච්.ඩී.විජයදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටු දෙකක් පත් කරන ලදී.
සම්මේලනයේ ව්‍යවස්ථාව සහ එල්ලේ නීති රීති සම්පාදනය කර අනුමත කර ගැනීමෙන් අනතුරුව 1963 වසරේ පළමු වැනි ජාතික එල්ලේ ශූරතා තරගාවලිය පැවැත්වීම ආරම්භ කරන ලදී. එම තරගමාලාවේ අවසන් මහ තරගය1964 අගෝස්තු මස දෙවැනි ඉරු දින කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණි. එහිදී අවසන් මහ තරගය ජය ගනිම්න් පළමු ජාතික එල්ලේ තරගාවලියේ ශූරතා කුසලාන දිනා ගත්තේ කොළඹ විජය ක්‍රීඩා සමාජයයි.
එහිදී පළමු ජාතික එල්ලේ ශූරයා ලෙසට අභිෂේක ලැබුවේ රාගම බැසිලිකා ක්‍රීඩා සමාජයේ ලයනල් පෙරේරා ක්‍රීඩකයායි. එම අවසන් මහ තරගයේ ප්‍රධාන විනිසුරු ලෙස කටයුතු කරන ලද්දේ ටී.ඩී. සෙබස්තියන් මහතා විසිනි. සෙබස්තියන් මාස්ටර් යනුවෙන් ප්‍රචලිත වුණු ඔහු පසුකාලීනව මෙරට එල්ලේ ක්‍රීඩා කේෂ්ත්‍රයේ කීර්තිමත් නමක් ගත් ප්‍රවීණයෙකි.
-1962 දී සමස්ත ලංකා එල්ලේ සම්මේලනය පිහිටුවීමේ මූලික සාකාච්ඡාවට සහභාගි වූවන්ගේ ඡායාරූපයක් ලංකාදීප පුවත්පත පළ කර තිබූ අයරු.
ලංකාදීප පුවත්පතේ මූලිකත්වයෙන් 1962 ආරම්භ කළ එල්ලේ සම්මේලනය යටතේ 1963 දී ශ්‍රී ලංකා පාසල් එල්ලේ සංගමයද 1992 වසරේදී එල්ලේ විනිසුරු සංගමයද, 1986 දී ගම්පහ දිස්ත්‍රික් එල්ලේ සංගමයද 1992 වසරේදී පුත්තලම දිස්ත්‍රික් එල්ලේ සංගමයද, 1996 වසරේදී අනුරාධපුරය දිස්ත්‍රික් එල්ලේ සංගමයද, 1997 වසරේදී මාතර දිස්ත්‍රික් එල්ලේ සංගමය හා කුරුණෑගල දිස්ත්‍රික් එල්ලේ සංගමයද, 1997දී කළුතර සහ කිලිනොච්චිය යන දිස්ත්‍රික් එල්ලේ සංගම්ද 2000 වසරේදී ත්‍රිකුණාමලය සහ කෑගල්ල යන දිස්ත්‍රික් එල්ලේ සංගම් ද පිහිටුවන ලදී.
මේ ආකාරයට 1986දී රාජ්‍ය සේවා එල්ලේ සංගමයත්, ජනසතු සේවා එල්ලේ සංගමයත් බිහි කර ඇත. මේ සංගම්වලින් සමහරක් දැනට අක්‍රිය වී ඇති නමුත්, එල්ලේ සම්මේලනයට පසුකාලීනව එක්වූ හිටපු නිලධාරීන් වැඩි දෙනෙකු මෙරට එල්ලේ ක්‍රීඩාව ව්‍යාප්ත කිරීමට බොහෝ වෙහෙස මහන්සියක් ගෙන ඇත.
ඒ අනුව පසුගිය සදුදා (24) සිය 63 වැනි සංවත්සරය සැමරූ ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයට වඩාත්ම සාඩම්බරණීය ඉතිහාසයක් ඇති බව පැහැදිළි වේ. ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යාංශය පිහිටුවමින් එහි පළමු ක්‍රීඩා ඇමැතිවරයා පත්වූ (කේ. බී. රත්නායක මහතා) 1973 දීම ජාතික එල්ලේ සංගමයත් පිහිටුවීමට සමත්වීම කැපී පෙනේ. පසුකාලීනව මෙරට කීර්තිමත් හා ප්‍රබලතම දේශපාලකයන් හා මැති ඇමැතිවරුන් රැසක් එල්ලේ සම්මේලනයේ මුල් පුටුව හෙබවීමට උන්නදුවීම කැපී පෙනේ. මහින්ද රාජපක්ෂ මහතාද ඉන් එක් අයෙකි.
එහෙත් එම කීර්තිමත් ඉතිහාසය මේ වන විට එල්ලේ සම්මේලනයෙන් ඈත් වෙමින් තිබෙන බව කේෂ්ත්‍රයේ ප්‍රවීණයන් බොහෝ දෙනෙකුගේ මතයයි. එහි වත්මන් ක්‍රියාකලාපය ගතහොත් වසර 2021 ජාතික තරගාවලිය අවසන් කර ගැනීමට 2025 වසර උදාවී තිබෙන මේ මොහොත වනවිටත් කළ නොහැකිවී තිබේ. එල්ලේ සම්මේලනයේ වත්මන් තත්වය නිරීක්ෂණය කිරීමට එයම ප්‍රමාණවත්ය.
එල්ලේ සම්මේලනයේ වත්මන් විධායක සභාවට නැගෙන චෝදනාවක් වන්නේ ඔවුන්ගේ පත්වීමේ නීත්‍යානුකූල භාවය පිළිබඳව ගැටලු පැන නැගී තිබෙන බවයි. එල්ලේ සම්මේලනයේ නිලවරණයේදී ඡන්ද බලය හිමි ක්‍රීඩා සමාජ ගණන 150 කට වැඩිවූවත් වත්මන් විධායක සභාව පත්වූ 2023 පැවැති නිලවරණයට සහභාගිවූයේ ක්‍රීඩා සමාජ 12 ක් නොඉක්මවූ කණ්ඩායමක් පමණක් බවට ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම එල්ලවූ විරෝධතාවලින් කියවුණි. ඒ නිසා වත්මන් එල්ලේ විධායක සභාව අනීතික බවට කේෂ්ත්‍රයේ පාර්ශව රැසකින් දිගින් දිගටම චෝදනා එල්ල වේ.
එහෙත් ඒ සඳහා ක්‍රිඩා අමාත්‍යාංශයේ ආශිර්වාදය හිමිවූ බව පෙණුනේ එම විරෝධතා පුස්සක් බවට පත් කරමින් නිලවරණයක් පත්වූ සභාපති නාමල් සුරංග මහතා ඇතුළු විධායක සභාව අදටත් ධූරවල කටයුතු කරන බැවිනි. කෙසේවූවත් එකී මතභේදාත්මක නිලවරණයෙන් පත්වූ ඇතැම් නිලධාරීන් පසුව ඉල්ලා අස්වූ බවද එහිදී සඳහන් කළ යුතුය.
කෙසේවූවත් මෙම වසරේදී එල්ලේ සම්මේලනයේ නිලවරණය නැවැත කැදවිය යුතු අතර වත්මන් සභාපතිවරයා යළි ධූරයට තරග කිරීමට සූදානම් වන බව එල්ලේ සම්මේලනයේ ආරංචි මාර්ග සඳහන් කරයි.මේ අතර වාර්තා වන්නේ වත්මන් විධායක සභාව එල්ලේ තරග නීති රීති සංශෝධනය කිරීමේ උත්සහයකට සැරසෙන බවයි. එවැනි බරපතළ කාරණයක් සිදු කරන්නේ නම් ඒ සඳහා එල්ලේ සම්මේලනයේ මහ සභාවකදී අනුමැතිය ලබා ගැනීම අත්‍යවශ්‍යම සාධකයක් බවට එල්ලේ ප්‍රවීණයෝ පෙන්වා දෙති.
කෙසේවූවත් වසර 2021ට නියමිතව තිබූ ජාතික එල්ලේ ශූරතා තරගාවලියේ ඉතිරිව තිබෙන අවසන් වටය එළඹෙන නිලවරණයට කලින් පවත්වා අවසන් කිරීමට වත්මන් සභාපති නාමල් කුමාර මහතා උනන්දුවී සිටියි. ඒ අනුව ඉතිරි තරග පැවැත්වීම දැන් ආරම්භ කර තිබේ.
මේ ආකාරයට වසර 2018 ජාතික තරගාවලිය පවත්වා අවසන් වුණේද වසර කීපයක් ඉක්මවා ගොස් 2021 වසරේදීය. ඒ සඳහා වියදම්ද පෞද්ගලිකව දරමින් උනන්දූවූයේ එවකට සභාපති, ව්‍යාපාරික ජයතිස්ස ද සිල්වා මහතාය.
එල්ලේ සම්මේලනයේ දීර්ඝ කාලයක් තිස්සේ පැන නැගී තිබෙන පරිපාලන ආරවුල් හමුවේ මේ වන විට නිලධාරීන්ගේ අඩු බවට පත්ව සිටින්නේ අහිංසක ක්‍රීඩකයන්ය. ඒ නිසා අනුග්‍රාහකයන් රැසක්ද ක්‍රීඩාව හැර ගොසිනි. එයින් මෙරටින් උපන් එල්ලේ ක්‍රීඩාවේ අරාජික තත්වයක් ගොඩ නැගී තිබෙන බව එල්ලේ ක්‍රීඩා ප්‍රවීනයන් බහුතරයකගේ මතයයි.
විශේෂ ස්තූතිය : - ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ හිටපු ප්‍රධාන ලේකම්, ප්‍රවීණ එල්ලේ ක්‍රීඩා විචාරක සිරිපාල රණසිංහ මහතාට
- නාමල් පතිරගේ
2025 වර්ෂය විශේෂ වර්ෂයක් ලෙස ජ්‍යොතිෂ විද්‍යාවේ හඳුන්වා දෙන අතර 2025 මාර්තු මස 29 වන දින වසර 30 කට පසුව සිදුවූ සෙනසුරු ග්‍රහයාගේ සුවිශේෂී ග්‍රහ මාරුව මෙන්ම සූර
මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ යයි. ගෝලීය උණුසුම ඉහළ යෑම එසේ මෙසේ දෙයක් නම් නොවෙයි. ගෝලීය උණුසුම ඉහළ යෑමේ අනිසි ප්‍රතිඵලයක්
දීර්ඝකාලීන ඉතිහාසයක් පවතින දේශීය කෘෂි කර්මාන්තය ප්‍රධාන වශයෙන් දේශීය ආහාර අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමේ පරමාර්ථය ඇතිව බිහිවිය. කෘෂිකාර්මික කටයුතු ශ්
නූතන වැඩ ලෝකයට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් හා ඒ හා සබැඳි ඉගෙනුම් - ඉගෙන්වීම් ක්‍රියාවලියක අවශ්‍යතාව පිළිබඳ කතා ඇසෙන්නේ අදක ඊයෙක සිට නොවේ. විශ්ව විද්‍යාල
සිංහල හින්දු අලුත් අවුරුදු මාසය කියන්නේ අලුත් ඇඳුම් වගේම නිවසත් අලුත් වෙන මාසයක්. සිංහල අලුත් අවුරුද්ද නිවසේ සතුට රැඳෙන තැනක් කරගන්නේ කෙසේ ද කියා - ඔබ න
ජාතික ජනබලවේගය ජනතාවගෙන් ලබාගත් ජනමතය ජනතා විමුක්ති පෙරමුණ මඟින් අවභාවිත කරන බවට චෝදනාවක් මේ වන විට යම්යම් පාර්ශ්වයන් මගින් නැගී ඇත. ඔවුන් කියන්නේ රට
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ලංකාදීප මන්දීරයේ උපන් ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයට වසර 63 යි