IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ලෝකයේ ලාබාලම තරුණ තානාපතිනිය බිනාරා

වයස අවුරුදු 14යි  

පින්ලන්ත​යේ ‘Hundred’ තරුණ තානාපතිවරුන්ගේ සංවිධානයේ තරුණ තානාපතිවරයකු ලෙස තෝරාගෙන තිබෙන්නේ ඕමානයේ මස්කට් නුවර පදිංචිව සිටින ශ්‍රී ලාංකීය දැරියක් වන සෙනුලි බිනාරා ය. ඇය ලොව ලාබාලතම තරුණ තානාපතිවරිය ලෙස පත්වීම ශ්‍රී ලංකාවටද ආඩම්බරයකි. තවමත් 14 හැවිරිදි මේ දැරිය අද වනවිට ලොව බොහෝ රටවල කතාබහට ලක්වූ අයෙක් වීමත් ජාත්‍යන්තර සමුළුවලද කතාකිරීමට තරම් දක්‍ෂ වී ඇති බවත් කිය යුතුය. සෙනුලි මෙතරම් කුඩා වයසේදී ලොව පිළිගැනීමට ලක්වුණේ කොහොමද? අද වනවිට ඇය පරිසරය රැකීමට සංවිධානයක්ද ආරම්භ කර තිබෙන්නීය. ඒ පරිසරය රැකගැනීම හා ලෝකය වඩාත් යහපත් කරන්නට ඇයගේ තිබෙන උනන්දුව නිසාවෙනි. ඔබත් මෙතරම් දක්‍ෂ මේ පුංචි දැරිය ගැන දැනගන්න කැමති ඇති නේද? අන්තර්ජාලය ඔස්සේ ඇය සමඟ කතාබහ කිරීමේ අවස්ථාවක් පසුගියදා මට හිමිවුණි. මේ ලෝකෙ පුරා නම කියැවුණු ශ්‍රී ලාංකේය දැරියගේ කතාවයි.

   


“මම දැනට ජීවත් වෙන්නේ ඕමානයේ. ඕමානයේ මස්කට් නුවර ශ්‍රී ලංකා පාසලේ 7 වැනි ශ්‍රේණියේ ඉගෙන ගන්නේ. ඉගෙනීමේ වැඩ කරගෙන යන අතරේ මම අමතර ක්‍රියාකාරකම් ගොඩක් කරනවා. ඒ වගේම මම ඕමානයේ රාජකීය ඔපෙරා හවුස් හි දිනපතා සංගීත පුහුණුවීම් කටයුතුත් කරනවා. ලංකාවෙන් එහි ඉගෙනගන්න ලැබුණු පළමුවැනි ශිෂ්‍යාව මමයි. ගායනය හා කථික අංශ දෙකෙන්ම මම ජාත්‍යන්තර සම්මාන රැසක් හිමිකරගත්තා.   


ස්වීඩනයේ ස්ටොක්හෝම්වල පැවැත්වූ ‘I-Sing World’ තරගාවලියේ අනුශූරතාවයත් එහි වැඩිම ප්‍රේක්‍ෂක ප්‍රතිචාර සම්මානයත් (Best Audience Performer Award), ජර්මනියේ බර්ලින් නුවර පැවැත්වූ 'Euro Pop Singing' තරගාවලියේ ජූරියේ විශේෂ සම්මානයත් (Special Jury Award), ඕමානයේ 'Oman Gavel Club Public Speaking' තරගයේ අනුශූරතාවයත් මම හිමිකර ගත්තා. ඒ ව​ගේම ඇමරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ 'Rhetoric: The Art of Persuasive Writing & Pubic Speaking' පාඨමාලාවෙන් 95% ක ලකුණු ලබාගත්තා. එවැන්නක් හිමිකරගත් ශ්‍රී ලාංකීය දැරිය මා වෙන්නැති.   


මේ සියල්ල නිසා ලෝකෙ පුරා මගේ නම තියාගන්න පුළුවන් වුණා. මම පරිසරයට ඉතාමත්ම ආදරය කරන කෙනෙක්. ඒ වගේම සොබාදහම් මව රැකගන්න මම මහන්සි වී වැඩකරනා ළමයෙක් විදිහට 'Wake up Mom' නමින් මගේ පළමු ගීතය කළා. එහි පද රචනය, ගායනය, තනු නිර්මාණය සිදු කළේ මමයි. තරිඳු මාමා තමයි සංගීත නිර්මාණය කළේ. මට අවශ්‍ය වුණේ විනාඩි කිහිපයකින් අපේ සොබාදහම් මවගේ වැදගත්කම අවධාරණය කරන්නයි. මේ ගීතය වෙනුවෙන් මට එක්සත් රාජධානියේ 'UK Song writing competition - 2020' තරගාවලියේදී රටවල් 84 ක තරගකරුවන් 9,000 ක් අතරින් ගායනය හා පද රචනය යන අංශයෙන් 'Five Star Commended Award' එකක් ලැබුණා. මේ ගීතයේ මියුසික් වීඩියෝවට අද වනවිට ලොව පුරා බොහෝ දෙනාගේ ප්‍රතිචාර ඉතා ඉහළයි. එය අන්තර්ජාලයෙන් ලක්‍ෂ ගණනක පිරිසක් නරඹලා.   


මම නිවාඩුවට ලංකාවට පැමිණි අවස්ථාවක සුජීව ප්‍රියලාල් මාමා හා දුලීකා මාරපන නැන්දා නිර්මාණය කළ 'Inter නැසනල්' ටෙලිනාට්‍යයේ පසුබිම් ගීතය ගායනා කරන්න අවස්ථාව ලැබුණා. ඒ නාට්‍යය පසුගිය දවස්වල විකාශය වුණා. එයටත් ලොකු ප්‍රතිචාරයක් හිමිවුණා. ඒ වගේම ලස්සන ලංකාව පිළිබඳව මද‌ාරා කෝද‌ාගොඩ ගුරුතුමිය ලියූ, නන්දසේන කටුවාවල ගුරුතුමන් සංගීත නිර්මාණය කළ, මා ගැයූ ‘ඉරමල පිපුණා’ ගීතයටත් ලොකු ප්‍රතිචාරයක් ලැබුණා.   

 

 

මගේ අධ්‍යාපන සුදුසුකම්වලට අමතරව මගේ නායකත්ව හැකියාවත්, කථික හැකියාවත්, මම ලබාගත් ජාත්‍යන්තර සම්මාන වගේම පරිසරය රැකගැනීමට මගේ තිබෙන උනන්දුව හා කැපවීම නිසා මට ලොකු තනතුරක් ලැබුණා. ඒ පින්ලන්තයේ 'Hundred' තරුණ තානාපතිවරුන්ගේ සංවිධානයේ තරුණ තානාපතිවරයකු ලෙස මාව පත් කරගැනීම. මම තමයි ලාබලම තානාපතිවරිය. එය පුද්ගලිකව මමත්, මගේ මවු රට වන ශ්‍රී ලංකාවත් ලැබූ ජයග්‍රහණයක් ලෙසයි මා දකින්නේ. මේ සංවිධානය මගින් ලෝකය පුරාම දරුවන්ගේ, අධ්‍යාපනය, නව නිර්මාණ දිරිගැන්වීම හා මඟ පෙන්වීම වගේම පරිසරය රැකගන්නත් වැඩ කරනවා. මට මේ ලැබුණු අවස්ථාවෙන් ලංකාවේ දරුවන්ටත් තරුණ පිරිසටත් සේවයක් කරන්න මා බලාපොරොත්තු වෙනවා.   
ලෝකයේ ලාබාලතම තරුණ තානාපතිවරිය ලෙස Hundred සංවිධානයේ කටයුතු ඉදිරියට කරගෙන යන අතරේ මම 'Green Heart Foundation' නමින් මගේම සංවිධානයක් ආරම්භ කළා. මෙය ලාබ නොලබන පදනමක්. අනාගත ලෝකය සඳහා සංවර්ධිත, තිරසාර, බුද්ධිමත් හා අවබෝධයක් යුතු සැමට සමාගම සලකනු ලබන එකක් වගේම සාමකාමී පරම්පරාවක් නිර්මාණය කිරීම සඳහා තරුණ තරුණියන් සූදානම් කිරීම, පෙළඹවීම හා මඟ පෙන්වීමත් ලබා දෙනවා. අපගේ සොබාදහම ආරක්‍ෂාවත්, ඒ සඳහා ප්‍රමුඛතාවක් ලබාදෙන පරිසර හිතකාමී නවෝත්පාදන සිදුකිරීම දිරිමත් කිරීමත් මෙයින් සිදු කරනවා.   
ඒ වගේම වඩා හොඳ අනාගතයක් නිර්මාණය කිරීමටත්, ඔවුන්ගේ අරමුණු සාක්‍ෂාත් කර ගැනීමට ඔවුන්ට උපකාර කිරීම සඳහා ළමයින්ට හා තරුණයන්ට සොබාදහමේ වටිනාකම හා ඒ සියල්ල එකිනෙකාට සම්බන්ධ වී ඇති ආකාරය, අවබෝධය, සමානත්මතාවය, සාමකාමී බව යන ගුණාංග ඔවුන්ගේ පදනම ලෙස ක්‍රියාකිරීමට ඉගෙන ගැනීමට අපි වැඩසටහන් සංවිධාන කරනවා. උගත් වැඩිහිටියන්ගේ සහාය ඇතිව ඔවුන්ගේ සිහින සැබෑ කරගැනීමටත්, යහපත් ගෝලීය හා සාර්ථක පුරවැසියන් බවට පත්වීමටත් අපි ඔවුන්ට උදව් කර මඟ පෙන්වන්නට මේ සංවිධානය මගින් බලාපොරොත්තු වෙනවා. මෙහි එක වැඩසටහනක් ළඟදීම දියත් කරන්නයි හිතාගෙන ඉන්නේ.   

 


මම තරුණ තානාපතිවරියක ලෙස පත්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් මුහුණදෙන ගැටලු මොනවාද යන්න පිළිබඳව පර්යේෂණයක් කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් උසස් පෙළ හැදෑරීමෙන් පසු හෝ සාමාන්‍ය පෙළ විභාගවලින් පසු විශ්වවිද්‍යාලවලට ඇතුළු වීමට නොහැකි වුවහොත්, නිවැරදි මාවත නොදන්නා තරුණ තරුණියන් විශාල සංඛ්‍යාවක් සිටින බව එයින් ඔප්පු වුණා. ඒ වගේම එම තරුණ තරුණියන්ගෙන් කොටසක්ද තම වැඩිදුර අධ්‍යාපනය නවත්වන්නේ මුදල් නොමැතිව තවදුරටත් ඉදිරියට යා නොහැකි යැයි ඔවුන් සිතන හින්දයි. 'Hundred' සංවිධානයේ පවත්වන ලද සමුළුවලට අනුව රටවල අප සතුට ඇති සම්පත්, අපගේ ජීවිත සාර්ථක කරගැනීම සඳහා යොදාගන්නේ කෙසේද යන්න පිළිබඳව මට විශාල දැනුමක් ලැබුණා.   
මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඔවුන්ගේ සිහින සැබෑ කරගැනීමට උපකාර කළ හැකි නිදහස් අධ්‍යාපනයක් ලබාදෙන රාජ්‍ය ආයතන රාශියක් දැනටමත් ශ්‍රී ලංකාවේ ඇති බව මට වැටහුණා. අනෙක් අතට අනාගතයේදී මෙම ඉලක්කගත තරුණයන්ගෙන් බහුතරයක් සිටින හින්දා අපට මෙම තරුණයන් ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා ඵලදායී ලෙස සම්බන්ධ කරගන්නත් මෙමගින් පුළුවන් වෙනවා. මේ වැඩසටහන මුහුණුපොත (Facebook) හරහා Zoom තාක්‍ෂණය ඔස්සේ ඉදිරි දිනකදී සිදුකරනවා. ඒක තරුණ අයියලාට, අක්කලාට ඉතාම වැදගත් වැඩසටහනක් වන බව කියන්න ඕනෑ. එය නැරඹීමට මම ඔයාලට ආරාධනා කරනවා. ඒ වගේම Green Heart Foundation නිල වෙබ් අඩවිය වන www.greenheartfdn.com වෙත පිවිස හෝ www.facebook.com/Binara යන මුහුණුපොතේ පිටුව මගින් හෝ [email protected] විද්‍යුත් ලිපිනය මගින් හෝ අපගේ පදනමේ සාමාජිකත්වය ලබාගන්න පුළුවන්. මෙයින් ඔබගේ ගැටලු ඉදිරිපත් කරන්නත් පුළුවන්.   
මගේ දැක්ම වන්නේ ‘අපේ මවගේ ස්වාභාවය ආරක්‍ෂා කරමින් තිරසාර, සංවර්ධිත ලෝකයක් නිර්මාණය කිරීමට තරුණයන් හා ළමයින් සූදානම් කිරීමයි.’ ඔබටත් මටත් වඩා හොඳ ලෝකයක් නිර්මාණය කිරීම සඳහා අප හා එක්වන ලෙසත්, අපගේ දෑත් එකට තබාගන්නා ලෙසත් මම ඔබ සැමගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා.   
මට මේ ලැබුණු අවස්ථාවෙන් මගේ මවු රට වන ලංකාවේ දරුවන්ට හා තරුණ පිරිසට ලොකු සේවයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ලංකාවේ පරිසරය රැක ගැනීම වෙනුවෙන් වැඩ කරන්නත් මම සූදානම්. අනාගත ලෝකය ලස්සන වන්න නම් අපි අපේ පරිසරය රැකගන්න ගමන් හැම දරුවෙකුටම හොඳ අධ්‍යාපනයක් ලබාගැනීමට උදව් කළ යුතුයි. ඒ කියන්නේ දුප්පත් දරුවන්, අනාථ දරුවන්, ආබාධිත දරුවන් වගේම විවිධ රෝග නිසා පාසල් නොයන දරුවන් හැමෝටම, විශේෂයෙන් නව නිර්මාණ කරන පාසල් දරුවන් දිරිමත් කරන්නත් මම බලාපොරොත්තු වෙනවා. ඉතිං මේ වෙනස ඇති කරන්න ඔයාලා හැමෝම මාත් එක්ක එකතුවෙන්න කියලා ආදරයෙන් කියා සිටිනවා.” ඇය කීවාය.   


අවුරුදු 14ක දැරියකගේ අදහස කොයිතරම් උතුම්ද? ඇය කෙටි කාලයක් තුළ ලෝකය පිළිබඳව ​බොහෝ දේ ඉගෙනගෙන තිබෙන්නීය. මේ සටහන කියවද්දී ඇය කොයිතරම් ලෝකය පිළිබඳවත්, සමාජය පිළිබඳවත්, ශ්‍රී ලංකාව පිළිබඳවත් දැනුමක් ලබාගෙන ඇත්ද යන්න ඔබටම වැටහෙනු ඇත.  
ශ්‍රී ලංකාවට ආඩම්බරයක් ගෙන දෙන ලෝකයේම කතාබහට ලක්වූ ලොව ලාබාලතම තරුණ තානාපතිවරිය හෙට දිනයේ කොයිතරම් දේවල් ලොවට කරනු ඇත්ද යන්න අපි ලබා සිටින්නෙමු.   

 

 

කතාබහ කළේ 
 සමන්ත යහම්පත්  

 



අදහස් (6)

ලෝකයේ ලාබාලම තරුණ තානාපතිනිය බිනාරා

Karunarathna Gampola Saturday, 19 June 2021 09:15 PM

පුංචි දියණියණි, ඔයා වයසින් තාම ලාබාලයි. සිරුරින් කුඩායි. නමුත් අදහස් ඉමහත්... වටිනාකමින් ඉහළයි. තවතවත් ඉදිරියට ශක්තිය, ධෛර්යය ලැබේවා...!!!

:       0       612

k.p Thinuli sehansa Sunday, 20 June 2021 08:47 AM

ඇත්තටම ඇය ඉතාමත් දක්ෂ ශිෂ්‍යාවක්....

:       0       142

K.p thinuli sehansa Sunday, 20 June 2021 08:52 AM

ඇත්තටම එයා තානාපතිවරිය විදියට ගොඩක් ගැලපෙනවා. තව තවත් ඉදිරියට යන්න ලබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

:       19       157

විජිත් Monday, 21 June 2021 04:34 AM

මගෙනුත් ඔයාට "ලොකු සුබ පැතුමක් " චුටි දුවේ. අපේ රට වැනි ඉතාම වාසනාවන්ත, නමුත් " දුෂ්ටයින් "විසින් විනාශකරන ලද අභාග්‍යමත් රටක අනාගතය ගැන සුබ පෙර නිමිති දකින්නටනම් ....ඔබ වැනි දක්ෂ දරුවන් තව තවත් බිහිවිය යුතුමයි.හොඳින් ඉගෙනගෙන ලෝකයට වැඩදායි ලෝක පුරවැසියෙක් වෙන්න ඔයාට දිරිය ශක්තිය සහ වාසනාව නොමදව ලැබේවා...!!!

:       1       137

sampath Monday, 21 June 2021 08:28 PM

මේ දරුවා ලංකාවේ හිටියා නම් ඉස්කෝලයක් හොයාගන්න බැරිව සහතික හද හද ඔප්පු කොපි සොයා ලතවෙන්න තිබුණා... ඔබට සුබපැතුම්...!!!

:       16       183

Nihal Tuesday, 22 June 2021 06:59 AM

අපේ රටේ ඉන්න සමහරක් අය තානාපතිවරුන් විදියට යැව්වට... ඒ අය හොර වැඩමයි කරන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

තක්සලාව

’’ අඩ නින්ද කන පළයි තද නින්ද බෙලි කපයි ’’
2024 සැප්තැම්බර් මස 30 23 0

යුදබිමේ බංකරයක රාජකාරි කිරීමේ දී වාසි - අවාසි දෙකම සැලසේ. හොඳ ශක්තිමත් නිවැරදි තාක්ෂණයට තැනූ බංකරයක, සතුරු වෙඩි හා මෝටාර් ප්‍රහාරවලට ඔරොත්තු දීමේ හැකි


සිතිජය ජයගත් ‘පොලාරිස් ඩෝන්’
2024 සැප්තැම්බර් මස 30 9 0

බිලියනපති ඉලොන් මස්ක් ගේ ‘ස්පේස් එක්ස්’ සමාගම, ඇමෙරිකාවේ නාසා ආයතනය සමග එක් වී, නාසා ගගනගාමීන් අභ්‍යවකාශයට රැගෙන යෑමත් ඔවුන් ආපසු රැගෙන ඒමත් සිදු කරයි


මරදානේ පරණ පොත් කඩ වීදියේ දවසක්
2024 සැප්තැම්බර් මස 24 61 0

ඉඩෝරයක් අවසන් වී මහ වැස්සක් ඇදහැලෙන තෙක් ගොවියෝ ආසාවෙන් බලා සිටින්නේ ඊළඟ කන්නයේදී කුඹුරක් හෝ වගාවක් කරගෙන අස්වැන්නක් ලබා ගැනීම සඳහාය.


තරුණ හා ළමා පරපුරේ කියවීමේ රුචිය නැංවීම
2024 සැප්තැම්බර් මස 24 32 0

පොත් අපේ හොඳම මිතුරෝ ය. එනිසා හොඳම මිතුරන් ඇසුර නරක මිතුරන් ඇසුරට වඩා හැමතින් ම යහපත් ය. මේ යහපත්කම කෙමෙන් සමාජයෙන් අඩු වෙමින් පවතින බවට චෝදනාවක් පවතී.


නිවැරදි දැක්මක සාර්ථක අස්වනු
2024 සැප්තැම්බර් මස 21 45 0

“ටෙස්ට් තරගයකදී ගොඩක් වෙලා පන්දු රැක්කොත් කඩුලු‍ රකින්නා කියන්නේ ලොකු වගකීමක් තියෙන තැනක්. වැඩි වෙලාවක් පන්දු රැක්කොත් අංක තුන බැට් කරන්න හරි අමාරුය


ලේඛිකාවන් තිදෙනෙකුගෙන් පොත් පොකුරක්
2024 සැප්තැම්බර් මස 21 52 0

තනූජා ලුම්බිණි තඹවිට රචිත ‘‘ ඇත්තටම අපි රෑට කන්නෙ මොනවද’’ නමින් කවි පොතක් ඉකුත්දා එළිදැක්වූ අතර මෙහි ආදරය, විවාහය, කූටුම්භ ජීවිතයේ ස්ත්‍රී පුරුෂ භූමික


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38315 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25246 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site