IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ලේඛිකාවන් තිදෙනෙකුගෙන් පොත් පොකුරක්

    “ඇත්තටම අපි රෑට කන්නෙ මොනවද” තනූජා ලුම්බිණිගේ කවි පොත

තනූජා ලුම්බිණි තඹවිට රචිත ‘‘ ඇත්තටම අපි රෑට කන්නෙ මොනවද’’ නමින් කවි පොතක් ඉකුත්දා එළිදැක්වූ අතර මෙහි ආදරය, විවාහය, කූටුම්භ ජීවිතයේ ස්ත්‍රී පුරුෂ භූමිකාව පිළිබඳවත්, සමාජ දේශපාලන කියවීම් සහිත කවි සිතුවිලිත් මෙහි අන්තර්ගත වී තිබේ. මෙය සයුර ප්‍රකාශනයකි.

මෙයට පෙර කිවිඳිය 2016 දී ‘‘කලින් ලිව්වා තෙත සුළං අහුරක්’’ නමින් කවි පොතක්, 2017 දී ‘‘දුඹුරු කොළ මොනරු ලිස්සන පපුව මැද’’ නමින් කවි පොතක් සහ 2020 දී ‘‘තත්තකාර’’ නමින් නවකතාවක් රචනා කර තිබේ.

   පද්මිණී ශ්‍රීයාලතාගේ කුලුඳුල් නවකතාව “කල්කාර”

ප්‍රවීණ කිවිඳියක, කෙටිකතාකාරිනියක වන පද්මිණී ශ්‍රීයාලතා විසින් රචිත කුලුඳුල් නවකතාව පසුගියදා ‘‘කල්කාර’’ නමින් එළි දැක්වුණි. ඉහළ ඌවේ සුන්දර ගම්මානයක පවුල් කීපයක් වටා ගොඩනැගී ඇති මෙම  නවකතාවේ විසිවන සියවසේ මුල් භාගයේ උපත ලබන පුංචිරාල නම් චරිතය ප්‍රමුඛව පරම්පරා තුනක සාමාජිකයන් මුහුණ දෙන ආර්ථික, සාමාජයීය සහ දේශපාලන වෙනස්වීම් තුළ, කෘෂිකාර්මික කටයුතුවලින් ජීවනෝපාය මාර්ගය සලසා ගන්නා ගම්වැසියන් හට මුහුණ පෑමට සිදු වන පාරිසරික අභියෝගයන් පිළිබඳව සාකච්ඡා කිරිමට කතුවරිය උත්සාහ දරයි.

වතු දමිළ වැසියන් හා සහයෝගයෙන් මෙන්ම සහජීවනයෙන් ජීවත් වන ගැමියෝ ඔවුන්ගේ දුක්කම් කටොලු පිළිබඳව සානුකම්පිතව වන ආකාරය ද, කුල ගෝත්‍ර උස් පහත් කම් ආදී බෙදීම් හමුවේ ප්‍රේමය, ආදරය, ලිංගිකත්වය  යන කාරණා කටයුතුවල දී හැසිරෙන ආකාරය පිළිබඳව ද නිරීක්ෂණාත්මක අක්ෂි ය යොමු කිරීමට කතුවරිය වෑයම් කර තිබේ. 

අවසන් වශයෙන් සිය ප්‍රාණය හා සමව ගොවිතැනට ද ගොවි බිම්වලට ද ආදරය කරන ගැමියන් හට සංවර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස ගම්බිම් අහිමි වීම තුළ සිදු වන මානසික බිඳ වැටීම මෑත කාලීනව සිදු කළ උමාඔය ව්‍යාපාරය ආශ්‍රිතව පාඨකයා හමුවෙහි අනාවරණය කිරීමට පද්‍්මිණ ශ්‍රියාලතා කල්කාර නවකතාව හරහා උත්සාහ දරා ඇත. මෙම නව කතාව සයුර ප්‍රකාශනයකි.

 

 

  සාහිත්‍ය වසන්තය වෙනුවෙන් ගංගා ෂයිනිගෙන් පොත් හතරක්

ඔබ අහිංසකයි, තාරකා රාත්‍රිය, මීදුම් සේයා, වින්ටේජ් අයිස්, සිනාසී ආ වසන්තේ, පබළු මිණි මුතු, කවියට කඳුළක් වැනි නවකතා විශාල ප්‍රමාණයක් රචනා කළ ප්‍රවීණ නවකතාකාරිනියක වන ගංගා ෂයිනි ගමගේ 2024 සාහිත්‍ය වසන්තය පාදක කරගෙන හේමන්ත සන්ධ්‍යා, සීතල මාරුත, කන්දක් කතාකරයි, නිම් නැති නිම්නය නමින් පොත් හතරක් එළි දක්වා ඇත. 

සයුර ප්‍රකාශනයක් වන ‘‘හේමන්ත සන්ධ්‍යා’’ නවකතාව සිය ළමා වියෙහි දී ළමා සිත්හි වීරත්වයක් ඇති කළ වැඩිහිටි පුරුෂයෙකු ජීවිතයේ යම් කාලයකට පසු හමු වීමෙන් අනතුරුව ඇති වන ප්‍රේමයක් මත පදනම් වන පෙම් කතාවකි.

එසේම සයුර ප්‍රකාශනයක් වන ‘‘කන්දක් කතා කරයි’’ නවකතාව මෙතෙක් ලියූ ප්‍රේම කතා වලට වඩා වෙනස් මගක් ගත් නවකතාවකි. එය ළමා වියෙහි බිඳුණු දරුවෙකු ලෙසත්, යොවුන් වියෙහි දී ප්‍රේමය අහිමි වන යුවතියක ලෙසත්, දරුවෙකු සමග විවාහයෙන් පිටමං කෙරෙනා බිරිඳක ලෙසත් දෙවන විවාහය ට දරුවා වෙනුවෙන් සමුදෙන ආදරණීය අම්මා කෙනෙකු ලෙසත් ජීවිතය සොයා ගොස් අවසානයේ එය දිනාගන්නා ගැහැනියකගේ කතාවකි. පොත් ප්‍රදර්ශනයට සමගාමීව තවත් පොත් කිහිපයක් එළිදැකීමට නියමිතයි.

‘‘නිම් නැති නිම්නය’’ කෘතිය යුග දිවිය තුළ ඉතා කුරිරු ලෙස සැමියා විසින් අතැර දැමුණු තරුණ බිරිඳක්, එකී කුළ ගෙදර නැදි මයිලනුවන් විසින් අත් නොහැර ආදරයෙන් රැක බලාගන්නා අනුවේදනීය කතාවකි. එම කෘතිය මෙන්ම ‘සීතල මාරුත’ කෘතියද කර්තෘ ප්‍රකාශන වෙති.

මෙම පොත් ප්‍රදර්ශනයට සමගාමීව තවත් පොත් කිහිපයක් එළිදැකීමට නියමිතය.


කෞශල්‍යා ලක්ෂානි


 



අදහස් (0)

ලේඛිකාවන් තිදෙනෙකුගෙන් පොත් පොකුරක්

ඔබේ අදහස් එවන්න

තක්සලාව

මරදානේ පරණ පොත් කඩ වීදියේ දවසක්
2024 සැප්තැම්බර් මස 24 46 0

ඉඩෝරයක් අවසන් වී මහ වැස්සක් ඇදහැලෙන තෙක් ගොවියෝ ආසාවෙන් බලා සිටින්නේ ඊළඟ කන්නයේදී කුඹුරක් හෝ වගාවක් කරගෙන අස්වැන්නක් ලබා ගැනීම සඳහාය.


තරුණ හා ළමා පරපුරේ කියවීමේ රුචිය නැංවීම
2024 සැප්තැම්බර් මස 24 26 0

පොත් අපේ හොඳම මිතුරෝ ය. එනිසා හොඳම මිතුරන් ඇසුර නරක මිතුරන් ඇසුරට වඩා හැමතින් ම යහපත් ය. මේ යහපත්කම කෙමෙන් සමාජයෙන් අඩු වෙමින් පවතින බවට චෝදනාවක් පවතී.


නිවැරදි දැක්මක සාර්ථක අස්වනු
2024 සැප්තැම්බර් මස 21 35 0

“ටෙස්ට් තරගයකදී ගොඩක් වෙලා පන්දු රැක්කොත් කඩුලු‍ රකින්නා කියන්නේ ලොකු වගකීමක් තියෙන තැනක්. වැඩි වෙලාවක් පන්දු රැක්කොත් අංක තුන බැට් කරන්න හරි අමාරුය


ලේඛිකාවන් තිදෙනෙකුගෙන් පොත් පොකුරක්
2024 සැප්තැම්බර් මස 21 43 0

තනූජා ලුම්බිණි තඹවිට රචිත ‘‘ ඇත්තටම අපි රෑට කන්නෙ මොනවද’’ නමින් කවි පොතක් ඉකුත්දා එළිදැක්වූ අතර මෙහි ආදරය, විවාහය, කූටුම්භ ජීවිතයේ ස්ත්‍රී පුරුෂ භූමික


2023 දී පාඨක රැල්ලක් හදපු පොතක්
2024 සැප්තැම්බර් මස 21 22 0

‘විෂාදය ඇතුළු මානසික රෝගවලින් නිහඬව තැවී පීඩා විඳින සියලු නිහඬ සටන්කරුවන්ට ඒ සුන්දර මිනිසුන්ට මේ පොතේ පිදුම වෙන් කර තබමු”...


යුද බිමේ සහකාරිය ගිනි අවිය පමණයි
2024 සැප්තැම්බර් මස 21 60 0

සාමාන්‍ය බංකර් රාජකාරිවලදී මුර වාරයක් ආවරණය කිරීම සඳහා එක් සෙබළෙකු බැගින් යොදවන නමුත්, ක්‍රියාන්විත අවදානම මත ඒ සඳහා වරකට දෙදෙනා බැගින් (Dubble Laentre) යොදවන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37909 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24988 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 766 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 272 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site