IMG-LOGO

2024 දෙසැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


ලොව පළමු හෝඩිය සිරියාවෙන් හමුවෙලා


ලොව පළමු වර්ණ මාලාව හෙවත් අක්ෂර මාලාව - එසේත් නැතිනම් හෝඩිය නිර්මාණය කළේ මිසරයේ වැසියන්ය යන්න දශක ගණනාවක් තිස්සේ පවත්නා පිළිගැනීමය. මිසරය යනු පුරාණ ’ඊජිප්තුව’ යි. මිසරයේ රජවරුන් හැඳින්වෙන්නේ ’පාරාවරු’න් යනුවෙනි.

කෙසේ නමුත් මිසර වැසියන්ගේ ඒ අක්ෂරවලට අභියෝග කරමින්, ඊටත් වඩා පැරැණි අක්ෂර සොයා ගැනීමට පුරාවිද්‍යාඥ කණ්ඩායමක් පසුගියදා සමත් වූහ. මෙම නව සොයා ගැනීම, සමහර විට මානව ඉතිහාස කතාව වෙනස් කරන එකක් වනු නිසැකය.

මෙම ඉපැරණි අක්ෂර මාලාව ලොවට අනාවරණය කළේ ඇමෙරිකාවේ මේරිලන්ඩ් ජනපදයේ, බෝල්ටිමෝර් නුවර, ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ පර්‌යේෂකයන් පිරිසකි. ඔවුන්ට හමුවුණු කුඩා මැටි සිලින්ඩර කීපයක මෙම ඉපැරණි අක්ෂර කැටයම්කර ඇති බැව් නිරීක්ෂණයකර තිබේ . ඇඟිල්ලක් තරම් ප්‍රමාණයේ මෙම කුඩා සිලින්ඩර හමුවී ඇත්තේ වයඹදිග සිරියාවේ කළ පුරාවිද්‍යාත්මක කැණීම්වලදීය. ටෙල්-උම්-එල්-මාරා නමැති ඉපැරැණි වෙළෙඳ නගරය මෙහි පිහිටා තිබුණු බව පුරා විද්‍යාඥයන්ගේ අදහසය. ටෙල්-උම්-එල්-මාරා අතීතයේ වෙළෙඳ නගරයකි; ප්‍රධාන වෙළෙඳ මාර්ග දෙකක් එකිනෙක හමුවුණු නගරයකි.

කාබන් කාලනිර්ණ පරීක්ෂාවන් සිදුකර බැලීමෙන් පසු, අක්ෂර කෙටූ මෙම මැටි සිලින්ඩර මෙයින් වසර 4,400 කට පෙර - එනම් ක්‍රි.පූ. 2400 දක්වා දිවයන බැව් සනාථ කරගෙන තිබේ . එසේනම්, සිලින්ඩරවල ඇති අක්ෂර මිසර අක්ෂරවලට වඩා වසර 500 ක් පැරැණිය. අක්ෂර කෙටූ සිලින්ඩර කිසියම් දෙයක් ලේබල් කිරීමට යොදාගන්නට ඇතැයි ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා මහාචාර්ය ග්ලෙන් ෂ්වාට්ස්ගේ අදහසය. ඇතැම්විට, නැව් මගින් ප්‍රවාහනයට සූදානම් කළ වයින් වැනි බීම වර්ගයක් ලේබල් කිරීමක් මෙම මැටිසිලින්ඩර සහ ඒවායේ කෙටූ එම සුවිශේෂ අක්ෂර යොදාගනිමින් සිදු කරන්නට ඇතැයි මහාචාර්ය ග්ලෙන් ෂ්වාට්ස් අනුමාන කරයි.

’’කොහොම නමුත් අපට ඒ ලියලා තියෙන්නේ මොකක්දැයි හරියටම කියවන්න බැහැ. හේතුව මේ අකුරු අපට සම්පූර්ණයෙන් ම ආගන්තුකයි. මේවා මෙතෙක් අප හඳුනාගෙන ඇති භාෂාවක අකුරු නොවෙයි. මීට පෙර මෙවැනි අකුරු අපට හමුවී නැහැ. සමහරවිට ඉදිරියේ දී තවත් මෙවැනි අකුරු සොයාගැනීමට හැකි වුවහොත්, ඒවා අධ්‍යයනය කරමින් ඒ අකුරුවලින් කියැවෙන්නේ කුමක්දැයි වටහා ගන්න අපට හැකිවේවි’’ යැයි මේ ගැන අදහස් දක්වමින් මහාචාර්යවරයා සඳහන් කරයි.

මේ අපූරු මැටි සිලින්ඩර හමුවූ ප්‍රදේශය අයත් වන්නේ වර්තමාන සිරියාවටය. අද සිරියාව යනු අස්ථාවර රාජ්‍යයකි. මැදපෙරදිගට අයත් රාජ්‍යයක් වන සිරියාව, සිවිල් යුදගැටුම් සහ අයි.එස්.අයි.එස්. ත්‍රස්ත තර්ජන හමුවේ වසර ගණනාවක් තිස්සේ යුදපිටියක්වී තිබූ රාජ්‍යයකි. සිරියාවේ ජනාධිපති බෂීර් අල් අසාද් බලයෙන් නෙරපා දැමීමට විපක්ෂ දේශපාලන කණ්ඩායම් උත්සාහ කළේ ඇමෙරිකාව සහ ප්‍රංශය ලබාදුන් අවිආයුධ උදවු කර ගනිමිනි. 

එහෙත් එම අවි ආයුධවලින් ශක්තිමත්වී ලොවට තර්ජනයක් වූයේ අයි.එස්.අයි.එස්. ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානයයි. සිරියානු සිවිල් යුද්ධය ඇරැඹුණේ 2011 දී ය. අද සිරියාවේ අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ කටයුතු අඩපණ වී ඇති නමුත්, සිරියානු සිවිල් යුද්ධය තවමත් අවසන්වී නැත. සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රෙජීමය පෙරළා දැමීමට විපක්ෂ දේශපාලන කණ්ඩායම් තවමත් උත්සාහ ගනිමින් සිටිති.

මහාචාර්ය ග්ලෙන් ෂ්වාට්ස් සහ ඔහුගේ කණ්ඩායම, වයඹදිග සිරියාවේ ටෙල්-උම්-එල්-මාරා පුරාණ නගරය පිහිටි භූමිය කැණීම් කළේ 2004 වසරේ පටන්ය. පුරාවිද්‍යාඥයන්ට අනුව, ටෙල්-උම්-එල්-මාරා වෙළෙඳ නගරය පිහිටුවනු ලැබ ඇත්තේ ක්‍රි.පූ. 2,700 දී තරමය. ඒ කාලයට අයත් මේ අක්ෂර සහිත මැටි සිලින්ඩර සොයාගනු ලැබුවේ ද 2004 වසරේය. 

එම සිලින්ඩර මේ දක්වා සුරැකිව තබාගනිමින්, ඒවා අධ්‍යයනය කරමින්, කාල නිර්ණය කරමින්, අවසානයේ එමගින් ප්‍රකාශිතව ඇත්තේ අක්ෂර මාලාවක් බැව් තහවුරු කිරීමට මහාචාර්ය ෂ්වාට්ස් ප්‍රමුඛ ඔහුගේ කණ්ඩායමට වසර 20 ක් ගතවිය. මහාචාර්ය ෂ්වාට්ස් පසුගිය 21 වැනිදා, මැසචුසෙට්ස්හි හිල්ටන් බොස්ටන් පාර්ක් ප්ලාසාහි පැවැත්වූ ඇමරිකානු විදෙස් පර්‌යේෂණ සංගමයේ වාර්ෂික රැස්වීමේදී මෙම ඉපැරණි අක්ෂර හෝඩිය පිළිබඳ කරුණු කාරණා සියල්ල ලොවට අනාවරණය කළේ රැස්ව සිටි පිරිස මවිතයට පත්කරමිණි.

ටෙල්-උම්-එල්-මාරා නගරයේ කළ කැණීම්වලින් නටබුන් රැසක් සහ සොහොන් ගෙවල් ද සොයා ගැනීමට ද විද්‍යාඥයෝ සමත් වූහ. මෙම නගරය මුල් ලෝකඩ යුගයට අයත් යැයි පැවැසෙයි. සොහොන් ගෙවල්වල තිබී ඉතාමත් හොඳින් ආරක්ෂා වූ මමීකරණයට ලක් කළ මළසිරුරු හයක් සොයා ගැනුණි. ඒ, රන්, රිදී ආභරණ ද සමඟිනි. ටෙල්-උම්-එල්-මාරා නගර වැසියන් දක්ෂ කුඹල්කරුවන් යැයි තහවුරු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි රැසක් මැටි භාජන සමග හමුවී තිබේ. මේ අක්ෂර ලියූ මැටි සිලින්ඩර හමුවී ඇත්තේ ද ඒ මැටි භාජන සමගය. 

මේ මැටි සිලින්ඩරවල සටහන් කර ඇති සංකේත කිසියම් පුරාණ භාෂාවක අක්ෂර විය හැකි යැයි විද්‍යාඥයන් නිගමනකර ඇත්තේ ඒවා බසක් හඬ ගැන්වීමේ දී යොදාගන්නා විවිධ ශබ්ද, සංකේතවලින් ලියා දැක්වීම සඳහා යොදාගන්නා ලද මෙතෙක් සොයාගෙන ඇති පැරණි අක්ෂරමාලා සමග සසැඳීමෙනි.

ශබ්ද හැඳින්වීමට යොදාගැනෙන එබඳු සංකේත - වර්ණ හෙවත් අක්ෂර ලෙස හැඳින්වේ. අතීතයේ දී - බස ලියා දැක්වීමට, අක්ෂර මෙන්ම රූප ද භාවිතයට ගෙන ඇත. මිසර, බැබිලෝනියා හා මොහෙන්දජාරෝ වැනි ඉපැරණි ශිෂ්ටාරවලින් මේ සඳහා උදාහරණ හමුවී ඇත. චීන සහ ජපන් අකුරු ද එබඳුය. පුරාවිද්‍යාඥයන්ගේ දැනට පවත්නා පොදු පිළිගැනීම වන්නේ මුල්ම හෝඩිය, මිසරයේ පතල්කරුවන් විසින් භාවිත කළ බවය. ඒ, ක්‍රි.පූ. 1900 දීය.  ඔවුන් ඔවුන්ගේ හෝඩිය එසේත් නැතිනම් අක්ෂර මාලාව නිර්මාණය කරගත්තේ රූපාක්ෂර යොදා ගනිමිනි. රූපාක්ෂර නිර්මාණය කරගත්තේ ඔවුන් දුටු දේවල් රූපයට නැඟීමෙනි. මෙම අක්ෂර මාලාව සකස් කිරීමේදී එහි සංක්‍රමණය වුණු කම්කරුවන්ගේ දායකත්වය ද ලැබෙන්නට ඇතැයි පැවසේ . පසුව මෙය බටහිර ආසියාවට අයත් නැගෙනහිර මධ්‍යධරණිය තෙක් ව්‍යාප්ත විය. ඒ ක්‍රි.පූ. 1,300 දීය. එතැන් පටන් මධ්‍යධරණිය හරහා සංක්‍රමණයවූ එම අක්ෂර පසුව ග්‍රීක සහ ලතින් අක්ෂර බවට පත් විය. ග්‍රීක සහ ලතින් හෝඩිය නිර්මාණය වූයේ එලෙසිනි.


ලු‍සිත ජයමාන්න
      ඩේලිමේල් ඇසුරිනි


 



අදහස් (0)

ලොව පළමු හෝඩිය සිරියාවෙන් හමුවෙලා

ඔබේ අදහස් එවන්න

තක්සලාව

යළි පණ ලබන තයිලසයින්
2024 දෙසැම්බර් මස 26 8 0

ටැස්මේනියා යනු ඕස්ට්‍රේලියාවට අයත් ඕස්ට්‍රේලියා මහාද්වීපය පහළ කෙළවරේ ඇති දූපතකි. ලොව අන් කිසිම තැනක දකින්න නොලැබෙන විදියේ ජීවීහු ඕස්ට්‍රේලියාවේත්,


දෙලොවක් අතර තනිවුණු රණවිරුවා
2024 දෙසැම්බර් මස 26 5 0

බොරැල්ල කනත්ත අසලින් යන වාරයක් වාරයක් පාසා හදවතට සියුම් රිදවීමක් ගෙනදෙන අහඹුවක් අදටත් මසිතට වද දෙයි.


ඇමෙරිකාව කලඹන අබිරහස් ඩ්‍රෝන යානා
2024 දෙසැම්බර් මස 26 7 0

ඔබ මේ ලිපිය කියවන මොහොත වෙද්දී ඇමෙරිකානුවන් සිටින්නේ කලබල වෙමින් බියෙන් සහ චකිතයෙනි. ඇමෙරිකාවේ නැගෙනහිර වෙරළ තීරය අයත් වන ජනපද කීපයක ඉහළ අහසේ - හඳුනා න


ක්‍රීඩා අමාත්‍යංශයේ දැක්ම සාකච්ඡාව සැලසුම් : තහනම් වචනය මුදල්
2024 දෙසැම්බර් මස 18 30 0

ක්‍රීඩා අමාත්‍යාංශයේ ගිණුම් හිස්වීමෙන් මේ වන විට ජාතික ක්‍රීඩා සංගම් බහුතරයකට අඩු තරමින් එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමත් ප්‍රශ්නකාරීවී තිබේ.


සුදු පන්දුවේ සාර්ථකත්වය සොයායමු
2024 දෙසැම්බර් මස 18 37 0

දකුණු අප්‍රිකාව සමග පැවති ටෙස්ට් තරගාවලිය 2-0 කින් පරාජයට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම, මේ වනවිටත් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.


අවසන් නිවාඩුවට පෙර අවසන් සමුගැනීම
2024 දෙසැම්බර් මස 17 86 0

තම සැමියා දෙගිඩියාවෙන් යුතුව වුවද රාජකාරියට වාර්තා කිරීමට සූදානම් වෙද්දී - දීපා තවදුරටත් ඔහුගේ ගමන වළකාලීමට උත්සාහ නොකළාය.


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 122 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 111 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 81 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site