IMG-LOGO

2024 දෙසැම්බර් මස 21 වන සෙනසුරාදා


ලෝක කුසලානයේ උපරිමය කරා


ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ටෙස්ට් තරගාවලිය 2-0 කින් ජයගත් ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම ජයග්‍රාහීව ටෙස්ට් තරගාවලිය නිමා කළේය. පළමු ටෙස්ට් තරගයේ දී යම් යම් අඩුපාඩු සිදුවූවානම් එය නිවැරදි කරගෙන දෙවැනි ටෙස්ට් තරගය වඩාත් සංවිධානාත්මකව පහසුවෙන් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. සමස්ත තරගාවලියේ දී ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්ගේ සාර්ථකත්වය කැපී පෙනුණි. ගාල්ලේ දී එය සිදු නොවුණහොත් පුදුමයකි. 

කමිඳු මෙන්ඩිස් ලෝක වාර්තාවක් තබමින් තරගාවලිය අවසන් කළේය. ඒ වසර 147 ක් වෙන ටෙස්ට් ඉතිහාසයේ තමන්ගේ පළමු ටෙස්ට් තරග 8 තුළ දී ලකුණු 50 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් නොකඩවා රැස් කළ පළමු ක්‍රීඩකයා බවට කමිඳු පත්විය. මේ වාර්තාව තවත් ඉදිරියට ගෙන යෑමට කමිඳුට අවස්ථාවක් තිබේ. ඒ මීළඟ ටෙස්ට් තරගයේ දී ද අර්ධ ශතකයක් රැස් කිරීමෙනි. එසේ අඩුම ටෙස්ට් තරග ගණනකින් ලකුණු 1000 ඉක්මවා ගිය පිතිකරුවන් අතරට පැමිණීමට ද කමිඳු සමත් විය. ඩොනල් බ්‍රැඩ්මන් මෙන් 13 වැනි ඉනිමේ දී ලකුණු දහස ඉක්මවන්නට කමිඳු සමත්විය. 

දෙවැනි ටෙස්ට් තරගයේ දී කමිඳු ලකුණු 188 ක් රැස් කර සිටින විට ඉනිම අත්හිටුවීම ගැන බොහෝ කතා ඇති විය. එහෙත් තරගයක් ජයග්‍රහණය කරා යද්දී එවැනි දෑ නොතැකීම සාමාන්‍ය දෙයකි. අනෙක් අතින්, කමිඳු ලකුණු දහස සම්පූර්ණ කරන තුරු ඉනිම අත්හිටුවීමට තීරණයක් ගත්තේ නැත. ඔහුට තමන්ගේ වාර්තාව කරා යන්නට ඉඩදීමෙන් පසුව පමණක් ඉනිම අත්හිටුවනු ලැබීය. කමිඳුට ද්විත්ව ශතකයක් රැස්කිරීමට තවත් අවස්ථා බොහොමයක් ලැබෙනු ඇත. ඒ නිසා හිතා මතා ද්විත්ව ශතකයක් අහිමි කළා වැනි ක්‍රිකට් ක්‍රීඩාවේ බරපතළකම නොතේරෙන පිරිස් කියන කතා මේ අවස්ථාවේ දී කළ යුතු නැත. එසේ කියන කෙනෙකුට ලකුණු 1000 සම්පූර්ණ කරන්නට ඉඩ දුන්නේ ඇයි දැයි ඇසීම සෑහේ. 

දෙවැනි ටෙස්ට් තරගයේ දී නිෂාන් පීරිස් ටෙස්ට් වරම් ලැබීය. ඉතා හොඳින් පන්දු යැවූ ඔහු සිය පළමු ටෙස්ට් තරගය මතක හිටින තරගයක් කර ගත්තේය. රමේෂ් මෙන්ඩිස් එක් අන්තයක් ආක්‍රමණය කරන ප්‍රමාණය අඩුවීම නිෂාන්ට අවස්ථාව ලැබීමේ හේතුව ලෙස කියවුණි. දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී එය ඒ ආකාරයෙන්ම ඉටු කරන්නට නිෂාන්ට හැකිවිය. දෙවැනි ඉණිමේ නවසීලන්තය නිදහසේ පන්දුවට පහර දීමට පටන් ගත්විට තරමක් වෙනස් විය. එහෙත් සිය මංගල තරගයේ දී නිෂාන්ගේ දක්ෂතාව ඉතා ඉහළ මට්ටමක විය. මේ තරගයේදීම ප්‍රභාත් ජයසූරියට තවත් ලෝක වාර්තාවකට යෑමට අවස්ථාව තිබුණත් එය යාන්තමින් මග හැරුණි. එයට එක් හේතුවක් වූයේ නවසීලන්ත දෙවැනි ඉනිමේ දී ප්‍රභාත් තරමක වේගයෙන් පන්දු යැවීම නිසාය. එහෙත් සිව්වැනි දිනයේ දී ඔහු යළිත් තමන්ගේ වේගය නිසි පරිදි සකසා ගත් බව පෙනෙන්නට තිබුණි. 

පළමු තරගයේ දිනේෂ් චන්දිමාල් අංක 3ට කැඳවා කුසල් මෙන්ඩිස් කඩුලු රකින්නා වෙද්දී ඇතැමුන් එයට විරුද්ධ වෙන ආකාරයක් දකින්නට ලැබුණි. චන්දිමාල් කණ්ඩායමේ ස්ථානය අනතුරේ හෙළාගන්නා බව බොහෝ දෙනාගේ අදහස විය. හැමදාමත් කණ්ඩායම ගැනම හිතූ චන්දිමාල් සම්බන්ධයෙන් නම් ඒ කතාව 100 % ක් නිවැරදිය. චන්දිමාල් මෙන් කණ්ඩායම නිසා අනතුරේ වැටුණු ක්‍රීඩකයෙකු මෑත ඉතිහාසයේ දකින්නට නැත. එහෙත් මෙවර තමන්ට හුරුපුරුදු ගාල්ලේ දී ඔහු වගකීම ගත්තේය. දෙවැනි ටෙස්ට් තරගයේ දී වඩාත් හොඳින් එය ඉටු කළේය. 

මේ නිසාම කමිඳු මෙන්ඩිස්ට ඉහළට පැමිණීමට අවස්ථාවක් ලැබුණු අතර කුසල් මෙන්ඩිස්ට ද අංක හත ස්ථානයේ හොඳින් ලකුණු රැස්කිරීමට අවස්ථාවක් ලැබුණි. මේ නිසා චන්දිමාල් කළ කැප කිරීමේ ප්‍රතිඵල ලැබුණු බව සඳහන් කළ යුතුව තිබේ. කෙසේ වුවද, නොවැම්බරයේ සිදුවෙන දකුණු අප්‍රිකානු සංචාරයේ දීත් මේ පිතිකරු ලැයිස්තුවට එම පීඩනය දරා ගත හැකි නම් ගාල්ලේ සිදුවූ වෙනස් කිරීම්වලින් වාසියක් ලැබුණු බව අපට සිතා ගත හැකි වෙනු ඇත. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකත්වය පිටුපස නව පුහුණුකරු සනත් ජයසූරියද සිටින බව නොරහසකි. ඔහු මේ කණ්ඩායම සමග වැඩ කරන්නේ මිත්‍රයෙකු, පියෙකු මෙන්ම සහෝදරයෙකු ලෙසය. මෙය වැටී සිටි කණ්ඩායමක් නැගී සිටුවන්නට හොඳම ක්‍රමයයි. එසේම ඔහු විවිධ පරීක්ෂණ කරන්නට මැළි වූයේ නැත. චෝදනාවලට බියෙන් යම් යම් දේ හකුළුවා ගත්තේ නැත. හොඳම උදාහරණය චන්දිමාල් අංක 03ට ගෙන ඒමයි. සනත් පෙන්වූ සාර්ථකත්වය නිසාම සනත්ට අවුරුද්දක කාලයක් සඳහා පුහුණුකරු ධුරය දෙන්නටද ක්‍රිකට් ආයතනය කටයුතු කළේය. මේ නිසා වඩාත් පහසුවෙන් කණ්ඩායම සමග සැලසුම් සකස් කරන්නට ඔහුට හැකි​ෙවනු ඇත. 

එසේම ඔහු​ගේ සහායක කණ්ඩායමද අමතක කරන්නට බැරිය. එංගලන්තයේ සිටම පිතිකරුවන් තමන්ගේ උපරිමය පෙන්වන්නට පටන් ගත්තේය. විශේෂයෙන් තෙවැනි ටෙස්ට් තරගයේ සිට ඔවුන් අවස්ථාවට, තණතිල්ලට ගැළපෙන ආකාරයට පහර දෙනු දැකගත හැකි විය. නවසීලන්තයට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේ දී කුසල් මෙන්ඩිස් සහ කමිඳු එක්වරම වේගය අඩාළ කර නවසීලන්ත පිතිකරුවන්ට තමන්ව දවා ගැනීමට අවස්ථාවක් නොදී ක්‍රීඩා කර පන්දු යවන්නන්ට පීඩනය දුන් පසුව එක දිගට පහර දෙනු දැක ගත හැකි විය. මේවා හොඳ සැලසුම්ය. මේ පිතිකරුවන්ගේ සාර්ථකත්වයට පිතිකරණ පුහුණුකරු තිළිණ කණ්ඩම්බිගෙන් හොඳ සහායක් ලැබුණු බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. තමන්ගේ උපදෙස් යටතේ ක්‍රීඩා කරන පිතිකරුවෙකු ලෝක වාර්තා තැබීම ගැන පුහුණුකරුවන්ට ආඩම්බරවීමට ඇති තරම් හේතු තිබේ. එය සනත් මෙන්ම තිළිණ කණ්ඩයම්බිත් එක සේ බෙදා ගන්නා සතුටක් වනු ඇත.  එසේම පන්දු යැවීම පන්දු රැකීම මේ සියල්ල ඉතා ඉහළය. උපුල් චන්දන තමන්ගේ ශිල්ප සියල්ල උගන්වමින් සිටින බව පෙනේ. අනෙක් අතින් වේග පන්දු යවන්නන් සියලු දෙනා තමන්ට හිතකර තත්ත්වයන් හිදී මෙන්ම අහිතරක තත්ත්වයන් හිදීද උපරිමය දෙන ආකාරය දැක ගත හැකි විය. වේග පන්දු පුහුණුකරුවන අනූෂ සමරනායකට ඒ ගෞරවය හිමිවිය යුතුය. ඒ අනුව කණ්ඩයාමේ ක්‍රීඩකයන් මෙන්ම පුහුණුකරුවන් ද අරමුණක් ඇතිව මේ ගමන යන බව පෙනේ.

ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමේ ටෙස්ට් තරගාවලියෙන් පසුව ඔවුන් ලබන සතියේ දී කොදෙව් දූපත් සමග විස්සයි 20 හා එක්දින තරගාවලියකට සහභාගී වෙනු ඇත. ඒ ගැන ලබන සතියේ දී අපට කතා කළ හැකිය. එහෙත් මේ සතියේ වැදගත්ම මාතෘකාව වෙන්නේ කාන්තා විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියයි. මේ වෙනවිට එම තරගාවලිය ඇරඹී ඇති අතර ශ්‍රී ලංකාව ‘ඒ’ කාණ්ඩයෙන් තරග කරයි. අප අමතක නොකළ යුත්තේ මේ තරගාවලියට ශ්‍රී ලංකා සුදුසුකම් ලබන්නේ සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීම නිසා බවයි. ලෝක ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මේ වෙනවිට හත්වැනි ස්ථානයේ සිටියි. එහෙත් මේ තරගාවලියට සුදුසුකම් ලබන්නට ඔවුන්ට සුදුසුකම් ලැබීමේ තරගාවලිය ක්‍රීඩා කරන්නට සිදුවූ බව අමතක කළ යුතු නැත. 

මෙවර ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාව සිටින ‘ඒ’ කාණ්ඩයේ ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, නවසීලන්තය සහ පාකිස්ථානය යන කණ්ඩායම් සිටිති. මෙයින් ඔස්ට්‍රේලියාව, ඉන්දියාව සහ නවසීලන්තය යන කණ්ඩායම් වර්තමාන ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටිති. ශ්‍රී ලංකාවේ ඉලක්කය වියයුතු වූයේ පාකිස්ථානයට එරෙහි පළමු තරගය ජය ගැනීමයි. එය පසුගිය බ්‍රහස්පතින්දා පැවැත්වුණි. එහි ප්‍රතිඵලය මේ වෙනවිට ඔබ දන්නවා ඇත. එම තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාවක් ලැබී ඇත්නම් බොහෝ විට ඔබ මේ සටහන කියවන දිනය වෙන සෙනසුරාදා දිනයේ ඕස්ට්‍රේලියාව සමග තරගය ජය ගැනීම ශ්‍රී ලංකාවට ඉතිහාසයේ පළමු වතාවට ලෝක කුසලාන අවසන් පූර්ව තරගයක් කරා යන්නට හේතුවක් වීමට ඉඩ ඇත. එය හිතනවාට වඩා බොහෝ අසීරු කටයුත්තක් බව මතක් කළ යුතු වෙන්නේ, විශාල බලාපොරොත්තු අධිවේගයෙන් බිඳ වැටිය හැකි හෙයිනි. එහෙත් එය කිරීම සඳහා උපරිම උත්සාහයක් දැරිය හැකි මට්ටමක ශ්‍රී ලංකාව සිටියි. අනෙක් අතින් සාජා තණතිල්ල ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ ක්‍රමයට ගැළපෙන තණතිල්ලක් බව අමතක නොකළ යුතුය. එම තරගයෙන් පසුව බදාදා දිනයේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරගය පැවැත්වෙයි. ආසියානු කුසලාන අවසන් තරගයේ දී සිදු වූ පසුබෑම මගහැර කෙසේ හෝ මේ තරගය දිනන්නට ඉන්දියානු ක්‍රීඩිකාවෝ උත්සාහ ගනු ඇත. එහෙත් ජයග්‍රාහී මතකයන් සමග ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට මේ තරගයේ වෙනස් කිරීමට අවස්ථාවක් නැතුවා නොවේ. 

චමරි, විශ්මි සහ හර්ෂිතා යම් ආකාරයක රිද්මයකින් සිටිති. මේ සියලු දෙනා අතරේ කවීෂා දිල්හාරිගේ චරිතය මේ ලෝක කුසලානයේ දී අපට බොහෝ සෙයින් වැදගත් වෙනු ඇත. ඇය පිත්තෙන් සහ දඟ පන්දුවෙන් දක්වන දායකත්වය ශ්‍රී ලංකාවේ ඉදිරිය තීරණය කරනු ඇතැයි අපේ විශ්වාසයයි. 

මෙවර තරගාවලියේ ප්‍රධාන කණ්ඩායම කවුරුත් දන්නා ඕස්ට්‍රේලියානු කණ්ඩායමයි. ඔවුන් මෙවරද ලෝක කුසලානය දිනා ගනු ඇතැයි විශ්වාසයක් තිබේ. එහෙත් ඉන්දීය කණ්ඩායම තමන්ට හුරුපුරුදු තත්ත්ව යටතේ ඕස්ට්‍රේලියාවට විශාල අභියෝගයක් එල්ල කරනු ඇතැයි විශ්වාසයයි. මේ කණ්ඩායම් දෙකම එකම කාණ්ඩයේ සිටීම නිසා ශ්‍රී ලංකාව ද සිටින ‘ඒ’ කාණ්ඩය උණුසුම්ය. ඉන්දියාවේ බලාපොරොත්තුව විස්සයි 20 තරගවල ඕස්ට්‍රේලියාව අත්කරගෙන සිටින ඒකාධිකාරය බිඳ දැමීමය. මේ නිසා බොහෝ විචාරකයන් පවසන්නේ මෙය මෙතෙක් පැවැති තියුණුම කාන්තා විස්සයි 20 ලෝක කුසලානය වෙනු ඇති බවයි. ඒ නිසා මේ තරගාවලිය අත්නොහැර නැරඹිය යුතුම තරගාවලියකි. 

අයි.සී.සී තරගාවලියක පළමුවරට ‘‘ස්මාට් රිප්ලේ’’ ක්‍රමයට අනුව තෙවැනි විනිසුරුගේ තීරණ ලබාදීම මේ තරගාවලියේ දී සිදුවෙනු ඇත. මෙහිදී අවම වශයෙන් කැමරා 28 ක් යොදවා තරගයක් ආවරණය කරන අතර තෙවැනි විනිසුරු සඳහා යොමු කරන රූප රාමුවලදී සියලු කෝණයන් එකවර රූපවාහිනී තිරයට ගෙන නිරීක්ෂණය කිරීමේ අවස්ථාව විනිසුරුට හිමිවෙයි. එංගලන්තයේ පැවැත්වෙන හන්ඩ්‍රඩ් තරගාවලිය ඔබ දැක තිබේ නම් එහි තෙවැනි විනිසුරු තීරණ දෙන්නේ මේ ආකාරයටය. ඒ අනුව තීරණ සඳහා ගතවෙන කාලය අවම කරගත හැකි වෙනු ඇත.  

මේ සියලු තාක්ෂණික කරුණු සමග කාන්තා ක්‍රිකට්හි උච්චතම තරගාවලියක් දැක ගැනීමේ අවස්ථාව මේ තරගාවලියේ දී ක්‍රිකට් ප්‍රේමීන්ට ලැබෙනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වෙති. එවැනි තරගාවලියක දී ශ්‍රී ලංකාවට අවසන් පූර්ව තරගයක් දක්වා පැමිණීමට හැකි වේවා යන්න අපේ ප්‍රාර්ථනයයි.


  • කාංචන දසනායක

 



අදහස් (0)

ලෝක කුසලානයේ උපරිමය කරා

ඔබේ අදහස් එවන්න

තක්සලාව

ක්‍රීඩා අමාත්‍යංශයේ දැක්ම සාකච්ඡාව සැලසුම් : තහනම් වචනය මුදල්
2024 දෙසැම්බර් මස 18 15 0

ක්‍රීඩා අමාත්‍යාංශයේ ගිණුම් හිස්වීමෙන් මේ වන විට ජාතික ක්‍රීඩා සංගම් බහුතරයකට අඩු තරමින් එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමත් ප්‍රශ්නකාරීවී තිබේ.


සුදු පන්දුවේ සාර්ථකත්වය සොයායමු
2024 දෙසැම්බර් මස 18 25 0

දකුණු අප්‍රිකාව සමග පැවති ටෙස්ට් තරගාවලිය 2-0 කින් පරාජයට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම, මේ වනවිටත් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.


අවසන් නිවාඩුවට පෙර අවසන් සමුගැනීම
2024 දෙසැම්බර් මස 17 62 0

තම සැමියා දෙගිඩියාවෙන් යුතුව වුවද රාජකාරියට වාර්තා කිරීමට සූදානම් වෙද්දී - දීපා තවදුරටත් ඔහුගේ ගමන වළකාලීමට උත්සාහ නොකළාය.


‘හෝමෝ ’ මානවයාට මොකද වුණේ ?
2024 දෙසැම්බර් මස 17 45 0

මානව පරිණාම ක්‍රියාවලිය ඉතාමත් සංකීර්ණ එකකි. එම සංකීර්ණ මානව පරිණාම ක්‍රියාවලියේ නව පරිච්ඡේදයක් ලිවීමට චීන විද්‍යාඥයන්ට දැන් හැකි වී තිබේ.


හැදෑරීම් තුළින් නිර්මාණ කරනවා නම් වැඩි වටිනාකමක් ලැබෙනවා - ප්‍රවීණ රංගන ශිල්පිනී ගයනි ගිසන්තිකා
2024 දෙසැම්බර් මස 11 30 0

ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය තරුපති මුණසිංහ රචිත ‘ශබ්ද මානවවංශවේදය’ සහ ප්‍රවීණ රංගනවේදිනී ගයනි ගිසන්තිකා රචිත‘ගලන දියේ හංගා’ කෘති ද්විත්වය දෙසැම්බර් ම


අපේ රටට තාමත් ශබ්ද මානව වංශවේදය ආගන්තුක විෂයක් - ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය තරුපති මුණසිංහ
2024 දෙසැම්බර් මස 11 38 0

ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය තරුපති මුණසිංහ රචිත ‘ශබ්ද මානවවංශවේදය’ සහ ප්‍රවීණ රංගනවේදිනී ගයනි ගිසන්තිකා රචිත‘ගලන දියේ හංගා’ කෘති ද්විත්වය දෙසැම්බර් ම


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 24 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 24 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site