IMG-LOGO

2025 ජනවාරි මස 05 වන ඉරිදා


විනාඩියක ප්‍රමාදයෙන් මරණයෙන් බේරුණු හැටි

     (පසුගිය සතියේ ඉතිරිය)දෙලොවක් අතර තනිවුණු රණවිරුවා

2006 අප්‍රේල් 27 වන විට නෙලීකා රෝහල්ගතව දින 10 කට ආසන්න වී තිබිණ. එම කාලසීමාව තුළ මේජර් සමීර රාජකාරී අතර වූවද, දිනකට දෙවරක් ඈ බලන්නට නොවරදවාම පැමිණියේය . කොළඹ යුද හමුදා මූලස්ථානයේ රාජකාරි කිරීම, ඒ සඳහා ඔහුට පහසුවක් විය. ඒ වනවිට ඔහුගේ බිරිඳගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරී තිබුණ ද, අලුත උපන් දරුවා එලෙස දැඩි වෛද්‍ය අධීක්ෂණය මත පසුවීමත්,  ඔහු වෙනුවෙන් දෛනිකව කිරි දොවා දියයුතු වීමත් හේතුවෙන් ඈට රෝහලෙන් මොහොතකට හෝ පිටතට යන්නට වෛද්‍ය අවසරය නොවීය. ඒ වනවිට සොයිසා රෝහලේ එම වාට්ටුව තුළ මව්වරු විශාල ප්‍රමාණයක් ඇතුළත්ව සිටීමත්, නිරන්තරව අලුතින් අය එහි ඇතුළත්වීමත් හේතුවෙන් ඇඳන් පිළිබඳ  පැවතියේ තදබල ගැටලුවකි . නෙලීකා ඒ වනවිට දරුප්‍රසූතිය අවසන්ව සිටි බැවින් ඇයට එහි ස්ථීරව ඇඳක් වෙන්කිරීම සබැඳිව ප්‍රමුඛත්වයක් හිමි නොවීය. එනිසාම ඇයට තැන තැන හිස්වන ඇඳන්වලට මාරුවෙමින්, ඇතැම් අවස්ථාවල ඇඳක ඉඩක් නොමැති විට ඇතිරිල්ලක් එලා බිම පවා ගතකිරීමට සිදුවූ වාර තිබිණ.

වරක් නෙලීකා බැලීමට ගුවන් හමුදා සාමාජිකයින් දෙදෙනෙක් රෝහලට පැමිණියහ. ඇයගේ සැමියාගේ සහෝදරයකු ඒ වන විට රාජකාරි කරන ලද්දේ කොළඹ ගුවන් හමුදා මූලස්ථානයේය. ඔහුගේ අනුදැනුම මත එසේ පැමිණ තිබුණේ, එම කඳවුරේම මිතුරන් දෙදෙනෙකි. ඔවුන් එසේ පැමිණෙන විට නෙලීකාට රෝහල් වාට්ටුවේ ඇඳක් හිමිව නොතිබිණ. තම සැමියා යුද හමුදාවේ ක්‍රියාන්විත පසුබිමක රාජකාරින්හි නියැළී සිටින තත්ත්වයක් තුළ - ඔහුගේ බිරිඳට එලෙස රෝහලෙහි ඇඳක් වෙන්ව නොමැතිවීම හේතුවෙන් ඔවුන් වහා මැදිහත්ව වෛද්‍යවරු සමග කතාබස් කොට ඇයට ඇඳක් වෙන්කර දීමට කටයුතු කරනු ලැබූහ. මේ අතර දිනපතා තම බිරිඳ බැලීමට පැමිණීම මේජර් සමීර පුරුද්දක් කොටගෙන තිබුණේ, බොහෝ අපහසුතා විඳදරා ගනිමිනි. එසේම ඒ සෑම දිනකදීම ත්‍රස්තවාදී වෙඩි ප්‍රහාරයකට ලක්ව ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටි තම මිතුරු මේජර් සමන් කුමාරව බැලීමට ද ඔහු අතපසු නොකළේය.

මෙලෙස දින ගෙවෙද්දී බිරිඳ නෙලීකාට තවදුරටත් රෝහලේ රැඳී සිටීමට තරම් මානසිකත්වයක් නොවිණි. විශේෂයෙන්ම අධික වියදමක් දරා තම පුතුගේ ශ්වසන අපහසුතා මගහරවාලීම පිණිස වෛද්‍ය නිර්දේශය මත ලබාදුන් ඖෂධය මගින් ද බලාපොරොත්තු වූ ප්‍රතිඵලය අත්නොවී තිබුණේ අවාසනාවට මෙනි. එනිසාම තම පුතු පිළිබඳව ඇති ජීවිත අවදානම ද දිගු කලක් දියණිය නොදැක සිටීමද, දිනපතා තම සැමියාට තමා වෙනුවෙන් අසීමිතව වෙහෙසීමට සිදුවීම ද, හේතුවෙන් ඇයට තවදුරටත් රෝහලේ සිටීමට සිත් නොදිණ. එලෙස ඒකාකාරීව එහි ගෙවූ ජීවිතය ඈ තුළ - විශාල මානසික ඇදවැටීමකට ලක්ව තිබිණ. එබැවින් දින කිහිපයකට හෝ රෝහලෙන් නික්ම නිවසට යාමටත්, මොහොතකට හෝ දියණිය බැලීමටත්, ඇය තුළ වූයේ බලවත් උවමනාවකි. නමුත් ඒ සඳහා ඇයට රෝහල් බලධාරීහූ ඉඩක් ලබා නොදුන්හ. බිරිඳගේ තත්ත්වය අවබෝධ කරගත් මේජර් සමීර ද වෛද්‍යවරුන් හමුවේ ඒ පිළිබඳ ඉල්ලීම් කළ නමුත්  - ඊට ද ඔවුන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් හිමි නොවීය. දරුවා දැඩිසත්කාර ඒකකයක පසුවන බැවින්ද, දිනපතා ඔහුට කිරි දොවා දියයුතු වූ බැවින්ද, එවැනි පසුබිමක් තුළ මව නිදහස් කිරීම සිදුකළ නොහැකි බව ඔවුන්ගේ මතය විය.


ලුතිනන් කර්නල් සමන් කුමාර (එවකට මේජර්)


 

මේජර් 
ෂිවන්ත බණ්ඩාර


 

මේජර් ජෙනරාල් අජිත් පල්ලාවෙල (එවකට 
ලුතිනන් කර්නල්)

මේ අතර රට තුළ පවතින ක්‍රියාන්විත තත්ත්වය හමුවේ තම රාජකාරියේ අවිවේකී බව ද හේතුවෙන්, මේජර් සමීර ද පත්ව සිටියේ දැඩි මානසික ව්‍යාකූල බවකිනි. එහෙත් තම සේවා ස්ථානයේ ඉහළ නිලධාරීන් ඔහු පත්ව සිටි තත්ත්වය පිළිබඳ පැහැදිලි අවබෝධයකින් පසුවීම මේජර් සමීරගේ අස්වැසිල්ලට හේතු විය. විශේෂයෙන්ම යුද හමුදා මූලස්ථානයේ ඔහුගේ කාර්යාලයේ සිටි මාණ්ඩලික නිලධාරියකු වූ ලුතිනන් කර්නල් අජිත් පල්ලාවෙල ඔහු වෙනුවෙන් හැකි සෑම සහයක්ම ලබාදෙමින් ඔහුව නිරන්තරව දිරිමත් කරන්නට වූයේ පියකු පරිද්දෙනි. දරුවාගේ හා බිරිඳගේ කටයුතු වෙනුවෙන් රෝහල කරා යාමට අවැසි ඉඩකඩ සලසා දෙමින් සමීරගේ මානසිකත්වය බිඳ වැටෙන්නට ඉඩ නොදීමට ද ඔහු වගබලා ගත්තේ රාජකාරියට එහා ගිය බැඳීමකිනි. එසේම ඔහු එම කාර්යාලයේම සේවයේ නියුතු මේජර් ප්‍රසන්න ලියනගේ නම් නිලධාරියා ද සමග සොයිසා කාන්තා රෝහලට ගොස් අවස්ථා ගණනාවකදීම මේජර් සමීරගේ බිරිඳගේ සුවදුක් බැලීමට පවා කටයුතු කරන කරනු ලැබුවේ, ඇයට ද යම් අස්වැසිල්ලක් ලබාදෙමිනි. 

තවත් දින කිහිපයක් මෙලෙස ගෙවී යන්නට විය. ඒ සෑම දිනකම මේජර් සමීර බිරිඳ බලන්නට රෝහලට පැමිණි සෑම අවස්ථාවේම ඕ හැඬූ කඳුළින් පසුවීම - ඔහුට වාවා ගත නොහැකි විය. ඒ වන විට නෙලීකා රෝහල්ගතව මසකට ආසන්න වී තිබිණ. අසනීප තත්ත්වයක් ද නොමැතිව, එලෙස එහි සිරවී සිටි ඇයගේ බලවත් වුවමනාව වූයේ - දින කිහිපයකට හෝ රෝහලෙන් නික්ම දියණිය ද ගෙන්වාගෙන ගමේ පන්සලට ගොස්, පුතා වෙනුවෙන් බෝධිපූජාවක් පවත්වා ආශීර්වාද ලබා ගැනීමටය. දිනක් මේජර් සමීර රෝහල් වාට්ටුවේ බිරිඳ හා කතාබස් කරමින් සිටින අතර, අවටින් එක දිගට ඇසෙන්නට වූයේ වෙඩි හඬවල් රැසකි. සැබැවින්ම ඒවා රතිඤ්ඤා හඬවල්ය. 2006 අප්‍රේල් 14 වන දින අලුත් අවුරුදු උදාව යෙදී තිබුණේ, ඒ මොහොතේ බව ඔවුන් දෙදෙනාට අවබෝධ වූයේ එවිටය. ඔවුන්ගේ ජීවිතවලට එළැඹ තිබූ අභාග්‍ය සම්පන්න කාල පරිච්ඡේදය හමුවේ වසරේ සුන්දරම අවස්ථාවක් පවා එලෙස ඔවුන් වෙතින් මගහැරී යාමට තරම් ඔවුනට එල්ල වී තිබූ දුක්ඛ දෝමනස්සයන් බලවත් වී තිබිණි.

මෙලෙස තවත් දින කීපයක් ගතවිය. එම කාලය තුළ ද බිරිඳට රෝහලෙන් පිටවීමට වෛද්‍යවරුන්ගේ අවසරය නොවූ තැන - මේජර් සමීර එහි රෝහල් අධ්‍යක්ෂ වූ වෛද්‍ය අනිල් ජාසිංහ හමුවිය. ඔහු හමුවේ තම මානුෂීය ඉල්ලීම පැහැදිලි කිරීමෙන් අනතුරුව, ඔහුට දින දෙකකට පමණක් තම බිරිඳව නිවසට කැඳවාගෙන යාමේ අවසරය හිමි විය. ඒ අනුව ඊට පසුදින සිට අමතර දිනදෙකකට ද කිරි දොවා දීමෙන් අනතුරුව, බිරිඳට එලෙස නිවසට යාහැකි බව රෝහල් අධ්‍යක්ෂවරයා පවසා සිටියේය. ඒ අනුව මේජර් සමීර එම සතුටුදායි ආරංචිය තම බිරිඳ හමුවේ තැබුවේ - පසුදින උදෑසනින්ම පැමිණ ඇයව නිවසට කැඳවාගෙන යාමේ බලාපොරොත්තු දල්වාලමිනි. සුපුරුදු පරිදි මේජර් සමීර එලෙස බිරිඳ හමුවීමෙන් අනතුරුව ජාතික රෝහල කරාද පැමිණියේ, තම මිතුරාගේ සුවදුක් බැලීමේ අටියෙනි. ඒ 2006 අප්‍රේල් 25 වන දින දහවල්ය. එහිදී ඔහු සිතූ පරිද්දෙන්ම දුටුවේ දැඩි සත්කාරයට ඇතුළත්ව සිටි මේජර් සමන් කුමාර තීරණාත්මක ශල්‍යකර්ම කිහිපයක් සිදු කිරීමෙන් අනතුරුව සාමාන්‍ය වාට්ටුවකට යොමුකොට ඇති අයුරුය. සිය මිතුරාගේ ඇඳ අසලට ගිය මේජර් සමීර ඔහුගේ හිස අතගාන්නට වූයේ උතුරා යන ළෙංගතුකමකිනි. ඒ වන විට ඔහු පියවි සිහියට පැමිණ තිබුණ ද, කතාබහ කරන ලද්දේ ඉතා අපහසුවෙනි. එහිදී ඔහු දුටුවේ - මේජර් සමන් කුමාර සිටි සයනයේ පසෙක, රෙදි කැබැල්ලක යමක් එතූ කුඩා පාර්සලයකි. එහි තිබුණේ ශල්‍යකර්ම මගින් ඉවත් කළ තම මිතුරාගේ සිරුර පුරා රැඳුණු උණ්ඩ 09 කි. එතරම් වෙඩි ප්‍රහාර ප්‍රමාණයක් සිරුර විනිවිද ගොස් තිබුණ ද, ඔහුට තවදුරටත් ජීවත්වෙන්නට වරම් හිමිව තිබීම ආශ්චර්යයක් නොවේදැයි මේජර් සමීරට සිතිණ. එහිදී මඳවේලාවක් තම මිතුරා අසල රැඳී සිටි ඔහු නික්ම යන්නට පෙර මඳක් පහත් වී මේජර් සමන්ගේ කනට කොඳුරා පැවසුවේ “බයවෙන්න එපා මචං. දැන් උඹව මරන්න කාටවත් බෑ. මම ආයෙත් උඹව බලන්න එනවා.“යනුවෙනි.

එදින යුද හමුදා මූලස්ථානයට පැමිණි සමීර තම යතුරුපැදිය එහි නිලධාරී නිවෙස්නයේ පසෙක නවත්වා, එතැන් සිට පාගමනින්ම තම කාර්යාලය වෙත ගමන් කරන්නට වූයේය. හෙතෙම සැලකියයුතු විඩාබර බවකින් පසු වුවද, පසුදින තම බිරිඳ නිවසට කැඳවාගෙන යාමේ අවස්ථාව හිමිවීමත් - තම මිතුරාගේ තත්ත්වය යහපත් අතට හැරී තිබීමත් හේතුවෙන් ඔහු තුළ තරමක සැහැල්ලුවක්ද පැවතිණ. නමුත් දැඩිසත්කාර මත පසුවන තම පුතු පිළිබඳ ඔහු තුළ වූ දෙගිඩියාව හැර ගොස් නොතිබිණ. ඒ සමගම ඔහු බිරිඳගේ මවට ද දුරකථන ඇමතුමක් ලබා දෙමින් පවසා සිටියේ, පසුදින දියණිය ද රැගෙන ගම්පහ තම නිවසට පැමිණෙන ලෙසය. එසේම එදින හවස බෝධි පූජාවක් සඳහා ගමේ විහාරස්ථානයට යාමට කටයුතු සූදානම් කරන ලෙස ද දන්වා සිටියේය. මෙලෙස යුද හමුදා මූලස්ථානයේ මධ්‍යයේ දිවෙන ප්‍රධාන මාර්ගයේ පසෙකින් තම කාර්යාලය වෙත ඇවිදිමින් පැමිණෙන මේජර් සමීරට එහි සුබසාධක භාණ්ඩ අලෙවිසැල අසල දී - එම මූලස්ථානයේම රාජකාරි නියුතු මිතුරෙකු හමු විය. හෙතෙම මේජර් ශිවන්ත බණ්ඩාර විය. එහිදී විනාඩියක පමණ පැවැති ඔවුනගේ කෙටි කතාබහ තුළ මේජර් සමීර මුහුණ පා ඇති තත්ත්වය මාතෘකාව විය. අනතුරුව දෙදෙනා වෙන් වූ අවසන් මොහොතේ මේජර් බණ්ඩාර තම මිතුරා අස්වසන්නට කටයුතු කළේ බොහෝ හැඟීම්බරවය. 

යුද හමුදා මූලස්ථානයේ ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල පෙනෙන මානයට පැමිණීමත් සමග, ප්‍රධාන මාර්ගයෙන් වම් පස තීරුවේ ගමන් කරමින් සිටි මේජර් සමීරට - එහි පැවති අධික අව්රශ්මිය හේතුවෙන් පාරේ අනෙක් පසට මාරුවීමට සිත්විය. යුද හමුදා රෝහල ආසන්න එම තීරුව අරලියා ගස් හේතුවෙන් පැවතියේ සෙවණකි. ඒ අනුව මාර්ගය හරහා ඔහු මාරු වීමට පියවරක් දෙකක් තබද්දීම දුටුවේ - යුද හමුදාපතිවරයා පෙරටු කොටගත් වාහන පෙළක් තමා ඉදිරියෙන් පැමිණෙන අයුරුයි. දෙපසින් යතුරුපැදි දෙකක්ද සමග පැමිණි එම නිල රථය පැමිණෙන වේගය අනුව, ඒ මොහොතේ පාර හරහා මාරුවීම අවදානම් හා සිදුනොකළ යුත්තක් බැවින්, පියවරක් පසුපස තබන අතරේ ඔහු ඊට ආචාර කිරීමට සූදානම් විය. නමුත් ගතවූයේ නිමේෂයකි. කිසිවක් සිතාගත නොහැකි අයුරින් දුටුවේ - එම රථපෙළ ඉලක්ක කොට ප්‍රදේශය දෙදරවා යන බිහිසුණු පුපුරායාමකි. ඉදිරියෙන් පැමිණි යතුරු පැදි දෙක ඒ සමගම ඉහළ විසිවී ගොස් දෙපසට වැටෙද්දී, පිටුපසින් පැමිණි යුද හමුදාපති ගමන් ගත් මෝටර් රථය ද නතර වූයේ එක්වරමය. දුම හා ගිනි දලු ද වෙඩි බෙහෙත් සුවඳ ද ප්‍රදේශය පුරා විහිදෙද්දී - මේජර් සමීර ද උඩින් ගොස් මහා මාර්ගය මධ්‍යයේ ඇද වැටුණේ, බිහිසුණු චිත්‍රපට ජවනිකාවක් සිහිගන්වමිනි.

(ඉතිරි කොටස ලබන සතියේ)    



අදහස් (0)

විනාඩියක ප්‍රමාදයෙන් මරණයෙන් බේරුණු හැටි

ඔබේ අදහස් එවන්න

තක්සලාව

නවසීලන්තයේ සුදු අභියෝගය
2025 ජනවාරි මස 01 25 0

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වසර අවසන් කරන්නේද ඊළඟ වසර ආරම්භ කරන්නේද නවසීලන්තයේ දීය. මේ වනවිට නවසීලන්තයේ සිටින ඔවුන් ​ඔබ මේ සටහන කියවන දිනයේ දී පළමු


2025 ඔබට කොහොමද ?
2024 දෙසැම්බර් මස 31 201 0

මෙම ජනවාරි මස පළමුවැනි බදාදා දින උදාවන නව වසරේ මුල් සිව් මස තුළ හෙවත් අප්‍රේල් මස 15 තෙක්, ඉදිරි කාලය තුළ ග්‍රහගමනේ හැසිරීම් රටාව ඔබේ අධ්‍යාපන - ආර්ථික - රැ


ටොලමියානු ජෝතිෂ්‍ය ඇසින් 2025 රටට සහ ඔබට කොහොමද ?
2024 දෙසැම්බර් මස 31 135 0

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2025 නව වසර ලංකාවේ සමජ ආර්ථක දේශපාලනයටත්, රටේ ජීවත් වෙන රට වැසියන්ටත් අලුත් ආරම්භයක් සිදුවෙන්නේ අප


විනාඩියක ප්‍රමාදයෙන් මරණයෙන් බේරුණු හැටි
2024 දෙසැම්බර් මස 31 78 0

2006 අප්‍රේල් 27 වන විට නෙලීකා රෝහල්ගතව දින 10 කට ආසන්න වී තිබිණ. එම කාලසීමාව තුළ මේජර් සමීර රාජකාරී අතර වූවද, දිනකට දෙවරක් ඈ බලන්නට නොවරදවාම පැමිණියේය .


චීන මිතුදම කැටුව ආ සාමයේ නෞකාව
2024 දෙසැම්බර් මස 31 27 0

‘ජීවිත සුරැකීම සහ මිතුදම් පවත්වාගැනීම’ යන තේමාව යටතේ මානුෂීය මෙහෙයුම්වල නියැළෙන ‘ඩයිෂාන් ඩාඕ’ චීන රෝහල් නෞකාව, චීන ඉන්ජිනේරු විස්මයක් යැයි කීවොත් එහ


සිහින යථාර්තයක් කරගත් ධනුෂ්ක සේනාධීර
2024 දෙසැම්බර් මස 30 30 0

දුර්වල මිනිසුන් වාසනාව සොයා යද්දි බොහෝ දිරියවන්ත මිනිසුන් සොයා යන්නේ අවස්ථා පමණි, කියන වදන ඔබ අසා ඇති. ජීවිතය යන සිදුවීම් සමුදාය තුළ අවස්ථාවන් සොයා යම


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 415 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 211 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 201 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site