හවායි දූපත්වල පිහිටි ජෙමිනි දුරේක්ෂය ආධාරයෙන්, විශ්වය ගවේෂණය කරන තාරකා විද්‍යාඥයන්ට පසුගිය දා සංඥාවක් ලැබුණි. මෙය ගුවන් විදුලි සංඥාවකි. එම සංඥා සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සොයා බලද්දී - පෘථිවියට සමාන ග්‍රහලෝක තුනක් ගැන විස්තර සොයාගැනීමට ඔවුහු සමත් වූහ. මේ ග්‍රහලෝක ඇත්තේ පෘථිවියට ආසන්නයෙන් පිහිටි තරුවක් වටාය.
අපගේ සෞරග්‍රහ මණ්ඩලයට ආසන්නයෙන්ම ඇති තාරකා පද්ධතිය කුමක්දැයි යමෙකු විමසුවහොත් - ඊට පිළිතුර “ඇල්ෆා සෙන්චූරිය” යන්න ය . එම තාරකා පද්ධතිය තුළ ප්‍රධාන තාරකා තුනක් ඇත . ඒවා ඇල්ෆා සෙන්චූරි ඒ, බී, සහ සී වශයෙන් නම් කොට ඇත. ඇල්ෆා සෙන්චූරි ඒ යන නමින් හැඳින්වෙන්නේ රිගිල් කෙන්ටෝරස් තාරකාව ය. ඇල්ෆා සෙන්චූරි බී යනුවෙන් හැඳින්වෙන්නේ ටොලිමාන් තාරකාව වන අතර, ඇල්ෆා සෙන්චූරි සී යනු ප්‍රොක්සිමා සෙන්චූරි නමැති තාරකාව වේ. මෙය රතු වාමන තාරකාවකි.
මෙම තාරකා අතරින් ද පෘථිවියට වඩාත් ආසන්නයෙන් පිහිටි තාරකාව ලෙස සැලකෙන්නේ ප්‍රොක්සිමා සෙන්චූරි රතු වාමන තාරකාව ය. මෙය පෘථිවියට ආසන්න තාරකාව වුවත්, එය පියවි ඇසට නොපෙනෙයි. ඊට හේතුව රතු වාමන තාරකාවක් බැවින්, එය ප්‍රමාණයෙන් ඉතා කුඩා අභ්‍යවකාශ වස්තුවක් වීමය.
මෙම තාරකා ත්‍රිත්වය අඩංගු ඇල්ෆා සෙන්චූරි තාරකා පද්ධතිය පසු කර ආලෝක වර්ෂ හයක පමණ දුරක් යද්දී , බර්නාඩ් නමින් විද්‍යාඥයන් නම් කළ තවත් රතු වාමන තාරකාවක් පිහිටයි. මෙය පෘථිවියට ආසන්නතම දෙවැනි රතු වාමන තාරකාව වේ . ඇල්ෆා සෙන්චූරි පද්ධතියේ, තාරකා තුනෙන් පසු සිවුවැනි ස්ථානයේ, පෘථිවියට ආසන්නයෙන් පිහිටි තරුව ලෙස සැලකෙන්නේ ද බර්නාඩ්ය. අවාසනාවට මෙම තාරකාව ද පියවි ඇසින් නිරීක්ෂණය කළ නොහැකිය.
විශ්වය ගවේෂණය කරන තාරකා විද්‍යාඥයන්ට ගුවන් විදුලි සංඥා ලැබෙන්න වූයේ බර්නාඩ් තාරකාව අසලිනි. එම සංඥා වැඩිදුර අධ්‍යයනය කිරීමේ දී, බර්නාඩ් තාරකාව වටා කක්ෂගත වුණු පාෂාණමය ග්‍රහලෝක තුනක් සොයාගැනීමට විද්‍යාඥයෝ සමත් වූහ. මීට වසර කීපයකට පෙර ද බර්නාඩ් තාරකාව වටා යන පාෂාණමය ග්‍රහලෝකයක් සොයා ගැනීමට විද්‍යාඥයන්ට හැකි වී තිබුණු බැවින්, ඒ අනුව මෙතෙක් සොයාගෙන ඇති ග්‍රහලෝක ගණන 4 ක් බවට පත් විය. මෙම ග්‍රහලෝක සියල්ල පෘථිවියට බෙහෙවින් සමාන බව පැවසේ . මෙම ග්‍රහලෝක හතරම පාෂාණමය ග්‍රහලෝක වීම සැබැවින්ම මවිතයට කරුණක්ව තිබේ.
රතු වාමන තාරකා යනු ප්‍රමාණයෙන් ඉතාමත් කුඩා තාරකා විශේෂයකි. මේවා කොතරම් කුඩාදැයි කීවොත්, මේවායේ විෂ්කම්භය ආසන්න වශයෙන් කිලෝ මීටර් එක් ලක්ෂ හතළිස් දහසේ සිට, කිලෝ මීටර් අට ලක්ෂයක් පමණ වෙයි. අපගේ හිරු නැතිනම් සූර්යයාගේ විෂ්කම්භය කිලෝ මීටර් මිලියන 1.3 ක් පමණ වෙයි. ආසන්න වශයෙන් රතු වාමන තාරකාවක විෂ්කම්භය, අප සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝකය වන බ්‍රහස්පතිගේ විෂ්කම්භය මෙන් සුළු ප්‍රමාණයකින් පමණක් වැඩි වෙයි.
බර්නාඩ් තාරකාව පිහිටා ඇත්තේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ හයක් පමණ දුරිනි. එය ඇත්තේ රාත්‍රී අහසේ දකින්න ලැබෙන ඔෆියුචස් නමැති තාරකා රාශිය තුළය. බර්නාඩ් තාරකාව නිරීක්ෂණය කළ හැකි වන්නේ දුරේක්ෂයකින් පමණි. විද්‍යාඥයන් පවසන ආකාරයට බර්නාඩ් තාරකාව අපගේ සූර්යයාට වඩා පැරණිය. කොතරම් පැරණිදැයි කීවොත්, අවුරුදු බිලියන 10 ක පමණ ආයු කාලයක් මෙම බර්නාඩ් තාරකාවෙන් වාර්තා වෙයි.
විද්‍යාඥයන් මෙම නව ග්‍රහලෝක සොයා ගැනීම කර ඇත්තේ හවායි දූපත්වල පිහිටි ජෙමිනි දුරේක්ෂයේ මැක්රූන් එක්ස් උපාංගයේ ආධාරයෙනි. තරුවක් වටා ඇති ග්‍රහලෝකයක් එම තරුව පසුබිම් කර ගෙන යද්දී - තරුවෙන් විහිදෙන ආලෝකයේ වෙනස්වීම් හඳුනාගැනීමට දුරේක්ෂවලට හැකියාව ලැබේ. අලුත් ග්‍රහයන් සොයාගැනීම සිදුවන්නේ මේ අයුරිනි. ලැබුණු සංඥාවල මූලාරම්භය සොයමින්, ජෙමිනි දුරේක්ෂයේ මැක්රූන් එක්ස් උපාංගය භාවිතයට ගනිමින්, නිරීක්ෂණය කරද්දී - බර්නාඩ් තරුවේ චලිතයෙහි වෙනස්වීම් විද්‍යාඥයෝ නිරීක්ෂණය කළහ. ඒ අනුව, නව ග්‍රහලෝක තුන සොයාගැනුණි.
කෙසේ නමුත් මීට පෙර සොයාගත් ග්‍රහලෝකයේත්, අලුතින් සොයාගත් මෙම ග්‍රහලෝකයේත් පැවැත්ම කුමක්දැයි මෙතෙක් දන්නේ නැත. බොහෝ විට මෙම ග්‍රහලෝකවල අපටත් වඩා දියුණු ජීවීන් සිටිනවා වෙන්නත් පුළුවනි. ඒත් පෘථිවියේ මෙන් ජීවීන්ගෙන් සමන්විත ශිෂ්ටාචාර බිහිවීමක් සිදුවෙන බවක් සිතීම ගැටලුවකි.
තාරකා විද්‍යාඥයන්ට අනුව ග්‍රහලෝකයක ජීවය පැවතිය හැකි යැයි අනුමාන කරන්නේ, එම ග්‍රහලෝකය ගෝල්ඩිලොක්ස් කලාපයට අයත් නම් පමණි. තරුවකට වඩාත් ළංව පිහිටියොත්, එම ග්‍රහයාගේ උෂ්ණත්වය වැඩිය. තරුවකට දුරින් පිහිටියොත් සීතල වැඩිය. උණුසුම සහ සීතල දෙකම ඇතිව නියමිත සමාන දුරකින් පිහිටන්නේ නම් එවැනි ග්‍රහයන් පිහිටන කලාපය ගෝල්ඩිලොක්ස් කලාපය ලෙස හැඳින්වෙයි.
අභ්‍යවකාශයේ රඳවා ඇති දුරේක්ෂ ආධාරයෙන් ද විද්‍යාඥයන් පෘථිවියට සමාන ග්‍රහලෝක සෙවීම සිදු කරයි. 2018 දී අභ්‍යවකාශයට යැවුණු ’ටෙස්’ ඒ අතරින් එක් දුරේක්ෂයකි . 1990 දී අභ්‍යවකාශයට යවා අවස්ථා කීපයක දී අලුත්වැඩියා කෙරුණු තවමත් ක්‍රියාකාරීව පවතින ’හබල්’ දුරේක්ෂය, 2021 දී අභ්‍යවකාශයට යැවුණු ’ජේම්ස් වෙබ්’ දුරේක්ෂය ද විශ්වයේ ඈතින් ඇති ග්‍රහලෝක සෙවීම නොකඩවා සිදු කරයි. මේ සෑම දුරේක්ෂයකින්ම අප සෞරග්‍රහ මණ්ඩලයට ඔබ්බෙන් ඇති පිටසක්වළ ග්‍රහලෝක 5,000 කට වැඩි ගණනක් සොයාගැනීම කර තිබේ. පෘථිවියට සමාන ග්‍රහලෝක සෙවීමේ දී කැපී පෙනෙන මෙහෙවරක් කළේ - 2009 දී අභ්‍යවකාශයේ රැඳවූ ’කෙප්ලර්’ දුරේක්ෂයයි. අද මෙම දුරේක්ෂය භාවිතයට ගැනෙන්නේ නැත. 2018 වසරේ කෙප්ලර් දුරේක්ෂයේ කටයුතු අවසන් විය. තරුවක් වටා ඇති ග්‍රහලෝකයක් එම තරුව පසු කර ගෙන යද්දී, තරුවෙන් විහිදෙන ආලෝකයේ වෙනස්වීම් හඳුනාගැනීමට අභ්‍යවකාශ දුරේක්ෂවලට හැකියාව ඇත. නව ග්‍රහලෝක සොයාගැනීම ඒ අනුව සිදුවෙයි.
ලුසිත ජයමාන්න
ස්තුතිය - නාසා ආයතනයට
දළදා මාලිගාවේ පාලනය පවතින්නේ ‘දියවඩන නිලමේ’ නමැති ගිහි භාරකාරයකු යටතේය. බ්‍රිතාන්‍යයන් මෙරට ඈඳා ගන්නට පෙර සිංහල රජවරු දළදා තේවාවට ගියහ. එකල රජ්ජුරුව
ඉංග්‍රීසීහු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා 1815 පෙබරවාරි 18 වැනිදා මැදමහනුවර බෝමුරේ උඩුපිටිය පෙදෙසේ වලව්වක සැඟවී සිටියදී අල්ලා ගත්හ. ඒ සමඟම ලංකාවේ රාජ වංශ
වත්මන් සෙංකඩගල මාළිගා පරිශ්‍රය නිරීක්ෂණය කිරීමේ දී 1815 වසරේ දී උඩරට ගිවිසුම අත්සන් කොට අධිරාජ්‍යවාදීන් විසින් උඩරට රාජධානිය අත්පත් කරගන්නා විට තිබූ බ
සකල ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ බඳු වූ ශ්‍රී දළදා වහන්සේ ගේ මහජන දැක්ම දැන් පැවැත්වේ. වසර 16ක් තරම් වූ දීර්ඝ කාලයකට පසු උදාවුණ එම අසිරිමත් මොහොතේ
හවායි දූපත්වල පිහිටි ජෙමිනි දුරේක්ෂය ආධාරයෙන්, විශ්වය ගවේෂණය කරන තාරකා විද්‍යාඥයන්ට පසුගිය දා සංඥාවක් ලැබුණි. මෙය ගුවන් විදුලි සංඥාවකි. එම සංඥා සම්බන
දළදා වහන්සේ කේන්ද්‍ර කරගත් විවිධ පූජා අතර ඇසළ පෙරහර ප්‍රධාන පූජාව ලෙස සැලකේ. එහි ඇරැඹුම ක්‍රි.ව. 310 ට පමණ අයත් වෙයි එනම් කීර්ති ශ්‍රී මේඝ වර්ණ රජදවස ඉන්දි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
විශ්වයෙන් ආ පණිවුඩය