විදුහල ඉදිරිපස දසුන
නූතන වැඩ ලෝකයට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් හා ඒ හා සබැඳි ඉගෙනුම් - ඉගෙන්වීම් ක්‍රියාවලියක අවශ්‍යතාව පිළිබඳ කතා ඇසෙන්නේ අදක ඊයෙක සිට නොවේ. විශ්ව විද්‍යාලවල පාඨමාලා නුතන වැඩ ලෝකයට උචිත පරිදි ප්‍රතිනිර්මාණය කළ යුතු බවත්, පාසල් අධ්‍යාපනය ඊට සමගාමීව යාවත්කාලීන කළ යුතු බවත්, යනාදී වශයෙන් වන කතා - හුදු ප්‍රකාශ බවට පමණක් පත්වී තිබේ.
එම පසුබිම තුළ අධ්‍යාපන අමාත්‍යාංශය නියම කරන විෂය නිර්දේශය ආවරණය කරමින් - ඊට සමාන්තරව සිසුදරු දැරියන්ගේ හසුරු කුසලතා නැංවෙන අයුරින් වෘත්තීය අධ්‍යාපනය ශක්තිමත් කිරීමට විශිෂ්ට පූර්වාදර්ශී වැඩ කොටසක් කරන දුෂ්කර පෙදෙසක කුඩා රජයේ පාසලක් සොයා “ඉරිදා ලංකාදීප” ගිය ගමනකුයි මේ.
පුත්තලම දිස්ත්‍රික්කයේ දුෂ්කර ප්‍රදේශයක ඇති විල්පොත බණ්ඩාරනායක විද්‍යාලය - අධ්‍යයනයන්, පර්යේෂණයන් සිදුකරමින් දරුවන්ට කාර්මික අධ්‍යාපනයට පදනම වැටෙන අයුරින් ස්වයංව ඉගෙන ගැනීමට ඉඩ සලසන විස්මයජනක පාසලකැයි අපට අසන්නට ලැබුණි. උතුර, නැගෙනහිර, බස්නාහිර, වයඹ ආදි වූ විවිධ පළාත්වල විෂය අධ්‍යක්ෂකවරුන්, විදුහල්පතිවරුන්, ගුරු උපදේශකවරු හා ගුරුවරුන් දෙවසරක් තුළ දහස් ගණනක් මෙම විද්‍යාලයේ ක්‍රියාත්මක කරන වැඩසටහන් නිරීක්ෂණය කිරීමට පැමිණ ඇති බවක් ද, අප සවන් වැකී තිබුණි. ගමන සැලසුම් කෙරුණේ එබැවිනි.
“ඔබ මේ ඇතුළුවන්නේ - කුසලතාවයෙන් පිරුණු අධ්‍යන කලාපයකටයි” යනුවෙන් ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වෙද්දීම දක්නට ඇති යෝධ පුවරුව නෙත ගැටුණු සැණින් - “මේ නම් වෙනස් මොඩල් එකේ පාසලක්ම තමයි” යන හැඟුම ජනිත වූයේ නිරායාසයෙනි.
ඉවතලන අපද්‍රව්‍ය ආශ්රයෙන් - හසුරු කුසලතා වර්ධනය කර ගනිමින්, පාසල තුළින් වෘත්තීය මට්ටම දක්වා යාමට ඉවහල් වෙන ශක්තිමත් පදනමක් සෑම සිසු දරුදැරියකටම ලබාදෙන විස්මිත ඉගෙනුම් පරිසරයක් විල්පොත බණ්ඩාරනායක විද්‍යාලය තුළ ගොඩ නඟා තිබේ.
පාසලේ එක් කොටසක ඇත්තේ සම්පූර්ණයෙන් කාර්මික වටපිටාවකි. රජයේ කාර්යාලවලින් ඉවත් කෙරුණු ධාවනයෙන් ඉවත් කළ වාහන අලුත් වැඩියා කිරීම මෙම විද්‍යාලයේ එක ප්‍රායෝගික වැඩසටහනක් ලෙස හඳුන්වා දිය හැකිය. එම වාහන උපයෝගී කර ගනිමින්, මෝටර් කාර්මික ශිල්පය, වාහන අලුත් වැඩියාව යන ප්‍රායෝගික කුසලතා සඳහා මෙම පාසලේ දරුවන් හය වසරේ සිට යොමු කිරීම ද විශේෂත්වයකි.
එමෙන්ම - අධ්‍යාපන කාර්යාල වලින් ඉවත් කරන යකඩ කබඩ්, අල්මාරි යනාදිය විද්‍යාලයට ලබාගෙන ටින්කරින් සහ පේන්ටින් කිරීම පිළිබඳ ප්‍රායෝගික වැඩසටහන ද විද්‍යාලය තුළ ක්‍රියාත්මක වේ.
අනෙක් කොටසේ ඇත්තේ කෘෂිකාර්මික වටපිටාවකි. බීජ නිෂ්පාදනය කර ගැනීම, පැළ රෝපණය, බද්ධ කිරීම සහ වගා කිරීම මෙන්ම පසු අස්වනු තාක්ෂණයත්, ආහාර තාක්ෂණයත්, ආහාර සකස් කිරීම සහ පෝෂණය පිළිබඳවත්, සෞඛ්‍ය පුරුදු ක්‍රියාත්මක කිරීම පිළිබඳවත් ප්‍රායෝගික පුහුණුව ලබා දෙන ඉගෙනුම් ඉගෙන්වීමේ ක්‍රියාකාරකම් පාසල තුළ එම කොටසෙහි දෛනිකව ක්‍රියාත්මක වේ.
ජල නළ කාර්මික ශිල්පය, පුද්ගලිකව තම තමන්ට අවශ්‍ය සබන් නිෂ්පාදනය කිරීමේ ප්‍රායෝගික පුහුණුව, විද්‍යාලයේම දරුවන්ගේ සපත්තු අලුත්වැඩියා කර ගැනීම, කොණ්ඩ කපාගැනීම, ගොඩනැගිලි ඉදිකිරීමේ දී පෙදරේරුවන් ගේ ක්‍රියාවලිය ප්‍රායෝගිකව අත්විඳීමට දරුවන්ට ඉඩ සැලසීම, ආදී වූ විවිධ විෂයන් තිහකට ආසන්න ප්‍රමාණයක් මෙම විද්‍යාලය තුළ ක්‍රියාත්මක වේ. විද්‍යාලයේ විවිධ ප්‍රසංග, උත්සව සහ විද්‍යාලයට අවශ්‍ය තිර රෙදි සහ මේසරෙදි ඇතුළු රෙදි වර්ග බතික් කිරීම සහ ඒවා භාවිතයට ගැනීම පිළිබඳ ප්‍රායෝගික වැඩසටහන ද හය වසරෙන් ඉහළ දරුවන් සඳහා ක්‍රියාත්මක වේ. පාසලට අවශ්‍ය ඩෙස් බංකු මේස, ගොඩනැගිලිවල දොර, ජනේල සකස් කිරීම සඳහා ගැළපෙන ආකාරයට වඩු කර්මාන්තයත්, එම දැවමය නිපැයුම් පොලිශ් කිරීම යන ප්‍රායෝගික වැඩසටහන ද පාසල තුළ ක්‍රියාත්මක වේ.
පාසලේ මෙන්ම තම තමාගේ නිවෙස් වල වුවද වයරින් කර ගැනීම, ගෘහවිදුලි පරිපථ අලුත්වැඩියා කිරීම පිළිබඳ ප්‍රායෝගික වැඩසටහන ද විද්‍යාලය තුළ ක්‍රියාත්මක වේ. විවිධ ප්‍රායෝගික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රදේශයේ තාක්ෂණික ආයතන, තරුණ සේවා සභාව මෙන්ම පෞද්ගලික වෘත්තිකයෝ ද නොමිලේම ඔවුන්ගේ සේවාව සැපයීමට පෙලඹී සිටිති.
පාසල් වේලාවෙන් පසු සෑම දරුවෙක්ම තම තමන් කැමති ප්‍රායෝගික වැඩසටහනක පුහුණුව ලැබීමට අවස්ථාව පාසල තුළ සලසා දී තිබේ.
මෙවැනි විශේෂතා පමණක් නොව පසුගිය වසර හතරක කාලයක් පුරාවට පුත්තලම කලාපයේ පහ වසර ශිෂ්‍යත්ව විභාගයත්, අපොස සාමාන්‍ය පෙළ විභාගයත් සමත්වීම් ප්‍රතිශතය සියයට සියයක් වාර්තා කිරීම ද සුවිශේෂී අහඹුවකැයි අධ්‍යාපන බලධාරීහු පෙන්වා දෙති. මෙම විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවන් අමතර පන්තිවලට සහභාගී නොවී එදිනෙදා පාසල තුළ ඉගැන්වීම් කටයුතුවල පමණක් නිරතවීම ද විශේෂ කොට සැලකිය හැකිය.
පාසලක “පාසල් ප්‍රජාව” ලෙස සැලකෙන්නේ - ඉගෙනුම ලබන දරුවන්, ගුරුවරුන්, දෙමව්පියන්, ආදිසිසුන්, අනුග්රාහකයන්, සුබ පතන්නන් හා සම්පත්දායකයින් ඇතුළත් “පරිවාරය”යි. එම සියලුම දෙනාගේ ඇප කැපවීම විල්පත බණ්ඩාරනායක විද්‍යාලයට ලැබීමට හේතුව වී ඇත්තේ - “පාසලෙන් ගමට” යන සංකල්පය ක්‍රියාත්මක වීම හේතුවෙන් යැයි - විදුහල්පති මංජුල සමරජීව ප්‍රකාශ කරයි.
මීට වසර අටකට ඉහත දී මෙම විද්‍යාලය වසාදැමීමට එකල සිටි පාලකයන් තීරණය කර තිබියදී අඩු ආදායම්ලාභී අවවරප්රසාදිත එම ගමේ දරුවන් දුරබැහැර ප්‍රදේශයකට නොයවා පාසලේම රඳවා ගන්නට එම ගමේ වැඩිහිටියන් තීරණය කර තිබේ. එහෙත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිර්දේශය වූයේ දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන නොමැතිව පාසල පවත්වාගෙන ගොස් පෙන්වන ලෙසයි.
වැඩ බලන විදුහල්පතිවරයකු වන මංජුල සමරජීව ඒ අභියෝගය භාර ගත්තේය. ඔහු පාසලේ සම්පත් හඳුනාගෙන ඒ සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ආරම්භ කෙරිණි. අක්කර හතරක් පමණ පාසල් වත්තෙහි මඤ්ඤොක්කා සහ කෙසෙල් වගාකිරීම ආරම්භ කළේ, පාසලේ ඉතිරිව සිටි දරුවන් තිස්දෙනා ගේ දෙමව්පියන්ගේ සහයෝගයෙනි. විදුහලේ ගුරු මණ්ඩලයෙන් ද අනුපමේය සහායක් ලැබී තිබේ.
මුළු ගම්මානයේම ඉවතලන කසළ එකතු කිරීම ද තවත් එක් ව්‍යාපෘතියක් විය. පොල්කටු, පොල්ලෙලි, බෝතල්, පත්තර, තහඩු කෑලි පාසලේ ක්‍රීඩා පිටියේ කොනක එකතු විය. මාස දෙකකට වරක් ඒවා වෙන්කොට අලෙවි කරමින් පාසල නඩත්තු කිරීමට ආදායම් හොයන අතරතුර, විල් පොත ගම්මානයම අපද්‍රව්‍ය නැති කලාපයක් බවට පත් විය. පාසලේ මඤ්ඤොක්කා කෙසෙල් ඵලදාව අලෙවි කිරීමට දෙමව්පියෝ මැදිහත් වූහ. අවශ්‍ය ගොඩනැගිලි, ඩෙස්, බංකු දෙමව්පියන් ගේ ශ්‍රමයෙන් ඉදි විය. මේ සියලුම ව්‍යාපෘති නිවැරදි වාර්තා සහිතව විනිවිද බවක් ඇතිව කටයුතු කරන්නට විද්‍යාලයේ විදුහල්පතිවරයා සහ ආචාර්ය මණ්ඩලය කටයුතු කළහ. ඒ නිසාම පසුගිය වසර හතරක් පුරාවට ගුරු ප්‍රතිභා ප්රණාම උලෙළේදී පළාත් මට්ටමේ පමණක් නොව ජාතික මට්ටමේ ද ඇගයීමට ලක් විය.
![]() |
![]() |
කෘෂි පරිසරය | බ්ලොක්ගල් වැඩබිම |
![]() |
![]() |
දරුවන්ගේ ක්‍රියාකාරකම් | අපද්‍රව්‍ය කළමනාකරණය |
විද්‍යාලයේ දරුවන්ට වගා කිරීමට නොමිලේම කුඹුරක් ලැබිණි. ගමන් කරන්නට නොමිලේ බස් රථයක් ලැබිණි. මීට අමතරව විද්‍යාලයේ පරිගණක, තූර්ය වාදක කණ්ඩායම, නැටුම් කණ්ඩායම ආදිය සඳහා ද විවිධ උදව් උපකාර පාසලට ලැබිණි. විද්‍යාලයේ දරුවන්ගේ මහන්සියෙන් ඉපයූ මුදල්වලින් ස්මාර්ට් පන්ති කාමර, පාසලේ වගා කටයුතු සඳහා අත් ටැක්ටර්, ගමන් පහසුව සඳහා ත්‍රිරෝද රථය යනාදී වත්කම් රාශියක් උපයන්නට මේ පුංචි පාසල් ප්‍රජාව සමත් විය.
වර්තමානය වන විට පාසලේ දරුවන් 250ක් දක්වා වැඩි කර ගැනීමටත්, පාසලේ භෞතික සහ මානව සම්පත් බව වැඩි කර ගැනීමටත්, නව වසරේ පන්ති කාමර ඩිජිටල්කරණයට ලක් කිරීමට විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලයත්, දෙමව්පියනුත් සමත්ව ඇත.
උසස් පෙළ හැදෑරීමට පාසලෙන් පිටව යන සෑම දරුවෙකුටම එන්.වී.කිව්. 3 මට්ටමේ සහතිකයක් ලබා දෙන්නට නෛතික අධිකාරීමය බලය ලබාගැනීමේ හැකියාව විදුහල්පතිතුමා ප්රමුඛ ගුරුමණ්ඩලය විමසමින් තිබේ.
පාසල් අධ්‍යාපනය හමාර කළ ඇතැම් දරුවන් විවිධ ආයතනවල වෘත්තිකයන් ලෙස ඉතාමත් සාර්ථක ගමනක් යමින් පාසලට ද උදව් කරන බව විද්‍යාලයේ විදුහල්පති මංජුල සමරජීව සඳහන් කළේ ඉතා සතුටිනි.
වැසී යාමේ තර්ජනයට ලක්ව තිබූ පාසලක් ඉතාමත් කෙටි කාලයක දී ගොඩනැගීමට කළ කැපකිරීම් පමණක් නොව එහි ප්‍රතිඵල ද දැක බලාගන්නට දිවයින පුරා විසිරී සිටින අධ්‍යාපනයට සම්බන්ධ අයවලුන් හා පාසල් දරුවන් නිරීක්ෂණය කොට අත්දැකීම් හුවමාරු කර ගැනීමට ද පාසලට පැමිණෙමින් සිටී. වෙනත් පාසල්වලින් පැමිණෙන දරුවන්ට ප්‍රායෝගික අත්දැකීම් ලබාදීමට උපදේශකවරුන් සහ වරියන් ලෙස කටයුතු කරන්නේ ද පාසලේ දරුවන් වීම ඉතා සුවිශේෂී බවත්, විදුහල්පතිවරයෙක් ලෙස තමා ඉතා සතුටට පත්ව ඇති බව විදුහල්පතිවරයා සඳහන් කළේය.
විදුහල්පතිවරයෙකු ලෙස, ගුරුවරයෙකු ලෙස, පරිපාලකවරයෙකු ලෙස ඔහුට අනාගතයේ පාසල සම්බන්ධව ඇති ඉදිරි අරමුණු හා අපේක්ෂාවන් පිළිබඳව අවසාන වශයෙන් අපි විමසීමු.
වර්තමාන රජය බලාපොරොත්තු වන ප්‍රායෝගික අධ්‍යාපන ක්‍රමවේදය මීට වසර පහකට ඉහත දී සිය පාසලේ ආරම්භ කර සාර්ථක වී ඇති ආකාරය පිළිබඳවත්, අධ්‍යාපන ක්‍රමවේදය මෙම පාසල තුළ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳවත්, වර්තමාන අධ්‍යාපන ඇමතිතුමිය ගේ අවධානයට ලක් වන්නේ නම් එය රටටම ඵලදායී විය හැකි බව විදුහල්පතිතුමා කීවේය. එමෙන්ම නුදුරු දිනකදී වර්තමාන ජනාධිපතිවරයා පාසලේ මෙම වෙනස දැක ගැනීමට පැමිණෙනු ඇතැයි ද යන්නත් ඔහුගේ අපේක්ෂාව වී තිබේ. ඊට හේතුව, මෙම වැඩසටහන දිවයින පුරා තෝරාගත් පාසල්වල සාර්ථකව ක්‍රියාත්මක කළ හැකි නිසා යැයි ද ඔහු පැවසීය.
කුරුණෑගල
චාන්දනී දිසානායක
දවසට තුන්වතාවක් ආහාර ගත යුතු බව නියමයකි. නමුත් ඒ අතරින් පතර ද කෙටි ආහාරයක රස විඳීමට අප ගන්නා අතිරේක ආහාර වේල් රැසකි. ඉතින් මිනිසාට ආහාර කොයිතරම් වැදගත්
“බුලත්” යන නාමය සෑදී ඇති ආකාරය පිළිබඳව වියතුන් විවිධ අදහස් දක්වා තිබේ. ඒ අතුරින් වඩාත් ප්‍රචලිත අරුත් ගැන්වීම වනුයේ නා ලොවින් භූමියට ලැබුණා යන අරුත මත
මෙම අප්‍රේල් මස දාහතර වැනි සඳුදා දින උදාවන නව වසරේ මැයි මස තුළ ප්‍රබල ග්‍රහ මාරුවීම් දෙකක් සිදුවෙයි. මැයි 14 දින ගුරු ග්‍රහයා මිථුන රාශියට පිවිසෙන අතර, මැ
එළඹෙන්නේ බක් මාසය බව සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කිරීමට පෙරාතුවම ඉස්සර නම් අපට කීවේ කොහා ය. නමුත් දැන් අවුරුදු ළඟ බව කොහාටත් කලින් අපිට කියන්න
සිංහල අලුත් අවුරුදු උදාව හෙටට (14) යෙදී තිබෙන අතර මේ සමය රටේ දුප්පත් පොහොසත් බේදයකින් තොරව සැමදෙනාම සතුටින් කල් ගෙවන කාලයකි.ඊට අවුරුදු සමයේ කෙරෙන ජන ක්
සිංහල දමිළ අලුත් අවුරුදු නිවාඩුව මෙරට බොහෝ වෘත්තිකයන් විවේකයක් ගැනීම සඳහා ඇස ගසාගෙන සිටින දින කීපයකි. අවුරුදු නිවාඩුව විවේකයෙන් ගතකිරීමට සැලසුම් කර
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
විස්මිත පාසලක්