IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලංකා නාමය රැව්දෙයි


එංගලන්තයේ දී වසර 10 කට පසුව ටෙස්ට් ජයක් ලැබීමෙන් කීර්තිය දිනාගත් ශ්‍රී  ලංකාව පසුගිය සතියේ දී එවැනිම කීර්තිමත් ක්‍රීඩා ජයග්‍රහණ දෙකක් අත් කර ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා මල්ලවපොර ක්‍රීඩිකා නෙත්මී අහිංසා ප්‍රනාන්දු ස්පාඤ්ඤයේ දී ලෝක ශූරතා ලෝකඩ පදක්කමක් දිනා ගැනීම ඉන් එක් සිදුවීමකි.

නෙත්මී  


 

දෙවැනි සිදුවීම ශ්‍රී ලංකා පාපන්දු  කණ්ඩායමෙනි. කාම්බෝජයට ගොස් එරට පාපන්දු  කණ්ඩායම පරාජය කරමින් ආසියානු කුසලාන ( 2027 - රියාද් ) කාණ්ඩ තරග වටයට නිර්දේශ  ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත්වීම විශ්මිත ජයග්‍රහණයක් විය.

ස්පාඤ්ඤයේ දී නිමාවට පත්වූ ලෝක ශූරතා  (වයස 20 න් පහළ) මල්ලවපොර  තරගාවලියේ දී කිලෝග්‍රෑම් 53 බර පංතිය (කාන්තා) ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත්වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකා 20 හැවිරිදි  නෙත්මී අහිංසා ප්‍රනාන්දු  එහිදී  රුසියානු ක්‍රීඩිකා වැලේරියා මිකිට්සිච් පරාජය කළේ ලකුණු 6 - 2 කටය.

මෙය ශ්‍රී ලාංකිකයෙකු විසින් ලෝක ශූරතා මල්ලවපොර තරගාවලියක දී දිනාගත් පළමු පදක්කම ලෙස ඉතිහාසගත වේ. මෙම ක්‍රීඩිකාව මීට පෙර  ඉහළම අවධානය  දිනාගත්  අවස්ථාවක් වූයේ 2022 බර්මින්හැම් පොදු රාජ්‍ය  මණ්ඩලීය ක්‍රීඩා  උළෙලේදී  කිලෝග්‍රෑම්  57 බර පංතියෙන්  ලෝකඩ පදක්කමක් දිනාගැනීමයි.

එවිට නෙත්මී මාකඳුර වෙල්ලපල්ල  සංඝරතන මහ විදුහලේ ඉගෙනුම ලබමින් සිටි 18 හැවිරිදි  පාසල්  සිසුවියකි. ඒ හේතුවෙන් ඇය සැළකුවේ එතෙක්  පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක දී පදක්කමක් දිනූ ළාබාලතම ශ්‍රී  ලාංකිකයා ලෙසයි.

ඇයට නිමාවූ පැරිස් ඔලිම්පික් නිර්දේශ අහිමිවූයේ යන්තමිනි. ඇයගේ ක්‍රීඩා  දිවියට දිරිදෙන ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ  වත්මන් සභාපති සරත් හේවාවිතාරණ මහතා පැවැසුවේ මීළඟ (2028  - ලොස් ඇන්ජලීස්) ඔලිම්පික්  උළෙලට නෙත්මී නිසැකවම නිර්දේශ  ලබාගන්නා බවයි.

ස්පාඤ්ඤයේ දී නෙත්මී පළ කළ දස්කම් ඉහළම අගයක් ගත්තේය. ඇය  මූලික වටයේ සිට ඉදිරියට යාමේ තරග පහෙන් හතරක්ම ජයගත්තාය. පරාජයට පත්වූ අවසන් පූර්ව  තරගයත්  ඇය සම කිරීමට සමත්වූවත් තීරක ලකුණ ප්‍රතිවාදී චීන ක්‍රීඩිකාවට හිමිවීමෙන් ඇයට රන් පදක්කම හෝ නිසැකවම රිදී  පදක්කම හිමි වන අවසන්  තරගය අහිමි වූවාය.

ඒ අනුව මූලික වටයේ සිට කසකස්ථානය, බල්ගේරියාව, හංගේරියාව හා රුසියාව යන රටවල ක්‍රීඩිකාවන් පරාජය කරමින් නෙත්මී ශ්‍රී ලංකාවට පළමු ලෝක ශූරතා මල්ලවපොර පදක්කම ලැබදුන්නාය. එහිදී පසුගිය කාලය පුරා ඇය අත් කර ගත් ජාත්‍යන්තර  ජයග්‍රහණ පිටුපස හස්තය වූයේ ඇගේ පෞද්ගලික  පුහුණුකරු  සුරංග කුමාර මහතාය.

වසර 2017 සිට නෙත්මී අහිංසාගේ පුහුණුකරු ලෙස කටයුතු කරන සුරංග කුමාර මහතා ඉරිදා ලංකාදීපයට මෙසේ පැවසීය.

"මීට කලින් ශ්‍රී ලංකාව නොගත් ඉහළම ජාත්‍යන්තර පදක්කම් තුනක් නෙත්මී දිනා ගත්තා.ඒ  හැම අවස්ථාවකදීම ඇගේ පුහුණුකරුවීම ගැන මම සතුටූ වෙනවා.ක්‍රීඩා  අමාත්‍යාංශය වගේම ජාතික  ඔලිම්පික්  කමිටුව එතනදී නෙත්මීට දක්වපු සහයෝගය හා අනුග්‍රාහය  මමත් නෙත්මිත් ඉහළින්ම අගය කරනවා.

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර  පාපන්දු  පිටියේ ශ්‍රී  ලංකාව පසුගිය සතියේ දී හොඳ නමක් තිබුණේම නැත. එය කෙතෙක්ද යත් මේ වනවිටත් ශ්‍රී ලංකාව ආසියානු ශ්‍රේණිගත  කිරීම් අනුව පසුවන්නේ අවසන් (46) වැනි ස්ථානයේය. ලෝක ශ්‍රේණිගත කිරීම් අනුවත් දැන් පසුවන්නේ 205 වැනි ස්ථානය තරම් ඉතා පහළකය. ශ්‍රී ලංකාව  1995 න් පසුව මෙතෙක් ජාත්‍යන්තර  පාපන්දු  ශූරතාවක් දිනා ඇත්තේ ද නැත.

පොන්ම් - පෙන් නුවරදී ශ්‍රී ලංකා පාපන්දු  කණ්ඩායම


මෙවන් පසුබිමක ශ්‍රී ලංකා පාපන්දු ආයතනය සුදු අලියෙකුගේ තත්වයට පත්ව ඇතැයි නිරන්තරයෙන්  චෝදනා  එල්ලවෙමින් තිබියදී  ශ්‍රී ලංකාව පොන්ම් - පෙන් නුවරටම ගොස් කාම්බෝජය පරාජය කිරීමට සමත්වීම කිසිසේත් ලඝු කළ නොහැකිය.

දෙරට අතර කොළඹ දී  පැවැති තරගය සම වෙමින් අවසන්වීමත් මෙහිදී  ශ්‍රී ලංකාව ලද එක්තරා ජයග්‍රහණයකි. පරාජය නොවී අඩුතරමින් එම තරගය සම කිරීමෙන් ශ්‍රී  ලංකාවට දෙවැනි තරගයේ බලාපොරොත්තු ඇති කර සිටියේය. ශ්‍රී ලංකා පාපන්දු  කණ්ඩායමේ  අළුත් වෙනසක් අපේක්ෂාවෙන් එහි වත්මන් සභාපති  ජස්වර් උමාර් මහතා ගත් විකල්ප උත්සහයක් ලෙස එතෙර පදිංචිව සිටින ශ්‍රී ලාංකික සම්භවයකින් යුත් ද්විත්ව  පුරවැසියන් වන ක්‍රීඩකයන් ජාතික පාපන්දු  සංචිතයට කැඳවීය.

එය සාර්ථක  උත්සහයක් ලෙස පෙනුණේ මෙම කාම්බෝජ  තරග සංචාරයේ දී ය. විනාඩි 120 ක් පුරා ඇදුණු තරගය  එම 120  වැනි විනාඩිය දක්වා  ජයගෙන තිබුණේ ගෝල 2 - 1 ක් ලෙස කාම්බෝජයයි. නමුත් අපතේ ගිය කාලය වෙනුවට ලබාදුන් අතිරේක 122 වැනි විනාඩියේ දී වාර්තා  කළ ගෝලය කාම්බෝජයේ ජය උදුරා ගැනීමක් විය. අවසන් ප්‍රතිපලය වූයේ සමවූ තරගය දඬුවම් පහර මත තීරණය කිරීමයි. එහිදීත් උසස් දක්ෂතා පළ කළ ශ්‍රී  ලංකා ක්‍රීඩකයන් 4 - 2 කට තරගය ජය ගත්තේ  ඒ වන විට ලෝක ශ්‍රේණිගත  කිරීම අනුව 180 වැනි ස්ථානයේ  පසුවූ කාම්බෝජය සිය රටේදීම පසුබස්වමිණි.

එහිදී  ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක  සුජාන් පෙරේරා නිත්‍ය දැල් රකින්නා ලෙස දැක්වූ විශිෂ්ට දක්ෂතා කාම්බෝජ ක්‍රීඩකයන් තිදෙනෙකුම පරාජයට පත් කළේය. ශ්‍රී ලංකාව වාර්තා කළ ගෝල දෙකම එතෙරින් කැඳවූ ශ්‍රී ලාංකික ද්විත්ව පුරවැසිලාභීන් වන ක්‍රීඩකයන් විසින් ලබාගැනීමෙන් ජස්වර් උමාර් මහතාගේ  උත්සහයක් සාර්ථක වෙමින්  තිබේ.

කාම්බෝජය මීට පෙර මුණගැසුණු 2016 දී ශ්‍රී ලංකාව ගෝල 4 - 0 කින් පරාජයවී තිබේ. ශ්‍රී ලංකාව අවසන් තරග ජයග්‍රහණය  මෙම වසරේදීම මාර්තු මාසයේ දී භූතානයට එරෙහිව (2 - 0) වාර්තා කර ඇත. විදේශයක දී ශ්‍රී ලංකාව මීට පෙර ජාත්‍යන්තර  පාපන්දු  තරග ජයක් වාර්තා කර ඇත්තේ 2018 බංගලාදේශයේ දී ය.

වසර 2020 සිට මේ දක්වා ශ්‍රී ලංකාව සහභාගිවූ  ජාත්‍යන්තර  පාපන්දු  තරග 22 කදී ජය ගෙන ඇත්තේ  තුනක් පමණි. හයක් සම කර ඇත. සෙසු සියලු තරග පරාජයට පත්ව තිබේ. මේ දක්වා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පාපන්දු  තරග 258 ක දී ජයගෙන ඇත්තේ 50 ක් පමණි. ජය පරාජයෙන් තොර තරග ගණන 45 කි. 

ඒ අනුව ඉතිරි තරග 153 ක්ම පරාජයවී තිබේ. එසේ බලන විට ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර  පාපන්දු වංශ කථාව යහපත් තත්වයක නැත. අන්තර්ජාතික පාපන්දු  සම්මේලනය වාර්ෂිකව ප්‍රතිපාදන ලබාදෙන ප්‍රමාණයට ශ්‍රී ලංකාවේ පාපන්දු  ක්‍රීඩාව දියුණුවී නැතැයි චෝදනා නැගෙන්නේ ඉහත  වංශ කථාව විමසීමේදීය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු කාර්‍ය්‍ය  මණ්ඩලයේ 10 දෙනාගෙන් හත් දෙනෙකු  විදේශිකයෝ වෙති. ප්‍රධාන පුහුණුකරු  ස්කොට්ලන්ත ජාතික ඇන්ඩි මොරිසන්  මහතා වෙනුවට දැන් වැඩ බලන්නේ කුවේට් ජාතික පුහුණුකරු  අබ්දුල්ලා අල් මුටායිරී මහතාය. කාම්බෝජ තරග සංචාරය ඔහුගේ  පෞද්ගලික  ජයග්‍රහණයක් ලෙසත් සැළකිය හැකිය.


නාමල් පතිරගේ


 



අදහස් (0)

ශ්‍රී ලංකා නාමය රැව්දෙයි

ඔබේ අදහස් එවන්න

තක්සලාව

හෙළ මියැසිය සොඳුරු කළ හියුබත් දිසානායක
2024 සැප්තැම්බර් මස 13 33 0

මෙවන් සොඳුරු රසාලිප්ත ගේය පද සමුදායක් 50/60 දශකයේ දී සිංහල මියැසියට හඳුන්වාදුන් කවියකු, ගත්කතුවරයකු හා හෙළ භාෂා විද්වතකු වූ හියුබත් දිසානායක සූරීන්ගේ යු


ශ්‍රී ලංකා නාමය රැව්දෙයි
2024 සැප්තැම්බර් මස 13 27 0

එංගලන්තයේ දී වසර 10 කට පසුව ටෙස්ට් ජයක් ලැබීමෙන් කීර්තිය දිනාගත් ශ්‍රී ලංකාව පසුගිය සතියේ දී එවැනිම කීර්තිමත් ක්‍රීඩා ජයග්‍රහණ දෙකක් අත් කර ගැනීමට සමත


සමාජ කියවීම කවිය තුලට ගෙනා තුරුණු කිවිඳිය
2024 සැප්තැම්බර් මස 13 17 0

මෙරට කාව්‍ය ඉතිහාසයට වඩා වර්තමානය තුළ කිවිඳියන්ගේ භූමිකාව ප්‍රබල හා කැපීපෙනෙන්නක් බවට පත්වී ඇත.


ඕවල් පිටියෙන් ගාල්ලට
2024 සැප්තැම්බර් මස 13 27 0

එංගලන්ත සංචාරය ආරම්භයේ දී ම අප කියූ පරිදි ඕවල් පිටියේ ටෙස්ට් තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය.


පතල් කුහරයෙන් හමුවූ ලවණ මිනිසා
2024 සැප්තැම්බර් මස 13 32 0

අතීතයේ පර්සියාව, අද ඉරානයයි. ඉරානයට ඇත්තේ ප්‍රෞඪ ඉතිහාසයකි. මීට වසර 30 කට පමණ පෙර, ඉරානයේ ලු‍ණු කැණීම් කළ පතලකින් ස්වාභාවිකව මමීකරණය වුණු මිනිස් සිරුරක ක


රාත්‍රී බංකරයේ හොර ඩියුටිය
2024 සැප්තැම්බර් මස 11 82 0

යුද පිටියේ නිදි වැරීම යනු, වෙඩි සද්ද තරමටම සුලබ දෙයකි. අවදානම වැඩිවත්ම, නිදිවැරීම ද වැඩිය. එසේ නොවන තැන්වල - ගෙදරට වඩා හොඳින් නිදාගන්න අය ද නැතුවා නොවේ.


මේවාටත් කැමතිවනු ඇති

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 24 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 114 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2163 2
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

Our Group Site