IMG-LOGO

2024 දෙසැම්බර් මස 22 වන ඉරිදා


සමාජ කියවීම කවිය තුලට ගෙනා තුරුණු කිවිඳිය

මෙරට කාව්‍ය ඉතිහාසයට වඩා වර්තමානය තුළ කිවිඳියන්ගේ භූමිකාව ප්‍රබල හා කැපීපෙනෙන්නක් බවට පත්වී ඇත. අනෙක් අතට කවිය පිළිබදව මෙන්ම සියලුම කලා මාධ්‍යයන් පිළිබඳව අප අතීතයෙන් ඔබ්බට ගොස් සිතිය යුතු කාලයක් උදාවී තිබේ. විශේෂයෙන්ම සෙසු කවි කවිදියන්ගේ නිර්මාණ සමග වර්තමාන නිර්මාණ සැසඳීම නොව එම නිර්මාණ තුළින් වෙනත් මානයන් මතු කර ගැනීම කළ යුතුය. 

ඕනෑම කලා මාධ්‍යයක කාලානුරූපීව සිදුවන වෙනස්කම් කෙරෙහි සාවධානව අවධානය යොමු කළ යුතුය. මේ සියල්ල පිළිබදව සිතමින් සිටින සමයක මා අතට පත් වූ කවිපොත “අඳුරේ සිට ලියමි” යනුවෙන් නම් දරා ඇත. නූතන කිවිදියක වන මදාරා පසඳනී ගුණවර්ධනගේ කාව්‍ය කෘතිය තුළ ඇය ප්‍රතිභාපූර්ණ කිවිඳියක වන බවට  සාධක සපයා ඇත. 

ඇය සිය නිර්මාණ තුළින් ඇය ආධුනික කිවිඳියක් නොවන බවට සහෘදයාට දැනෙන තරමේ කුසලතාවක් පෙන්වා තිබේ. ඇයගේ ඇතැම් කවි තුළ යම් දුර්වලතා තිබුණ ද, ඇයගේ කවි තුළ ඇති සාධනීය පැතිකඩ හි බර ඊට වඩා වැඩිය. ඇය සමාජය දකින්නේ පුළුල් වූ චිත්‍රයක් ලෙසය. ඇය සමාජයේ ජනප්‍රිය මතවාදවලින් ඔබ්බට ගොස් ජීවිතය දකින්නීය. ස්ත්‍රිය සමාජීය හා සංස්කෘතික කාරණා දෙස බලන සාම්ප්‍රදායික කෝණය වෙනස් කරමින් ඇය සමාජ හා සංස්කෘතික කාරණා දෙස බලයි. ඒ බව ඇයගේ කවි ඔස්සේ අපට විද්‍යා මාන වෙයි.

ඇයගේ කාව්‍ය සංග්‍රහය තුළ “මකන” ලෙස නාමකරණය කළ කවිය මා සිත් ගති. එම කවිය කෙටි වුවත් එහි අර්ථය තුළින් ජීවිතය පිළිබඳව වෙනත් මානයක් විවරකරයි.


වූ වැරදි හදාගන්නට
ආයෙ ආයෙම ඉඩ හසර ලබාදෙන විට,
නොදැනීම,
සියතින්ම,
සිය ජීවිතය මකාගෙන 
අහවරය මකන

ජීවිතයේ අතීතය පිළිබඳ තැවීමෙන්, අතීතයේ සිදුවූවායැයි සිතන වැරදි නිවැරදි කරගන්නට වර්තමානය හා අනාගතය තුළ ඉඩ ලබාදීමෙන් ජීවිතයේ වටිනාම කාලය අහිමි කරගනියි. පවතින මොහොත තුළ සතුටින් ජීවත් වීම පිළිබඳව ඇය අපට අදහසක් ලබාදෙන්නේ එලෙසිනි. ගෙවුණු අතීතයට නොඑළඹි අනාගතය හා පවතින වර්තමානය බිලිගන්නට ඉඩ නොදෙන්න යැයි ඇය අපට අදහසක් ලබාදෙයි. සරල වුවත් එම කවිය තුළ ඇති ජීවන දර්ශනයට මා කැමතිය. 

මාතර වෙරළ තීරයේ දී ලෙස ඇය ලියන කවිය තුළ ප්‍රේමයට වාරණ පනවන නීතියට ඇය කවියකින් බර අවියක් යොදා පහර දෙයි. පෙම්වතුන්ට අවසර නොමැති මාතර වෙරළ තීරය ගැන ඇය කතා කරන්නේ අතීත කතාවක් ගෙන හැර පාමිනි. කුවේණි විජයට ආදරය කියාදුන්නේ ද වෙරළ තීරයක් බව මතුකරමින් ඇය කියන්නේ, ශිෂ්ටාචාරයකට ආදරය උගන්නපු තැන වර්තමාන පෙම්වතුන්ට තහනම් කලාපයක් වීම පිළිබදව ඇය අවසානයේ  දී මෙලෙස ලියයි.

මකන්න පුළුවන් ද වෙරළකින් ආදරය,”
අත් නඟා මොරගා අහසට,
දූව පාමුල ගල් පරය මත හිඳ
කක්කුට්ටනි........!!!
දැන් එහෙම නොඅසන්න.......!!!!!

ප්‍රේම පිළිබඳව කටු තුඩක ප්‍රේමයට නොරිද්දන්න, රොබොරෝසියා හා ප්‍රේමය, ආදර මතක වත ආදී කවි තුළින් ප්‍රේමය පිළිබඳව වූ කිවිඳියගේ සංකල්පනා විවිධ වූ අත්දැකීම් හා වස්තු විෂයන් ඔස්සේ රචනා කර ඇත.

සිය කුලුඳුල් කාව්‍ය සංග්‍රහය තුළම ඇය පෙන්වන ප්‍රතිභාව ඇගයුම් කළ යුතුය. සියුම් නිරීක්ෂණ හා කියවීම්, අත්දැකීම් තුළින් ඇය ලබා ඇති පරිචය පැසසුම් සහගතය. සමාජ සංසිද්ධි ඇයගේ කවිය පෝෂණය කර ඇති බව ඇයගේ කවි කියවීමෙන් අපට පෙනී යයි. සමාජයේ වෙසෙන ගැහැනුන්  මුහුණ දෙන නොනිමි ජීවන අරගලය පිළිබදව ඇය අපූරු කවියක් රචනා කරයි. ඇයගේ එම කවියට වස්තු විෂය වී ඇත්තේ කුඩා දියණියකගේ සිතුවිලිය. ඇයගේ සිතුවිලි තුළින් කිවිඳිය මතු කරන්නේ ඒකීය චක්‍රයක ගමන් ගන්නා ජීවිතය පිළිබඳවයි. කාන්තාවක් ජීවිත කාලය තුළ අත්විඳිනා ආර්ථික අභියෝගය, ඊට මුහුණ දෙමින් දරුවන් රැකබලාගැනීම. නිවසේ කටයුතු කිරීම ආදී වූ ගැහැනියකට පැවරෙන යුතුකම් හා වගකීම් හමුවේ ඇය පත්වන ජීවන වෙහෙස පිළිබදව ඇයට ඇත්තේ සානුකම්පිත හැඟීමකි. 

අනාගතේ කැමති කවුරු වාගේ වෙන්න ද
හෙට එද්දි වාක්‍ය රචනයක් 
ඒ ගැන ලියාගෙන එන්න
ගුරුතුමී කියලා, දෝණි ලියූ රචනය මිතුරනි මෙන්න

මං කැමතියි ලොකු වුණාම ඔෆිස් යන්න,
ඇවිත් කකුල් උඩ තියාගෙන ටීවී බලන්න,
මං අකමැතියි අම්මා වාගේ මහන්සි වෙන්න,
වැඩට යන්න, උයන්න, රෙදි හෝදන්න, මදින්න..........

තව මං අකමැති,
ලොකු වෙලත් හෝම් වර්ක් කරන්න
හරි අමාරුයි අම්මා කෙනෙක් වෙන්න

කාටද පුළුවන්, උදේ ඇන්ද සාරිය පිටින් හවසත් 
අඬන නංගි තනි උරේට නළව නළවා, 
අඬන කේතලෙන් තේ හදන ගමන් උයන්න,

ඒ නිසා මට ඕන නෑ ලොකු වෙලා,
අම්මා කෙනෙක් වෙන්න..........
ඒ නිසා මං කැමති, 
ලොකු වෙලා තාත්තා කෙනෙක් වෙන්න.

මවගේ ජීවන චර්යාව හා පියාගේ ජීවන චර්යාව සසඳන කිවිඳිය කුටුම්භගත ජිවිතය පිළිබඳව වෙනත් දෘෂ්ටයකින් කවිය රචනා කරයි. එම කවිය සංකල්පරූප මැවෙන කවියකි. නමුත් එහි භාෂාව අති සරලය. අති සරල භාෂාව එම කවියේ වස්තු විෂයට ගැළපෙන නමුත්, එහි කාව්‍යයොක්ති නොමැතිය. කාව්‍යාලංකරණ නොමැතිය. ඇය මෙම කවිය ඔස්සේ විවරණය කරනුයේ දකුණු ආසියාතික ගැහැනියගේ ජීවිතය යැයි පැවසිය හැකිය. රන් සලඹ හා අදිසි විලංගු කවිය තුළ ද ඇත්තේ එවැනිම සංස්කෘතික විලංගුව එසේත් නැතිනම් සම්ප්‍රද‌ාය නම් යදමින් බැඳ ඇති ආසියාතික ගැහැනියගේ ජීවිතයේ කතාවයි. පෙර මා සදහන් කළ දෝණිගේ රචනාව කවිය මෙන්ම ඇය මෙම කවිය තුළ ද උතුම් මව් පදවිය නමැති ධූරයෙන් හා බිරිඳ යන සංස්කෘතික බැඳීමෙන් සිරකොට ඇති ආසියාතික ගැහැනිය පිළිබඳව පුළුල් ලෙස කතා කරයි. ඇයගේ එම කවිය ඉතා සාර්ථක කවියක් ලෙස දැක්විය හැකිය. 

දැන් ඔබට හැකිය.....
ගෞරවනීය ඔල්වරසන් නාද මැද්දේ,
දහදුක් විඳින්න,  
බත් තම්බන්න,
හීන ඉර ඉරා ළිප ගිනි මොළව මොළවා
කුස්සි මුල්ලක, දුම් වැදී කළුවෙන්න......

සිරි ලාංකීය සංස්කෘතිය,
ගැහැනියකගේ යුතුකම් සම්හාරය.....
තුන්වේල උය උයා බත් එළවලු
සෞඛ්‍ය ගොඩ නඟන ආකාරය,
ගෙදර බුදුන් අම්මා විරුදාවලී නාමය,
එහෙව් අම්මලා නිසයි 
රැකෙන්නේ රට ජාතිය...

මේ එම දිගු කවියෙන් කොටසකි. එම කවිය ඇය අවසාන කරන ආකාරය අගය කළ යුතුය.  

පිං කැටය හා වාමන රූපය කවිය උත්ප්‍රාසාත්මක කවියකි. ඇය එතුළින් ආගමික සංස්ථාව දෙස යම් උපහාසය මුසු දෘෂ්ටියක් හෙළා ඇත. එම කවිය ආගමික සංස්ථාවල අනුගමිකයන්ට තරමක් රිදුම් සහගත කවියක් විය හැකිය. නමුත් කාව්‍ය ලක්ෂණ දෙස බැලීමේ දී මිශ්‍ර භාෂා භාවිතය, ධ්වනිතාර්ථවත් වදන් භාවිතය දැකිය හැකිය. සරල භාෂාවකින් වුවත් ඇය මතු කරන කාව්‍යමය අදහස සිත් ගන්නා සුලුය.

සුදු පාට බිත්තියක එල්ලුණු
වාමන රූපයකි,
අප දෙස කට අයාගෙන සිටින,
සද්ද ඇහෙන්නට ගිලින්නට අකමැති,
සද්ද බද්ද නැති බර නෝට්ටුම ගිලින්නට කැමති...

ඉතිං වාමන භවනෙන්,
ඩයලොග් ටීවී, තසිම් ගුවනට නැංවෙයි.
ආවාස කුටිවලින් ෆෑන් එළියට විසිවෙයි
ඒසී මැෂින්, බිත්ති පහුරු ගා,
බදා ඉහළට නැංවෙයි 

ඉස්තරම් ටයිල් ද, කර්ට්න් ද 
නෙත පිනවමින් සුව දෙයි....
ඒ පින්බිම ම සනහා 
වයිෆයි තරංග දහරා ද 
රවුටර් හිසින් විසිරෙයි... 

මදාරා තරුණ කිවිඳියක් ලෙස සිය පළමු කෘතිය තුළම ඇයගේ ප්‍රතිභාව පෙන්නුම් කර ඇත. ඇයට ලාංකේය කාව්‍ය ක්ෂේත්‍රය තුළ කිවිඳියක් ලෙස ඇයගේ ගමන් මග සනිටුහන් කළ හැකි ලක්ෂණ ඇයගේ කවි තුළ විද්‍යා මාන වෙයි. ඇය සිය ජීවන ගමන් මග තුළ ලබාගන්නා ඉදිරි අත්දැකීම් ඇයගේ අනාගත කවිය තවත් පෝෂණය කරන බව විශ්වාසය.


නවෝද්‍යා ජයවික්‍රම


 



අදහස් (0)

සමාජ කියවීම කවිය තුලට ගෙනා තුරුණු කිවිඳිය

ඔබේ අදහස් එවන්න

තක්සලාව

ක්‍රීඩා අමාත්‍යංශයේ දැක්ම සාකච්ඡාව සැලසුම් : තහනම් වචනය මුදල්
2024 දෙසැම්බර් මස 18 18 0

ක්‍රීඩා අමාත්‍යාංශයේ ගිණුම් හිස්වීමෙන් මේ වන විට ජාතික ක්‍රීඩා සංගම් බහුතරයකට අඩු තරමින් එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමත් ප්‍රශ්නකාරීවී තිබේ.


සුදු පන්දුවේ සාර්ථකත්වය සොයායමු
2024 දෙසැම්බර් මස 18 28 0

දකුණු අප්‍රිකාව සමග පැවති ටෙස්ට් තරගාවලිය 2-0 කින් පරාජයට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම, මේ වනවිටත් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.


අවසන් නිවාඩුවට පෙර අවසන් සමුගැනීම
2024 දෙසැම්බර් මස 17 66 0

තම සැමියා දෙගිඩියාවෙන් යුතුව වුවද රාජකාරියට වාර්තා කිරීමට සූදානම් වෙද්දී - දීපා තවදුරටත් ඔහුගේ ගමන වළකාලීමට උත්සාහ නොකළාය.


‘හෝමෝ ’ මානවයාට මොකද වුණේ ?
2024 දෙසැම්බර් මස 17 48 0

මානව පරිණාම ක්‍රියාවලිය ඉතාමත් සංකීර්ණ එකකි. එම සංකීර්ණ මානව පරිණාම ක්‍රියාවලියේ නව පරිච්ඡේදයක් ලිවීමට චීන විද්‍යාඥයන්ට දැන් හැකි වී තිබේ.


හැදෑරීම් තුළින් නිර්මාණ කරනවා නම් වැඩි වටිනාකමක් ලැබෙනවා - ප්‍රවීණ රංගන ශිල්පිනී ගයනි ගිසන්තිකා
2024 දෙසැම්බර් මස 11 30 0

ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය තරුපති මුණසිංහ රචිත ‘ශබ්ද මානවවංශවේදය’ සහ ප්‍රවීණ රංගනවේදිනී ගයනි ගිසන්තිකා රචිත‘ගලන දියේ හංගා’ කෘති ද්විත්වය දෙසැම්බර් ම


අපේ රටට තාමත් ශබ්ද මානව වංශවේදය ආගන්තුක විෂයක් - ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය තරුපති මුණසිංහ
2024 දෙසැම්බර් මස 11 38 0

ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය තරුපති මුණසිංහ රචිත ‘ශබ්ද මානවවංශවේදය’ සහ ප්‍රවීණ රංගනවේදිනී ගයනි ගිසන්තිකා රචිත‘ගලන දියේ හංගා’ කෘති ද්විත්වය දෙසැම්බර් ම


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 39 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 30 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site