IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


සිතිජය ජයගත් ‘පොලාරිස් ඩෝන්’


බිලියනපති ඉලොන් මස්ක් ගේ ‘ස්පේස් එක්ස්’ සමාගම, ඇමෙරිකාවේ නාසා ආයතනය සමග එක් වී, නාසා ගගනගාමීන් අභ්‍යවකාශයට රැගෙන යෑමත් ඔවුන් ආපසු රැගෙන ඒමත් සිදු කරයි. ඊට අමතරව, ‘ස්පේස් එක්ස්’ සමාගම ගගන සංචාර ද ආරම්භ කර ඇත. අතමිට සරු ඕනෑම කෙනකුට, ගගනගාමියකු ලෙස කෙටි පුහුණුවක් ලබා ගැනීමෙන් පසු, ‘ස්පේස් එක්ස්’ සමාගමේ ගගන සංචාරවලට එක් වී අභ්‍යවකාශයට ගොස් අමතක නොවන, අපූරු අත්දැකීමක් ලබාගත හැකිය.

පසුගිය සැප්තැම්බර් 10 වැනිදා ‘ස්පේස් එක්ස්’ සමාගම තවත් සුවිශේෂී අභ්‍යවකාශ මෙහෙයුමක් ආරම්භ කළේය. මෙම මෙහෙයුම ‘පොලාරිස් ඩෝන්’ය. Polaris Dawn ගගනගාමීන් ලෙස කෙටි කාලීන පුහුණුවක් ලැබූ අභ්‍යවකාශ සංචාරකයන් සිවු දෙනකු අභ්‍යවකාශයට ගෙන යෑම සහ ආපසු රැගෙන ඒම මෙම ‘පොලාරිස් ඩෝන්’ මෙහෙයුමය. මීට පෙර ‘ස්පේස් එක්ස්’ සමාගම ඔවුන්ගේ ‘ෆෝල්කන් 9’ රොකට්ටු සහ ‘කෲ ඩ්‍රැගන්’ ගගන කැප්සියුල භාවිතයට ගනිමින්, ගඟන සංචාරකයන් ඉහළ අභ්‍යවකාශයට ගෙන ගොස්, ශුන්‍ය ගුරුත්වයේ සිට ඔවුන්ට අභ්‍යවකාශය දකින්න සලස්වා ආපසු පහළට රැගෙන ආවා පමණි. ඒත්, ‘පොලාරිස් ඩෝන්’ මෙහෙයුම සුවිශේෂී එකක් විය. එය ගගන සංචාර කටයුතුවලදී තවත් පියවරක් ඉදිරියට තැබීමකි. ‘පොලාරිස් ඩෝන්’ මෙහෙයුමේදී ස්පේස් එක්ස් සමාගම, ගගන සංචාරකයන් සිවු දෙනා පෘථිවි කක්ෂයේ කිලෝමීටර් 1,400ක් ඈතට රැගෙන ගොස්, ඔවුන්ට ‘කෲ ඩ්‍රැගන්’ ගගන කැප්සියුලයෙන් පිටතට අභ්‍යවකාශයට එබිකම් කිරීමට ඉඩ සලසා දුන්නේය. 

‘පොලාරිස් ඩෝන්’ මෙහෙයුම සඳහා සම්පූර්ණ වියදම, ‘ස්පේස් එක්ස්’ සමාගම පමණක් නොව, මෙහෙයුමට ගගන සංචාරකයකු ලෙස සම්බන්ධ වී සිටි බිලියනපති ව්‍යාපාරික ජැරෙඩ් අයිසැක්මන් විසින් ද දරනු ලැබීය. අයිසැක්මන් මීට පෙර ද ‘ස්පේස් එක්ස්’ සමාගම සමග එක් වී ගගන සංචාරකයකු ලෙස අභ්‍යවකාශයට ගිය අයෙකි. ‘පොලාරිස් ඩෝන්’ මෙහෙයුමට නායකත්වය දුන්නේ ඔහුය. ‘පොලාරිස් ඩෝන්’ මෙහෙයුමට එක් වී අභ්‍යවකාශයට එබිකම් කළ සෙසු තිදෙනාගෙන් දෙදෙනකු කාන්තාවෝය. මෙහෙයුමේ ප්‍රධාන නියමුවා ලෙස කටයුතු කළේ ස්කොට් පොටීට් ය. මොහු ඇමෙරිකන් ගුවන් හමුදා නියමුවෙකි. මොහු ජැරෙඩ් අයිසැක්මන්ගේ මිතුරෙකි. මෙහෙයුමට එක්වුණු කාන්තාවන් දෙදෙනා සේරා ගිල්ස් සහ ඇනා මෙනොන් ය. මොවුන් දෙදෙනා ‘ස්පේස් එක්ස්’ සමාගමේ ඉංජිනේරුවන්ය. අයිසැක්මන්ට ගගන සංචාර අලු‍‍ත් දෙයක් නොවුණත්, සේරා ගිල්ස් සහ ඇනා මෙනොන් සහ ස්කොට් පොටීට් මීට පෙර අභ්‍යවකාශ සංචාරවල නියැළී තිබුණේ නැත. ‘ස්පේස් එක්ස්’ සමාගම, නාසා ආයතනය සමග හවුලේ කටයුතු කරන බැවින්, ‘පොලාරිස් ඩෝව්න්’ මෙහෙයුම ආරම්භ වූයේ ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදයේ නාසා ආයතනයට අයත්, කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි. ගගන සංචාරකයන් සිවුදෙනා සහිත ‘කෲ ඩ්‍රැගන්’ ගගන කැප්සියුලය, උඩු ගුවනට රැගෙන ගිය ‘ෆෝල්කන් 9’ රොකට්ටුව දෝෂ රහිත විශ්වාසවන්ත රොකට්ටුවක් ලෙස නාසා ආයතනයේ ද පිළිගැනීමය.

‘කෲ ඩ්‍රැගන්’ කැප්සියුලය සුපුරුදු පරිදි රොකට්ටු මුදුනේ සවි කර තිබුණි. රොකට්ටුව ගුවන්ගත වී, ඉහළට ඇදී යද්දී, අදියරෙන් අදියර, එහි තෙරපුම් ඇන්ජින් ක්‍රියාත්මක විය. ඒ අනුව, පෙර සැලැසුම් කළ පරිදි, රොකට්ටුවේ කොටස් එකිනෙක ගැලවී පහළට වැටුණි. (මුහුදට වැටුණු මෙම කොටස් ද යළි භාවිතයට එකතු කරගැනීම සිදු විය.) අවසානයේ ඉතිරි වූ, ‘කෲ ඩ්‍රැගන්’ කැප්සියුලය පෘථිවි ගුරුත්වාකර්ෂණ බලයෙන් මිදී පෘථිවි කක්ෂයේ කිලෝමීටර් 1,400ක් ඈතට ගමන් කළේය. 

මීට පෙර ගගනගාමීන් පිරිසක් පෘථිවි කක්ෂයේ මෙතරම් දුරකට ගගන කැප්සියුලයකින් ගමන් කළේ නම්, ඒ සඳ බලා ගිය ඇපලෝ මෙහෙයුම්වලට සම්බන්ධ ගගනගාමීන් පමණක් යැයි නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක සඳහන් විය. දින කිහිපයක් අභ්‍යවකාශයේ ගත කිරීමෙන් අනතුරුව, එකිනෙකා අභ්‍යවකාශයට එබිකම් කිරීම ඇරැඹිණි. ගගනගාමීන් සිවුදෙනා සඳහා දින කිහිපයකට අවශ්‍ය සියලු‍‍ පහසුකම් කැප්සියුලය තුළ තිබුණි. මුලින්ම කැප්සියුලයෙන් පිටතට එබිකම් කළේ අයිසැක්මන් ය. ඒ අනුව, පෞද්ගලික ගගන සමාගමක මෙහෙයුමක් සමග එක් වී, ගගන සංචාරකයකු ලෙස අභ්‍යවකාශයට එබිකම් කළ පළමු පෘථිවිවාසියා වීමට අයිසැක්මන් සමත් විය. 

ගගන ඇඳුමින් සැරැසී සිටි අයිසැක්මන්, කැප්සියුලයෙන් පිටත අභ්‍යවකාශයට එබිකම් කරද්දී, හෙල්මට්ටුවේ සවි කළ කැමරාවෙන් එම දසුන් සජීවීව පෘථිවියට ලැබුණි. ස්පේස් එක්ස් සමාගම එම දසුන් එක්ස් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ලොව සැමට නැරැඹීමට අවස්ථාවක් උදා කර දුන්නේ, අයිසැක්මන් ගේ දෑසින්, අභ්‍යවකාශය දකින්න සලස්වමිනි. එක්ස් සමාජ මාධ්‍ය ජාලය අයත් වන්නේ ද ස්පේස් එක්ස් හිමිකරු ඉලොන් මස්ක්ටය. ඩ්‍රැගන් කැප්සියුලයේ පිටතින් ද කැමරා සවි කර තිබුණු අතර, ඒවායින් ද ලබා ගත් දසුන් සජීවීව එක්ස් සමාජ මාධ්‍ය හරහා විකාශය කෙරුණි. අයිසැක්මන් සහ කණ්ඩායමේ සෙසු සාමාජිකයන්ටත්, පෘථිවිවාසී සියලු‍‍ දෙනාටත් එය සුවිශේෂී අත්දැකීමක් විය. 

සියලු‍‍ ගගන සංචාරකයෝ ද අයිසැක්මෙන් සේම, විනාඩි 12ත් 15ත් අතර කාලයක් අභ්‍යවකාශයට එබිකම් කළහ. එසේ කළේ රැහැන් ආධාරයෙන් කැප්සියුලය හා සම්බන්ධ වෙමින් සිටියදීය. සියලු‍‍ කටයුතු අවසන් වීමෙන් පසු, ‘කෲ ඩ්‍රැගන්’ කැප්සියුල, එහි එන්ජින් පණ ගන්වා, තෙරපුම් පද්ධති ක්‍රියාත්මක කර, යළි පෘථිවිය බලා පැමිණියේය. කැප්සියුලය පෘථිවි වායුගෝලයට ඇතුළු වූයේ ගිනි ගෙන දැවෙමිනි. කැප්සියුලයේ තාප ආවරණ ඇතුළේ සිටි ගගන සංචාරකයන් සිවුදෙනා ආරක්ෂා කළේය. ‘කෲ ඩ්‍රැගන්’ කැප්සියුලය ෆ්ලොරීඩා වෙරළට ඔබ්බෙන් අත්ලාන්තික් සාගරයට පතිත කෙරුණේ යෝධ පැරෂූට් ආධාරයෙන් වේගය අඩාළ කිරීමෙනි. ගගනගාමී සංචාරකයන් සිවුදෙනා පැමිණෙන තුරු ඇමෙරිකන් නාවික හමුදාව සූදානමින් සිටියේය.

ස්තුතිය - නාසා ආයතනයට

  • ලු‍‍සිත ජයමාන්න

 



අදහස් (0)

සිතිජය ජයගත් ‘පොලාරිස් ඩෝන්’

ඔබේ අදහස් එවන්න

තක්සලාව

’’ අඩ නින්ද කන පළයි තද නින්ද බෙලි කපයි ’’
2024 සැප්තැම්බර් මස 30 16 0

යුදබිමේ බංකරයක රාජකාරි කිරීමේ දී වාසි - අවාසි දෙකම සැලසේ. හොඳ ශක්තිමත් නිවැරදි තාක්ෂණයට තැනූ බංකරයක, සතුරු වෙඩි හා මෝටාර් ප්‍රහාරවලට ඔරොත්තු දීමේ හැකි


සිතිජය ජයගත් ‘පොලාරිස් ඩෝන්’
2024 සැප්තැම්බර් මස 30 7 0

බිලියනපති ඉලොන් මස්ක් ගේ ‘ස්පේස් එක්ස්’ සමාගම, ඇමෙරිකාවේ නාසා ආයතනය සමග එක් වී, නාසා ගගනගාමීන් අභ්‍යවකාශයට රැගෙන යෑමත් ඔවුන් ආපසු රැගෙන ඒමත් සිදු කරයි


මරදානේ පරණ පොත් කඩ වීදියේ දවසක්
2024 සැප්තැම්බර් මස 24 61 0

ඉඩෝරයක් අවසන් වී මහ වැස්සක් ඇදහැලෙන තෙක් ගොවියෝ ආසාවෙන් බලා සිටින්නේ ඊළඟ කන්නයේදී කුඹුරක් හෝ වගාවක් කරගෙන අස්වැන්නක් ලබා ගැනීම සඳහාය.


තරුණ හා ළමා පරපුරේ කියවීමේ රුචිය නැංවීම
2024 සැප්තැම්බර් මස 24 32 0

පොත් අපේ හොඳම මිතුරෝ ය. එනිසා හොඳම මිතුරන් ඇසුර නරක මිතුරන් ඇසුරට වඩා හැමතින් ම යහපත් ය. මේ යහපත්කම කෙමෙන් සමාජයෙන් අඩු වෙමින් පවතින බවට චෝදනාවක් පවතී.


නිවැරදි දැක්මක සාර්ථක අස්වනු
2024 සැප්තැම්බර් මස 21 45 0

“ටෙස්ට් තරගයකදී ගොඩක් වෙලා පන්දු රැක්කොත් කඩුලු‍ රකින්නා කියන්නේ ලොකු වගකීමක් තියෙන තැනක්. වැඩි වෙලාවක් පන්දු රැක්කොත් අංක තුන බැට් කරන්න හරි අමාරුය


ලේඛිකාවන් තිදෙනෙකුගෙන් පොත් පොකුරක්
2024 සැප්තැම්බර් මස 21 50 0

තනූජා ලුම්බිණි තඹවිට රචිත ‘‘ ඇත්තටම අපි රෑට කන්නෙ මොනවද’’ නමින් කවි පොතක් ඉකුත්දා එළිදැක්වූ අතර මෙහි ආදරය, විවාහය, කූටුම්භ ජීවිතයේ ස්ත්‍රී පුරුෂ භූමික


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38256 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25200 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 852 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site