IMG-LOGO

2025 ජනවාරි මස 05 වන ඉරිදා


සිහින යථාර්තයක් කරගත් ධනුෂ්ක සේනාධීර

දුර්වල මිනිසුන් වාසනාව සොයා යද්දි බොහෝ  දිරියවන්ත මිනිසුන් සොයා යන්නේ අවස්ථා පමණි, කියන වදන ඔබ අසා ඇති. ජීවිතය යන සිදුවීම් සමුදාය තුළ අවස්ථාවන් සොයා යමින් ජීවිතය සාර්ථක කරගත් මිනිසුන්ගේ විවිධ චරිත කතා ඔබ කියවලා ඇති. සාර්ථකත්වය වේගවත් කරගත් මිනිසුන්ගේ කතා කියන්නෙම ඔබේ සාර්ථකත්වයත් වේගවත් කරගත හැකි හොඳ Tool එකක් කිව්වොත් හරි. මොකද ඒ හැම චරිතයකම තියෙන්නේ අත්දැකීම්. මේ කතාවත් වාසනාව සොයා නොගොස් අවස්ථා සොයා යමින් ප්‍රතික්ෂේප වීම් දරාගෙන කුඩා කල දුටු සිහින ජීවමාන යථාර්ථයක් බවට පත්කර ගත් මිනිසුන් අතර අද ඔබ හොඳින් හඳුනන තරුණයකුගේ කතාවකි. 

අපේ කතානායකයා වන්නේ  ලංකාවේ ඡායාරූපශිල්ප (Photography) ක්ෂේත්‍රයේ අද වෙන විට ඉහළින්ම නමක් තබා සිටින ප්‍රවීණ ඡායාරූප ශිල්පී ධනුෂ්ක සේනාධීරයි. 

 ධනුෂ්ක සේනාධීර වෙනුවෙන් වෙන් වුන කොළඹ වරාය නගරයේ මුහුදු යාත්‍රාවක් (යොට් එකක්) තියෙනවද? 

ඔව්. මේක ධනුෂ්ක සේනාධිර වෙනුවෙන්ම වෙන්වුන මුහුදු යාත්‍රාවක්. වෙඩින් ඡායාරූප ශිල්පියෙක් වෙනුවෙන්ම වෙන්වුන මුහුදු යාත්‍රාවක් තියේ නම් ඒ මේ යාත්‍රාව කිව්වොත් හරි. මම මුල ඉඳලාම උත්සාහ කළේ අලුත් දේවල් කරන්න. අලුත් අත්දැකීම, අලුත් මනාල යුවලවලට අත්විඳින්න දෙන්න මට ඕනෑ වුණා. කොළඹ වරාය නගරයේ මුහුදු යාත්‍රාවක් (යොට් එකක්) මගේම කියලා එකක් වෙන් කරලා තියෙන්නේ ෆොටෝ ෂූට්වලට, වෙඩින් ෆන්ෂන් වලට. එකත් ලංකාවේ පළමු වතාවට තමයි සිදු වෙන්නේ.

 ලංකාවේ  ප්‍රකට වෙඩින් වල මනාල යුවලට අමතරව අනිවාර්යෙන්ම ඉන්න චරිතයක් තමයි ධනුෂ්ක සේනාධිර. කලාව, ක්‍රිකට්, VIP වෙඩින් උත්සව පැවැත්වෙන හැම තැනම ඉන්නේ ඔබ...

ඇත්තටම කලාකරුවන්, ක්‍රීඩකයින්, ප්‍රභු පවුල් රැසකගේ විවාහ උත්සව මංගල ඡායාරූපගත කරලා තියෙන්නේ මම. දිමුත් කරුණාරත්න, කුසල් ජනිත්, පුබුදු - මාෂි, දිනක්ෂි - සාරංග,  විනු - නිපුනිකා, කාවිංග පෙරේරා, තිසුරි ඒ වගේම බොහෝ කලාකරුවන්ගේ

වගේම  දහම් සිරිසේන, යෝෂිත රාජපක්ෂ. නාමල් රාජපක්ෂ. ලංකාවේ ජනාධිපතිවරු  පුතුන් තිදෙනෙකුගේම මංගල ජායාරූපරණය කළේ මම.

ලංකාවේ හිටපු ජනාධිපතිවරු දෙදෙනෙකුගේම පුතුන්ගේ විවාහ උත්සව මංගල ඡායාරූපකරණය කළේ මම

 මේ අයගේ වෙඩින් වල ඡායාරූප ශිල්පියා ලෙස ඔබට පත්වෙන්න අවස්ථාව ලැබෙන්​නේ කොහොම ද? 

ඒකට හොඳම උදාහරණය කියන්නම්. නාමල් රාජපක්ෂගේ වෙඩින් එකේ මට බුකින් එක දාලා තිබුනේ ලක්ෂ්මන් - ලිමිනි කියලා. නාමල් ලක්ෂ්මන් රාජපක්ෂ තමයි ඇත්තම නම. වෙඩින් එකට මාසෙකට කලින් අපි කතාබහ කරගන්න කපල් එකට එන්න කියනවා. ඒ තැනදි තමයි මම දැනගත්තේ ලක්ෂ්මන් කියන්නෙත් නාමල් රාජපක්ෂ කියලා. එතෙක් මේ බුකින් එක දාලා තියෙන්නේ නාමල් රාජපක්ෂගේ වෙඩින් එකට කියලා මම දැනන් හිටියේ නැහැ. 

නාමල් රාජපක්ෂගේ හම්බන්තොට තිබුණු වෙඩින් එකේ මට කියලා තිබුනේ ගෙස්ට්ලා 2000ක් කියලා.  මගේ කණ්ඩායමේ 24 ක් රෙඩි කරන් තියාගෙන හිටියා.  ගියාට පස්සේ ගෙස්ට්ලා 4000 ත් පැනලා හිටියා. අන්තිමට කපල් එකේ ඡායාරූප ගන්න වුණෙත් ගෙස්ට්ලා අස්සේ තෙරපි තෙරපි. හරිම අපහසුවෙන්. 

ඒ වගේම කාලයක් තිස්සේ ප්ලෑක් කරපු දෙයක් තමයි පුබුදු - මාසිගේ ෂුට් එක. ප්‍රී ෂුට් කලාව ලංකාවේ ජනප්‍රිය වෙන්න එක හේතුවක් තමයි මම කරපු නටාෂා - ප්‍රිහාන්ගේ ෂුට් එක. අකිල ධනුද්දර සහ, පුබුදු මාෂි ගේ ෂුට් එකත් ගොඩාක් ජනප්‍රිය වුණා.

 ධනුෂ්කගෙන් සේවාවක් ලබා ගන්න කැමති කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔබට කියලා මංගල දිනය ඡායාරූප ගත කරන්න පුළුවන් ධනවතුන්ටම  විතර ද  කියලා. 

මට ගොඩාක් ම ලැබෙන්නේ VIP වෙඩින්. ඒත් මම මා ළඟට එන ඕනෑම කෙනෙකුට සේවය උපරිමයෙන්ම දෙනවා. ඒකට තත්ත්වය, තරාතිරම බාධාවක් නැහැ. මට එන වෙඩින් වැඩි නිසා සමහර උත්සව අවස්ථා මඟ ඇරෙන්න පුළුවන්. 

 වර්තමානය වෙන විට VIP වෙඩින් මංගල ඡායාරූපකරණය ගත්තාමත් ඉදිරියෙන්ම සිටින නම තමයි ධනුෂ්ක සේනාධිර.

මුලින්ම මම VIP වෙඩින් වෙඩින් එකක් කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මාගේ නංගිගේ පුතාගේ වෙඩින් එක. ඊට පස්සේ කළේ කෙහෙළිය රඹුක්වැල්ල ගේ පුතා රමිත රඹුක්වැල්ලගේ  වෙඩින් එක. ඊට පස්සේ ශැන්ග්‍රිලා හොටෙල් එකේ ගත්ත පළමු වෙඩින් එකත් මංගල ඡායාරූපකරණය කරන්න අවස්ථාව ලැබුණෙත් මට. ඒක පසඳ යාපා අබේවර්ධනගේ වෙඩින් එකේ. ඊට පස්සේ වොග් ජුවලස් එකේ දුවගේ වෙඩින් එක, රයිගම් ආයතනයේ දුවගේ වෙඩින් එක, ඒ වගේම USA  ලොස් ඇන්ජලීස්වල බරපතළතම වෙඩින් එකක් කළා රයේෂා - තිරස කියලා යුවළකගේ. ඒ වගේ VIP වෙඩින් ගොඩාක් මට කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඊට පස්සේ  දහම් සිරිසේන, යෝෂිත රාජපක්ෂ, නාමල් රාජපක්ෂ ලංකාවේ හිටපු ජනාධිපතිවරු දෙදෙනෙකුගේම පුතුන්ගේ විවාහ උත්සව මංගල ඡායාරූපකරණයට මට අවස්ථාව ලැබුණා.

 ඒ ඔහුගේ වර්තමානයයි. එහෙත් ඔහුගේ අතීතය මේ තරම්ම ආදරණිය සුන්දර නැත. ප්‍රතික්ෂේප වීම්, අසමත්වීම්වලින් පසුවත් කෙනෙකුට හිතෙනවානම් අත්හැරිය යුතුයි කියලා, ධනුෂ්කට අනුව නම් එය විහිළුවක්ය.  ඔහුගේ ජීවිතේ ලද ප්‍රතික්ෂේප වීම් අසමත් වීම් සහ ඔහුව නොපිළිගැනීම් පිළිබඳව ඔහු සිතන්නට දුක්වෙන්නට ගියානම් අද ඔහු ලංකාවේ ඡායාරූපකරණයේ ප්‍රකට දක්ෂයකු නොවන්න තිබුණි. ඇත්තටම මේ ගමන එන්න කොයිතරම් බාධක විඳින්න වුණා ද?

මම ඉපදෙන්නේ කොළඹ පන්නිපිටියේ. අම්මා පන්නිපිටියේ ‍තාත්තා මහරගම. පාසල් ගියේ ප්‍රාර්ථමික අධ්‍යාපනය හැදෑරුවේ කොට්ටාව උතුර ධර්මපාල විද්‍යාලයෙන්, උසස් අධ්‍යාපනය ලැබුවේ ඉසිපතන විද්‍යාලයෙන්.  

ෆොටොග්‍රැෆි කියන දේ මගේ ඇඟේ තිබුණා පොඩි කාලේ ඉඳලාම. පොඩි කාලේ අම්මලා එක්ක ට්‍රිප් ගිහින් ආවම ෆොන් එකෙන් ගන්න පින්තූර වලින් මම ඇල්බම් හැදුවා. ඒකට කිසිම දැනුමක්වත් තිබුණේ නැහැ. හැබැයි ආසාවට ඇල්බම් හදලා ගෙදර අයට යාළුවන්ට පෙන්නවා. ඒ ෆෝන් එකට කැමරාව ආව මුල්ම කාළේ.  ඒව තාම අපෙ අම්ම ගාව තියනවා.  ඒ තරම් ඡායාරූ ශිල්පියෙක් වීමේ උණක් තිබුණා. හැබැයි කැමරාවක් ගන්නවත් අතේ සල්ලි තිබුණේ නැහැ.  වෙඩින් ඡායාරූපකරණයට එන්න උදව් කරන්න කවුරුත් හිටියේ නෑ. මගේ දක්ෂතාව තිබුණාට ඒක පෙන්නන්න මට කැමරාවක් තිබුණේ නැහැ.  මට කෙනෙකුට පෙන්න කරපු වැඩ තිබුණෙත් නෑ .මම දන්න හිතවත් ෆොටෝග්‍රැෆි යාළුවෝ හොයාගෙන ගිහින්  මම  කියනවා ‘‘අනේ පුළුවන් මාව වෙඩින් වලට යද්දි එක්ක යන්න. ඉගෙන ගන්න ආසයි’’ කියලා. සමහර අය හිටියා කැමරාව අල්ලන්නවත් දුන්නෑ. මම ගිය එක වෙඩින් එකක කැමරාමන්ගේ කැමරාව අල්ලලුවා කියලා මාව වෙඩින් එකෙන් දොට්ට දැම්මා . මම කැමරාවේ සෙටින්ස් වෙනස් කළා කියලා. 

සමහර දවසට  ත්‍රිවිල් එකක යන්නවත් සල්ලි නොතිබුණු දවස් තිබුණා. කුලියට කැමැරාවක් ගන්න සල්ලි නැතුව හිටපු දවස් තිබුණා. කැමරාවක් අල්ලන්වත් නොදිපු අය හිටියා. හැබැයි අතෑරියේ නෑ. අද ලංකාවේ වෙඩින් ඡායාරූපකරණයේ ඉහළම තාක්ෂණය සහ අංක එකේ ටීම් එක ඉන්නේ මට.

මම ඉස්සර දන්න හිතවත් ෆොටෝග්‍රැෆර්ස්ලගේ පස්සෙන් ගිහින් කියනවා ‘‘අයියේ වෙඩින් එකක් තියෙන කොට කියන්න. මමත් එන්නම්’’ කියලා. ඒ වගේ එක අවස්ථාවක කෙනෙක් කීවා ‘‘මල්ලි, හෙට නුවර වෙඩින් එකක් තියෙනවා, මට ඇසිස්ටන් කෙනෙක් නැහැ. ඔයාට පුළුවන් නම් එන්න. ඔයාට ආවොත් ෆොටෝ ටිකක් ගහල බලන්න පුළුවන්’’ කියලා.  

ෆොටෝ ගන්න තියෙන ආසාවට මම එදා කොළඹින් ගියේ රෑ 12.00 ට. එහෙම කටු කාපු අවස්ථා ගොඩාක් තියෙනවා.  

තාත්තට ඕනැ වුණේ එයාගෙ ගාමන්ට් එකට සම්බන්ධ කරලා ඒක කරගෙන යන්න කියන්න. අම්මා ඒ දවස් වල හරියට බැන්නා ඔය ෆොටෝ ගහන කෙරුවාව පැත්තකට දාලා රස්සාවක් කරන්න කියලා. බෑ කියලා අතාරින්න හිතුන අවස්ථා අනන්ත හිතුණත් මගේ අරමුණට කවදාහරි යනවා කියන අධිෂ්ඨානය මගේ හිතේ තිබුණා.

 ඡායාරූපකරණයට  ආසාවක් ඇති වෙන්න මූලික  වුණ හේතුවක් තියෙනව ද?

මට මේ ෆීල්ඩ් එකට එන්න විශේෂ වුන හේතු ගණනාවක් තියනවා. ඒකේ පළවෙනි හේතුව තමයි මම මේ ෆීල්ඩ් එකට එන්න කලින් මම මේ ෆොටෝග්‍රැෆි වලට ආස කරපු විදිහ. ඒ ගැන මතක් කරොත්, දැන් කාලේ වගේ නෙවෙයි සාමාන්‍යයෙන් ෆෝන් එකට කැමරාවක් ආපු මුල් කාලේ. එතකොට මගේ තාත්තාට පොඩි ගාමට් එකක් තිබුණා. ඒකෙ එකවුන්ට්වල වැඩ කරාම තාත්තා මට පොකට්  මනි එකක්  විදහට පොඩි  ගාණක්  දුන්නා. ගොඩාක් සල්ලි තිබුණෙ නැහැ. ඒකෙන් හම්බවෙන සල්ලි ටික එකතු කරල තමයි මුලින්ම පොඩි කැමරා ෆෝන් එකක් ගත්තේ. 


උසස් පෙළට මම කළේ වාණිජ අංශයෙන්. අවුරුද්දක් වගේ තමයි උසස්පෙළ පන්තියේ හිටියේ. මට ආසාවක් තිබුණා ග්‍රැෆික් ඩිසයින්වලට. ඊට පස්සෙ ඒ ලෙවල් අවුරුද්දකින් විතර නතර කරලා ඊට පස්සෙ මම හෙව්වා ග්‍රැෆික් ඩිසයින් ඉගෙන ගන්න තියන තැනක්. ග්‍රැෆික් ගැන මාස 6ක පාඨමාලාවක් කළා. ඊට පස්සෙ ඒක ඩිප්ලෝමා දක්වා ඉගෙන ගත්තා. එකෙන් ජොබ් එක්කට ගියෙ නැහැ. මොකද, මට තිබුණේ මගේම කියල දෙයක් කිරීමේ හීනයක්. ඊට පස්සේ මම පන්නිපිටියෙ කොමියුනිකේෂන් එකක් කළා. ඒක කළත් මට තිබුණේ ෆොටෝග්‍රැපර් සිහිනය. කොමියුනිකේෂන් ඒකෙන් එකතු කරපු සල්ලිවලින් තමයි පළවෙනි කැමරාව ගත්තේ.

කැමරාව ගත්තාට පස්සේ මම මගේ යාළුවන්ගේ වෙඩින්, යාළුවන්ගේ යාළුවන්ගේ වෙඩින් හොයාගෙන ගිහින් ඒවගෙ කැමරාමන්ලා හිටියත් මගේ කැමරාවත් අරන් ගිහින්  ෆොටෝ ගහල ඒවා එෆ්බී දැම්මා. ඒවා බලලා යාළුවෝ ලස්සනයි කිව්වා. සමහර වෙලාවට වෙඩින් එක කරපු  Photographyට වඩා හොඳ ෆොටෝ මගෙ ඒවගෙ තිබුණා.

මගෙ ඒවා වෙනස් වුණා.  මම ඒ විදිහට වෙනස් වෙන්න පළවෙනි හේතුව තමයි, මම මේ වෙනකන් ෆොටෝග්‍රැපර් කෙනෙක් ළඟ වැඩකරලා නැති එක.  න්‍යාය දැනුම ඉගෙන ගන්න අවශ්‍ය වුනත් ප්‍රායෝගික දැනුම ගන්න ෆොටෝග්‍රැපර් කෙනෙක් ගාවට යන්න අවස්ථාවක් හම්බවුණේ නැහැ. එහෙම උත්සහ කරෙත් නෑ. හේතුව තමයි ෆොටෝග්‍රැපර් කෙනෙක් ළගට ගියානම් දැන් ෆීල්ඩ් එකේ ඉන්න අය එක්ක බලද්දි සාමප්‍රදායික ස්ටයිල් එකට තමා ගොඩක් අය යන්නේ. ඉතින් මට ඕනෑ වෙලා තිබුණා මගේම ස්ටයිල් එකක් හදාගන්න. මේකේ වෙනසක් කරන්න.

 ධනුෂ්ක කිසිම කෙනෙකුගෙන් ඡායාරූපකරණය ගැන හැදෑරීමක් කළේ නැද්ද?

ෆොටෝග්‍රැෆිවලින් කොහොමද මිනිස්සුන්ව ෆිල් කරන්නේ කියන එක මම හෙව්වා.  මම ගොඩක් හොයල හොයලා 2009 දි මගේ පළවෙනි ගුරුතුමා විදිහට ලාල් හෑගොඩ ගුරුතුමාගෙනන් ඉගෙන ගන්න ගියා. කොමියුනිකේෂන් එක කරන කාලෙම තමයි ලාල් සර්ගේ ක්ලාස් යන්න පටන් ගත්තේ. ගෙදරින් සත පහක්වත් ගත්තේ නෑ. මම ම හම්බකරගත් මුදල් වලින් තමයි ක්ලාස් ගියේ.  මම එතනින් ඉගෙන ගත්තේ ෆොටෝ ගන්න විදියවත් කැමරාවක් යූස් කරන විදිහ නෙමෙයි. කැමරාවේ දැනුමට වඩා රූපයක් දිහා වෙනස් විදිහට බලන්න මම එතනින් ඉගෙනන ගත්තා. විශේෂයෙන් ඩොකියුමන්ට්‍රි, වෙඩින් ෆොටොග්‍රැෆි හරියට ඉගෙන  ගත්තේ ලාල් සර්ගෙන්.  ඇත්තම කියනවම් ලාල් සර්ගෙන් තමයි මම ඇඟට දැනෙන්න ෆොටෝග්‍රැපි ඉගෙන ගත්තෙ.  මම අදටත්  සර්ව බොහොම ගෞරවයෙන් මතක් කරනවා.


 තනියම වෙඩින් එකක ඔයාට බාර වෙන්නේ කොයි කාලෙ ද ?

2011  අවුරුද්දෙ සැප්තැම්බර් වල තමයි මම තනියම වෙඩින් එකක් කරන්නේ. මේ 2024, හරියටම දැන් අවුරුදු 15කට කලින් තමයි මගෙ පළවෙනි වෙඩින් එක කරේ.  මගේ යාළුවෙකුගේ අක්කා කෙනෙකුගේ වෙඩින් එකක් ගෝල්ෆේස් හොටෙල් එකේ  තිබුණේ. ඒක මහලොකු වෙඩින් එකක් නෙමෙයි. ආරාධිතයන් 50 කින් විතර පැවැත්වුන උත්සවයක්. ඒ වෙලාවේ කැමරා ලයිට් බඩු කුලියට අරන් තමයි කරේ. යාළුවා නිසා ඒ වෙඩින් එක මට ලැබුණේ. මට ෆොටොග්‍රැෆි පුළුවන් වුණාට ස්ටූඩියෝ අත්දැකීමක් මට තිබුණේ නැහැ. ඒ විදිහට ටිකෙන් ටික weddings ආවා මට ගොඩක් උදව් වුනේ ශෝෂල් මීඩියා තමයි. ශෝෂල් මීඩියා වලින් තමයි මට වෙඩින් ගොඩක් සෙට් වුණේ. 

 ඒ පොඩි පොඩි වෙඩින් කරපු ධනුෂ්ක, මෑතකාලය තුළ ප්‍රකට චරිතවල නිල ඡායාරූප ශිල්පියා  ලෙස  තියෙන්නේ වැඩි ඉල්ලුමක්. ජනප්‍රිය චරිතවලට නැතුවම බැරි චරිතයක් වුනේ සහ ඒ විශ්වාසය දිනාගත්තේ කොහොම ද? 

ලාල් සර්ගේ​ පාඨමාලාව කරලා,  මුලින්ම සැලොන්වලට ගිහිල්ලා කතා කළා, බ්‍රයිඩ් කෙනෙක්ගේ ෆොටෝස් ගහන්න පුළුන්ද කියලා. ඒ අතරේ මට තාම මතකයි නිලූකා කොඩිකාර අක්කා කිව්වා, ‘‘ටනාෂා හතුරුසිංහ මම ඩ්‍රෙස් කරනවා, මල්ලි ඔයා ඕනෑ නම් ඇවිත් ෆොටෝස් ටිකක් ගන්න” කියලා.  මම එතකොට වෙඩින් එකක්වත් කරල තිබුණෙත් නැහැ. මට තාමත් මතකයි එදා මම ගිහින් ගත්ත ෆොටෝස් බල බල මම හරියට සතුටු වුණා. ඒක තමයි මුල්ම ෂූට් එක.  

මේ වෙනකොට මම වෙඩින් 3000කට අධික සංඛ්‍යාවක් කරලා තියෙනවා. නටෂා පෙරේරා සහ ප්‍රිහාන්ගේ වෙඩින් එක තමයි මගේ ජීවිතේ වෙනස්ම මාවතකට ගේන්නේ. ඒ 2017 දී.  පළමු වතාවට පිටරටක ගිහින් ෆීෂූට් එකක් කරේ නටාෂාගේ වෙඩින් එකේ. එකෙදි මට මාලදිවයිනට යන්න අවස්ථාව ලැබුණා. ඒක ලංකාවෙ හිට් වෙච්ච ලොකු වෙඩින් එකක්. මොකද, බියුටීෂියන්ස්ලා පස් දෙනෙක් එක්ක මට තමයි ෆොටෝස් ගන්න ලැබුණේ. නටෂාගේ  උත්සව 05ක් තිබුණා. නටාෂා ගේ වෙඩින් එක ට මම ගියේ තනියම. මට එතකොට ස්ටූඩියෝ එකක්වත් නැහැ. 

ප්‍රිහාන් මට කතා කරලා වෙඩින් එක දෙද්දි,  ධනුෂ්ක සේනාධිරට වඩා Photographersලා ලංකාවේ හිටියා. ඇත්තටම ලංකාවේ ප්‍රධාන රූපලාවණ්‍ය ශිල්පිනියන් පස්දෙනෙක් එක්ක වැඩ කරන්න හම්බවෙච්ච එක මට ලොකු අවස්ථාවක් වගේම අභියෝගයක් වුණා.  නතාෂයි ප්‍රිහානුයි මාව තෝරගත් එක මට හිතන්න බැරි අහඹු සිදුවීමක්. මගේ මුළු ජීවිතේම වෙනස් වුණේ ඒ වෙඩින් එකෙන්. ඊට පස්සේ මම 2016 දී විතර තමයි Studio එකක් දැම්මේ. මම හරි පොඩියට පටන් ගත්තෙ. එතකොට වීඩියෝ ග්‍රැෆි කෙනෙකුයි ෆොටෝග්‍රැෆර් කෙනෙකු‍යි එක්ක තමයි පටන් ගත්තේ. 

මේ වෙනකොට  මගේ ළඟ ස්ථිර සේවකයින් 23ක්  වැඩ කරනවා. Outline එක්ක ගත්තොත් තිස්පහක් විතර සේවක පිරිසක් මාත් එක්ක වැඩ කරනවා.

මම මිනිස්සු අතරට යන්න ප්‍රධානම හේතුව වුණේ, මම මේ ඉන්ඩ්‍රස්‍ට්‍රි එකේ හැමෝම කරන දේට වඩා වෙනසක් කළා. උදාහරණයක් කීවොත්, මම හරියට ආස කළා ඉස්සල්ලාම දේ කරන්න. පෝට්සිටි එකේ පළමු ෂූට් එක, ෂැංගිලා එකේ පළමු වෙඩින් එක, මියුසියම් එකේ පළමු ෂූට් එක, අපරාධ විමර්ශන අංශය ඉදිරිපිය පළමු ෂුට් එක. මේ හැමදේම බොහොම අමාරුවෙන්  මහන්සියෙන් අභියෝග රැසක් එක්ක දිනාගත්ත දේවල්. නතාෂගේ වෙඩින් එකෙන් පස්සේ මම කරපු අලුත් දෙයක් තමයි උදේට ගහන ෆොටෝස් ඒ වෙලාවෙම ප්‍රොජෙක්ටර් එකක් දාලා හෝල් එකේ පෙන්නන්න ගත්තා. මොකද, Wedding එකක් ඉවර වුණාට පස්සෙ අපි ලක්ෂ ගාණක් වියදම් කරලා හදන ඇල්බම් එක ඇත්තටම දකින්න හම්බවෙන්න බොහෝම සුළු පිරිසකට. අර වෙඩින් එකට එන සීයට දෙසිය තුන්සීය ද ඒ හැමෝටම මම උදේ ගන්න ෆොටෝස් ටික ඒ වෙලාවෙම ඒගොල්ලොන්ට පෙන්නුවාම එතන තියෙන වටිනාකම වැඩියි.

මේ වෙන විට ලංකාවෙන් පිට රටවල් 15 ඔහු  මංගල ඡායාරූපකරණය සිදු කර ඇති අතර සිංගප්පූරු, මැලේසියා, ඩුබායි, ඉතාලි, ප්‍රංශ, තයිලන්ත, ජපන් ඕස්ට්‍රේලියා, කැනඩා, ලන්ඩන්, ඉන්දුනීසියා, ඇමෙරිකා ඉන් ප්‍රධානය.

"මට ඕනැ වුණේ ලංකාවෙන් පිටටත් අපේ ඡායාරෑප කලාවට ෆොරින් ස්ටයිල් මිශ්‍ර කරන්න. ඒ වගේම මේ වෙනකොට අපේ සියලු ඡායාරූප එඩිට් වෙන්නේ ඇල්බම් හැදේන්නේ තාක්ෂණය දියුණුවත් එක්ක ඉතාලියේ වැනීසියේ. එයාලත් එක්ක ගිවිසුම් ගතවෙලා තමයි මේක කරන්නේ. මෙහෙන් ෆුල් ඩිසයින් කරල එහෙට යවනවා. දැන් වසර 10 විතර ඉඳලා ඇල්බම් එක හැදෙන්නේ එහේ.

 මේ ක්ෂේත්‍රයට එද්දි කාපු කටු අමිහිරි වුණත් අදටත් මතක් කරන්න කැමැති දේවල් මොනව ද ?

අපි ඉතින් ඒ කාලේ පොඩි Photographers ලානේ. සමහර දවසට  ත්‍රිවිල් එකක යන්නවත් සල්ලි නොතිබුණු දවස් තිබුණා. කුලියට කැමැරාවක් ගන්න සල්ලි නැතුව හිටපු දවස් තිබුණා. කැමරාවක් අල්ලන්වත් නොදිපු අය හිටියා.  හැබැයි අතෑරියේ නෑ. අද ලංකාවේ වෙඩින් ඡායාරූපකරණයේ ඉහළම තාක්ෂණය සහ අංක එකේ ටීම් එක ඉන්නේ මට. අද මම ඉන්න තැන ගැන ගොඩාක් සතුටුයි.  මං කියන්නේ මේ ක්ෂේත්‍රයේ මුල ඉඳලා පටන් ගන්න  ඕනෑම කෙනෙකුට අධිෂ්ඨානය තියේ නම් අද මං ඉන්න තත්ත්වයට එන්න පුළුවන්. ඒ වගේ තරුණ පිරිසට අත දෙන්න මම කැමතියි.



නදීශා අතුකෝරළ


 

 



අදහස් (0)

සිහින යථාර්තයක් කරගත් ධනුෂ්ක සේනාධීර

ඔබේ අදහස් එවන්න

තක්සලාව

නවසීලන්තයේ සුදු අභියෝගය
2025 ජනවාරි මස 01 25 0

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වසර අවසන් කරන්නේද ඊළඟ වසර ආරම්භ කරන්නේද නවසීලන්තයේ දීය. මේ වනවිට නවසීලන්තයේ සිටින ඔවුන් ​ඔබ මේ සටහන කියවන දිනයේ දී පළමු


2025 ඔබට කොහොමද ?
2024 දෙසැම්බර් මස 31 201 0

මෙම ජනවාරි මස පළමුවැනි බදාදා දින උදාවන නව වසරේ මුල් සිව් මස තුළ හෙවත් අප්‍රේල් මස 15 තෙක්, ඉදිරි කාලය තුළ ග්‍රහගමනේ හැසිරීම් රටාව ඔබේ අධ්‍යාපන - ආර්ථික - රැ


ටොලමියානු ජෝතිෂ්‍ය ඇසින් 2025 රටට සහ ඔබට කොහොමද ?
2024 දෙසැම්බර් මස 31 135 0

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2025 නව වසර ලංකාවේ සමජ ආර්ථක දේශපාලනයටත්, රටේ ජීවත් වෙන රට වැසියන්ටත් අලුත් ආරම්භයක් සිදුවෙන්නේ අප


විනාඩියක ප්‍රමාදයෙන් මරණයෙන් බේරුණු හැටි
2024 දෙසැම්බර් මස 31 78 0

2006 අප්‍රේල් 27 වන විට නෙලීකා රෝහල්ගතව දින 10 කට ආසන්න වී තිබිණ. එම කාලසීමාව තුළ මේජර් සමීර රාජකාරී අතර වූවද, දිනකට දෙවරක් ඈ බලන්නට නොවරදවාම පැමිණියේය .


චීන මිතුදම කැටුව ආ සාමයේ නෞකාව
2024 දෙසැම්බර් මස 31 27 0

‘ජීවිත සුරැකීම සහ මිතුදම් පවත්වාගැනීම’ යන තේමාව යටතේ මානුෂීය මෙහෙයුම්වල නියැළෙන ‘ඩයිෂාන් ඩාඕ’ චීන රෝහල් නෞකාව, චීන ඉන්ජිනේරු විස්මයක් යැයි කීවොත් එහ


සිහින යථාර්තයක් කරගත් ධනුෂ්ක සේනාධීර
2024 දෙසැම්බර් මස 30 30 0

දුර්වල මිනිසුන් වාසනාව සොයා යද්දි බොහෝ දිරියවන්ත මිනිසුන් සොයා යන්නේ අවස්ථා පමණි, කියන වදන ඔබ අසා ඇති. ජීවිතය යන සිදුවීම් සමුදාය තුළ අවස්ථාවන් සොයා යම


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 415 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 211 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 201 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site