IMG-LOGO

2025 අප්‍රේල් මස 02 වන බදාදා


හෙනහුරාගේ වළලු හොරු අරන්

අපේ සෞරග්‍රහ මණ්ඩලයට අයත් පියවි ඇසට පෙනෙන ග්‍රහයන් පස් දෙනා අතරින් සෙනසුරු සුවිශේෂ තැනක් ගනියි. ඒ සෙනසුරු ගේ ඇති දීප්තිමත්, වර්ණවත් වළලු‍ නිසාය. සෞරග්‍රහ මණ්ඩලයේ තවත් වළලු‍ ඇති ග්‍රහයන් සිටිය ද දීප්තිමත් වර්ණවලින් සමන්විත වළලු‍ ඇති අලංකාර ග්‍රහයා සෙනසුරුය. අනෙක් ග්‍රහයන්ට වඩා සෙනසුරු ගේ වෙනසක් ඇතැයි මුලින්ම දැක ගත්තේ 1610දී දුරදක්නය සොයාගත් ගැලිලියෝ ය. ඔහුට පෙනුණේ එය ‘කන්’ දෙකක ස්වරූපයෙනි. ඒ දුරදක්නය වැඩිදුරටත් දියුණු කළ ක්‍රිස්ටියන් හියුජින්ස් 1655 දී ඒවා ‘කන්’ නොව වළලු‍ ස්වරූපයකින් යුතු බැව් පැහැදිලි කළේය.

සෙනසුරුගේ ඉතා පැහැදිලිව පෙනෙන මේ වළලු‍ ප්‍රධාන වශයෙන් යුගල දෙකකි. ඉංග්‍රීසි ‘ඒ’ සහ ‘බී’ යනුවෙන් ඒවා නම් කර තිබේ. යුගල අතරේ බෙදීමක් පවතී. මෙය හැඳින්වෙන්නේ ‘කැසිනි බෙදීම’ කියාය. ඊට හේතුව ඉතාලි තාරකා විද්‍යාඥ ගියෝවන්නි කැසිනි (1625-1712) විසින් 1675 දී එය වඩාත් නිවැරදිව පැහැදිලි කළ නිසාය. 1850 දී තවත් වළල්ලක් සෙනසුරුට ළංව පිහිටා ඇති බව සොයා ගන්නා ලදී. එය ‘සී’ යනුවෙන් නම් කෙරිණ. 1980 දශකයේ දී වොයේජර් ඇතුළු වෙනත් ගවේෂණ යානා තහවුරු කළේ සෙනසුරු වටා තවත් ප්‍රධාන වළලු‍ රැසක් පමණක් නොව, කුඩා වළලු‍ 10,000 ක් පමණ ඇති බවය. ඇතැම් වළලු‍ මීටර් 10 ක් පමණ පළල බව ද තහවුරු විය. පසුගිය 23 වැනිදා සෙනසුරුගේ මෙම වළලු‍ එක්වරම අතුරුදන් විය.

සෙනසුරුට සුවිශේෂ අලංකාරයක් ගෙන දුන් සෙනසුරු ගේ වළලු‍ අතුරුදන් බව පැවැසෙන්නේ, ඒවා පෘථිවියේ අපට නොපෙනී ගිය බැවිනි. එසේ වූයේ සෙනසුරු ග්‍රහයා අංශක 26.7 කින් ඇලවුණු අක්ෂයක් මත භ්‍රමණය වීම මේ වන විට ආරම්භ කර ඇති බැවිනි. සෙනසුරු ගේ මෙම ඇලවීම හේතුවෙන්, එහි වළලු‍ පෘථිවියේ සිටින අපගේ දෘෂ්ටි රේඛාවට ඒ වළලු‍ හසුවන්නේ නැත. ඒ අනුව, සෙනසුරුගේ වළලු‍ අතුරුදන් වූ සේ පෙනෙන බව තාරකා විද්‍යාඥයෝ ප්‍රකාශ කරති. සෙනසුරුගේ එක අවුරුද්දක් පෘථිවි අවුරුදු 29.46 කි. හිරු වටා යෑමට සෙනසුරුට ගතවන කාලය අවුරුදු 29.5 කි. එසේ එක් වටයක් යද්දී, සෙනසුරු ඇලවුණු කක්ෂයකට පිවිසෙයි. එම කක්ෂය වෙනස් වූ විට, සෙනසුරුගේ වළලු‍ යළි පෘථිවියේ අපට පැහැදිලිව දකින්න ලැබේවි. මෙසේ නැවත ඒ වළලු‍ අපට දක්නට ලැබෙන්නේ තවත් සත් වසරකිනි. ඒ 2032 වසරේදී යැයි නාසා විද්‍යාඥයෝ වැඩිදුරටත් පැහැදිලි කරති. 

සෞරග්‍රහ මණ්ඩලයේ සිටිනා ග්‍රහයන් අතුරින් ප්‍රමාණය අනුව දෙවැනි විශාලතම ග්‍රහයා වන්නේ සෙනසුරුය. එහි විෂ්කම්භය කිලෝ මීටර් 120,000 කි. එය ප්‍රමාණයෙන් පෘථිවිය මෙන් 764 ගුණයක් විශාලය. දැවැන්තයකු වුවත් සෙනසුරු සැලකෙන්නේ වායු ග්‍රහයකු ලෙසය. වායු ග්‍රහයකු යැයි කීවත් සෙනසුරු නිර්මාණය වී ඇත්තේ වායුවලින් සහ ද්‍රව වලිනි. සෙනසුරු මුළුමනින්ම පාහේ සෑදී ඇත්තේ හයිඩ්‍රජන් සහ හීලියම් වලිනි. ඝන දෙයකට ඇත්තේ සෙනසුරු ගේ හරි මැද පිහිටි අරය පමණක් යැයි විශ්වාස කරේ. සෙනසුරු ගේ ඝනත්වය කොතරම් අඩුදැයි කීවොත්, එය ජලයට දැම්මොත් පාවී යනු ඇත. සෞරග්‍රහ මණ්ඩලයේ වඩාත් වේගයෙන් කැරැකෙන ග්‍රහයකු ලෙස සෙනසුරු හැඳින්විය හැකිය. සෙනසුරු අභ්‍යන්තරයේ පීඩනය ඉතා වැඩිය. එම පීඩනය කොතරම් දැයි කීවොත්, ඊට හයිඩ්‍රජන් වායුව ද්‍රව බවට පත් කිරීමට හැකියාව ඇත. රෝම දේව පුරාණයට අනුව, අස්වැන්නට අධිපති දෙවියන් සිහිගන්වමින්, ඉංග්‍රීසි බසින් සෙනසුරු හැඳින්වෙන්නේ ‘සැටර්න්’ යනුවෙනි. සෙනසුරු සෞරග්‍රහ මණ්ඩලයේ අනෙක් ග්‍රහයන් ගෙන් වෙනස්ව කැපී පෙනෙන්නේ සෙනසුරුට ඇති මේ වර්ණවත් මෙන්ම දීප්තිමත් වළලු‍ නිසාය.

වළලු නොපෙනී ගිය පසු සෙනසුරු

මේ වළලු‍ සෑදී ඇත්තේ අයිස්, දූවිලි අංශු සහ පාෂාණ කැබැලි වලිනි. මෙසේ වළලු‍ ආකාරයට සකස් වී ඇත්තේ සෙනසුරු ගේ සුවිශේෂ ගුරුත්වාකර්ෂණ බලය හේතුවෙනි. අයිස්, දූවිලි අංශු සහ පාෂාණ කැබැලි සෙනසුරු ගෙන් පිටතට (අභ්‍යවකාශයට) ඇදී යෑමට උත්සාහ ගත්තද සෙනසුරු ඒවා තම ගුරුත්ව බලයෙන් තමා වෙතට ඇද බැඳ තබා ගැනීමට සමත් වෙයි. එකිනෙකට විරුද්ධව එල්ල වන මෙම බලය සමබරව පවතින නිසා මේ වළලු‍ නිර්මාණය වී ඇත. අයිස්, දූවිලි සහ පාෂාණ කැබැලිවලින් සමන්විත වළලු‍ ජල අංශුවලින් පිරී පවතී. සෙනසුරු ගේ චුම්බක ක්ෂේත්‍රයේ ශක්තිය වර්ධනය වෙද්දී - අයිස්, දූවිලි සහ පාෂාණ කැබැලි සියල්ල සෙනසුරු වෙත ඇදී යනු ඇත. එහි අවසානය වන්නේ වළලු‍ සදහටම අතුරුදන් වීමය. මෙම අතුරුදන්වීම දැන් මෙන් ඇලවීමකින් සිදුවන්නක් නොව - එනම් පෘථිවියේ අපට ඒ වළලු‍ නොපෙනී යෑමක් නොව, සඳහටම වළලු‍ අතුරුදන් වීමකි. තාරකා විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ, තව අවුරුදු මිලියන 100 කින් ඒ වළලු‍ මුළුමනින්ම අතුරුදන් වනු ඇති බවය.

මේ බව මුලින්ම තහවුරු වී ඇත්තේ 70 දශකයේ විශ්වය ගවේෂණයට යැවූ වොයේජර් - 2 යානය සෙනසුරු පසු කළ අවස්ථාවේදී ය. 

දීප්තිමත් වර්ණවලින් පෙනෙන සෙනසුරුගේ වළලු‍ නිර්මාණය වී ඇති මේ අයිස් කැබලි, දූවිලි අංශු සහ කුඩා ප්‍රමාණයේ පාෂාණ කැබැලි සෙනසුරු ගේ නිරක්ෂය අසලින් වටේට වළලු‍ සෑදෙන ලෙස විසිරී පවතී. හිරු එළිය මේ වළලු‍වලට පතිත වෙද්දී ඒවා දීප්තියෙන් දිදුළයි. සෙනසුරු ග්‍රහයා නිර්මාණය වෙමින් පවතින අවස්ථාවේදී, ඒ ආසන්නයට ආ කුඩා චන්ද්‍රයකු සෙනසුරු ගෙන් ගැටීමෙන් විසුවුණු සුන්බුන් වලින් මේ වළලු‍ නිර්මාණය වන්නට ඇතැයි තාරකා විද්‍යාඥයෝ අනුමාන කරති. 

සෙනසුරු ග්‍රහයා වටා යම් දීප්තිමත් යමක් ඇති බව මුලින්ම දුටුවේ ගැලිලියෝ ගැලිලි ය. ගැලිලියෝ (1564-1642) ඉතාලි ජාතික තාරකා විද්‍යාඥයෙකි. ඒ 1610 වසරේ දීය. ඒවා මොනවාදැයි ගැලිලියෝ දැන සිටියේ නැත. කෙසේ නමුත්, සෙනසුරු වටා වළලු‍ ඇති බව ලොවට අනාවරණය කරනු ලැබුවේ ලන්දේසි තාරකා විද්‍යාඥ ක්‍රිස්ටියන් හියුජින්ස් විසිනි. ඒ, 1659 දීය.  

ලු‍සිත ජයමාන්න
ඩේලිමේල් ඇසුරිනි



අදහස් (0)

හෙනහුරාගේ වළලු හොරු අරන්

ඔබේ අදහස් එවන්න

 

 
 

තක්සලාව

එදා ඉන්දියාවත් මවිත කළ උපාලි ෆියට් හා මැස්ඩා කාර්
2025 මාර්තු මස 31 71 0

ලංකාවේ හදපු කාර් රජය විසින් පසුගිය මාසයේ වාහන ආනයනය කිරීමට අවසර ලබා දීමත් සමග වාහන 9,012ක් ගෙන ඒම සඳහා ණයවර ලිපි විවෘත කර ඇති බවත්, එහි


උතුරට ගොස් දමිළ බස පිළිබඳ පශ්චාත් ඩිප්ලෝමාවක් ලැබු දකුණේ හාමුදුරුවෝ
2025 මාර්තු මස 31 27 0

භාෂාව සහ සමාජය අතර ඇත්තේ සමීප සම්බන්ධතාවකි. භාෂාව යනු සමාජ සංස්කෘතියේ කොටසක් වේ. එය සමාජය විසින් නිර්මාණය කරනු ලබන අතර, සමාජය


කූරගල සෙල්ලිපිය පෙර ආත්මයකදී කොටන්න ඇත්තෙ මම
2025 මාර්තු මස 31 31 0

රත්නපුර දිස්ත්‍රික්කයේ කල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කූරගල පුදබිම දැනට වසර හතරක පමණ සිට මෙරට වැඩියෙන්ම කතාබහට ලක්වූ


හෙනහුරාගේ වළලු හොරු අරන්
2025 මාර්තු මස 31 26 0

අපේ සෞරග්‍රහ මණ්ඩලයට අයත් පියවි ඇසට පෙනෙන ග්‍රහයන් පස් දෙනා අතරින් සෙනසුරු සුවිශේෂ තැනක් ගනියි. ඒ සෙනසුරු ගේ ඇති දීප්තිමත්, වර්ණවත් වළලු‍ නිසාය. සෞරග්


ලෝක වාර්තාවකට සැරසෙන පුංචි කංෂිකාට අතදෙන්න
2025 මාර්තු මස 22 44 0

උපතින්ම ගෙන එන සහජ දක්ෂතාවන් ලෝකයා හමුවේ තබා ලෝක වාර්තා තැබීමට තරම් දක්ෂතා දක්වන කුඩා පාසල් දියණියන් අප රට තුළ ජීවත්වීම අපට මහත් ආඩම්බරයක් ගෙන දෙන්නක්


ආපසු ආ ගගනගාමීන් දෙදෙනා
2025 මාර්තු මස 22 72 0

නව ගගන කැප්සියුලයක් අත්හදා බලමින් දින 8 ක අභ්‍යවකාශ මෙහෙයුමක් සඳහා පෘථිවි කක්ෂයේ රඳවා ඇති අන්තර් ජාතික අභ්‍යවකාශ නැවතුම්පොළට ගොස් - ආපසු පෘථිවියට පැමි


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 161 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 745 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 766 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site