IMG-LOGO

2024 දෙසැම්බර් මස 22 වන ඉරිදා


‘හෝමෝ ’ මානවයාට මොකද වුණේ ?


මානව පරිණාම ක්‍රියාවලිය ඉතාමත් සංකීර්ණ එකකි. එම සංකීර්ණ මානව පරිණාම ක්‍රියාවලියේ නව පරිච්ඡේදයක් ලිවීමට චීන විද්‍යාඥයන්ට දැන් හැකි වී තිබේ. ඒ, චීනයෙන් නව මානවයකුගේ අස්ථි කොටස් සොයා ගැනීමත් සමඟය. මේ මානවයා මිහිමතින් වඳ වී ගියේ වසර ලක්ෂ ගණනකට පෙරය. මානව පරිණාම කතාවට අනුව, මනුෂ්‍ය අප පරිණාමය වූයේ හෝමෝ සේපියන් මානවයාගෙනි. මේ නව මානවයාගේ මොළයේ ප්‍රමාණය, හෝමෝ සේපියන් මානවයාගේ මොළයේ ප්‍රමාණයට වඩා සියයට 30 කින් වැඩිය. එයින් අදහස් වන්නේ මෙම නව මානවයා බුද්ධිමත් අයකු බවය. එහෙත්, නියැන්ඩර්තාල් සහ හෝමෝ සේපියන් මානවයන් ඉතිරි වෙද්දී, මෙම නව මානවයා මිහිමතින් අතුරුදන්ව ඇත. එය විද්‍යාඥයන්ට තවමත් විසඳා ගැනීමට නොහැකි ප්‍රහේලිකාවකි. 

විද්‍යාඥයන්ට මෙම නව මානවයාගේ පොසිල අස්ථි හමුවී ඇත්තේ චීනයේ කළ කැණීම්වලිනි. මේ මානවයාගේ වඳවීම සිදුවී ඇත්තේ අවුරුදු 200,000 කට පෙරය. විද්‍යාඥයන්ට මෙම මානව විශේෂයට අයත් 16 දෙනකුගේ පොසිලකරණය වූ සිරුරු කොටස් හමුවී ඇත. හිස් කබල කොටස් හමුවී ඇත. මෙම මානවයාගේ හිස් කබල මෙතෙක් හමුවී ඇති සෙසු මානවයන්ට වඩා ප්‍රමාණයෙන් විශාලය, පළල්ය, දත් ද ප්‍රමාණයෙන් විශාල සවිමත්ය. නියැන්ඩතාල් මානවයන්ටත් හොමෝ සේපියන් මානවයන්ටත් වඩා මෙම නව මානවයාගේ හිස විශාලය. විද්‍යාඥයන් මෙම නව මානවයා නම් කර ඇත්තේ ‘හෝමෝ ජුලියෙන්සිස්’ යනුවෙනි. එහි අරුත ‘මොළය ලොකු මානවයා’ යන්නය. 

‘හෝමෝ ජුලියෙන්සිස්’ පොසිල අස්ථි කොටස් සමඟ ගල් ආයුධ සහ සත්ව ඇටකටු ද විද්‍යාඥයන්ට හමුවිය. ‘හෝමෝ ජුලියෙන්සිස්’ මානවයා සතුන් දඩයම් කළ බවටත් සත්ව සමින් සකස් කර ගත් ඇඳුම් පැලඳි බවටත් සාක්ෂි හමුවිය. විද්‍යාඥයන් පැහැදිලි කරන ආකාරයට ‘හෝමෝ ජුලියෙන්සිස්’ දඩයක්කරුවකු වන්නට ඇත. ‘හෝමෝ ජුලියෙන්සිස්’ සම්බන්ධයෙන් පර්‌යේෂණ කරන විද්‍යාඥයන් විශ්වාස කරන්නේ, ‘හෝමෝ ජුලියෙන්සිස්’ කුඩා කණ්ඩායම් වශයෙන් ජීවත් වූ බවත්, නූතන මානවයන් වසර 120,000 කට පෙර යුරෝපයට සහ ආසියාවට සංක්‍රමණයවීමට පටන් ගත් විට මොවුන් වඳ වී අතුරුදන් වන්නට ඇති බවත්ය. ඒත් එය නිවැරදිව තහවුරු කිරීමට කිසිදු සාක්ෂියක් තවම හමුවී නැත. හෝමෝ ජුලියෙන්සිස් අතුරුදන්වීම පමණක් නොව, සෙසු මානවයන් දිවි රැක ගනිමින් ඉතිරි වූ ආකාරය ගැන සෙවීමට ද විද්‍යාඥයෝ වෙහෙසෙති. 

‘හෝමෝ ජුලියෙන්සිස්’ මානවයා ජීවත් වූයේ ග්ලැසියර යුගයකින් පසු සිසිල් සහ වියළි කාලගුණ පෙරළි එකවිට හටගත් කාලයක යැයි අනුමාන කෙරේ. ‘හෝමෝ ජුලියෙන්සිස්’ කුඩා කණ්ඩායම් වශයෙන් ජීවත් වූ නිසා, විපරිත මෙන්ම ප්‍රචණ්ඩ කාලගුණ පෙරැළි ඔවුන්ගේ මරණයට හේතුවන්නට ඇතැයි සැකකෙරේ. ඒ අනුව ‘හෝමෝ ජුලියෙන්සිස්’ මානවයන්ගේ ජනගහන ඝනත්වය කෙමෙන් අඩු වන්න ඇතැයි ද පැවැසෙයි. 

විද්‍යාඥයන්ට ‘හෝමෝ ජුලියෙන්සිස්’ පොසිල අස්ථි සහ හිස්කබල කොටස් හමුවී ඇත්තේ, චීනයේ ‘සුජිආයෝ’ නමැති කැණීම් භූමියෙනි. පොසිල විද්‍යාඥයන් විසින් සොයාගෙන ඇති ආකාරයට, හෝමෝ සේපියන් මානවයාගේ හිස් කබල ඝන අඟල් 82 කි. නියැන්ඩර්තාල් මානවයන්ගේ හිස් කබල ඝන අඟල් 88 කි. මෙම නව මානවයා, හෝමෝ ජුලියෙන්සිස්ගේ හිස් කබල ඝන අඟල් 103 ක් 109 ක් වෙයි.

‘හෝමෝ ජුලියෙන්සිස් මානවයා ජීවත් වූයේ වසර ලක්ෂ තුනකට පෙර, නැගෙනහිර ආසියාවේ, අද චීනයට අයත් ප්‍රදේශවලය. මෙම මානවයන් කණ්ඩායම් වශයෙන් ජීවත් වූ බවට සාක්ෂි හෙළි වී ඇත. මොවුන් කුඩා අශ්වයන් වැනි සතුන් දඩයම් කළ බව ද පැවැසෙයි. “අවුරුදු 300,000 ත් 50,000 ත් අතර කාලයේ විවිධ මානව විශේෂ එකට ජීවත් වුණා. ඒත් හිස ලොකු මානව විශේෂයක් අපට හමුවුණු පළමු වන වතාව මෙයයි” යැයි චීන විද්‍යා ඇකඩමියේ පොසිල විද්‍යාඥ සියුජී වූ පෙන්වා දෙයි. 

මිහිමත මානවයාගේ බිහිවීම සිදුවුණු බව පැවැසෙන්නේ, මීට වසර මිලියනයකට ආසන්න කාලයක සිටය. මිනිසා අයත් මුල්ම ප්රිමාටා ගෝත්‍රයේ පූර්වජකයා මීට වසර මිලියන 65 පමණ පෙර සෙනොසොයික යුගයේදී බිහිවුණු බව පැවැසෙයි. මෙම පූර්වජකයන්ගෙන්, ටාසියර් සහ ලීමර් යන ප්රිහමාටාවන් පරිණාමය වී ඇත. මොවුන් රුක්වැසි වානරයන්ය. මෙම වානර පූර්වජකයන් එකල ඇති වූ දේශගුණික හා කාලගුණික විපර්යාස නිසා වනගහනය අඩුවීම තැනිතලා වැඩිවීම ආදිය නිසා රුක්වැසි ජීවිතයෙන් තරමක් ඈත් වී, බිම්වාසී වානරයන් බවට පරිණාමය විය. මෙම බිම්වාසී වානරයන් අතරින් මානව පූර්වජකයන් බිහිවිය. ඔවුන් අනෙකුත් වානරයන්ට වඩා වේගයෙන් පරිණාමය වන්නට ඇතැයි යන්න විද්‍යාඥයන්ගේ අදහසය.

ලොව පළමු මිනිසා පළමු මිනිසා යනුවෙන් විද්‍යාඥයන් හඳුන්වා දෙන, හෝමෝ සේපියන් මානවයා මිය ගියේ මීට අවුරුදු 300,000 කට පෙර යැයි විද්‍යාඥයන්ගේ අදහසය. පළමු මිනිසා ලෙස හැඳින්වෙන මානවයාගේ හිස් කබල පුරා විද්‍යාඥයන් සහ මානව විද්‍යාඥයන්ට හමුවී ඇත්තේ 2017 වසරේදී මොරොක්කෝ වෙනි. මොරොක්කෝව යනු උතුරු අප්රිටකා රාජ්‍යයක්. අත්ලාන්තික් සාගරයට, මධ්‍යධරණී මුහුදට මොරොක්කෝව මායිම් වෙයි. 

බටහිරින් ඇත්තේ සහරා කාන්තාරයයි. කැණීම් කරද්දී හමුවුණු එම හිස් කබල සම්පූර්ණ එකක් නම් නොවෙයි. හිස් කබල හමුවෙද්දී එහි යටි හකු අස්ථිය තිබුණේ නැත. එය ක්ෂය වී ගොසිනි. හමුවුණු හිස් කබල කොටස කාල නිර්ණ පරීක්ෂණයකට යොමු කිරීමෙන් වයස තීරණය කෙරුණි. හිස් කබලේ හිමිකරු හෝමෝ සේපියන් මානවයකු බව තහවුරු විය. කාල නිර්ණය කිරීමෙන් පැහැදිලි වූයේ හිස් කබල අවුරුදු 300,000 කට වඩා පැරණි බවය. ඊටත් වඩා පැරණි හෝමෝ සේපියන් මානවයකුගේ හිස් කබලක් හෝ අස්ථි කොටස් හෝ මෙතෙක් හමුවී නැත. මේ මානවයා පළමු මිනිසා යනුවෙන් නම් කෙරුණේ ඒ නිසාය.


ලු‍සිත ජයමාන්න
      එන්.ඩී.ටීවී ඇසුරිනි


 



අදහස් (0)

‘හෝමෝ ’ මානවයාට මොකද වුණේ ?

ඔබේ අදහස් එවන්න

තක්සලාව

ක්‍රීඩා අමාත්‍යංශයේ දැක්ම සාකච්ඡාව සැලසුම් : තහනම් වචනය මුදල්
2024 දෙසැම්බර් මස 18 18 0

ක්‍රීඩා අමාත්‍යාංශයේ ගිණුම් හිස්වීමෙන් මේ වන විට ජාතික ක්‍රීඩා සංගම් බහුතරයකට අඩු තරමින් එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමත් ප්‍රශ්නකාරීවී තිබේ.


සුදු පන්දුවේ සාර්ථකත්වය සොයායමු
2024 දෙසැම්බර් මස 18 28 0

දකුණු අප්‍රිකාව සමග පැවති ටෙස්ට් තරගාවලිය 2-0 කින් පරාජයට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම, මේ වනවිටත් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.


අවසන් නිවාඩුවට පෙර අවසන් සමුගැනීම
2024 දෙසැම්බර් මස 17 64 0

තම සැමියා දෙගිඩියාවෙන් යුතුව වුවද රාජකාරියට වාර්තා කිරීමට සූදානම් වෙද්දී - දීපා තවදුරටත් ඔහුගේ ගමන වළකාලීමට උත්සාහ නොකළාය.


‘හෝමෝ ’ මානවයාට මොකද වුණේ ?
2024 දෙසැම්බර් මස 17 47 0

මානව පරිණාම ක්‍රියාවලිය ඉතාමත් සංකීර්ණ එකකි. එම සංකීර්ණ මානව පරිණාම ක්‍රියාවලියේ නව පරිච්ඡේදයක් ලිවීමට චීන විද්‍යාඥයන්ට දැන් හැකි වී තිබේ.


හැදෑරීම් තුළින් නිර්මාණ කරනවා නම් වැඩි වටිනාකමක් ලැබෙනවා - ප්‍රවීණ රංගන ශිල්පිනී ගයනි ගිසන්තිකා
2024 දෙසැම්බර් මස 11 30 0

ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය තරුපති මුණසිංහ රචිත ‘ශබ්ද මානවවංශවේදය’ සහ ප්‍රවීණ රංගනවේදිනී ගයනි ගිසන්තිකා රචිත‘ගලන දියේ හංගා’ කෘති ද්විත්වය දෙසැම්බර් ම


අපේ රටට තාමත් ශබ්ද මානව වංශවේදය ආගන්තුක විෂයක් - ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය තරුපති මුණසිංහ
2024 දෙසැම්බර් මස 11 38 0

ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය තරුපති මුණසිංහ රචිත ‘ශබ්ද මානවවංශවේදය’ සහ ප්‍රවීණ රංගනවේදිනී ගයනි ගිසන්තිකා රචිත‘ගලන දියේ හංගා’ කෘති ද්විත්වය දෙසැම්බර් ම


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 34 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 27 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 141 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site