ශ්‍රී ලංකාවේ ප්‍රධානතම නත්තල් දේව මෙහෙයන් සිදු කරන පල්ලියක් ලෙසත්, කතෝලික, බෞද්ධ, හින්දු, මුස්ලිම් සියලු ආගම්වල බැතිමතුන් තම ගැටලු දෙවියන්ට පවසා සහනයක් ලබාගන්නා ස්ථානයක් ලෙසත්, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය සුවිශේෂී තැනක් ගනී. කොච්චිකඩේ පල්ලිය නමින් ප්‍රචලිත ශුද්ධ වූ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එදා මෙදා තුර දීර්ඝ කාලයක සිට අදටත් කතෝලික, බෞද්ධ, හින්දු, මුස්ලිම් සියලු ආගම්වල බැතිමතුන් වන්දනාමාන කිරීම සඳහා පැමිණෙන්නේ තමන්ට කුමන හෝ සහනයක් ලැබෙන බවට ඔවුන් තුළ පවතින දැඩි විශ්වාසය හේතුවෙනි. කොළඹ කොච්චිකඩේ ප්‍රදේශය කිතුනු බැතිමතුන්ගෙන් පමණක් නොව බෞද්ධ, මුස්ලිම් සහ හින්දු බැතිමතුන්ගෙන් ද පිරී පැවතීම සාමාන්‍ය දෙයකි. එය ආගමික සහජීවනයට ජීවමාන සාක්ෂි සපයන කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකෙන අතර බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ තමන්ගේ ගැටලුවලට ශාන්ති අන්තෝනි මුනිඳුන්ගේ පිහිට ලැබෙන බවයි.
ශාන්ත අන්තෝනි මුනිඳුන් යනු කවුරුන් ද?
පෘතුගාලයේ ලිස්බන් අගනුවර ලෙස හැඳින්වෙන ප්‍රදේශයේ ජීවත් වූ මාටින් හා මාරියා යන යුවළගේ කුලුඳුල් දරුවා ලෙස එළිය දුටු ශාන්ත අන්තෝනි මුනිතුමන්ගේ උපත සිදුවන්නේ 1195 අගෝස්තු 15 වැනි දිනකදීය. උපතින් දින කිහිපයකට පසු සිය ජන්ම නිවස ආසන්නයේ පිහිටි ලිස්බන් නුවර ආසන දෙව්මැදුරේ දී එතුමාට ප්‍රසාද ස්නාපනය හිමිවිය. සාමය වෙනුවෙන් සටන් වදින්නා යන අර්ථය ඇතිව උන්වහන්සේට “ෆර්ඩිනෑන්ඩ්” යන නාමය තැබීය. අන්තෝනි මුනිතුමන්ගේ පියා කීර්තිමත් හමුදා නිලධාරියෙකු වූ නිසා ඔහුට අවශ්‍ය වූයේ ද සිය පුතු ද ඒ පාරේ ගමන් කරවීමටය. එහෙත් අන්තෝනි මුනිතුමන්ගේ සිත ඇදී ගියේ යාච්ඥා හා භාවනාවටය.
තම නිවස අසලම පිහිටි ආසන දෙව්මැදුරේ හැදී වැඩුනු කුඩා ෆර්ඩිනැන්ඩ්ගේ පරමාදර්ශීම චරිතය වූයේ සිය පියා නොව, දෙව්මැදුරේ ප්‍රධාන පූජක වූ “දොන් ෆර්ඩිනැන්ඩ්” පියතුමන්ය. අන්තෝනි මුනිතුමන් අධ්‍යාපනය හැදෑරුවේ ද දෙව්මැදුරේ පූජා ප්‍රසාදිතුමන් මෙහෙය වූ ශාන්ත මරියා පාසලෙනි.
තාපස දිවිය සහ පූජක දිවිය ලැබීම
කුඩා ෆර්ඩිනැන්ඩ්ට (අන්තෝනි මුනිතුමන්ට) වසර පහළොව සපිරුණු තැන, එනම් 1210 දී ඔහු දේව මෙහෙවරට කැපවිය. තාපසාරාමයට ඇතුළු වූ එතුමා එම නිකායේ ඉහළ තනතුරු දරන බුද්ධිමත් උපාසකවරුන්ගෙන් අවසර ලබාගෙන පෘතුගාලයේ කොයිම්බ්‍රා නුවර සිරිකුරුස ආරාමයට පැමිණියේය. ඔහු එම ස්ථානයට පැමිණීමට ප්‍රධාන හේතුව වූයේ, එම ආරාමයේ තාපස සහෝදරතුමකු ලෙස ගතකළ සමයේ තම හිත මිතුරන් සහ නෑදෑයින් නිතර බැහැ දකින්නට වීමෙන් තාපස ජීවන පැවැත්මට එල්ල වූ බාධක නිසාය. පෘතුගාලයේ එවකට අගනුවර වූ කොයිම්බ්‍රා ප්‍රදේශයේ 8 වසරක් ගත කළ තරුණ ෆර්ඩිනැන්ඩ් ඉගෙනීමටත් යාච්ඤාවටත් මුළුමනින්ම කාලය කැප කළ අතර ක්‍රි.ව. 1220 දී සිරිකුරුස දෙව්මැඳුරේ දී ඔගස්තිනීයානු පැවිදිවරයෙකු ලෙස ඔහු දිව්රුම් දී තිබේ.
ෆ්‍රැන්සිස්කානු නිකායට එකතුවීම හා අන්තෝනි යන නාමය ලැබීම
මෙම කාලවකවානුවේ දී අසීසියේ සාන්ත ෆ්‍රැන්සිස් මුනිඳුන් ආරම්භ කළ ෆ්‍රැන්සිස්කන් නිකායට ශූද්ධාසනයේ අවසර ලැබී ධර්ම ප්‍රචාරය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබුණි. ඒ පිළිබඳව ද ෆ්‍රැන්සිස් මුනිඳුන්ගේ ජීවිතය ගැන ද අසා මනා පැහැදීමක් ෆර්ඩිනන්ඩ් පියතුමා තුළ ඇති විය. මේ කාලයේ දී ෆ්‍රැන්සිස්කන් නිකායේ පියවරුන් උතුරු අප්‍රිකාවේ මොරොක්කෝ ප්‍රදේශයේ ද ධර්මදූත සේවාවේ නියැළී සිටියහ. ක්‍රි. ව 1220 ජනවාරි 16 වනදා ධර්මදූත සේවයේ යෙදී සිටි ෆ්‍රැන්සිස්කානුවන් පස් දෙනෙකු මිථ්‍යා දෘෂ්ටිකයන් විසින් මොරොක්කෝවේ දී ඝාතනය කිරීමත් සමග ෆර්ඩිනැන්ඩ් පියතුමාගේ ජීවිතය වෙනත් අතකට යොමු විය. උතුරු අප්‍රිකාවේ ධර්මදූත සේවයේ යෙදී සිටි උන්වහන්සේලාගේ හිස ගසා ජීවිතක්ෂයට පත් කළ සිද්ධිය මුළු යුරෝපයම කම්පා කරවීය. ෆර්ඩිනැන්ඩ් පියතුමාගේ ජීවිතය කම්පා කරමින් සිදු වූ මෙම සිදුවීම නිසා එම ධර්මදූතවරුන් මෙන් අන්‍යාගමිකයන් වෙත ගොස් දහම ප්‍රචාරය කිරීමට කෙරෙහි බලවත් ආශාවක් ඇති වී ඇත. ඊට එම නිකායේ ප්‍රධානීන්ගෙන් අවසර පියතුමාට හිමිවීම උන්වහන්සේ ලැබූ භාග්‍යයක් කොට සැලකූහ. එම අවසරයෙන් ඔලිවාරේස්හි පිහිටි ෆ්‍රැන්සිස්කානු ආරාමයට ඇතුළු වී එම නිකායේ පැවිදි වස්ත්‍ර ලබාගෙන ෆර්ඩිනැන්ඩ් වෙනුවට අන්තෝනි ලෙස එතුමාගේ නම වෙනස් විය. එතුමන් තාපසයෙකු ලෙස දිව්රුම් දුන් ඔලිවාරේස් ආරාමය අයත් කොටස කුඩා දෙව්මැඳුරක් වූ අතර එය මිසරයේ ශූද්ධ අන්තෝනි මුනිතුමාට කැපකර තිබුණි.
අන්තෝනියෝ පියතුමාගේ ශ්‍රී ලංකා සම්ප්‍රාප්තිය
ලන්දේසි ආක්‍රමණයෙන් පසු කොළඹ ප්‍රදේශයේ ජීවත් වූ කතෝලිකයන්ගේ තත්ත්වය ද යහපත් නොවීය. ලන්දේසි හමුදාව ඔවුගේ රෙපරමාදු ආගම ව්‍යාප්ත කිරීමට උත්සුක වූ අතර එකල තිබූ සීමිත කතෝලික දෙව් මැදුර ද ඔවුන් අතට පත්විය. ලන්දේසි හමුදාවන්ගේ තාඩන පීඩනවලට ගොදුරුව සිටි කතෝලිකයන් එඬේරෙකු නැති බැටලු රැලක් මෙන් විය. මෝදර සිට කොටහේන දක්වා අද කොච්චිකඩේ දේවස්ථානය පිහිටා ඇති පරිසරය එදා කඳුවැටිවලින් ලඳුකැළෑවලින් යුක්ත විය. කොළඹ ප්‍රදේශයේ විසු කතෝලිකයන්ගේ අසරණ තත්ත්වයත්, කිසිවෙකුගේ පිළිසරණක් නොමැතිකමින් සිටින බවත් ඉන්දියාවේ විසූ අන්තෝනියෝ පියතුමාට දැන ගන්නට ලැබුණි. මේ කතෝලිකයන්ට පිළිසරණක් විය යුතු බව වටහාගත් අන්තෝනි පියතුමා ඒ අදහස තම ශ්‍රේෂ්ඨ පියතුමා ගොන්සාල්වෙස් පියතුමාට දන්වා අවසර පතා ඇත. ලන්දේසීන්ගෙන් කතෝලිකයන්ට වන තාඩන පීඩන හිරිහැර දැනගෙන සිටි ගොන්සාල්වේස් පියතුමා අන්තෝනියෝ පියතුමාගේ ඉල්ලීමට මුල දී එකඟ නොවුන ද, එතුමාගේ දැඩි ඉල්ලීම නිසාම ශ්‍රී ලංකාවට ඒමට අවසර ලබා දී ඇත.
ඒ අනුව වර්ෂ 1740 දී ඉන්දියාවේ කොචින් දේශයේ සිට කොළඹට ළඟා වූ අන්තෝනියෝ පියතුමා එදා මැලිබන් වීදියේ ජීවත් වූ මාළු වෙළෙන්දෙකුගේ නිවසේ නවාතැන් ගත්තේය. දහවල් කාලයේ මාළු වෙළෙන්දෙකු ලෙස වෙස්වලාගෙන ජාඩි හා කරවල වෙෙළඳාම් කරමින් කතෝලිකයන් සොයාගත් එතුමා රාත්‍රිකාලයේ දී ඔවුන්ගේ ආගමික අවශ්‍යතා ඉටු කළේය. කතෝලිකයන්ට රාත්‍රිකාලයේ දිව්‍ය පූජා සිදුකරන අන්තෝනියෝ පියතුමා ගැන ලන්දේසි ආණ්ඩුකාර තැනට දැනගන්නට ලැබීමත් සමග එයට උරණ වී එතුමාව දුටු තැන ඇල්ලීමට නියෝග ලබා දී ඇත. භයන්යන්ගෙන් වසන් වී මුහුද වෙරළ දිගේ මෝදර දෙසට ගමන් කරමින් තැනින් තැන නතර වී එතුමන් මෝදර ප්‍රදේශයේ කල් ගෙවා ඇත.
අන්තෝනියෝ පියතුමාගේ ප්‍රාතිහාර්යන්
දේවස්ථාන පාලක |
පියතුමාට ආරක්ෂාව සැපයුයේ මෝදර ජීවත් වූ ධීවර ජනතාවය. ඒ වෙනවිට මෝදර ප්‍රදේශයේ ධීවර ජනතාව බරපතළ ප්‍රශ්නයකට මුහුණ දී සිටියෝය. මුහුද ඛාදනය වෙමින්, මුහුද ගොඩ ගලමින් ධීවර කර්මාන්තය කර ගැනීමට නොහැකිව දැඩි ප්‍රශ්නවලට මුහුණ දුන් ජනතාව තමන් පත්ව ඇති කරදරවලට සහනය පතා දෙවියන් වහන්සේට යාච්ඤා කරන ලෙස අන්තෝනියෝ පියතුමාගෙන් ඉල්ලීමක් කර ඇත. ඔවුන්ගේ විශ්වාසය ගැන පැහැදුණු පියතුමා මුහුද ඛාදනය වන ප්‍රදේශයේ වැලි ගොඩක කුරුසය සිටුවා දෙවියන් වහන්සේට යාච්ඤා කිරීමට පටන් ගත්තේය. ඒ අතර ලන්දේසි හමුදාව එතනට පැමිණ පියතුමන්ව අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ විට ධීවරයන් දැඩි විරෝධය පළකර ඇත. ලන්දේසි රජයට ද මහත් හිසරදයක් වී තිබූ මුහුදු ඛාදනය මැඬපැවැත්වීමට පියවර ගතහොත් පියතුමාට නිදහස ලබාදෙන බවද හේවායින් පවසා ඇත. ඒ අයුරින් දින තුනක් යාච්ඤා කරන විට වෙරළ ඛාදනය නතර වී වැලි කඳු මතු වෙන්නට විය. ධීවරයන් මෙන්ම ලන්දේසි භටයන් ද පුදුමයටත්, සතුටටත් පත් වූ අතර කුරුසය සිටවූ තැන මඩුවක් සාදා ජීවිතාන්තය දක්වා දක්වා ජීවත් වීමට පියතුමාට අවසර හිමි වී ඇත. අන්තෝනියෝ පියතුමා මෙම මඩුව උදේ කාලයේ දී කඩයක් ලෙස පවත්වාගෙන ගිය අතර රාත්‍රී කාලයේ දී කතෝලිකයන්ගේ ආගමික අවශ්‍යතා ඉටුකරන ස්ථානයක් ලෙස පවත්වාගෙන ගියේය. අන්තෝනියෝ පියතුමන් විසින් පවත්වාගෙන ගිය මෙම කඩය ප්‍රදේශයේ ජනතාව අතර ප්‍රසිද්ධ වූයේ කොච්චියාගේ කඩය නමිනි. පසුකාලීනව කොච්චියාගේ කඩේ කොච්චිකඩේ නමින් ජන වහරට එක්වී ඇත. 1806 දී කඩය කඩා දමා එම ස්ථානය දෙව්මැදුරක් ලෙස ගොඩ නගා ඇති අතර මෙම දෙව්‍මැදුර ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන්ගේ නමට කැප කිරීමට අන්තෝනියෝ පියතුමා කැමැත්ත පළකර ඇත. එදා කුරුසිය සිටුවා යාච්ඤා කළ ස්ථානය අද කොච්චිකඩේ පල්ලිය පිහිටි ස්ථානය බව ඉතිහාසයේ සඳහන් වේ. ඊට පසු පොල් අතු කුටියක් ඉදිකර දේවස්ථානය ආරම්භ කර ඇති අතර, අන්තෝනියෝ පියතුමා මෙම දෙව්මැඳුර සාන්තුවරයා වූ ශුද්ධ වූ අන්තෝනි මුනිතුමන් නමින් නම් කර ඇත.
පෙළහර පාන්නකු ලෙස විරුදාවලියලත් අන්තෝනි මුනිතුමන් මෙලොව තුළ ජීවත් වූ අවධියේ සියලු දෙනාගේ ඉමහත් ආදරයට හා සැලකිල්ලට භාජනය විය. අන්තෝනි මුනිතුමා ශුද්ධවරයට ඔසවනු ලැබූ මොහොත වන විට එතුමන්ගේ මැදිහත්කමින් සිදුවූ ප්‍රාතිහාර්යයන් 35 ක් ගැන ඉතිහාසයේ සඳහන් වෙයි.
කොටළුවා දිව්‍ය පත් ප්‍රසාදය ඉදිරියේ දන නැමීම, තරුණයෙකුගේ වෙන් වූ පාදයක් නැවත සවි කිරීම, අලුත බිලිඳෙකුට කතා කිරීමට සැලැස්වීම, දියේ ගිලී මියගිය කුඩා බිලිඳෙකුට ජීවිතය ලබාදීම, මින් හාස්කම් කිහිපයකි. අන්තෝනි මුනිතුමන්ගේ ඉගැන්වීමේ මෙවලම් වූයේ යාච්ඥාව, භාවනාව, දිළිඳුකම හා ප්‍රාතිහාර්යයන්ය.
මෙම දේවස්ථානය වඩාත් විශාල කර ඉදිකර ඇත්තේ ඉංග්‍රීසි පාලන සමයේ වර්ෂ 1822 දී සහ 1826 වර්ෂයේදීය. දේවස්ථාන මුහුණත අලංකාර අයුරින් නිමකර අද අප දකින ඉදිරිපස කොටස පල්ලියට එක්කර තිබෙන්නේ 1834 දී. එහි මුහුණතේ ආරුක්කු හැඩැති දිගැටි වීදුරු කුටියක ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ ප්‍රතිමාවක් තැන්පත් කර ඇත.
අන්තෝනි මුනිදුන්ගේ දිවෙන් කොටසක් තැන්පත් කරඇති දිවාදාතුව |
දුප්පතුන්ගේ සාන්තුවරයා
ශාන්ත අන්තෝනි මුනිතුමන් සිය ජීවිත කාලයම අනුන්ගේ යහපත හා ඔවුනොවුගේ අවශ්‍යතා පිළිබඳ නිරන්තරයෙන් සොයා බැලූ ශ්‍රේෂ්ඨ උත්තමයෙකි. වසර 1231 මැද භාගය වනවිට පියතුමන්ගේ රෝගී තත්වය උත්සන්න විය. මරණය සමීප බව දැනුණ නිසා උන්වහන්සේගේ ඉල්ලීම පරිදි කම්පොසන්පිටේරෝ නුවර සිට ආපසු පාදුවා නුවර වෙත ගමන් ඇරඹිණි. එම ගමන් මාර්ගය ඉතා දුෂ්කර නිසා රෝගී තත්ත්වය ඉතාමත් අයහපත් අතට පත්වීමත් සමග අතරමග දී අර්චල්ලාහි පිහිටි දේව මාතාවන්ට කැපකර තිබූ ෆ්‍රැන්සිස්කානු ආරාමයේ නැවතීමට සිදුවිය. 1231 ජූනි 13 වැනිදා සවස් යාමයේ ශාන්ත අන්තෝනි පියතුමන් ස්වර්ගස්ථ වූයේ වසර 36 ක කෙටි කාලීන ජීවිතය තුළ නොමැකෙන සිහිවටනයක් තබමිනි.
ස්වර්ගස්ථ වී වසරක් ඇතුළත, අන්තෝනි මුනිතුමන් ශුද්ධවන්තයෙකු ලෙසට පිළිගත් බව කතෝලික සභාව ප්‍රකාශයට පත්කර ඇත.
කතෝලික බැතිමතුන් විශ්වාස කරන්නේ දේව වරමින් ප්‍රාතිහාර්යය කිරීමේ බලය ද, අනාවැකි පළකිරීමේ හැකියාව ද අන්තෝනි මුනිතුමන් සතු බව යි. දුප්පතුන්ගේ සාන්තුවරයා යන නාමයෙන් ද ඔහු හැඳින්වෙන අතර කොච්චිකඩේ පල්ලියට තම දුක්ගැනවිලි කීමට පැමිණෙන බොහෝ බැතිමතුන් බහුතරයක් දුප්පතුන් වේ. ධීවරයන් අතර ද මෙම මුනිවරයා ඉතා ජනප්‍රියය. අන්තෝනි මුනිතුමන් බලාපොරොත්තු සුන්වූ අවස්ථාවලදී පිහිටවන මුනිවරයා බැතිමතුන් අතර ප්‍රකට වී ඇත.
ශුද්ධ වූ අන්තෝනි මුනිදුන්ගේ මෘත දේහය සහ ශ්‍රී ධාතු
පාදුවා නගරයේ ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන්ගේ මෘත ශරීරය තැන්පත් කරන ලද ස්ථානයේ අද එතුමන් නමින් සුවිශාල අත්‍යාලංකාර බැසිලිකාවක් ගොඩනගා ඇත. ශුද්ධ වූ අන්තෝනි මුනිතුමන්ගේ ශරීරය දිරාපත් වී ගියත් දිව නොදිරා ජීවමාන තත්වයේම අදටත් කොච්චිකඩේ දේවස්ථානයේ දිව ධාතුව වෙනම කරඬුවක තැන්පත් කර ඇති අතර අදටත් එසේම ප්‍රාතිහාර්යාත්මකව පවතී. ශරීරයේ ඉතිරිව ඇති කොටස් අතර සම්පූර්ණ අස්ථි සැකිල්ලද, හකු දත් හිසකෙස් දිරාගිය සමේ කොටස් මාංශ පේශි කොටස් හදවත සහ දේහයේ ඉතා සියුම් කැබලි ඉතිරිව ඇති අතර මෙම සියලුම ශරීර ධාතු පාදුවාහි පිහිටි බැසිලිකා දේවස්ථානයේ තැන්පත් කොට ඇත. වර්ෂ 2010 මාර්තු මස 7 වැනිදා අන්තෝනි මුනිඳුන්ගේ හදවත් ධාතුව වැඩම කෙරිණ. එය දර්ශනීය උඩුකය ප්‍රතිමාවක තැන්පත් කොට තිබෙන්නේ ප්‍රතිමාවේ මැද ඇති කවුළුවෙන් ඉතා පැහැදිලිව දැකගත හැකි ලෙසය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වසර අවසන් කරන්නේද ඊළඟ වසර ආරම්භ කරන්නේද නවසීලන්තයේ දීය. මේ වනවිට නවසීලන්තයේ සිටින ඔවුන් ඔබ මේ සටහන කියවන දිනයේ දී පළමු
මෙම ජනවාරි මස පළමුවැනි බදාදා දින උදාවන නව වසරේ මුල් සිව් මස තුළ හෙවත් අප්‍රේල් මස 15 තෙක්, ඉදිරි කාලය තුළ ග්‍රහගමනේ හැසිරීම් රටාව ඔබේ අධ්‍යාපන - ආර්ථික - රැ
ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2025 නව වසර ලංකාවේ සමජ ආර්ථක දේශපාලනයටත්, රටේ ජීවත් වෙන රට වැසියන්ටත් අලුත් ආරම්භයක් සිදුවෙන්නේ අප
2006 අප්‍රේල් 27 වන විට නෙලීකා රෝහල්ගතව දින 10 කට ආසන්න වී තිබිණ. එම කාලසීමාව තුළ මේජර් සමීර රාජකාරී අතර වූවද, දිනකට දෙවරක් ඈ බලන්නට නොවරදවාම පැමිණියේය .
‘ජීවිත සුරැකීම සහ මිතුදම් පවත්වාගැනීම’ යන තේමාව යටතේ මානුෂීය මෙහෙයුම්වල නියැළෙන ‘ඩයිෂාන් ඩාඕ’ චීන රෝහල් නෞකාව, චීන ඉන්ජිනේරු විස්මයක් යැයි කීවොත් එහ
දුර්වල මිනිසුන් වාසනාව සොයා යද්දි බොහෝ දිරියවන්ත මිනිසුන් සොයා යන්නේ අවස්ථා පමණි, කියන වදන ඔබ අසා ඇති. ජීවිතය යන සිදුවීම් සමුදාය තුළ අවස්ථාවන් සොයා යම
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
ආගම් බේදයක් නැතිව සහනය පතා එන කොච්චිකඩේ පල්ලිය