මෙම පුදුම ජීප් රථයේ වර්තමාන හිමිකරු කොළඹ, මහරගම කපිල බුලත්ගේ මහතා (50) මෙසේ ද කීය.
යාපනයේ, පේදුරුතුඩුවේ ගරාජයක තිබී මෙම ජීප් රථය සොයා ගත්තා. ඇෙමරිකාවේ යුද හමුදාව මේ වර්ගයේ ජීප් රථ මුලින්ම භාවිත කළ බව කියවෙනවා. 1942 වර්ෂයේ දී මෙම ජීප් රථය නිපදවා ඇත. දෙවන ලෝක යුද්ධයේ දී උසස් නිලධාරීන් භාවිතා කළ වාහනයකි. ඉන්දියාවෙන් ලංකාවට ගෙන ආ බව කියැවේ. 1988 දී පේදුරුතුඩුව ප්‍රදේශයේ දී ත්‍රස්තවාදී සංවිධානයක් විසින් මෙම රථය අයිතිකාරයාගෙන් පැහැරගෙන ගොස් තිබේ.
1942 දී නිපදවූ බව කියන මෙම ජීප් රථය එක්තරා කාලයක ප්‍රභාකරන් සතුව තිබූ බව කියති. ප්‍රභාකරන් සහ ඔහුගේ ආරක්ෂකයන් මෙම ජීප්රථය භාවිතා කළ බව කියැවේ. නූතන හිමිකරුට මේ බව කියා ඇත්තේ පේදුරුතුඩුවේ ජනතාවය.
සවලක්, ගල් කටුවක්, පොරවක් මේ වාහනයේ දැකිය හැකියි. එය වෙනමම පෙට්ටියක අසුරා තිබේ. 1942 වර්ෂයේ මෙම වාහනය සකස් කරන විට මේ උපකරණද සවි කර ඇති බව දැකගත හැකිය. 4500 වර්ගයේ ඇංජිමක් මෙහි සවි කර තිබේ. ටයර් එකක හුළං බැස්සද මෙම වාහනයේ ගමන් කළ හැකි වීම සුවිශේෂ වූවකි. යුද සමයේ දී ප්‍රභාකරන් හෝ ඔහුගේ සේනාව මෙය භාවිතා කළ බවට විස්වාස කෙරේ.
මුලින්ම 1942 කැනඩාවේ මෙම වාහනය සකස් කර තිබේ. ටොන්සිස් නාමය යටතේ නිෂ්පාදනය කර තිබේ. දෙවැනි ලෝක යුද කාලයේ ෆෝ වීල් වාහනවල අවශ්‍යතාවක් තිබිලා තියනවා. ඒ අවශ්‍යතාව අනුව මෙම වාහනය ඩබ්ලිව්.සී. කාණ්ඩය යටතේ සකස් කර තිබේ. 1942 ජූලි මාසයේ මේ ජීප් රිය කැනඩාවේ දී සකස් කර නිෂ්පාදනය කර පසුව, ඇෙමරිකාවට යවා තිබෙනවා.
මේ අනුව, දෙවන ලෝක යුද්ධ කාලයේ ලංකාවේ ද ඇෙමරිකා හමුදාව සිටිය නිසා මේ වාහනය ලංකාවට ඉන්දියාවේ සිට ගෙන එන්නට ඇතැයි සැලකේ. මෙය දෙවන ලෝක යුද්ධයෙන් පසුව අතහැර දමා ගොස් තිබේ. ඉන් අනතුරුව 1947 දී මෙම වාහනය ලංකාවේ ලියාපදිංචි කර ඇත. සැමියොල් සිංහතම්බි යන අයට මේ ජීප් රථය මුලින්ම හිමිව තිබේ. මෙම වාහනය මුලසිට මේ දක්වාම තිබී ඇත්තේ ලංකාවේ උතුරු කරයේ ය.
1980 දක්වා මෙම වාහනයේ තොරතුරු දැකිය හැකිය. මෙම වාහනයේ අයිතිකරුවන් තුන්දෙනෙක් සතුව තිබී ඇති බව සාක්ෂි තියනවා. සිංහ තබ්බි මුල් අයිතිකාරයා. දෙවන අයිතිකරුවා පේදුරුතුඩුවේ අයෙක්, එයාගෙන් එයාගේ පුතාට මේ වාහනය හුවමාරු වී තිබේ. 1979 දී මේ වාහනය සන්නද්ධ කල්ලියක් විසින් පැහැරගෙන යනු ලැබ තිබේ.
1980 සිට 2009 යුද්ධය අවසන් වන තුරු මෙහි තොරතුරු සොයා ගත නොහැකිවයි තිබුණේ. මේ අනුව යුද්ධයේ ජයග්‍රහණයෙන් පසුව අයිතිකාරයෙක් නැති වාහනය වාහනවල සැබෑ අයිතිකාරුවන්ට යුද හමුදාව මගින් ලබාදී තිබේ.
නමුත්, වාහනයේ තෙවැනි අයිතිකරුවා මේ ජීප් රථය අරගෙන ගොස් නැත. එය සේල් එකකට දමාගොස් ඇත. අවසන් අයිතිකරුවා අත තිබූ සියලුම තොරතුරු හා වාහනයේ ලියකියවිලි ද ඇතිව මේ වාහනය මේ වාහන සෙල් ගරාජයට ලබා දී තිබිණි.
2009 සිට 2018 වන තෙක් මේ වාහනය එම ගරාජයේ දිරාපත් වෙමින් තිබිණි. මෙම වාහනය තිබූ ගරාජයේ හිමිකරුගේ පුතා කපිල බුලත්ගේ මහතාට මේ වාහනය ගැන පවසා තිබේ. ඒ අනුව හෙතෙම මේ වාහනය මිල දී ගෙන අලුත්වැඩියා කර තිබේ. කොළඹ, මහරගමට ගෙනත් මහරගම නන්ද කුමාර ගරාජයෙන් මේ වාහනය අලුත් වැඩියා කළා. එහිදී නන්ද කුමාර හා ඔහුගේ පුතා මේ වාහනය තිබුණු තත්ත්වයට පත් කරන්නට මහන්සි වුණා. මුලින් මේ වාහනය ලොරියක් බව පැවසුවද පසුව තොරතුරු සොයන විට මෙම වාහනය ලොරියක් නොවෙයි ජීප් රථයක් බව සොයා ගත්තා. ඉන් පසුවයි අලුත් වැඩියාව සිදු කළේ.’ බුලත්ගේ මහතා කියයි.
ගුවන් යානාවලට නිරීක්ෂණය කර ගත නොහැකි ආකාරයට සකස් කර ඇති මේ වාහනයේ සැලැස්මද වර්ණයද ගුවනට හෝ පොළවේ සිට බලන්නෙකුට දැකගත නොහැකි ආකාරයට හැඩ ගන්වා තිබීම නිසා යම් රහස් ගමනක් යන්නට හැකි ආකාරයට මෙම ජීප් රථය සකස් කර තිබූ බව සැකකරයි.
සටහන හා ඡායාරූප
හබරාදූව නිමල් අල්ගෙවත්ත
මධ්‍යම පළාත තුළ පිහිටි දිස්ත්‍රික්ක ත්‍රිත්වයෙන් නුවරඑළිය නගරය හැරුණු විට දෙවනුවට සුන්දරම දිස්ත්‍රික්කය වන්නේ දියඇළි ගණනාවකින් පොහොසත් වසරේ සෑම ක
උඩ බැලුවම නිල්ම නිල් පාට අහස, රට වටේටම දුවන මුහුද, උතුරේ ඉඳන් දකුණට යනකල්ම වෙනස්වෙන එක එක දේශගුණ, සීගිරිය වගේ ප්‍රෞඪත්වය පෙන්වන ගිරි ශිඛර වගේම කොළ පාට පි
චාරිකාවක් යන්න කඳු තරණයක් කරන්න සූදානම් වෙද්දි අපි ගොඩාක් වෙලාවට කරන්නේ - අතට අහුවෙන දෙයක් බෑග් එකක ඔබාගෙන දුවන එක.
මධ්‍යකාලීන යුගයේ දී, එනම් මීට වසර දහසකට වඩා එහා වූ යුගයේ දී මිනිසුන් වාසය කළ නිවාස කෙසේ තිබෙන්නට ඇතිද? පුරාවිද්‍යාත්මක සාධක සාක්ෂි අනුව ඒ ගැන අපට යම්කිස
1998 වර්ෂයේ “නගරයට ආ මුවැත්තිය” හා 2003 වර්ෂයේ “නිශ්ශබ්ද” ලෙසින් කාව්‍ය කෘති දෙකක් ජනගත කළ අනුර කේ. එදිරිසූරිය විසි වසරක දිගු නිහැඬියාවකට පසු “ආදර වස්තුවක්
ක්‍රීඩා සමාජ 12 ක පමණක් සහභාගිත්වයෙන් අවසන් වරට (2022-25) පැවැති ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ නිලවරණය ප්‍රතික්ෂේප කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශයට හයියක් නොතිබුණ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ප්‍රභාකරන්ගේ ජීප් එක මහරගමින් හමුවෙයි