මාගම පුරාණ රාජධානියේ තිස්සමහාරාම වැව චීන රටින් පැමිණි පිරිසක් විසින් හාරා රොන්මඩ සහ වැළි ඉවත් කරන බව ඉකුත්දා වාර්තා විය.
ලෝකයම විශ්මයට පත් කරවන වැව් තැනූ සිංහලයන්ට ඒ වැව්වල රොන්මඩ ඉවත් කිරීම සඳහා විදේශිකයන් ගෙන්වීමට සිදුවීම ඛේදජනකය.
අපේ පැරැන්නන්ගේ වාරි ශිල්පය අපූරු විද්‍යාවකි.
මේ පිළිබඳ කතා කිරීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය සහ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නන්ද ධර්මරත්න මහතාට ඉඩහසර වෙන්වේ.
වාරි ශිෂ්ටාචාරයේ ආරම්භය පිළිබඳව ආසියානුකරයේත්, යුරෝපයේත්, සමස්තයක් ලෙස මුළු ලෝකයේත් අවධානය යොමු කිරීමේදී සිංහලයන්ගේ තරම් වාරි තාක්ෂණ ඥාණයක් අන් කිසිවකු ළඟ දක්නට ලැබෙන්නේ නැත. ඒ සුවිශේෂ දක්ෂතා දැක්වූ මෙරටේ පුරවැසියන් සිටියදී චීනයෙන් පැමිණි පිරිසකට මෙරට තාක්ෂණයෙන් ගොඩනැඟූ මෙබඳු වැවක් කිසිදු පුරාවිද්‍යාත්මක ක්‍රමවේදයන්ට පටහැනිව නවීන යන්ත්‍ර සූත්‍ර යොදා, හාරා විනාශ කිරීමට ඉඩ ලබාදීම ලාංකිකයන්ට කරන අගෞරවයකි.
පළමුවෙන්ම මෙරට ජනාවාස වූයේ වයඹ දිග ඉන්දියාවෙන් පැමිණි ආර්යයන්ගෙනි.
ලංකාවට පැමිණි මුල්ම ආර්යයෝ වී ගොවිතැන් සහ ජල සම්පාදන ක්‍රම පිළිබඳ දැන සිටියහ. එපමණක්ද නොවේ. එකී ඉන්දියානු ජනතාවගේ ප්‍රධාන ආහාරය බත් බවද මූලාශ්‍රවල සඳහන් වේ. ඒ නිසාම ඉන්දු ආර්යයන් දිවයිනට පැමිණි පසු මුල් කාලයේදී වී ගොවිතැන පිළිබඳ දැක්වූයේ දැඩි උනන්දුවකි.
මුල්කාලයේදී ජල යන්ත්‍රවල ආධාරයෙන් ළිංවලින් ජලය ඇදගැනීමෙන් පසුව ඇළමං දිගේද ස්වභාවික ජලාශවලින් කුඹුරුවලට ජලය සම්පාදනය කළ ආකාරය වෛදික ග්‍රන්ථවල සඳහන්ය. මෙම වැව් සෑදීමේ ප්‍රථම පියවර ආරම්භ කරන්නට ඇත්තේ මේ කාලයේදී බව සඳහන් කළ හැකිය.
අද මේ තත්ත්වයට ලක්ව තිබෙන තිස්සමහාරාම වැව පිළිබඳ විමසා බැලීමේදී වාරි කෞශල්‍යයකින් හෙබි කණ්ඩායමක් මෙම රෝහණ රාජ්‍යයේ ආරම්භයත්, වර්ධනයත් !ඇති කළ බව පෙනේ. මාගම රාජ්‍යය ආරම්භ කරන ලද්දේ දේවානම්පියතිස්ස රජුගේ සහෝදරයකු වූ මහානාග කුමාරයා විසිනි.
අනුරාධපුර රාජධානියේදී දේශපාලනික වශයෙන් ඔහු මරන්නට කුමන්ත්‍රණයක් කිරීම නිසා ඔහු රුහුණට පළාවිත් මාගම රාජධානිය හෙවත් තිස්සමහාරාමයේ රෝහණ රාජ්‍යය පිහිටවූයේ ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසේදී බව මූලාශ්‍රවල සඳහන්ය. මහාවංශ තොරතුරු අනුව මහානාග කුමාරයා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණය කළේ විෂ යෙදූ අඹයක් යොදාගෙනය. ඒ වලස්වැව නම් ප්‍රදේශයේ වැවක් නිර්මාණය කරමින් සිටි අවස්ථාවකය.
එසේනම් මේ රෝහණ රාජ්‍යය ආරම්භ කළ ආදී පුරුෂයාණන් වූ මහානාග කුමරුට වාරි කර්මාන්තය පිළිබඳ ඉතා සුවිශේෂී හැකියාවක් පැවැති බව මෙම මහාවංශ ප්‍රවෘත්තියෙන් අනාවරණය වේ.
ඔහු රෝහණ රාජ්‍යය පිහිටෙව්වා සේම අනුරාධපුර රාජ්‍යය ස්ථාපිත කිරීම පිළිබඳව හොඳ දැනීමක් ඇතිව සිටි කෙනෙකි.
රජයක් පිහිටුවන විට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය අංග කිහිපයක් තිබේ. ඒවානම් රජවරුන්, රාජ කුමාරයන්, ප්‍රභූවරුන් පදිංචි වූ ඇතුල්නුවරත්, සාමාන්‍ය ජනතාව වාසය කරන ලද පිටිනුවරත්, රාජධානියකට අවශ්‍ය වැවත් මුල් කාලයේ රාජ්‍යයක් පිහිටුවීමේ ප්‍රධාන අංගෝපාංග වූ අතර බුදුදහම පැමිණීමෙන් පසු සුවිශාල වූ චෛත්‍ය නිර්මාණයත් එහි ප්‍රධාන අංගයක් විය.
මාගම රාජධානියේ දියුණු මංමාවත් සහ රාජධානියට ඇතුළුවීම සඳහා ප්‍රධාන ද්වාරයන් පහක් තිබූ බවත් සඳහන් වේ. තිස්සමහාරාමය හෙවත් මාගම රෝහණ රාජ්‍යයේ ප්‍රධාන නගරය බවට පත්විය.
මාගම රාජධානිය මහානාග විසින් ආරම්භ කිරීමෙන් පසු අනුරාධපුර රාජධානිය එළාරට යටත්ව පැවැති නිසා ලංකාවේ ප්‍රධාන රාජ්‍යය මාගම රාජ්‍යය බවට පත්ව පැවැති බව පුරාවිද්‍යාත්මක සාධකවලින් අනාවරණය වේ.
විශේෂයෙන්ම මහානාග කුමාරයා මාගම රාජධානිය ආරම්භ කිරීමටත් පෙරාතුව විජයගේ පැමිණීමෙන් පසු ලංකාවේ ආර්ය ජනපද ආරම්භ වූයේ ගංඟා අසබඩ බව පැහැදිලිය.
එනම් විජයගේ එක් ඇමැතිවරයකු කිරිඳිඔය අසළ මාගම රාජධානිය ආරම්භ කළ බවට සාක්ෂි මහාවංශයෙන් අනාවරණය වේ.
මාගම රාජධානියේ ප්‍රධාන වැව ලෙස තිස්සමහාරාම වැව හැඳින්වීමට පුළුවන. ඒ හැරුණුකොට මාගම රාජධානියට අයිති ප්‍රදේශය තුළ මිනිසුන්ගේ අවශ්‍යතා සඳහා මෙන්ම තිස්සමහාරාම වැව සමඟ තවත් වැව් හතක් කෘෂිකාර්මික කටයුතු සඳහා තිබූ බවද සඳහන් වේ.
මාගම රාජධානියට අයත් බටහිර සහ නැගෙනහිර ප්‍රදේශවල මෙම වැව් ඉදිකර තිබූ බව පෙනේ. ඒවා අතර තිස්සවැව, දුරතිස්ස වැව සහ (වර්තමානයේ එය යෝධ වැව සහ යෝධකණ්ඩිය ලෙසින්ද හැඳින්වේ) ඒ අතර ධීරවීර වැවද වේ, මේවා විශාල වැව් ලෙසද මාගම රාජධානිය තුළ දක්නට ලැබේ. ඉහත සඳහන් කළ වැව්වලින් වගා කරන ප්‍රදේශ අක්කර 600 කි. මෙම රාජධානියේ කෘෂිකාර්මික කටයුතුවලට අක්කර 3000 කට ආසන්න ප්‍රමාණයක් ජලය ලබාගෙන ඇත.
දෙබරවැව, ටිකිරයයොදන වැව, පන්නෙගමුව වැව මේ රාජධානියට අයත් සෙසු වැව්වේ. ප්‍රධාන වැව තිස්ස වැවයි. එය පිහිටා තිබෙන්නේ කිරිඳි ඔයේ නැගෙනහිර බෑවුමේය. තිස්සවැවේ සිට කිරිඳිඔයට දුර ප්‍රමාණය කිලෝමීටර් දෙකකි. මාගම රාජධානියේ පිහිටි මෙම තිස්ස වැව ආරම්භ කිරීමේ අරමුණ වූයේද ජලය ලබාගැනීමයි. මේ වැව විශාලවීමත් සමගම කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය භාවිතකොට ඇත. මෙහි විශාල ජල ධාරිතාවක් අඩංගුව තිබේ. මෙහි ප්‍රධාන ජල මූලාශ්‍රය කිරිඳි ඔයයි.
මෙම වැවේ අතීත තොරතුරු සොයා යන විට වංශකතාවල සඳහන් පරිදි මෙය මුලින්ම ආරම්භ කර තිබෙන්නේ මහානාග රජු විසිනි. ඒ ක්‍රිස්තුවර්ෂ පළමුවැනි ශත වර්ෂයේය. ක්‍රිස්තුවර්ෂ 33 සහ 44 කාලයේදී ඉලනාග නම් ප්‍රාදේශීය පාලකයෙකු මේ වැව වැඩිදියුණු කළ බවද වංශකතාවල සඳහන්ය.
කිරිඳිඔයේ නැගෙනහිර පෙදෙසේ ගල්වලින් බැම්මක් බැඳ ජලය හරස්කොට ඒ ජලය අැළ මාර්ගයක් දිගේ තිස්සවැවට ගලා ආ බව සඳහන්වේ. දොළොස්වන ශත වර්ෂයේදී එය ප්‍රතිසංස්කරණය කළ බවද වාර්තාවල තවදුරටත් සඳහන් වේ.
තිස්සවැවට ජලය රැගෙන ආ ඇළ මාර්ගයේ දිග ප්‍රමාණය කිලෝමීටර් 4 කි. පළල මීටර් 3 කි. මෙම බැම්ම බැඳ ඇත්තේ ගල්වලිනි.
තිස්සමහාරාමයේ මේ වැවට කිලෝමීටර් කිහිපයක් ඉහළින් යටාලතිස්ස රජතුමා විසින් සෑදූ යටාල චෛත්‍යයත් එතැනින් කිලෝමීටර් කිහිපයක් ඈතින් තිස්සමහා විහාරයත් දක්නට ඇත.
මහානාග කුමාරයා රෝහණයට පැමිණ රාජ්‍යය පිහිටුවීමෙන් පසු එම රාජ්‍ය නාමාවලිය ගත් කළ යටාලතිස්සගෙන් පසු ඔහුගේ පුතා ගෝඨාභයත්, පසුව ගෝඨාභයගේ පුත් කාවන්තිස්සත්, ඉන්පසුව කාවන්තිස්සගේ පුත් දුටුගැමුණුත් මාගම රාජ්‍ය විචාලූ බව මූලාශ්‍රවල සඳහන් වේ.
අද ලෝකය මවිත කරන්නට පදනම වැටුණු මෙරට කුඩා ගම්වැව් වෙනුවට මහවැව් සෑදීමට පියවර තබන ලද්දේ පළමු සියවසේදීය.
මහවැව් ඉදිකළ රජුන් අතර පළමුවැන්නා වසභ රජුයි. ක්‍රිස්තු වර්ෂ 67-111 කාලය තුළ ලංකා දේශපාලනය වෙනස් විය. එතෙක් මෞර්ය රාජ වංශය ලංකාවේ බලය ලබාගෙන සිටි අතර ඉන්පසු ලාංකීය දේශපාලනයේ ලම්භකර්ණ රාජවංශය බලයට හුවමාරු විය. එහි පුරෝගාමියා වූයේ වසභ රජුයි.
ලම්භකර්ණ රාජවංශයට වැව් තැනීම සම්බන්ධව සුවිශේෂ හැකියාවක් තිබේ. මෙරට වාරි ක්ෂේත්‍රයට නව හඳුන්වාදීම් රැසක්ද වසභ රජු විසින් සිදු කරන ලදී. එම රජු විසින් කළ වැව් ගණන 11 කි. ඒවා අතර රජපුල්, කොසබෑනම් වැව, මානික්‍ය, මාගම, කොක්කාලවැව, කේරිවාසවැව, ආමති වැව, වාතමංගල, අභිමතවැව යන වැව් අයත්වේ. මින් වැව් හයක් පමණ මේ වනවිට හඳුනාගෙන ඇත. ඒවා පසු කාලයේ වැව් තරමට විශාල නොවුණත් එකළ ගම්වල තිබූ ගම්වැව්වලට වඩා වාරි තාක්ෂණය අතින් සුවිශේෂ ලක්ෂණ පෙන්වූ වැව් ලෙස හැඳින්විය හැක. මේ වැව් වලින් ලබාගන්නා බදුවලින් බොහොමයක් කොටස් සංඝ්‍යා වහන්සේලා සඳහා වෙන්කළ බවද සඳහන් වේ.
එකල ජල මාතිකා මගින් ජලය ඈතට ගෙනයාමේ ව්‍යාපාරය, පොළව යට නිර්මාණය කරන ලද ජලමාතිකා මගින් ජලය ගෙන යාමේ ව්‍යාපාරය ප්‍රථමවරට හඳුන්වා දෙන ලද්දේ වසභ රජු විසිනි. නගර අලංකාර කිරීම සඳහා තම ඥාණයත්, තමන් සතු වාරි ශිල්පයත් යොදාගත් බවද සඳහන්ය. ඒ අතර පැරණි අනුරාධපුර නගරයේ පස්පියුමෙන් සැදි පොකුණු සාදා ඒ පොකුණුවලට වැව්වල ඇති අතිරික්ත ජලය යොදාගෙන නගර අලංකරණය ප්‍රථම වරට හඳුන්වා දෙන ලද්දේද එම රජු විසිනි. එම ෙපාකුණුවල ඔබමොබ හැසිරෙන හංසයන්ද ඇතිකරන ලද බවද මහාවංශයේ දැක්වේ.
වංශකතාවල සඳහන් නොවන 150 ක් පමණ වැව් සහ ඇළවල් ගැන පළමුවැනි සියවසේ සිට තුන්වන සිවයස දක්වා කාලයට අයත් සෙල්ලිපිවල සඳහන් වේ. ජනගහණය වැඩිවීමත් සමග ගම්වල වැව් තැනීමද සීග්‍රයෙන් වැඩිවී ඇත. එසේම විශාල ජල සම්පාදන ව්‍යාපාරද ආරම්භ විණි.
වසභ රජතුමාගෙන් පසුව මෙරට වාරි තාක්ෂණය ඥානය කෙතරම් සිදුව තිබුණද කිවහොත් ඔහුගෙන් පසුව බලයට පත්වූ පාලකයෙක් වූ වංකනාසිකතිස්ස රජු කාලයේදී දකුණු ඉන්දියාවෙන් මෙරටට ආක්‍රමණයක් ඇති වූ බවත් එම ආක්‍රමණයේදී ඔවුන් අපේ රටේ සිංහලයන් 12,000 එරටට රැගෙන ගිය බවත් මූලාශ්‍රවල සඳහන් වේ. ඔවුන් වාරි කර්මාන්ත ක්ෂේත්‍රයේ යෙදවූ බවත් කියවේ. මෙය විමර්ෂණය කරනවිට පැහැදිලි වෙන්නේ එම ආක්‍රමණය සිදුකරන ලද්දේ මෙරට සිටි දක්ෂ වාරි ඉන්ජිනේරුවන් රැගෙනයාමට බවයි. ඒ නැති වී ගිය ජාතික ගෞරවය නැවත දිනාගනු වස් දකුණු ඉන්දියාවට යළි ප්‍රති ප්‍රහාරයක් එල්ලකොට මෙරටින් ගෙනගිය වාරි ශිල්පීන් 12.000ට අමතරව තවත් 12.000 සමඟ සම්පූර්ණ 24.000 රැගෙන ආ බව සඳහන්ය. මින් පැහැදිලිවන්නේ ලංකාවේ සිටි දක්ෂ වාරි ශිල්පීන්ගේ සේවය විදේශීය රටවල පවා ලබාගත් බවයි.
මේ සුවිශාල වාරි ශිල්පය පිළිබඳව දැනීම සහ එය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ලක්වැසියන් තුන්වැනි සියවසේදී ඉතා උසස් දියුණුවක් ලබා තිබුණි.
රටවැසියාගේ කුසගින්න නිවීම සඳහා දේශීය තාක්ෂණය උපයෝගී කරගෙන මහ වැව් බඳවා එකල පැවැති ජාත්‍යන්තර අර්බුද පවා ජයගෙන වෙනත් රටවලට ඇඟිලි ගසන්නට නොදී ජාත්‍යන්තර අර්බුද මැඩගෙන විදේශ ප්‍රතිපත්තිය ආර්ථිකයට සම්බන්ධ කර නොගෙන එය දේශපාලනයට පමණක් සම්බන්ධ කරමින් විදේශ ප්‍රතිපත්ති සකස් කළා මිස ආර්ථික මර්මස්ථානවලට විදේශිකයන්ට අත තබන්නට එදා පාලකයන් ඉඩ තැබුවේ නැත. ඔවුන් සොයා බැලුවේ රටවැසියාගේ සුඛවිහරණය පමණි. අදටත් ඒ පාලකයන් රටවැසියාගේ වන්දනා මානයට පාත්‍රවන්නේ ඒ නිසාමය.
සාකච්ඡාව
ධනු විජේරත්න
රුපියල් බිලියන 22 කට ආසන්න ආදායමක් පසුගිය 2024 වසරට ඉපයූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය (2025 - 27) ලබන මාර්තු 31 වැනිදා පෙරවරු 10 ට මේට්ලන්ඩ් පෙදෙසේ එහි මූලස්ථ
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය අවසානයේ දී මේ සටහන ලියැවෙයි.
එඩ්මන්ඩ් හිලරි සහ ටෙං සිං නෝ ගේ 1953 දී ලෝකයේ උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කඳු මුදුනට මුල් වරට ළඟා වූ වික්‍රමය එසේ මෙසේ එකක් නොවෙයි.
විවිධ ගුප්ත ශාස්ත්‍රයන් මගින් මිනිස් ජීවිතවල අතීත - වර්තමාන - අනාගත කාල පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන අයුරු හා අනාවැකි පළකරනු දැකගත හැකියි.
වර්තමානයේ දී බොහෝ දෙනා විශ්ව ශක්තිය, ධනාත්මක චින්තනය, ආකර්ෂණ නීතිය, විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කිරීම, ඕරා පරීක්ෂාව, පළිඟු භාවිතය වැනි දේවල් අත්හදා බලන්නට
ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය මෙරට නිමක් නොමැති පරිපාලන අර්බුද වලින් හෙම්බත්වී සිටින තවත් මෙරට ජාතික ක්‍රීඩා සංගමයකි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ලොවම විස්මයට පත් කළ ආදි සිංහලයාගේ වාරි තාක්ෂණය