IMG-LOGO

2025 අප්‍රේල් මස 02 වන බදාදා


කියවන්න කැමති අයට අලුත් App එකක්

 

(එන්. පී. ජයවික්‍රම)

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදයත් සමග මුද්‍රණ කර්මාන්තය ද අර්බුදයට ලක්ව තිබේ. ඒ අනුව මුද්‍රණ කඩදාසි, තීන්ත මිල ඉහළ යාමත් සමග පොත් මුද්‍රණ වියදම් ඉහළ යාම සිදුවිය. ඒ සමගම, පොත්වල මිල පැවති මිල මෙන් තුන්ගුණයකින් පමණ ඉහළ ගියේය.

‘‘කේබුක්ස්’’ ප්‍රකාශන ආයතනය විසින්, පොත් කියවීම සඳහා යෙදුමක්(App) හඳුන්වා දී ඇත්තේ මෙම අර්බුදයට ද විසදුමක් ලෙසය. එමෙන්ම, නව තාක්ෂණය සමග සාහිත්‍ය පොතපත එකට මුහු කිරීම ද මෙහිදී සිදුව තිබේ. KReader යෙදුම සඳහා මේවෙන විට ජාත්‍යන්තර පිළිගැනීමක් ද හිමිව ඇත. එය දෙස් විදෙස් සම්මානයට ද පාත්‍ර වී ඇත. මේ සම්බන්ධයෙන් එහි නිර්මාතෘ හා ප්‍රධාන තාක්ෂණික නිලධාරි හෙෂාන් ජේ. පීරිස් මහතා දැක්වූ අදහස් මෙසේය.

 

පොත් මුද්‍රණ ක්ෂේත්‍රයේ පවතින අර්බුදයට KReader යෙදුම විසඳුමක් වෙන්නෙ කොහොමද?

අද වෙන විට බොහෝ දෙනෙක් කියවීමෙන් ඈත් වෙලා ඉන්නවානෙ. ඒකට හේතුව තමයි, නුතනයේ පවතින ආර්ථික අර්බුදය. 2022 අවුරුද්දේ ඉඳලා ලංකාවේ ඇතිවුණු ආර්ථික අර්බුදයත් එක්ක කඩදාසිවල මිල පස් ගුණයකින් පමණ ඉහළ යාමක් වුණා. ඒත් එක්කම අලු‍තින් මුද්‍රණය වෙන පොත්වල මිල රුපියල් 500-700 ඉඳන් රුපියල් 1500 -2000 වෙනකං වැඩි වුනා. අනෙක් අතට, මිනිස්සුන්ගේ ආදායම් මට්ටම කලින් විදිහටම තිබුණා. හැබැයි එයාලගේ වියදම් ගොඩක් වැඩිවුණා. ඒ හින්දා ඔවුන් මූලික අවශ්‍යතාවලට මුදල් වියදම් කළා. කියවීමේ කෘති මිලදී ගැනීමට වගේ දේවල්වලට වෙන්කළ කොටස ටිකෙන් ටික අඩු වුණා. මේ තත්ත්වයත් එක්ක ලංකාවේ පාඨකයින්ගේ පොත් කියවීමේ ප්‍රවණතාව ගොඩක් අඩු වුණා කියලා අපට පෙනුනා. ඒ වගේම, පොත් ප්‍රකාශන ක්ෂේත්‍රයේ මේ අර්බුදයට සහ පාඨකයන්ගේ ගැටලු‍වට විසඳුමක් විදිහට තමයි මේ ඇප් එක නිර්මාණය වුණේ. ඒ විතරක් නෙවෙයි, කඩදාසි ආනයනය කරන්න වගේ දේවල්වලට වියදම් වෙන මුදල යම් ප්‍රමාණයකට ඉතිරි කර ගන්න වගේම රටේ ආර්ථික සුරක්ෂිතතාවටත් මෙම යෙදුම ලොකු පිටුවහලක් සපයනවා.

 

පොතක් මිලදී ගන්නවට වඩා මෙහි ඇති වාසිය මොකක් ද?

මෙය පොතක් මිලදී අරගෙන කියවනවාට වඩා හරි ලෙහෙසියි කියා කෙනෙකුට හිතෙන ආකාරයේ යෙදුමක්. පාඨකයන්ට මාසෙකටම, සාමන්‍ය මුදලකට අසීමිතව, තියෙන පොත් ඔක්කොම වුනත් කියවන්න පුළුවන්. ඒ වගේම, කාර්යබහුල කෙනෙක්ට වුණත්, නැත්නම් කියවන්න වේලාවක් වෙන් කර ගන්න අමාරුනම් ඒ අයට Text to Speech හා Audiobook වලින් පොත අහන්නත් පුළුවන්. ඒ වගේම, පොත් ගබඩා කරගන්න රාක්ක හෝ වෙනත් විශේෂ ඉඩක් ඕනැ වෙන්නෙ නැහැ. ඒත් එක්කම, මේ යෙදුමෙන් ගොඩක් පොඩි කාලෙකදි අවශ්‍ය පොත පාඨකයන්ට හොයා ගන්න පුළුවන්. මේ නිසා පොත් හොයන්න යන කාලය ඉතිරි කරගන්නත් පුළුවන්.

 

මෙම යෙදුමට හිමි වූ සම්මානය ගැනත් අපි කියමු.

ජාතික වගේම ජාත්‍යන්තර විදිහට ලොකු පිළිගැනීමක් අද අපේ යෙදුමට මේ වෙනකොට ලබාගෙන තියෙනවා. විශේෂයෙන්ම, රටක් ගෝලීය වශයෙන් ඉදිරියට යන්න අවශ්‍ය නම් ඒ රටේ හැම අංශයක්මDigital Transformation එකකට ලක් වීම අනිවාර්ය වෙනවා. අපේ යෙදුම මේ සංකල්පය තුළ ඉදිරියෙන්ම ඉන්නවා. මේ හින්දා දේශීය වගේම ජාත්‍යන්තර වශයෙන් සම්මාන හා ජයග්‍රහණය ගොඩක් ලබා ගන්න ඉතාමත් කෙටි කාලයකදී අපිට පුළුවන් වුණා.

ලොව ප්‍රකටStanford විශ්වවිද්‍යාලයෙන් සංවිධානය කරන Stanford Seed Spark කියන ව්‍යාපෘතිය දකුණු ආසියාවේ රටවල් 7ක සහභාගිත්වයෙන් සංවිධානය වෙලා තිබුණා. ඒකෙදි දකුණු ආසියානු කලාපයේ අනිත් Start-ups Founders ලා 132ක් අතරින් හොඳම පස් දෙනා අතරට තේරෙන්න KReader එකට පුළුවන් වුණා. මේකෙ විශේෂම දේ තමයි අනිත් ස්ථාන 4ම ඉන්දියාවට තමයි හිමි වුණේ. නමුත් ලංකාවේ නියෝජනයක් වන අපටත් අවස්ථාව ලැබුණු එක ගැන ගොඩක් සතුටුයි.

ඒ වගේම තමයි She Loves Tech කියන්නෙ ලෝකේ තියෙන විශාලතම කාන්තා නිර්මාතෘ ව්‍යාපාර සඳහා වෙන තරඟාවලියක්. මේකට ලෝකයේ ගොඩක් රටවල් අයදුම් කරලා තිබුණා. ඒ අතරින් ශ්‍රී ලංකාවේ වටයේ දෙවැනි ස්ථානය ලබා ගන්න අපේ යෙදුමට පුලු‍වන් වුණා.

ඒ වගේම තමයි කාර්මික සංවර්ධන මණ්ඩලය සහ කර්මාන්ත අමාත්‍යංශය සංවිධානය කළ තාක්ෂණ අංශයේ ව්‍යවසායන්ගේ අංශයේ රන් සම්මානයකුත් ලංකාවේ හොඳම තාක්ෂණ මූලාරම්භකයන් දිරිගැන්වීම් ව්‍යාපෘතියක් වෙනSpiralation හිදී තාක්ෂණ ව්‍යාපාර 175ක් අතරින් මුල් 10 දෙනා අතරට එන්නත් අප සමත් වුණා. මේකෙදි විශේෂයෙන් ම මතක් කරන්න ඕනෑ අපේ ගමන් මග වෙනුවෙන් සහයෝගය ලබා දීපු Spiralation වැඩසටහනට වගේම ශ්‍රී ලංකා සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ ඒජන්සියටත් (ICTA) විශේෂ ස්තූතියක් හිමිවෙන්න ඕනැ.

මේ ජයග්‍රහණ ඇතුළු බොහෝ ජයග්‍රහණ ලබා ගන්න ශක්තිය හා සහයෝගය සියලු‍ම ආයතනවලට කෘතඥ පූර්වක ස්තුතිය පුදකරන්න ඕනැ.

 

ඔබේ යෙදුමේ කොයිතරම් පොත් ප්‍රමාණයක් තියෙනවා ද?මේ සඳහා පොත් තෝරාගන්න ක්‍රමවේදයක් තියෙනව ද? තමන්ට අවශ්‍ය ඕනෑම පොතක් එහි තියෙනවද?

මෙහි දැනට කෘති 500ක් පමණ තියෙනවා. ඊට අමතරව සෑම මාසෙකම පොත් 50ත් 100ත් අතර ප්‍රමාණයක් අලු‍තින් එකතු වෙනවා.

ඒ වගේම මෙම ඇප් එකට පොතක් එකතු කරන්න ලේඛකයෙකුට ඉතාමත් පහසුයි. ඒ සඳහා සලකා බලන එකම නිර්ණායකය තමයි කෘතිය ලංකාවේ ලේඛකයකුගේ වීමත්, එය සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා තුනෙන් එකකින් රචනා වී තීබීමත්. මෙහි ඇති සියලු‍ම කෘති ලංකාවේ දැනට පිළිගත් බුද්ධිමය දේපල නීතිවලට අනුව ගිවිසුම් ගතවූ ඒවා.

මේ වෙන විට KReader යෙදවුම සමඟ 1700ක පමණ පිරිසක් අත්වැල් බැඳගෙන ඉන්නවා. ඒ වගේම, ඔවුන්ගෙන් හොඳ ප්‍රතිචාරත් තියෙනවා. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට අවශ්‍යවෙන තොරතුරු වගේම කෘති ලබාගැනීමට පහසුකම් සැලසීම සම්බන්ධයෙනුත්, ලංකාවෙන් පිටත ඉන්න පාඨකයන්ගෙනුත්, තමන්ට අවශ්‍ය කෘතිය හොයාගන්න අමාරු අයගෙනුත් ගොඩක් යහපත් ප්‍රතිචාර ලැබෙනවා.

ඒ වගේම කියන්නම ඕනැ දෙයක් තමයි, ලංකාවේ ගොළු බිහිරි හා අන්ධ පුද්ගලයින්ට පොත් පරිශීලනය කරන්න නිශ්චිත ක්‍රමවේදයක් මෙතෙක් ක්‍රියාත්මක වුනේ නැහැ. KReader තුළින් අක්ෂි ආබාධ සහිත අයට Text to Speech හා Audiobook ශ්‍රවණ ආබාධ සහිත අයට Text to Sign Language ඔස්සේ කියවීමේ පහසුකම ලබාදීමට අපි කටයුතු කරමින් ඉන්නවා. මේ තුළින් Inclusive Reading සංකල්පය ලංකාවේ ක්‍රියාත්මක කරන්න පුළුවන්. මේ හරහා අපේ සමාජයට ලොකු මෙහෙවරක් වෙයි කියල අපි විශ්වාස කරනවා.

කියවීම විතරක් නෙවෙයි, අනෙකුත් ක්ෂේත්‍රයන්ද මෙවැනි අලු‍ත් දේවල් සමඟ ඉදිරියට ගමන් කිරීම සිදුවිය යුතුයි. ඒ තුළින් රටේ ඵලදායිකත්වය හා ගුණාත්මක බව වැඩි කරගැනීමටත් ආර්ථිකය ශක්තිමත් කරගැනීමටත් හැකියාව ලැබෙනවා. කියවීම අතින් අප අපේ පාඨකයන්ට ලබා දෙන මේ අගනා අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ලබාගෙන දැනුමින් හා පරිකල්පනයෙන් පරිපූර්ණ පාඨක පිරිසක් බිහිකරවීම තමයි අපේ බලාපොරොත්තුව.

 

 



අදහස් (6)

කියවන්න කැමති අයට අලුත් App එකක්

Tissa Rajakaruna Thursday, 18 January 2024 12:57 PM

කාලය අනුව ඉතා අගනා වැඩක්. ම⁣ගෙ සුභ පැතුම්!

:       1       3

Tissa Rajakaruna Thursday, 18 January 2024 12:59 PM

ඉතා අගනා වැඩක්. සුභ පැතුම්.

:       1       2

[email protected] Thursday, 18 January 2024 10:14 PM

ඇත්තටම ඉතා හොද කර්තව්‍යක්

:       1       2

තුශාන්ත Thursday, 18 January 2024 10:15 PM

ඉතාමත්ම හොද කර්තව්‍යයක්.

:       1       3

Mnel Saturday, 27 January 2024 10:12 AM

ඉතාම වටිනා දෙයක් අපි පොත් කියෙව්වේ පිස්සෝ වගේ. මාසෙට සාමාන්‍යයෙන් පොත් හතරක් විතර මිලදී ගත්තා. දැන් බස්සෝ වගේ ඇස්.

:       1       3

Hasantha Bandara Tuesday, 27 February 2024 05:34 PM

මගේ පුතගේ වයස අවු.9යි. එයා තමන්ම හිතලා කතන්දර පොතක් ලියලා. මට ඒක චිත්‍ර ඇදලා, graphic කරලා පබ්ලිශ් කරන්න විදියක් කියන්න. එයාගේ උත්සාහය ඇගයීමට අවශ්‍යයි. උදව් කරන්න.

:       2       6

ඔබේ අදහස් එවන්න

 

 
 

Tharunaya

රංගනයෙන් නිරූපණයෙන් දස්කම් දක්වන යොවුන් අවුරුදු කුමරා
2024 ඔක්තෝබර් මස 01 1074 0

’’කලාව මිනිසාගේ මනස සුවපත් කරයි. කලාවේ යෙදීමෙන් රස විදීමෙන් සුන්දර මිනිසෙකු බිහිවේ. එලෙස සුන්දර මිනිසෙකු බිහිවීමෙන් සුන්දර රටක් බිහිවේ. එනිසා කලාව කි


රට හැදිල්ල
2024 සැප්තැම්බර් මස 18 1145 1

ට්‍රැක් ලන්තවාසීන් බොක්කෙන්ම උනන්දුව දක්වන කාරණාවක් තමයි මේ රට හදන වැඩේ. රටේ ඇතිවන ඕනෑම අර්බුදකාරී තත්ව හමුවේ මේ අය උපදෙස් දෙනවා රට හදන හැටි ගැන. වචනයේ


හැමතැනකම බහු බූත කෝළම්
2024 අගෝස්තු මස 16 2263 1

මේ ටිකේම උදේ නැගිටපු වෙලාවේ ඉදන් රෑ නින්දට යනකන් අහන්න දකින්න වෙන දේවල් එක්ක ට්‍රැක් වැසියො තනිකරම ට්‍රැක් එකෙන් පිට ගිහිල්ලයි ඉන්නේ. එහෙන් ජනාධිපතිව


එළුවන් කෑම
2024 අගෝස්තු මස 01 1702 0

මේ දවස්වල ට්‍රැක්ලන්තේ කැළඹිලා තියෙන්නේ ජනාධිපතිවරණය නිසානේ. අපා දෙපා සිවුපාවගේ ඉදන් හැමෝම ඉන්නේ ජනාධිපතිවරණ සීන් එකේ. ඒකත් ඉතින් හරියට එළුවන් කෑම ව


වැලන්ටයින් එකට හොල්මන් මන්දිර
2024 ජුලි මස 04 1105 2

පසුගිය දිනවල ට්රැටක් වැසියෝ බුද්ධාලම්භන ප්රීුතියේ උපරිමයට ගිහිල්ලා. රට පුරා, නගරෙන් නගරේ, අඩියක් අඩියක් ගානේ අටවලා තිබ්බා හොල්මන් මන්දිර. ඇත්තටම හොල්


කැමැත්තෙන් ඔබ්බට
2024 ජුනි මස 30 484 0


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 143 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 735 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 763 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site