IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මහ ඡන්ද ඇත්ත ඒත්තු ගැනීම

වසන්ත ප්‍රිය රාමනායක

මසකට වැඩි කාලයක් තිස්සේ හමා ගිය දේශපාලන කුණාටුව අවසන් වී ඇත. පැවැති අස්ථාවර දේශපාලන පසුබිම අවසන් කිරීමට සියලු නායකයන් රට පෙරට තබා කටයුතු කිරීම වැදගත්ය. මින් කිසිවකු ජයග්‍රහණය කළ බවක් නොපෙනේ. ප්‍රධාන නායකයන් සියල්ලම වාගේ දේශපාලන වශයෙන් තුවාල කරගෙන හමාරය. ඉන් වැඩියෙන් අලාභ හානි කරගත්තේ කාටදැයි කල්පනා කරනවාට වඩා මේසියලු දෙනාම මේ රටේ පිරිහුණු දේශපාලන සංස්කෘතිය නිර්මාණය කිරීමේ වගඋත්තරකරුවන් වී සිටින බව නම් පැහැදිලිය.

මන්ත්‍රීවරුන්ගේ පිල් මාරුව උදෙසා යෝජනා වී ඇති ඉහළ ලංසු අස්වාභාවික මට්ටමින් ඉහළ යෑම පිළිබඳ දේශපාලනය කරන අය ලජ්ජා විය යුතුය. එසේම පසුගිය සමයේ පාර්ලිමේන්තුවේ හැසිරීම හා ස්ථාවර නියෝග උපයෝගී කරගනු ලැබූ සම්ප්‍රදායී විරෝධී ස්වරූපය තුළින් ද නිර්මාණය වූයේ විකාර රූපී සිතුවමකි.විශේෂයෙන්ම මේ රටේ තරුණ පරපුර හා දේශපාලන පක්ෂවලට අයත් නැති මධ්‍යස්ථ පිරිස් අතර දක්නට ලැබෙන්නේ මේ සමස්තය සම්බන්ධයෙන් හාස්‍යජනක හෙළා දැකීමකි. මෙහි වරදකරුවා සොයනවාට වඩා පිරිහෙමින් පවතින නූතන දේශපාලන සංස්කෘතිය හා පාර්ලිමේන්තු සම්ප්‍රදාය දැන් හෝ වෙනස් කිරීමට සාමූහිකව ඉදිරිපත් වීම වැදගත්ය.

අගමැතිවරයකු හා ඇමැති මණ්ඩලයක් පත්කිරීම, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ජනාධිපතිවරයාට අයත් කාර්යයකි. ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සැලසී තිබෙන ප්‍රතිපාදන යටතේ කටයුතු කිරීමේ හැකියාව ඇත්තේ ද ජනාධිපතිවරයාටය. එහෙත් මේ පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විග්‍රහ කිරීමට අදාළව ලබා දී තිබූ සමහර නීති උපදේශ මතභේදකාරී වී තිබෙන බව දැන් පැහැදිලිය. ප්‍රශ්නය අධිකරණය දක්වා දුරදිග ගියේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

සාමාන්‍යයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථනිරූපණය කිරීමේ බලය අධිකරණය සතුය. එය ක්‍රියාත්මක කිරීමේ බලය ජනාධිපතිවරයා සතුවන්නා සේම ගැටලුවකදී ඊට අර්ථකථනයක් දිය හැක්කේ ද අධිකරණයටය. ඒ අනුව අධිකරණයේ අර්ථනිරූපණය වූයේ වසර හතර හමාරක් යනතුරුම ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකි බවයි. මේ නිසා විශ්‍රාමික නීති විශාරදයන්ගෙන් නායකයන් පරෙස්සම් විය යුතුය. මේ තීන්දුවත් සමඟ ඒ වනවිට ජනාධිපතිවරයා පිහිටුවා තිබූ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ පැවැත්ම වෙනස් කරගැනීමට සිදුවිය. ඊට හේතුව ඒ වනවිටත් එම ආණ්ඩුවේ පැවැත්මට අවශ්‍ය බහුතරය පාර්ලිමේන්තුව තුළ නොතිබීමයි.
මැතිවරණයක් අපේක්ෂාවෙන් අගමැති ධුරය බාරගනු ලැබූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු බහුතරය ගැන එතරම් තැකීමක් නොකළ බවට එක් අතකින් ගොඩනැඟෙන තර්කයකි. එය සත්‍ය ද අසත්‍යදැයි කියන්න දන්නේ නැත.

එසේම මේ කිසිවෙක් කල්පනා නොකළ සාධකයක් ඊට හේතු වූ බවට ද සැකයක් මතුව තිබේ. එනම් අසල්වැසි මහා බලවතා කොතෙක් දුරට එම ආණ්ඩුවේ පැවැත්ම තීන්දු කිරීමේ කාර්යයට සම්බන්ධව සිටියා ද යන්නයි. හොඳට නරකට දෙකට අප අසලින් සිටින ජාත්‍යන්තර සාධකය නිසි අයුරින් කළමනාකරණය කරගැනීමෙන් තොරව අපට පැවැත්මක් නොමැති බව සමහර දේශපාලන අතිපණ්ඩිතයන් තේරුම් ගන්නේ ද නැත. ඒ අයගෙන් සමහරුන් සිතන්නේ අපේ පැවැත්මට ජාත්‍යන්තරයක් අවශ්‍යම නැහැ කියලාය. එසේම අසල්වැසි බලවතා හතුරු කරගැනීම ද සමහරු දේශීය ඡන්ද දිනාගැනීමේ දේශපාලන තුරුම්පුවක් කරගෙන සිටිති.
එසේම බලය ලබාගැනීමේ මෙන්ම ලබාගත් බලය තහවුරු කරගැනීමට ජාත්‍යන්තරය අත්‍යවශ්‍ය සාධකයක් වී තිබෙන බව දැන්වත් මේ අය කල්පනා කරන්නේ නම් රටක් වශයෙන් වැදගත්ය.

පසුගිය මහින්ද රාජපක්ෂ රජය බිහිවූ තැන් සිටම ජාත්‍යන්තර සාධක සියල්ලම හැසිරුණේ එම රජයට අවාසිදායක මෙන්ම වික්‍රමසිංහ පාලනයට පක්ෂපාතීවය. ඊට එක්සත් ජාතික පෙරමුණේ පක්ෂපාතීත්වය ප්‍රමාණය ඉක්මවා ලැබී තිබුණි. රටේ අභ්‍යන්තර ප්‍රශ්නයකදී ජාත්‍යන්තරයේ හැසිරීම වෙනදාටත් වඩා සීමාව ඉක්මවා තිබූ බව පෙනේ. මේ නිසා විජාතික බලවේග සමඟ සීමාව ඉක්මවූ ළෙන්ගතුකමකට වත්මන් පාලනය (වික්‍රමසිංහ) ගොස් තිබූ බව පසුගිය දිනවල හටගත් සිදුවීම්වලදී බැහැර කළ නොහැකි සත්‍යයක් බවට පත්ව ඇත. මේ තත්ත්වය ඒ අයට ඉදිරි මැතිවරණවලදී යම් අවාසියක් සිදුවිය හැකිය.

මේ සියල්ලටම වඩා වැදගත් වන්නේ අසල්වැසි මහා බලවතා නිසි අයුරින් කළමනාකරණය කරගැනීමට නොහැකිවීම රාජපක්ෂ පාලනයේ පැවැත්මට බලපෑ බව පෙනේ. සුළු ජාතිකපක්ෂවල හැසිරීමෙන් එය මනා ලෙස පැහැදිලි වේ. අපේ අසල්වැසි මහබලවතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට යම් ව්‍යාජ පක්ෂපාතීත්වයක් පෙන්වා ඔහු ආණ්ඩු බලය ලබාගැනීමෙන් පසු ඔහුට පිටුපෑවා දැයි කියන්න දන්නේ නැත. විශේෂයෙන්ම ද්‍රවිඩ ජාතික සන්ධානයේ හැසිරීම මගින් මෙන්ම එක්සත් ජාතික පෙරමුණේම කොටසක් ලෙසින්ම ඔවුන් පෙනීමෙන් අසල්වැසි මහා බලවතා තේරුම් ගැනීමට නොහැකි වන්නේ නම් අපේ රටේ දේශපාලනය කරන සමහර ප්‍රධානීන්ගේ ප්‍රඥාව ගැන වෙනම සොයාබැලීම වැදගත්ය.

පසුගිය සමයේ ජනාධිපති මෛත්‍රී නිතර නිතර උතුරු නැගෙනහිර ප්‍රදේශවල සංචාරය කරමින් එම ජනතාවගේ අඩුපාඩු හා සංවර්ධන අවස්ථා සොයා බැලීම එම ප්‍රදේශවල ජීවත්වන පහළ මට්ටමේ ජනතාව පිළිගන්නා සත්‍යයකි. ඔවුන් තුළ ක්‍රමයෙන් මෛත්‍රී පිළිබඳව විශේෂ ළෙන්ගතුකමක් ඇතිවිය. මේ වනවිට යුද සමයේ පවරා ගනු ලැබූ උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම්වලින් සියයට 97ක්ම ජනාධිපතිවරයාගේ පෞද්ගලික සොයා බැලීම යටතේම නිදහස් කර ඇත. මෙය එක් සාධකයකි. උතුරු නැගෙනහිර සංවර්ධන කටයුතු ජනාධිපතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ සිදුවිය යුතු යැයි උතුරේ හිටපු මහඇමැති සී.වී. විග්නේශ්වරම් පවා සඳහන් කරන්නේ මේ නිසාය. ද්‍රවිඩ ජාතික සන්ධානයට මේ සත්‍යය නොවැටහීමට හේතුවක් නොමැත. එහෙත් එක්සත් ජාතික පෙරමුණට වඩා රාජපක්ෂ කණ්ඩායමේ සමහරුන්ගේ අන්තවාදී දැක්ම ඔවුන්ට සැකයක් ලෙසින් පවතිද්දී අවසානයේ ජනාධිපතිවරයා ද එම පිලට අවනතව කටයුතු කිරීම ඔවුන් ප්‍රශ්නයක් කරගෙන තිබෙන බව පෙනේ. එම සැකයට අසල්වැසියාගේ භූමිකාව එක්වූ විට ජාත්‍යන්තර වශයෙන් බරපතළ දේශපාලන අවාසියකට මුහුණ දීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයට සිදුවී තිබේ.

අසල්වැසියාගේ භූමිකාව අනාගත​ෙය් තමන්ට (එක්සත් ජනතා නිදහස් සන්ධානයට) වාසිදායක ලෙස කළමනාකරණය කිරීමට හැකිවන්නේ නම් එය ඇත්තේ ජනාධිපති මෛත්‍රී හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ මැදිහත්වීමකින් පමණි. එහෙත් මේ වනවිට එය කැරකෙමින් පවතින්නේ එක්සත් ජාතික පෙරමුණට වාසිදායක ලෙසය. එය එසේ නොවන්නට රාජපක්ෂ පාලනයට පාර්ලිමේන්තුවේ 113 සොයාගැනීම ප්‍රශ්නයක් නොවන්නට ඉඩ තිබුණි. එසේ වූවා නම්, අධිකරණ තීන්දුව වුවද එවිට එම ආණ්ඩුවේ පැවැත්මට ප්‍රශ්නයක් නොවනු ඇත.

2015 මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුවේ බහුතර බලයක් එක් ප්‍රධාන කණ්ඩායමක් සතුව නොතිබුණු පසුබිමක මත භේදාත්මකව දිගින්දිගට ඇදීගිය මෛත්‍රී - රනිල් ආණ්ඩුව පැවතියේ නව මැතිවරණයකින් ප්‍රශ්න විසඳාගත යුතු පසුබිමක බව පෙනේ. විශේෂයෙන්ම මන්ත්‍රීවරුන් එහාමෙහා මාරුවීම් ජනතාව පිළිකුලින් හෙළා දුටු කරුණකි. එසේම නැවත ජනමතයකින් තොරව සමහර ප්‍රශ්නවලට විසඳුම් ඉදිරිපත් කිරීම ප්‍රශ්නකාරී වුණි. විශේෂයෙන්ම විපක්ෂයේ ඇසුරින් පැනනැඟුණු ජාතිකවාදී රැල්ල මතවාදීව ජයගැනීමට එක්සත් ජාතික පෙරමුණ අසමත් විය. නව අගමැතිවරයාගේ පත්වීම බාරදෙමින් ද ජනාධිපතිවරයා සඳහන් කළේ අප බලාපොරොත්තු වූ තැනට රට ගොඩනැගීමට නොහැකි වූ බවයි. එයින් ද පැහැදිලි වූයේ ඔහුගේ චේතනාව වී තිබුණේ වෙනත් විකල්පයක් මගින් මැතිවරණයකට ගොස් ජනතාවට තීන්දුවක් ගැනීමට ඉඩ සැලසීමයි. එහෙත් මේ රටේ මධ්‍යස්ථ ජනතලයේ පොදුමතය වී තිබුණේ ව්‍යවස්ථාවේ සඳහන් කාලනිර්ණයට පෙරාතුව ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථාදායකයේ අනන්‍යතාවට ප්‍රශ්නයක් විය හැකි බවය. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයක් ලෙසින් උසාවි දක්වා ගමන් කර තිබුණේ එම තර්කය බව පෙනේ.

මහින්ද රාජපක්ෂ භාරකාර රජයක් යටතේ ජනාධිපතිවරයා මැතිවරණයකට සූදානම් වූයේ මෙවන් පසුබිමකය. උසාවි තීන්දුවෙන් වැළකී ගියේ එම මැතිවරණය බව පෙනේ.

එහෙත් පසුගියදා දිවුරුම් දුන් රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පෙරමුණු රජය ද නව රජය පිහිටුවීමෙන් අනතුරුව සූදානම්වන්නේ මැතිවරණයකට බව පෙනේ. එය පසුගියදා ගාලු මුවදොර පැවැති එක්සත් ජාතික පෙරමුණේ ජනරැලියේ දී නව අගමැතිවරයාගේ කතාවෙන්ම පැහැදිලි විය.

“මැතිවරණයක් අවශ්‍ය කුමන කාලයකදී දැයි අප සෑම පක්ෂයකින්ම විමසන්න යනවා. අප එක්වී තීරණයක් ගත යුතුයි. බහුතර මතයට අනුව අපි ක්‍රියාකරනවා.”

“දැන් අප දේශපාලන සංවිධානයක්, දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි කරනවා. ඒ ‘ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණයි’ නීතිඥවරුන් මේ ගැන කටයුතු කරමින් සිටිනවා. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වූ පසුව ඒ යෝජනාව ඉදිරිපත් කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අප විශාල සන්ධානයක් බිහිකරනවා.”

(අගමැති රනිල් වික්‍රමසිංහ 2018.12.17 ගාලු මුවදොර රැලියේ දී)

තවමත් හරිහැටි පත්වී නොමැති නව ආණ්ඩුව සියල්ලටම ප්‍රථම නැවත කතා කරමින් සිටින්නේ මැතිවරණයක් ගැනය. ඊට හේතුව මැතිවරණයකින් තොරව මින් ඉදිරියට ගමනක් නොමැති බව පළපුරුදු නායකයෙකු වන අගමැති රනිල් වික්‍රමසිංහ එම කණ්ඩායමේ සියල්ලටම පෙර තේරුම් ගෙන සිටීමයි.

මින් නැවත තහවුරු කරමින් සිටින සත්‍යය කුමක්ද? ජනාධිපති මෛත්‍රී ගත් තීන්දුවේ නිවැරැදි බව නොවේද? යන ප්‍රශ්නය මධ්‍යස්ථ ජනතාව තුළින් මතුවීම වැළැක්විය නොහැක. වෙනසකට ඇත්තේ රාජපක්ෂ භාරකාර රජයක් යටතේ නොව රනිල් වික්‍රමසිංහ භාරකාර රජයක් යටතේ මැතිවරණයකට සූදානම් වීමය. ලක්ෂ 150ක ජනමතය උරගා බැලීමෙන් තොරව මේ කිසිදු ආණ්ඩුවකට ඉදිරියේ පැවැත්මක් නොමැත. උදාවී ඇත්තේ පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි 225 එහාමෙහා කර විසඳාගත හැකි ප්‍රශ්නයක් නොවේ. එසේම ඉදිරියේ මේ ආණ්ඩුවට මුහුණ දීමට සිදුවන සමාජ, ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් සෙවීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. ඒ නිසා මේ දිනවල පක්ෂයක් ලෙසින් එක්සත් ජාතික පෙරමුණ තුළ ඇතිවී තිබෙන උ​ෙද්‍යා්ගිමත් භාවය ඡන්දවලට පෙරළා ගැනීමට යෑම ඔවුන්ගේ පැත්තෙන් සාධනීය ප්‍රවේශයකි. එසේම ජාත්‍යන්තර ප්‍රජාව ඔවුන් වෙනුවෙන් ඡන්දපොළට නොඑනු ඇත.

පසුගියදා ඇතිවූ ප්‍රශ්නවලට ජාත්‍යන්තර ප්‍රජාව සීමාරහිතව මැදිහත් කරගැනීම නිසා ඇතිවී තිබෙන විජාතික ලේබලය ගලවාගැනීමට ද මැතිවරණය කල් දැමීමෙන් අපහසු වනු ඇත. ඉදිරියේ යූ.ඇන්.පීය හමුවේ එම ලේබලය තදින් ඇලවීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය ක්‍රියාකරමින් සිටී. එය ජනාධිපති මෛත්‍රීට පවා අවාසිවන අයුරින් අමු ජාතිවාදී ස්වරූපයකින් ක්‍රියාත්මක වීමට ද ඉඩ තිබේ. ජනාධිපති මෛත්‍රී පරෙස්සම් විය යුත්තේ මෙහිදීය. එම පෙරමුණේ සමහරුන් සූදානම්වන්නේ ඔහු අන්තජාතිවාදී ඉසව්වකට රැගෙන යමින් මෙතෙක් ඔහු දිනාගෙන සිටින සුළුජාතික ප්‍රජාවෙන් ඈත්කරලීමට දැයි කියන්න දන්නේ නැත. එසේ වුවහොත් එයම ඉදිරි මැතිවරණ ප්‍රතිඵලවලට ද බලපෑමක් කරනු ඇත.



අදහස් (2)

මහ ඡන්ද ඇත්ත ඒත්තු ගැනීම

Dayan Thursday, 20 December 2018 11:57 AM

ආණ්ඩුක්‍රම වියවස්තාව මේගැන බොහොම පැහැදිලිය

:       5       8

adiri Monday, 24 December 2018 01:23 PM

ව්‍යවස්ථාවේ තියෙන සීමා නිර්නක බලය කියන්නේ ඡන්දයක් නොතියා ඉන්න බලයයි. ඡන්දෙ නොතියා ඉන්නයි සැලැස්ම කලේ! මිනිස්සු බලන් හිටියට

:       1       6

ඔබේ අදහස් එවන්න

ගුරුදා විග්‍රහය

ඡන්දයෙන් පෙන්වූ උතුරු-නැගෙනහිර ජනතා හඬ
2020 අගෝස්තු මස 20 4176 0

මැතිවරණය සඳහා දින නියමකර, නාම යෝජනාද බාර ගත් පසු, පාර්ලිමේන්තු මැතිවරණයක් කල් තැබුණු පළමු වර මෙවරය. කොරෝනා ගෝලීය වසංගතය හේතුවෙන් කල් තබන්නට සිදුව මාස 04


රාජ්‍ය ආයතන පාඩුවලට කරගහන ජනතාව
2020 ජුලි මස 16 4409 3

රාජ්‍ය ව්‍යාපාර රටටත්, ජනතාවටත් මහා භාණ්ඩාගාරයටත් මහා බරකි. එසේ වී තිබෙන්නේ ඇයි? සහ ඉන් මිදිය හැක්කේ කෙසේ ද? මේ ඒ පිළිබඳව ආර්ථික විද්‍යාව පිළිබඳ සම්මානි


සුළුතරය වලංගු කළ ඡන්ද ක්‍රමය
2020 ජුලි මස 09 2726 0

සමානුපාතික නියෝජන ක්‍රමය බරපතළ විවේචන මැද තවදුරටත් ක්‍රියාත්මක වෙයි. සුළු පක්ෂවල වුවමනාව මත එසේ වන බව කීවද මහ පක්ෂවල බොහෝ දෙනා ද මේ ක්‍රමය වෙනස් කිරීම


පොහොට්ටුව අබියස අභියෝග
2020 පෙබරවාරි මස 20 9129 3

පොහොට්ටුව මුල් කර ගත් දේශපාලන බලවේගය විසින් අලුත් සන්ධානයක් ලියාපදිංචි කරන ලද්දේ මේ සතියේය. මේ කාරණය අපේ රටේ දේශපාලනයේ තවත් එක් වැදගත් අවස්ථාවක් බව ඉත


වෙනසකට ප්‍රවිශ්ටයකට ප්‍රස්තුතයක්
2020 පෙබරවාරි මස 06 2040 2

නිදහස් උත්සවය පැවැත්වූයේ පෙරේදාය. බ්‍රිතාන්‍යයෙන් රට නිදහස් වී වසර 72ක් ගතවන අවස්ථාවේ රට වැසියන් තුළ තිබුණේ වෙනත් අවුරුදුවලට වඩා අනාගතය පිළිබඳව විශ්ව


ජනතාවාදී මැතිසබයක අපේක්ෂා
2020 ජනවාරි මස 30 1328 0

රටේ මීළඟ මහ මැතිවරණය පැවැත්වෙන කල් අනෙක් වැඩ සියල්ලම සිදුවන්නේ යම් ආකාරයක මන්දගාමීත්වයකින් යුතුවය. හැමෝම සිටින්නේ සන්ක්‍රාන්ති සමයක් ගෙවන ආකාරයෙන්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21153 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 20433 5



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 110 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 321 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 168 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site