පසුගිය පාස්කු ඉරිදා විශාල මිනිස් ඝාතනයක් සමගින් සිදු වූ විනාශය ඉස්ලාමීය අන්තවාදීන්ට පමණක් බාර දිය හැකි ම්ලේච්ඡත්වයක්ද? එයට කෙටි හා සරළ උත්තරය “ඔව්” යන්නය. එලෙස “ඔව්” යැයි පැවසෙන්නේ ඉස්ලාමීය මූලධර්මවාදය විසින් බිහි කරන ලද්දා වූ සංවිධාන අන්තවාදී ත්‍රස්ත ව්‍යාපාර ලෙස ජාලගත වන බවත් ඔවුන්ගේ එකම අරමුණ වන්නේ ඉස්ලාම් රාජ්‍යයක් හැදීම යැයි පවතින පොදු අදහස වන නිසාත්ය. එහෙත් ඒ සියල්ලෙහි තවත් ජාතික හා ජාත්‍යන්තර සාධක ගැබ්ව ඇත.
මෙරට ඉස්ලාමීය මූලධර්මවාදයෙහි අන්තවාදී සන්නද්ධ ගොනුවීම්වල කලලය මෙතෙක් ප්‍රසිද්ධියට පත්ව ඇති තොරතුරුවලට අනුව ඇත්තේ නැගෙනහිරය. එය පැළපදියම් වන්නේ මූලධර්මවාදී අන්තවාදයේම හයිය ඇතිව නොවේ. ඒවා ඇත්තටම දකුණේ සිංහල බෞද්ධ දේශපාලනයෙහි තරගකාරිත්වය සමගින්ද හයිය ලැබූවකි. යුද්ධය නිමාවීමෙන් පසු මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කරමින් පාරට ගෙනෙනු ලැබූ සිංහල බෞද්ධ අන්තවාදය එයට එක් වැදගත් හේතුවකි. සිංහල බෞද්ධ ආධිපත්‍ය සමග අධිකාරවාදී පාලනයක් දිගටම පවත්වා ුගෙන යෑමට දෙමළ බෙදුම්වාදය, දෙමළ ත්‍රස්තවාදය තවදුරටත් යොදාගත නොහැකිවීම නිසා ඒ වෙනුවට සිංහල බෞද්ධ සමාජයට තර්ජනයක් ලෙස පහසුවෙන් පෙන්විය හැකි වූයේ මුස්ලිම් අන්තවාදය විය. මේ රටේ සිංහල බෞද්ධ රාජ්‍ය අධිකාරවාදයට ඉස්ලාම් මූලධර්මවාදයෙහි උපයෝගිතාව තිබූයේ ඒ වෙනුවෙනි.
ඉස්ලාම් මූලධර්මවාදය දේශපාලන අවශ්‍යතාවන් සඳහා පළමු වරට යොදා ගනු ලැබූයේ ඇමෙරිකානු රාජ්‍ය විසින්ය. ඇෆ්ගනිස්තානයේ රුසියානු ආධිපත්‍යයට එරෙහිව 80 දසකය අවසානයේදී ඇමෙරිකානු සී.අයි.ඒ සංවිධානය සහ සවුදි අරාබි රාජ්‍යයේ පොදු බුද්ධි අංශ අධිකාරය (General Intelligence Directorate) පාකිස්තානයේ අන්තර් සේවා බුද්ධි අංශ ආයතනය Inter Service Intelligence Agency) හරහා ඇෆ්ගනිස්තාන මුජහිදීන්වරුන්ට මුදල් හා ආයුධ සැපයූ බවට දැන් වාර්තා ඇත. ඇෆ්ගනිස්තානයේ තලෙබාන් සංවිධාන කිහිපය ඒ අනුව තහවුරු කෙරුණකි. වර්තමානයේ ඉතාම ම්ලේච්ඡ ඉස්ලාමීය අන්තවාදී සන්නද්ධ කණ්ඩායම ලෙස හැඳින්වෙන “අයි.එස්.අයි.එස්” ත්‍රස්තවාදය බිහි වන්නේද ඇමෙරිකානු මුග්ධභාවය සමගය. එක්සත් ජාතීන්ද රවටා බුෂ් පාලනය විසින් ඉරාකය ආක්‍රමණය කිරීම එහි ආරම්භය විය.
ඉරාකය අල්ලා ගැනීමේ ඇමෙරිකානු කුමන්ත්‍රණයෙහි එක් උපක්‍රමශීලි මැදිහත්වීමක් වූයේ සදාම් හුසේන් විරෝධී ඉස්ලාමීය කණ්ඩායම් ශක්තිමත් කිරීමය. ඉරාකයට ගොඩ වූ ඇමෙරිකානු විමුක්ති හමුදා බලහත්කාර විනාශකාරී ආක්‍රමණික හමුදාවක් බැව් ඔප්පු වන්නට සතියක් වත් ගත නොවුණි. සදාම් හුසේන්ගෙන් ගැලවීමට ඇමෙරිකානු ආධාර ලබාගත් මුජහිදීන් කණ්ඩායම් එතැන් සිට ඇමෙරිකානු හමුදාවට එරෙහි විය. ඒ සමග ඇමෙරිකානු හමුදා ඉතා මෘග ජන ප්‍රහාර ආරම්භ කළහ. ෆලුජාහ් හි 2003 අප්‍රේල් මාසයේ ඇමෙරිකානු හමුදා දියත් කළ ජන සංහාරය ඒ ප්‍රදේශය පසුව “අයි.එස්.අයි.එස්” ත්‍රස්තවාදීන්ගේ බල ප්‍රදේශයක් බවට පත් කළේය. “අයි.එස්.අයි.එස්” ත්‍රස්ත සංවිධානය හා “අල්-ඛයිඩා” සංවිධානය බිහිවීම ඇමෙරිකානු ඉරාක ආක්‍රමණයෙහි ඍජු ප්‍රතිඵලයකි.
කිසිදු ත්‍රස්තවාදී සංවිධානයක් දේශපාලන හේතු නොමැතිව සහ රාජ්‍ය අනුග්‍රහයෙන් තොරව ආරම්භ වී නැත. තලෙබාන්, “අයි.එස්.අයි.එස්” සහ “අල්-ඛයිඩා” පමණක් නොව එල්.ටී.ටී.ඊ සංවිධානයද ආරම්භයේදී රාජ්‍ය ආධාර සමගින් වැඩුණු සංවිධානයෝය. ත්‍රස්තවාදී කණ්ඩායම් ඔවුන්ගේ දේශපාලන වුවමනාවන් අර්ථකතනය කර ගන්නේ අනෙකුන්ට අවශ්‍ය ආකාරයට නොව, ඔවුන් ආමන්ත්‍රණය කරන ජන සමාජයට ගැලපෙන ආකාරයටය. “අයි.එස්.අයි.එස්” ත්‍රස්ත සංවිධානය පීඩනයට හා මර්දනයට හසුවූ ඉරාක මුස්ලිම් ජනතාව ඇමතූයේ ඇමෙරිකානු හමුදා ඉස්ලාමීය සංස්කෘතිය විනාශ කරන්නා වූ ක්‍රිස්තියානි ආක්‍රමණිකයින් යැයි අර්ථ ගැන්වීමෙනි. එයට ඉතා වැදගත් ඓතිහාසික සාධකයක් වූයේ මෙසපොතේමියානු ශිෂ්ටාචාරය ලොව ඉතා දියුණු ශිෂ්ටාචාරයක් වීමත් අතීතයේ සිට ඔවුන් ක්‍රිස්තියානි රාජ්‍ය හා යුධ වැදීමත්ය. ඒ අනුව “අයි.එස්.අයි.එස්” ත්‍රස්තවාදය පෙනී සිටින්නේ ක්‍රිස්තියානි විනාශකාරිත්වයෙන් ලෝකය බේරා ගැනීමේ ශුද්ධ වූ ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවීමටය. දෙමළ විමුක්ති කොටි සංවිධානයද දෙමළ සමාජය ඇමතූයේ සිංහල බෞද්ධ දේශපාලනය දෙමළ ජනතාවට කිසිදු ආකාරයක සාධාරණ සමානාත්මතා පැවැත්මක් සඳහා ඉඩනොදෙන හෙයින් වෙනම ඊළාම් රාජ්‍යයක් දිනා ගැනීමට ය. දෙමළ සන්නද්ධ කණ්ඩායම් සඳහා ආරම්භයේදී ආධාර කරනු ලැබූයේ ඉන්දිරා ගාන්ධි සමයේ ඉන්දීය රජය විසිනි.
පාස්කු ඉරිදා ඛේදවාචකය දෙස අප බැලිය යුත්තේ එවැනි සංකීර්ණ පසුබිමක් එයට ඇති බැව් තේරුම් ගනිමින්ය. පාස්කු ඉරිදා ඛේදවාචකයට මූලික වශයෙන් වගකිව යුතු ඉස්ලාමීය අන්තවාදී සංවිධානය ලෙස නම් කෙරුණු “ජාතික තවුහීඞ් ජමාත්” සංවිධානයෙහි ආරම්භය ඇත්තේ නැගෙනහිර කාත්තන්කුඩි ප්‍රදේශයේ ය. හැමවිටම මූලධර්මවාදී අන්තවාදය සමාජයෙහි තහවුරු වන්නේ ජනප්‍රිය මතවාදයක් ලෙස නොව, බලහත්කාරය සමගය. එනිසා එහි පැවැත්ම ඇත්තේ බහුතර සාම්ප්‍රදායික මතවාදය බලහත්කාරයෙන් යටපත් කිරීමෙනි. එය ඕනෑම සමාජයක ප්‍රචණ්ඩ ගැටුමක් බවට පත් වන්නකි. ඒ ගැටුම නිරාකරණය කිරීමේ ආණ්ඩු පක්ෂ දේශපාලනය හා ඒ වෙනුවෙන් රාජ්‍ය මැදිහත් කිරීමේ තීන්දු කවරේ දැයි සහ රාජ්‍ය මතවාදයට ඒවා කෙසේ ගැලපෙන්නේ දැයි යන්න අතිශය තීරණාත්මක සාධක ය. එහිදී අපේ වැනි රටවල ආණ්ඩුවේ මතවාදය හා රාජ්‍ය මතවාදය හැමවිට එකක්ම වන්නේ නැති බැව්ද තේරුම්ගත යුත්තකි.
එවැනි ගැටුම් මැද නැගෙනහිර තවුහීඞ් ජමාත් ප්‍රධානීන්ට විරුද්ධව නැගෙනහිර සාම්ප්‍රදායික මුස්ලිම් ජනතාව හා ඔවුන්ගේ සංවිධාන නැගී සිටිය බව හා ඔවුන්ට විරුද්ධව ආරම්භයේදීම පොලිසියට පැමිණිලි කළ බැව් දැන් වාර්තා වන්නේය. ඔවුන්ට විරුද්ධ වූ ඇතැම් ආගමික නායකයන්ට ශාරීරිකව පහර දුන් අවස්ථා ද එක් අයෙකු වරක් පැහැර ගෙන ගොස් දින කිහිපයක් වධ දුන්නේ යැයිද වාර්තා වේ. එවැනි සියලු තොරතුරු එකල රාජපක්ෂ ආණ්ඩුවේ ඉහළම තනතුරු දැරූවන්ට ලිඛිතව දැනුම් දුන්නේ යැයි “සමස්ත ලංකා ජමයිතුල් උලමා” සංවිධානය පසුගිය සතියේ මාධ්‍යයට පවසා තිබුණේ ඒ වෙනුවෙන් කිසිදු වැදගත් පියවරක් එදා ආණ්ඩුව නොගත්තේ යැයි නෝක්කාඩුවක්ද සමගින්ය. සමාජ මාධ්‍ය ජාලයන්හි සාක්ෂි නොමැතිව තවුහීඞ් ජමාත් සංවිධානයේ 26 දෙනෙකුට එකල ආරක්ෂක අමාත්‍යාංශයේ අරමුදල් මගින් වැටුප් ගෙවී යැයි කෙරුණු චෝදනා සඳහා යම් වටිනාකමක් දෙමින් රාජිත සේනාරත්න ඇමැති විසින් ද එම කාරණා අවධාරණය කර තිබිණ. කතාවේ එක් ආරම්භයක් ඇත්තේ එතැනය.
එවගේම මේ ආණ්ඩුවේ සිව් අවුරුදු කාල පරිච්ඡේදය ද අසාර්ථක කාල පරිච්ඡේදයකි. ඒ කාලය පිළිබඳව දැන් ප්‍රසිද්ධ කෙරෙන තොරතුරු අනුව හා කොළඹ තුර්කි තානාපති කාර්යාලයට අනුව අන්කාරා නුවර හරහා සිරියාවට ගොස් පුහුණු වී පැමිණි 70 ක පමණ පිරිසක් මෙහි සිටිය යුතුය. ආගමන විගමන දෙපාර්තමේන්තුව හා සම්බන්ධීකරණයක් සමග යම් බුද්ධි අංශ විපරමක් තිබුණේ නම් තුර්කියට යන එන පිරිස් පිළිබඳ විස්තර එකතු කර විශ්ලේෂණය කර ගැනීමේ අපහසුවක් නොවුණි. එහෙත් එවැන්නක් සිදු වූ බව පෙනෙන්නට නැත. පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර මාස කිහිපයේ බුද්ධි අංශ රැස් කළ තොරතුරු මත පියවර ගත් බවක් ද දැකිය නොහැක. මේ වනවිට හමුදා අංශ දියත් කර ඇති විශේෂ මෙහෙයුම් මගින් කියැවෙන්නේද ක්‍රියාත්මක නොවුනත් ඔවුන් විශාල තොරතුරු ප්‍රමාණයක් රැස්කර තිබූ බවය. මහා විනාශයෙන් පසු දේශපාලනිකව ඉතිරිව ඇත්තේ ආණ්ඩු පාර්ශවයන් එකිනෙකාට දොස් පවරා ගනිමින් සමාජය නැවත නැවත සැකයෙන් බියෙන් වෙලා තැබීමේ ප්‍රකාශ නිකුත් කිරීම ය.
ඒවා පසුපස වෙනත් දේශපාලනයක්ද ඇත. එ.ජා.ප. ආණ්ඩුව පත්කර ගනු ලැබූයේත් නැවත රාජපක්ෂ බලයක් සඳහා ඉඩක් නොතබන්නට තීන්දු ගනු ලබන්නේත් ඇමෙරිකානු භූ දේශපාලනික අවශ්‍යතා සමග පෑහෙන ආණ්ඩුවක් කොළඹ පවත්වා ගැනීමට මිස රාජපක්ෂ ඉවත් කිරීමේදී දෙනු ලැබූ පොරොන්දු වෙනුවෙන් නොවේ. එබැවින් වික්‍රමසිංහ අගමැතිගේ ආණ්ඩුව වඩ වඩාත් චීන ආර්ථික ගනු දෙනු මතින් ඉවත්කර තැබීමත් ඇමෙරිකානු දේශපාලනයේ අතිශය වැදගත් අවශ්‍යතාවයකි. පසුගිය ඔක්තෝබර් රාජකීය මගඩියෙන් පසු ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පමණක් නොව, ඇමෙරිකානු රාජ්‍ය ආධාරත් වික්‍රමසිංහ ආණ්ඩුවට සහතික කර ඇත. ඇතැම් මුදල් මේ වනවිට ලැබී ඇත. මේ ගනුදෙනුව වඩාත් හොඳින් දිස් වූයේ පසුගිය සිකුරාදා හා සෙනසුරාදා දෙදින චීනය ලෝකයට ඉදිරිපත් කරන ඔවුන්ගේ යෝධ ව්‍යාපෘතිය වන යුරෝපයත් අප්‍රිකාවත් ආසියාවේ ඔවුන්ගේ නැගෙනහිර වෙරළ හා යා කෙරෙන “මුහුදු හා ගොඩබිම් මාර්ග සැළසුම” (Belt & Road Initiative) පිළිබඳව බෙයිජිං නුවර පැවති රාජ්‍ය නායක සාකච්ඡාවට ඇමෙරිකාව, ඉන්දියාව හා තුර්කිය සමග ශ්‍රී ලංකාව සහභාගි නොවීමෙහිය.
පාස්කු ඉරිදා ප්‍රහාරද වික්‍රමසිංහ ආණ්ඩුව වඩ වඩාත් ඇමෙරිකානු ගැති දේශපාලනයකට තල්ලු කර ඇත. මේ වන විට ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ සඳහා ඇමෙරිකානු විශේෂඥ සහාය ඔවුන්ගේ සුනඛයින් 50 ට වැඩි සංඛ්‍යාවක් සමග පැමිණ ඇත. බි්‍රතාන්‍ය සහාය ද ඊට එකතුව ඇත. මේවා වඩා දිගු කාලයක් පැවතීමට හැකි පසු බිමක්ද නිර්මාණය කෙරෙන්නේ ය. ඇමෙරිකානු තානාපතිනි ටෙප්ලිට්ස් මහත්මිය පසුගිය සඳුදා ප්‍රකාශයක් කරමින් කියා තිබුණේ ඔවුන්ගේ තොරතුරුවලට අනුව ඉදිරි කාලයේ තවත් ත්‍රස්ත ප්‍රහාර ඇතිවිය හැකි බවය. එයටම ගැළපෙන ආකාරයට අගමැති කියා තිබුණේ විදේශ ත්‍රස්ත සංවිධාන හා ගනුදෙනු කර පැමිණෙන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමටත් මෙහි ක්‍රියාත්මකවන ත්‍රස්තවාදී සංවිධාන තහනම් කිරීමටත් නීති නොමැති හෙයින් “ප්‍රති ත්‍රස්ත පනත” වහා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර සම්මත කළ යුතු බවය. ඇමෙරිකානු තානාපතිනිය පැවසූ ආකාරයට ඉදිරියේ ත්‍රස්තවාදී ප්‍රහාර සිදුවිය හැකි යැයිද එනිසා වහා ඊට ගැලපෙන නීති අවශ්‍ය යැයිද ඉන් ඇඟවෙන්නකි.
මේ දිනවල ඉතා ජනප්‍රිය ආගමික නායකයෙකු ලෙස වේගයෙන් ඉස්මතු වූ කාදිනල් මැල්කම් රංජිත් පියතුමා ඔහුගේ ජනප්‍රියත්වය වික්‍රමසිංහ ආණ්ඩුවට අවාසි සහගත ලෙස යොදා ගැනීම පාස්කු ඉරිදා ප්‍රහාර හරහා දිග හැරෙන තවත් දේශපාලනයකි. ආණ්ඩුව ඔහු වෙත බාර දුන් වෙඩි නොවදින වාහනය ඔහු ප්‍රතික්ෂේප කළේය. මෙතෙක් ගනු ලැබූ ආරක්ෂක පියවර සම්බන්ධයෙන් ඔහු සෑහීමකට පත් වන්නේ නැතැයිද ඔහු කීවේය. අගමැති වික්‍රමසිංහ ඉල්ලා සිටින ප්‍රති ත්‍රස්ත පනත මේ මොහොතේ අවශ්‍ය නැතැයිද ඒ වෙනුවට අවශ්‍ය නම් පවතින නීති සංශෝධනය කළ හැකි යැයිද ඔහු කීවේය. ඔහුගේ විවේචන හා මහින්ද රාජපක්ෂගේ විවේචන ඉතා ආසන්නයෙන් ගමන් යන්නේය.
ඒ සමග ආසන්න අනාගතයේ පැමිණිය හැකි මැතිවරණයක්ද ඇත. ඒ වෙනුවෙන් ගල් ගසන වුන්ද ඇත. මේ කිසිවකු “ජාතික ආරක්ෂාව” ලෙස අර්ථ ගන්වන්නේ ජනතාවගේ ආරක්ෂාව නොවේ. ඔවුන්ගේ අර්ථකතනවලට අනුව ජාතික ආරක්ෂාව වෙනුවෙන් ජනතාව පැත්තකට කර තැබිය යුතුය. අවසානයේ ජාතික ආරක්ෂාව ලෙස ඉතිරි වන්නේ මර්දන නීති සමගින් හමුදාමය ක්‍රියාකාරිත්වය සඳහා මේ සමාජය ලබා දෙන අවසරය හා අවකාශය පමණි. අප ගමන් ගන්නේ එතැනට මිස අන්තවාදී ත්‍රස්තවාදයට පිළිතුරු සෙවීමට නොවේ. අන්තවාදීන්ගේ ත්‍රස්තවාදය ඒ පමණට තනි නැත.
කුසල් පෙරේරා
මැතිවරණය සඳහා දින නියමකර, නාම යෝජනාද බාර ගත් පසු, පාර්ලිමේන්තු මැතිවරණයක් කල් තැබුණු පළමු වර මෙවරය. කොරෝනා ගෝලීය වසංගතය හේතුවෙන් කල් තබන්නට සිදුව මාස 04
රාජ්‍ය ව්‍යාපාර රටටත්, ජනතාවටත් මහා භාණ්ඩාගාරයටත් මහා බරකි. එසේ වී තිබෙන්නේ ඇයි? සහ ඉන් මිදිය හැක්කේ කෙසේ ද? මේ ඒ පිළිබඳව ආර්ථික විද්‍යාව පිළිබඳ සම්මානි
සමානුපාතික නියෝජන ක්‍රමය බරපතළ විවේචන මැද තවදුරටත් ක්‍රියාත්මක වෙයි. සුළු පක්ෂවල වුවමනාව මත එසේ වන බව කීවද මහ පක්ෂවල බොහෝ දෙනා ද මේ ක්‍රමය වෙනස් කිරීම
පොහොට්ටුව මුල් කර ගත් දේශපාලන බලවේගය විසින් අලුත් සන්ධානයක් ලියාපදිංචි කරන ලද්දේ මේ සතියේය. මේ කාරණය අපේ රටේ දේශපාලනයේ තවත් එක් වැදගත් අවස්ථාවක් බව ඉත
නිදහස් උත්සවය පැවැත්වූයේ පෙරේදාය. බ්‍රිතාන්‍යයෙන් රට නිදහස් වී වසර 72ක් ගතවන අවස්ථාවේ රට වැසියන් තුළ තිබුණේ වෙනත් අවුරුදුවලට වඩා අනාගතය පිළිබඳව විශ්ව
රටේ මීළඟ මහ මැතිවරණය පැවැත්වෙන කල් අනෙක් වැඩ සියල්ලම සිදුවන්නේ යම් ආකාරයක මන්දගාමීත්වයකින් යුතුවය. හැමෝම සිටින්නේ සන්ක්‍රාන්ති සමයක් ගෙවන ආකාරයෙන්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විනාශයේ උපත අනාගතය