වර්තමානයේ සිනදුවක් දෙකක් ලියා එය ලක්ෂ ගණන්වලට අලෙව් කරනවා යැයි කියන නිර්මාණකරුවෝ අපට හමුවෙති.එසේම දශක ගණනක් පුරා සුභාවිත ගීතයේ උන්නතිය උදෙසා කටයුතු කරන නිර්මාණකරුවෝද කලා ලොවේදී අපට මුණගැසෙති. සුගත් සෝමවීර නම් මේ තරුණ නිර්මාණකරුවා අපට හැදින්විය හැක්කේ ඒ දෙවැනි කුලකයටය.සුගත් හරවත් ගීත රැසක්ම මේ වන විට ගීත ලෝකයට දායාද කර තිබේ.සුගත් සමග සම්මුඛ වීමට අපට මගපාදන ආසන්නම හේතුව වන්නේ ඔහුගේ නවතම ගේය පද සංග්‍රහය එළිදැකීමයි.එය නිමිති කර ගනිමින් ලංකාදීප මතුමහල "තුරුණු මඬල" සාහිත්‍ය සංවාදය දිග හැරේ.
* ඔබේ නවතම කෘතිය මතක මංකඩ ගේය පද සංග්‍රහය එළිදැකීමට නියමිතයි.අපි එතනින් කතා බහ අරඹමු?
ඔව්. මතක මංකඩ නමින් එළිදක්වන්නේ මගේ තුන්වැනි ගේයපද රචනා කෘතිය. ජනවාරි 25 සවස 2.00ට මහවැලි කේන්ද්‍රීය ශ්‍රවණාගාරයේදි එය ජන ගත කරන්න කටයුතු සූදානම් කරල තියෙනවා. එදින ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ මහතා සහ සම්මානිත මහාචාර්ය සරත් විජේසූරිය මහතා දේශන පැවැත්වීමට නියමිතයි. මේ සඳහා කැමති හැමෝටම සහභාගි වෙන්න පුළුවන්.
* ඔබ දීර්ඝ කාලයකින් කෘතියක් එළිදක්වන්නේ.ඒකට විශේෂ හේතුවක් තියෙනවද?
මේ කෘතිය එළිදක්වන්නේ 2019 දි මගේ දෙවැනි ගේයපද රචනා කෘතිය වූ 'දැන් ඉතින් සමුගන්න' එළිදැක්වූවායින් පසුවයි. ඒ කියන්නෙ අවුරුදු හයකට ආසන්න කාලයකින් පස්සෙ. එක්තරා අතකට නිර්මාණකරුවකුට ඒක ලොකු කාලයකුත් නෙවෙයි. මොකද නිර්මාණ,කාර්යයන් සඳහා කාලයක් නියමයක් කරන්න බැරි නිසා. අනික් අතට ඔබ පැවසූ විදියට දීර්ඝ කාලයක් තමා. ඒකට මම නියෝජනය කරන ගීත ක්ෂේත්‍රය ගත්තාම දැන් පවත්නා ගීත නිෂ්පාදන ක්‍රියාවලියේ ක්‍රම්වේදය බලපානවා. ගීතයක් කියන්නෙ සාමූහික ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. එසේ නමුත් අද ගීත නිෂ්පාදනය කාර්ය සඳහා ගුවන් විදුලිය හෝ වෙනත් පෞද්ගලික ආයතන ඉදිරිපත් වීමේ ප්‍රවණතාවක් නැහැ.ඒ කාර්ය නිර්මාණකරුවන්ටම පැවරිලා තියෙනවා. එයිනුත් ගීතය විෂයෙහි ගත්තාම මේ මොහොතේ රචකයා වියදම් දැරීමෙන් තමයි බොහෝ විට ගුණාත්මක ගී නිෂ්පාදනය වෙන්නෙ. ඒ වගේ හේතුත් බලපානවා. ඔය සියලු සාධක තිබියදී මගේ කම්මැලි ඉබි ගමනත් බලපානවා. මට ඉතින් කොහොමත් හදිසියක් නෑ.
* ඔබ ගීත රචකයෙක් විදියට ආරම්භ කරපු මුල් වකවානුවට යන්න කැමතියි.ගීත රචනා කලාවට උත්තේජනය ලැබෙන්නේ කොතනින්ද?
ගීත කලාවට මුල්ම උත්තේජන ලැබෙන්නෙ මගේ අම්ම තාත්තගෙන්මයි. මොකද ඔවුන් යම් යම් කලාත්මක හැකියාවන් ප්‍රගුණ කරපු අය. තාත්තා කවි රචනයෙහි සමතෙක්. අම්මා වැයුමට සහ ගැයුමට සමත්. මගේ තාත්තාගෙ මල්ලීත් නම් දැරූ කවියෙක්. කවියත් එක්ක තමා මගේ මුල්ම ගනුදෙනු සිදුවුණේ. කෙසේ වෙතත් දෙදාහ වසරෙන් පස්සෙ ඒක ගීතය පැත්තට හැරුණා. එදවස පටන් මම වැඩි නැඹුරුවකින් ඒ ගැන හිතනවා. හොයනවා. ඒ වගේම හදාරනවා. අභ්‍යාස කරමින් ඉන්නවා.
*ඔබ දැනට ගීත කීයක් ලියා තිබෙනවාද?ඔබ තේමා කර ගැනීමට කැමැත්තක් දක්වන්නේ කුමන කේෂ්ත්‍රද?
පසුගිය අවුරුදු විසි පහක කාලය ඇතුළේ ලියැවුණ ගේය පද රචනා 160ක් පමණ ගීත ලෙස පටිගත වෙලා තියෙනවා. විශේෂ ක්ෂේත්‍රයක් කියල සීමාවක් කියන්න අමාරුයි. ඒත් මම උත්සාහ කරනවා සමාජයට යහපත් බලපෑමක් කරන යහපත් චින්තනයක් සහිත නිර්මාණ වෙනුවෙන් මහන්සි වෙන්න. මොකද කලාකරුවාට සමාජයක චින්තනය වෙනස් කිරීම සම්බන්ධයෙන් විශාල මැදිහත්වීමක් කරන්න පුළුවන් කියල මම විශ්වාස කරනවා. එයිනුත් ගීතය කියන්නෙ වේගයෙන් සමාජය උරාගන්න ජනප්‍රියම කලාංගයක්. එහෙම කරල පෙන්නපු පූර්වජ පරම්පරාවක් ඉන්නවා. වේගයෙන් එන රැලි සුළි මැද පුළුවන් තරමින් එහෙම වැඩ ටිකක් කරන එක තමා වෑයම.
ඔබ මෙතෙක් රචනා කළ වෙනත් කෘති පිළිබදවත් දැනගැනීමට කැමතියි.
2014 දි තමයි පළමු ගේය පද සංග්‍රහය 'වසන්තය මගෙ නොවෙයි' කෘතිය ජනගත කළේ. ඉන් පස්සෙ 2016 දි කඳුළු දියවර නමින් සංයුක්ත තැටියක් කළා. 2018 දි ජීවිත උයන නමින් සංයුක්ත තැටියක් කළා. 2019 දි දැන් ඉතින් සමුගන්න නමින් ගේය පද රචනා කෘතියක් එළිදැක්වුවා. 2023 දි සංගීතවේදී දර්ශන වික්‍රමතුංගගේ සඳගිර ප්‍රසංගයට සමගාමීව නැගිටින පන්සිළු නමින් කෘතියක් සංස්කරණය කලා දිලංජන මධුෂාන් පතිරණ සමග.
*ඔබ කොළඹින් ඈත සුන්දර ගම් ප්‍රදේශයක ජීවත්වෙන කෙනෙක්.ඒ ආභාසය ඔබේ නිර්මාණ ජීවිතයට බලපෑවේ කොහොමද?
ඒ පරිසරය මගේ නිර්මාණ ජීවිතයට එල්ල කරපු බලපෑම විශාලයි. විශේෂයෙන් අපි නිදහසේ ගත කරපු ඇළ දොළ වැව්, ගහ කොළ, සතා සීපාවා ආදී සොබාදහම සුවිශාල අත්දැකීම් අපේ ජීවිතයට එකතු කළා. නිර්මාණකරුවෙක් විදියට පරිකල්පන ලෝකය දියුණු කරගන්න ඒ අත්දැකීම් රුකුලක් වුණා. ඒ වගේම මගේ ඉතාම කටුක දුප්පත් පවුල් පරිසරය විසින් ලබාදුන්න සුවිසල් ශක්තියක් තියෙනවා. දරාගැනීම, ඉවසීම, අල්පේච්ඡ බව වගේ දේවල්. ඒ නිසා ජීවිතයේ වගේම නිර්මාණකරණයේත් යහපත් මාර්ගය හොයාගන්න දරාගෙන ඉස්සරහට යන්න පහසු වුණා. ඉතින් සාරාංශ කළොත් ඔය වගේ දේවල් ඒ සුන්දර ඒ වගේම ගැමි පරිසරය තුළින් අපේ සිරුරට වගේම හිතට එන්නත් වුණා. ඒ සියල්ල විසින් තමයි මම කියන නිර්මාණකරුවා බිහිකරල තියෙන්නෙ. නවගත්තේම ගම ලෝකයට අරන් ගිය සයිමන් නවගත්තේගම වගේ ලෝකයම ජයගත් නිර්මාණකරුවෙක් බිහිවෙන්නෙත් මං උපන්න ඒ සුන්දර වගේම ඉතා කටුක වන්නියේ තමා. ඒකත් අපිට ලබුණ ආදර්ශයක්.
*ඔබ රචනා කළ ගීත අතරින් ඔබම පසුව සංවේදීත්වයට පත් වූ නිර්මාණ තිබෙනවාද?
රචකයෙක් විදියට නම් මම මගේ හැම පද රචනාවක්ම එකම ප්‍රමිතියකින් නිර්මාණය කරන්න වෙහෙසෙනවා. ඒවා එක සමානව මට සමීපයි.සංවේදියි.එහෙත් ගීතය කියන සාමූහික ක්‍රියාවලියෙදි අනෙක් පාර්ශ්‍වයට ඉටුවූ සාධාරණය ගැන ඉතාම සතුටුවන සහ පසු තැවෙන අවස්ථාත් එළැඹිල තියෙනවා. ඒව උදාහරණ විදියට කියන එක සදාචාර සම්පන්න නැහැ. අනික රසය සාපේක්ෂ කාරණාවක්. කොහොම වුණත් මේ ගී සියල්ලම මගේ හිත් කුසේ උපන්න දරුවෝ. උන්ව දැනෙන්නෙ එකම සෙනෙහසකින්.
*මතක මංකඩ කියන නම ගේය පද්‍ය කෘතිය සදහා යෙදීමට විශේෂ හේතුවක් තිබෙනවාද?
ලොකු විශේෂත්වයක් නම් මුලින් තිබ්බෙ නැහැ. ඒක මම ලිව්ව දර්ශන වික්‍රමතුංග සංගීතවත් කළ තිළිණ සුදේශ් වන්නිනායක ගැයු "මේ මතක මංකඩ සුන්දරයි... ඔබ ඇවිත් බොර නොකෙරුවානම්" කියන ගීතයෙන් තමයි උපුට ගත්තෙ පොතේ නම විදියට. හැබැයි මංකඩ කියන තැන අපේ ජීවිතවල සමීපතම කොටසක්. අපි වැව්වල ඇති තරම් නාල පීනල සෙල්ලම් කරල තියෙන අය. මංකඩල් පැය ගණන් නෑව වගේම ඒව බොරවෙන හැටි පෑදෙන හැටි වරු ගණන් බලගෙන හිටිය අය. ඉතින් ඒ අත්දැකීම මතක මංකඩක් කරගෙන, මංකඩක අත්දැකීම පරිකල්පන ලෝකය ඇතුළේ ප්‍රේමණීය සිතුවිල්ලක් විදියට ලිව්ව එකත් පසුකාලීනව සිදුවුණා.
*ඔබ ගේය පද රචකයෙකුට අමතරව නිවේදකයෙක්.ඒ භූමිකාව ගැනත් කතා කරමු.
ඇත්තමට මම වැඩිපුරම කැමති භූමිකාව තමා නිවේදක භූමිකාව. මම ගුවන් විදුලි සංස්ථාවෙ සහන නිවේදකයෙක් විදියට වෙළඳ සේවය, රජරට සේවය සහ වයඹ හඬ කියන ගුවන් විදුලි ආයතනවල අවුරුදු 14ක් වැඩ කළා. මම මේ වෙනකොට ගීතය ඇසුරේ මිනිස්සුන්ගෙ වින්දන වගේම චින්තන පරිවර්තනයක් වෙනුවෙන් 'ගීතාත්ම" නමින් රසවින්දන වැඩසටහනක් දීපව්‍යාප්ත මට්ටමින් කරගෙන යනවා. ඉතින් ඒ කටයුතු එක්ක තරමක් දුරට කාර්ය බහුල නිසා මේ මොහොතේ නම් ගුවන්විදුලි සන්නිවේදන කාර්යයෙන් ටිකක් ඈත් මෑත් වෙලා ඉන්නේ. ඉඩ ලැබෙන හැම වෙලාවෙම පූරක භූමිකාවට පණ දෙනවා.
*ඔබේ නවතම කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට ඔබ පාඨක සහෘදයාට ආරාධනා කරන්නේ කොහොමද ?
මට මගෙ ගී අහන, විඳින, විචාරය කරන ගුණ නුගුණ දකින හැමෝම විශේෂයි. විශේෂයෙන්ම නිර්මාණකරුවකුට කිසිම රසිකයෙක් මග හරින්න අත හරින්න බෑ. ඉතින් ඒ නිසා හැමෝටම විවෘත ආරාධනාවක් කරනවා. ජනවාරි 25 හවස 2.00ට මහවැලි කේන්ද්‍රීය ශ්‍රවණාගාරයට එන්න කියල. මතක මංකඩ ජීවිතේ වෙනස්ම අලුත්ම අත්දැකීමක් වේවි.
වර්තමානයේ සිනදුවක් දෙකක් ලියා එය ලක්ෂ ගණන්වලට අලෙව් කරනවා යැයි කියන නිර්මාණකරුවෝ අපට හමුවෙති.එසේම දශක ගණනක් පුරා සුභාවිත ගීතයේ උන්නතිය උදෙසා කටයුතු
විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු වන ප්‍රසාද් පිටිගලආරච්චි දැනට රජයේ සේවයෙන් අයින් වී මහනුවර පුද්ගලික රෝහල්වල සේවය කරයි. මීට අමතරව කවිය ඔහුගේ ප්‍රධාන විනෝදා
සචී සේනානායක මවක්, බිරිඳක්, ලෙස යුතුකම් ඉටුකරමින් සිටියත් කුඩා කාලයේ පටන් සිහින දුටුවේ ලේඛිකාවක් ලෙස තමාගේම කෘතියක් පොත් සාප්පුවක රාක්කයක් මත තිබෙනු
කියැවීම ජීවිතය කරගත්තෝ පසුකාලීනව නිරායාසයෙන් ම ලිවීමට පෙලඹෙන්නෝය. දිශනී වීරරත්නද මුල් කාලයේ කියැවීමට තිබු ආසාවේ ප්‍රතිඵලයක් ලෙස පොත් කතුවරියක් බව
දරුවන් වෙනුවෙන් නිර්මාණකරණයේ යෙදෙන්න මං හරි කැමතියි. මගේ පුංචි කාලේ මම ලබපු, විඳපු අත්දැකීම් රස මතක සාගරයක්.
අරුණ ශාන්ත මැලෑගොඩ මේ වන විට කෘති 4 ක් ද වේදිකා නාට්‍ය දෙකක්ද විරිදු රචනා,ගීත රචනා කෙටිකතා ද රචනා කර ඇත.සාහිත්‍ය තරගවලින් සහතික සම්මාන ගෞරව නාම ද ලබා ගෙන
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
අද බොහෝ ගීත බිහිවන්නේ රචකයාගේ මූල්‍ය අනුග්‍රහයෙන්