පුවත්පත් කලාවේදියකු සේම ලේඛකයකු වන කුසුම්සිරි විජයවර්ධන පොඩි කාලේ සිටම ඔහුගේ ලෝකයේ වීරයන් ලෙස සැලකුවේ ලේඛකයන්ය.එහෙත් ඒ කාලයේදී කවදාවත් පොතක් ලියන්නට ලැබේවි යැයි ඔහු සිතුවේ නැත.පසුකාලීනව විශ්වවිද්‍යාලයේදී වාණිජ සහ කළමනාකරණ විෂයයන් සහිත උපාධීයක් හැදෑරූවත් සාහිත්‍යයට ඔහුගේ තිබූ ඇල්ම කිසිදා අඩුවූයේ ද නැත. පුරාවිද්‍යාවට ඇති කැමැත්ත නිසා පසුකාලීනව පුරාවිද්‍යා පශ්චාත් උපාධිය සම්පූර්ණ කරන ඔහු ඒ සම්බන්ධ පොත පත රාශියක් ම රචනා කළේය.සාහිත්‍ය කලාවේ නවමු ප්‍රවනතා පිළිබඳ නිරන්තර උනන්දුවෙන් පසුවන කුසුම්සිරි සමග මෙවර ලංකාදීප මතුමහල සංවාදය ගෙන එමු.
* ඔබ නවකතා,පුරාවිද්‍යාව ,යොවුන් සාහිත්‍ය ආදී විවිධ සාහිත්‍ය ශානරවල නිරත වෙන කෙනෙක්.මේ අතරින් ඔබට සමීපතම සාහිත්‍ය ශානරය කුමක්ද?
මුලින්ම මම කැමැත්තක් දැක්වූයේ චාරිකා සාහිත්‍ය පැත්තට. අප්‍රකට තැන්වලට ගිහින් ඒවා දැක බලාගෙන තවත් කෙනකුට ඒ අත්දැකීම සමීප කරවීමට ලිපි එකතු ලෙස චාරිකා කෘති ලිව්වා. පසුව යොවුන් නවකතා කිහිපයක් ලිව්වා. ඒ වගේම පුරාවිද්‍යා ගවේෂණ කෘති රාශියක ලියලා පාඨකයන්ට අප්‍රකට තැන් ගැන අවබෝධයක් දුන්නා. දැන් මා වඩාත් කැමති නිර්මාණශීලි ලේඛකයකු ලෙස හදුන්වනවාටයි. ඒ අනුව නවකතා සහ යොවුන් නවකතා යන ශානර දෙකම මට සමීපයි. එහෙත් පුරාවිද්‍යා ගවේෂණ කෘතිවලටත් මම ඇල්මක් දක්වනවා. පියකුගෙන් ඇසුවොත් කුමන දරුවාටද වැඩිය කැමති කියලා එක පාරට උත්තරයක් දෙන්න බෑනේ. ඒ වගේ මමත් මේ හැම ශානරයකටම කැමතියි. ඒවාට බැඳිලා ඉන්නේ.
* ඔබ ප්‍රවීණ මාධ්‍යවේදියෙක්. සාහිත්‍යකරුවෙක් වීම සඳහා පත්තරකාරයෙක් වීමේ අත්දැකීම් බලපෑවේ කොහොමද?
පත්තරයට සේවයට එනවිටත් මම පොත් ලියලා තිබුණා. විශ්වවිද්‍යාල සමයේ දීම මම චාරිකා පොත් දෙකක් ලියා පළ කළා. පසුව ප්‍රචාරණ ක්ෂේත්‍රයේ සේවයට ගිය පසුවත් පොත් ලිවීම නැවතුණේ නෑ. රැකියාවෙන් නොලැබෙන සාහිත්‍ය සේවනයක් පොත්වලින් ලැබෙනවා. ඉන් අපේ ජීවිතයට බරක් එකතු වෙනවා. එහෙත් දේශය පුවත්පතේ සාහිත්‍ය පිටුව කිරීමේ දී අලුත් ලේඛකයන් හඳුනාගැනීමට ලැබුණා. සාහිත්‍ය ක්ෂේත්‍රෙයේ සැරිසැරීමට අවස්ථා උදාවුණා. ඒක වාසියක් විදිහට බලපෑවා.
* ඔබ වැඩිපුර රචනා කර තිබෙන්නෙත් පුරා විද්‍යාව සම්බන්ධ පොත්.පුරාවිද්‍යාවට මේ තරම් කැමති ඇයි?
විශ්වවිද්‍යාලයේ දී මම හැදෑරුවේ . කළමනාකරණ විෂයයන් . එහෙත් මම මහාචාර්ය සේනක බණ්ඩාරනායක, මහාචාර්ය එච්. ටී. බස්නායක වගේ වියතුන්ගේ විශ්වවිද්‍යාල පුරාවිද්‍යා දේශනවලට ගිහින් සවන්දෙන පුරුද්දක් තිබුණා. වාණිජ කරන ගමන් පුරාවිද්‍යා දේශනවලට යාම වාණිජ කරන සිසුන් නම් දැක්කෙ පිස්සු වැඩක් වගේ. පුරාවිද්‍යා බිමක් කියන්නේ අපේ අතීත උරුමය සැඟව පවතින තැන් කියලයි මට හිතෙන්නේ. මේ තැන්වල අප නොදකින කොච්චර නම් ඉතිහාසයක් සැඟව තිබෙනවාද? ඒවා අප සිත් තුළ කුතුහලයක් උපද්දවනවා. අපි ඓතිහාසික නවකතාවලින් ලබන්නෙත් ඒ වගේ කුතුහලයක්. අතීත ලෝකය අප පරිකල්පනය කර නිර්මාණය කරනවා.
* ඔබේ නවතම කෘතිය අලි කුලප්පුව .ඒ පිළිබදව යමක් දැනගන්න කැමතියි?
අලි කුලප්පුව පොත මට හමුවුණේ රාජකීය ආසියාතික සංගමයේ පුස්තකාලයෙන්. ඒක 1860 ගණන්වල මුද්‍රිත පැරණි පිටපතක්. එමර්සන් ටෙනන්ට්ගේ ඒ පොත පළමු පිටුව කියවද්දිම මගේ සිත් ගත්තා. මට හිතුණා මේක සිංහලයට නගලා අපේ සිංහල පාඨකයන්ට ලබාදිය යුතු බව. ඒ අනුව පොත ටිකක් කියවන විටම සූරිය ප්‍රකාශන අධිපති අතුල ජයකොඩි මහතාට ඒ බව පැවසුවා. ඔහු කිව්වා පොත පරිවර්තනය කළ විගස අරන් එන්න කියලා. මේ පොතේ කර්තෘ වන ටෙනන්ට් 1846 සිට 1850 දක්වා වූ කාලයේ ලංකාවේ යටත්විජිත ලේකම් විදිහට වැඩ කළා. ඒ අතර කැලේ කොළේ කරක් ගහලා අමුතු අත්දැකීම් ලබා ගත්තා. ඔහු ලියූ Ceylon : An Account of the Island, Physical, Historical, and Topographical With Notices of Its Natural History, Antiquities and Productions පොත ලංකාව ගැන අගනා ග්‍රන්ථයක් ලෙස සැලකෙනවා.
The Wild Elephant and The Method Of Capturing It in Ceylon පොත එමර්සන් ටෙනන්ට් මුලින්ම පළ කළේ 1859 දීයි. ඒකෙ අපූරු චිත්‍ර ගොඩක් ඇතුළත් කරලා තිබුණා. ඒ හැම චිත්‍රයක්ම මේ පරිවර්තනයට අපි එකතු කළා. ඒ කාලේ අලි මරන එක දඩකෙළියක් වෙලා තිබුණා. මරන අලින්ගේ හිසකට සිලිං කීපයක් දෙන්න ආණ්ඩුව තීරණය කර තිබුණා. මේ හන්දා කැලේ අලි කනත්තක් බවට පත්වූ බව ටෙනන්ට් කියනවා.
මිනීමරු අලි ගැන ලොමුදැහැගැන්වෙන අත්දැකීම් වගේම අලි අල්ලන සහ හීලෑ කරන විදියත් මේ පොතේ විස්තර කරනවා. අලි අල්ලන විට අලි ගාලේ දී සිදුවන අමානුෂික පහරදීම් නිසා අලි මියයාම සාමාන්‍ය දෙයක් වෙලා තිබුණා. අලි මන්නාරමට අරන් ගිහින් රට පටවපු විදිය අපුරුවට කියන්න ටෙනන්ට් සමත් වෙලා තිබෙනවා.
* ඔබ තවත් පැත්තකින් පරිවර්තකයෙක් ලෙසත් කටයුතු කරනවා.අනිත් මාධ්‍යයන්ට වඩා ලංකාවේ පරිවර්තන සාහිත්‍යයට ඉල්ලුමක් තිබෙනවා නේද?
ඒක ඇත්ත. පරිවර්තන සාහිත්‍යයට මා තුළ ලොකු කැමැත්තක් තිබෙනවා. අපිත් මුලින්ම විදෙස් සාහිත්‍යය ගැන දැනගන්නේ පරිවර්තනවලින්නේ. ඉන් අප නොදන්නා විශාල ඉසව්වක් අනාවරණය කරගත හැකියි. මම මුලින්ම පරිවර්තනය කරන්නේ චාල්ස් ඩිකන්ස්ගේ Great Expectations නවකතාවයි. ඉන් පසුව උතුරු ඉන්දියානු ජනකතා සහ දෙමළ ජනකතා පරිවර්තනය කර පළ කළා. මෑතකදී පරිවර්තනය කළ ජෝන් කැපර්ගේ old Ceylon පොත දෙවරක් මුද්‍රණය කළත් ඒ පිටපත් කෙටිකලකින් විකිණී අවසන් වුණා. එයට හොඳ පාඨක ප්‍රතිචාර ලැබුණා. මේ නිසා ලංකාව ගැන පැරණි කෘති පරිවර්තනයට මා ආශක්ත වුණා.
අප රටේ පරිවර්තන සාහිත්‍යයට ලොකු ඉල්ලුමක් තිබෙනවා තමයි. ඒකට හේතුව අපේ නවකතාවලට වඩා පාඨකයො පරිවර්තන නවකතාවලට සහ වෙනත් පරිවර්තිත කෘතිවලට ඇල්මක් දැක්විමයි. මේ පාර පොත් දැක්මේත් වැඩිම ඉල්ලුමක් තිබුණේ පරිවර්තන පොත්වලට බව පෙනුණා. එහෙත් දැන් තරුණ පාඨකයා වඩාත් කැමැත්තක් දක්වන්නේ ලෝක සාහිත්‍යයේ විශිෂ්ට පරිවර්තන කෘතිවලට නොව ජනප්‍රිය ත්‍රිලර් නවකතාවලට බව පේනවා.
*ඔබ ප්‍රකාශන ආයතන කීපයක් සමගම කටයුතු කළ අයෙක්.සාහිත්‍ය කලාවේ උන්නතියට ප්‍රකාශකයාගේ භුමිකාව දකින්නේ කොහොමද?
ලොව බොහෝ රටවල සාහිත්‍ය කලාව පවතින්නේ ප්‍රකාශකයාත් සමඟයි. ලංකාවේ තමයි ඊට අමතරව කර්තෘ ප්‍රකාශන බහුලව පළවන්නේ. කර්තෘවරයකුට පොතක් පළකළ විට එය බෙදාහැරීම වගේම පොත් සාප්පුවලින් මුදල් ලබාගැනිම වගේ දේවල් කිරීම අපහසුයි. එහෙත් ප්‍රකාශකයන් පොත් සාප්පු සමඟ නිතර සම්බන්ධ වන නිසා ඔවුන්ට මේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම පහසු වෙනවා. මේ නිසා පොත් ප්‍රකාශනය රඳා පවතින්නේ ප්‍රකාශකයන් මත බව සැබෑවක්. එහෙත් ලංකාව වගේ රටවල සිංහලෙන් පළ කරන්නේ පොතකින් පිටපත් සීමත ප්‍රමාණයක් නිසා ප්‍රකාශකයන් වෙතින් ලේඛකයන්ට ලැබෙන්නෙත් පොඩි මුදලක්. ඉන්දියාවේ පවා පොත් පළකරන්නේ පිටපත් දසදහස් ගණනක් . ලංකාවේ එවැනි වෙළෙඳපොළක් නැති නිසා ලේඛකයන්ට ලැබෙන ආදායම අඩුයි. අනෙක් අතට සමහරු ප්‍රකාශකයන් බාරගැනීමට අදිමදි කරන පොත් තමන්ම පළකිරීම සිදු කරනවා. පොත් කියන්නෙත් වාණිජ ව්‍යාපාරයක් තමයි. මෙතන වැරැද්ද ඒ ව්‍යාපාරයෙන් ලේඛකයාට පොහොසත් වීමට බැරිකමයි. කෙසේ වුවත් අද වනවිට නවක ලේඛක ලේඛිකාවන් විශාල වශයෙන් ප්‍රකාශකයන් හරහා තම පොත් පළ කරවාගෙන නමක් දිනාගෙන සිටිනවා.
*සියලු මාධ්‍යයන් අභිබවා ඩිජිටල් මාධ්‍ය ඉදිරියට ඇදෙමින් තිබෙනවා.පොත් ඕඩියෝ මාධ්‍යයට අසා රසවිදීමේ මාධ්‍යයක් වනවාට ඔබ කැමතිද ?
අද කෑමබීම හැරෙන්න අනෙක් හැම දෙයක්ම ඩිජිටල් වෙලා වගේ තමයි. ඕඩියෝ පොත් සිංහලෙන් ද සකස්වනු දකින්න ලැබෙනවා. මේවා නොමිලේ කියවන්නත් පහසුකම් ලබාදී තිබෙනවා. එහෙත් පොතක් ඇස් දෙකෙන් කියවා ලබන ආස්වාදය ඕඩියෝ පොතකින් මට නම් ලබාගන්න බැහැ. මහසෙනග මැද වුවත් අපට රසවත් පොතක් කියවමින් ඒ ලෝකයට යන්න පුළුවන්. ඒ ඕඩියෝ පොතක් එහෙම රසවිඳින්නත් බැහැ. එහෙත් මේ ක්‍රමය අපට බැහැර කරන්නත් බැහැ. ඇස් නොපෙනෙන අයට වගේම කියවිමට අපහසු අයට ඕඩියෝ පොත් ලොකු සේවයක් සලසනවා.
* ලංකාව පුනරුද යුගයකට යන බව කියනවා.ඒ අතරේ ඉදිරියේදී ලංකාවෙි සාහිත්‍යයේ පුනරුද යුගයක් ගැන අපට බලාපොරොත්තු තබා ගත හැකිද?
සාහිත්‍යයේ පුනරුදයක් ඇතිකිරීම බඩු මිල අඩුකරනවා වගේ එකවරම කරන්න බැහැ. මොකද ඒක භෞතිකත්වයට එහා ගිය ඉසව්වක්. සමාජයේ මනස හැදෙන්න ඕනෑ ඒකට. අපි හැමෝගෙම මනස ගැඹුරු සාහිත්‍ය කෘති රසවිඳින්න සූදානම් වෙන්න ඕනෑ. ඒකට අවශ්‍ය සමාජ පසුබිම තැනෙන්න ඕනෑ. අද අපට ප්‍රධාන ප්‍රශ්නය එදාවේල සොයාගැනීම. ඒවා අතික්‍රමණය කළ සමාජයක් බිහිවූ දාට සාහිත්‍ය සංගීත කලා රසඥතාව වර්ධනය වේවි.
*මේ දවස්වල ඔබේ අලුත්ම සාහිත්‍ය නිර්මාණ කටයුතු මොනවාද?
මේ දිනවලත් ඒ. එම්. ෆර්ගසන් නම් ඉංග්‍රීසි ජාතිකයා ලංකාව ගැන ලියූ පොතක් පරිවර්තනය කරමින් ඉන්නේ. එහි අපේ රට 1800 ගණන්වල ඉංග්‍රීසි පාලනය යටතේ පැවති ආකාරය ගැන අප නොදන්නා තොරතුරු ඇතුළත්වී තිබෙනවා. ඊට අමතරව විශ්වවිද්‍යාල කාලය පසුබිම් කරගෙන නවකතාවක් ලිවීමටත් සිතමින් ඉන්නවා.
* ඔබ නිතරම පුස්තකාල සමග සමීපව කටයුතු කරන කෙනෙක්.කියැවීම ලේඛකයෙකුගේ නිර්මාණ භුමිකාවට කවර උත්තේජනයක් සපයනවද?
කියවීමෙන් තමයි සෑම ලේඛකයකුගේම සාහිත්‍ය භූමිකාව ඔප් නැංවෙන්නේ. අද අලුත් පරම්පරාවේ ලේඛකයෝ කියවන්න කම්මැලියි. අනෙක් ලේඛකයන්ගේ කෘති ඔවුන් ගණන් ගන්නේ නැහැ. ඒ වගේ අය ලියන පොත්වලින් ඔවුන්ගේ හිස්බව අපට පේනවා. වර්තමාන සාහිත්‍යය වගේම අපේ පුරාණ සාහිත්‍යයත් අපි ඇසුරු කරලා තිබෙන්න ඕනෑ. එවිට තමයි අපි ලියන දේවල්වල බරක් ඇතිවන්නේ.
* ඔබට ලියන්න විශේෂ වෙලාවක් විශේෂ තැනක් තියෙනවද?
ලියන්න කියලා විශේෂ තැනක් නම් නැහැ. පිටත දර්ශනය පෙනෙන ජනේලයක් වගේ තැනකට මං කැමතියි. එවිට දුර බලාගෙන ලියන ගමන් හිතන්නත් පුළුවන් නිසා. කොම්පියුටරයෙන් වගේම අතින් ලියන එකත් මම කරනවා.
ඇය හම්බන්තොට දිස්ත්‍රික්කයේ දබරැල්ල මහා විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය හදාරා පහ වසර ශිෂ්‍යත්වය සමත්ව මාතර සුජාතා විද්‍යාලයට ඇතුළත් වුවාය. එහිදී වාණ
ඇය මුලින්ම සාහිත්‍ය කලාවේ හොඳ රසිකාවියකි.එසේම කලාව හා සාහිත්‍යය පිළිබඳ අධ්‍යයනයට කැමති කෙනෙකි.
ගමේ නම ඉදිරියට දමා ගනිමින් තම නාමය සන්නාමයක් කරගත් ලේඛකයෝ, මාධ්‍යවේදීහු බොහෝ දෙනෙක් කලා ක්ෂේත්‍රයේ සිටිති.
නිස්සරණ අහසක් ’තරුණ මාධ්‍යවේදී උපුල් වික්‍රමසිංහගේ පළමු කාව්‍ය සංග්‍රහයයි. මීට පෙර ’මකර දේශයේ සිට’ නමින් චීනය සම්බන්ධ සංචාරක කෘතියක් පළ කළ උපුල් එමග
වෘත්තීයමය වශයෙන් මෘදුකාංග ඉංජිනේරුවරයකු ලෙස කටයුතු කරන ලකිදු වික්‍රමසිංහගේ කුළුදුල් කාව්‍ය සංග්‍රහය ’’ගුරු පාට ඇස්’’ නමින් පාඨකයා අතට පත්කෙරිණි. ස
පුවත්පත් කලාවේදියකු සේම ලේඛකයකු වන කුසුම්සිරි විජයවර්ධන පොඩි කාලේ සිටම ඔහුගේ ලෝකයේ වීරයන් ලෙස සැලකුවේ ලේඛකයන්ය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
එදා වෙිල සරිකර ගත්දාට සාහිත්‍ය කලාවත් ගොඩ යාවි
Palitha Warnakulasuriya Wednesday, 09 October 2024 03:55 PM
අගනා, සාරවත් සංවාදයක්. කුසුම්සිරි සොයුරාට සුබපැතුම් කුසුම් පොකුරක්...!
Nilmani Perera Wednesday, 09 October 2024 03:56 PM
සුබපැතුම්...!