අතීතයේ සිටම භික්ෂුව සහ සාහිත්‍ය අතර ඇත්තේ අවියෝජනීය සම්බන්ධයකි.1988 දී "සින්දු බින්දු මල්" ළමා ගීත සංග්‍රහය එළි දක්වමින් සාහිත්‍යය ක්ෂේත්‍රයට පිවිසෙන මහගම සීලානන්ද හිමියෝ ඉන් අනතුරුව ආගමික ග්‍රන්ථ කීපයක්ද පළ කළෝය.උන් වහන්සේ දීර්ඝ කාලයක් පුරාවට කවිය,ගීතය සේවනය කළත් පළමු වරට කවි පොතක් පළ කරන්නේ 2022 වසරේදීය.ඒ 'මගේ උයනේ ඉඩ ඇත' නමිනි.ඉන් අනතුරුව සඳ "එළිය දිගේ" හා "පුන් සිසි කැන් ඉසි" නම්න් කවි හා ගීත පොතක් පළ කරන උන් වහන්සේ නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය හරහාද විවිධ නිර්මාණ හරහා පාඨකයා මුණ ගැසෙති.මෙවර ලංකාදීප මතුමහල සාහිත්‍ය අතිරේකය තුළින් අප මුණ ගැසෙන්නේ උන්වහන්සේය.
*සාහිත්‍ය කලාවේ නිරතව සිටින ක්‍රියාශීලී භික්ෂූන් වහන්සේ නමක් ලෙස ඔබ වහන්සේව අප හඳුනා ගන්නවා.ඔබ වහන්සේගේ පැවිදි දිවිය හා පසුබිම ගැන මුලින්ම දැනගන්න කැමතියි?
මට පැවිදි ජීවිතය ගැන මුලින්ම කැමැත්තක් ඇති වුණේ අවුරුදු දහයේදී විතර . ඒකට මගේ නිවසේ පරිසරය බලපෑවා. මගේ මවුපියන් ආගමට දහමට ගොඩක් ලැදි අය. ඒ වගේම දහම් පාසල් අධ්‍යාපනයේදී සහ පාසලේදී බුදු දහම ඉගෙන ගැනීමේදී මහණ වීමේ කැමැත්ත මට ඇතිවුණා. අම්මා මුලින්ම අකමැති වුණත් පසුව කැමැත්ත දුන්නා. තාත්තා මේ කටයුත්තට අකමැති වුණේ නැහැ. ඔහු කේන්දරේ බොහොම තදට විශ්වාස කරන කෙනෙක්. මට මහණ යෝගයක් ගැන අනාවැකි කියලා තිබුණා. ඉතින් හැමෝගෙම ආශිර්වාදය මැද්දේ අවුරුදු දොළහෙදි මම පැවිදි දිවියට ඇතුළත් වුණා. පිරිවෙන් ඉගෙනුම නිමා කරලා කැලණිය විශ්වවිද්‍යාලයට 1986 දී මම තේරී පත්වුණා.
* ඔබවහන්සේ මුලින්ම ලියන්න පෙලඹුණේ කැම්පස් එකේදිද? ඒ කාලේ ගුරු හාමුදුරුවන්ගෙන් හා දායකයන්ගෙන් විරෝධයක් එල්ල වූයේ නැතිද?
කාගෙන්වත් විරෝධතාවයක් මගේ නිර්මාණවලට එල්ල වුණේ නැහැ. ගුරු හිමිවරු මට ආශිර්වාද කළා. මට ලිවීමේ කලාව වර්ධනය වෙන්නත් නිවසේ තිබුණු පොත් අල්මාරිය බලපෑවා කියලා මම අද හිතනවා. ඒ වගේම අම්මගේ කවි ගායනයත් මට බලපාන්න ඇති.
*කලාවට භික්ෂූන් වහන්සේට දායක විය හැකි ආකාරය පිළිබඳ බුදුන් වහන්සේගේ විග්‍රහය කුමක්ද?
භික්ෂුව යනු ගිහි ගෙදර ගිනි නිවා නිවන් මග සොයා යන කෙනෙක්.ඒ වගේම බැඳීම්වලින් තොර දිවියක් ගත කරන කෙනෙක්. භික්ෂූන් පරිසරය හා සෞන්දර්ය කෙරෙහි දැක්වූ ආකල්පය බුදු සිරිත ඇසුරින් අපිට දකින්නට පුළුවන් . බුදුන් වහන්සේ කිසිම විටෙක කලාව සාහිත්‍ය සොබාදහම ප්‍රතික්ෂේප කරල නැහැ . වරක් පංචසික දෙව් පුතුන් බුදුන් ඉදිරියට පැමිණ වීණාව වයමින් පෙම්වතිය වන සූරිය වච්චසා ගැන මනෝහර ගී පද මාලාවක් සංගීතය මුසු කොට ගායනා කළා.සක්ක පංච සූත්‍රයේ තමයි මේ බව ඇතුළත් වන්නේ. බුදුන් ඒ මොහොතේ ගීතය ශ්‍රවණය කර හොඳ ප්‍රතිචාරයක් දැක්වූවා. ඒ වගේම ථේර තේරී ගාථා ගත්තත්, ඒවායේ තිබෙන්නෙත් කලාව තමයි. පන්සලක් කියන්නේ සෞන්දර්ය පිරි සෞන්දර්ය ස්ථානයක්. බෝධියේ සිසිලස වගේම දාගැබ, පිළිම, චිත්‍ර වැනි කලාගාරයක් පන්සලේ තිබෙනවා.එවැනි තැනකදී භික්ෂූන් කවි ගී ලිවීම පුදුමයක් නොවේ. හැබැයි භික්ෂුවට සීමාවෙන් එහා යන්න බැහැ. උන්වහන්සේගේ නිර්මාණ තුළ කාමය රාගය තිබෙන්න බැහැ.
*සාහිත්‍ය කලාවට ඈත අතීතයේ සිටම භික්ෂූන් වහන්සේලා සම්බන්ධ වී සිටියා. උන්වහන්සේලාගේ ඒ දායකත්වය පිළිබඳ ඔබ වහන්සේගේ අදහස කුමක්ද?
අතීතයේ සිට අපේ සාහිත්‍යය පෝෂණය කළ භික්ෂු පරපුර යුගයෙන් යුගය ඒ කාර්ය අපූරුවට සිදු කළා. ගිහියන්ට වඩා දැන උගත් භික්ෂූන් වහන්සේලා අතීතයේ සිටියා. පිරිවෙන් අධ්‍යාපනයේ විවිධ භාෂා ශිල්ප උගත් භික්ෂූන් පිරිසක් සිටියා.සාහිත්‍ය සේවනය වෙනුවෙන් උන්වහන්සේලා කළ අමිල මෙහෙවර ප්‍රශංසනීයයි. දඹදෙණි යුගයේදී ධර්මසේන හිමියන්, කෝට්ටේ යුගයේ තොටගමුවේ, වැත්තෑවේ විදාගම වැනි හිමියන් මේ මොහොතේ අපට සිහිපත් වෙනවා. ලාංකීය ඉතිහාසය ලියූ මහානාම හිමියන් නිසා මහාවංශය අපිට ලැබුණා. තොටගමුවේ හිමියන් භාෂා හයක් දැනගෙන සිටී බව කියැවෙනවා. රජුන්ට රටේ සාමාන්‍ය ජනතාවට අධ්‍යාපනය දුන්නෙත් භික්ෂූන් වහන්සේලා. රටේ උගතුන් බිහිවුණා නම් ඒ බිහිවුණෙත් කහ සිවුරේ ආභාසය ඇතිවයි .
*කවියට ඔබ වහන්සේගේ වැඩි නැඹුරුවක් තිබෙන බව පේනවා.එහෙම වෙන්න විශේෂ හේතුවක් තියෙනවද?
කවිය සියලු කලාවන්ගේ අග්‍රඵලය ලෙස ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ මහතා පවසා තිබෙනවා. චිත්‍රපටිය නාට්‍ය පවා දෘෂ්‍ය කාව්‍ය ලෙසයි සලකන්නේ. අපි අම්මගේ කුසේ ඉඳලම කවි ඇසූ පිරිසක්. හැම මිනිහෙක්ම ජන කවියෙක් ලෙසයි මම හිතන්නේ. මමත් මූලික පිරිවෙන් අධ්‍යාපනය ලබන කාලයේදී කවි ලියන්න පටන් ගත්තා.අම්මගේ පුවත්පත් කවි කොළ නිවසේදී කියෙව්වා.
*ඔබවහන්සේ නිරතව සිටින අනෙකුත් සාහිත්‍ය ඉසව් මොනවද?
කවිය ගීතය හා ආගමික ග්‍රන්ථ කීපයක්ම මම පළ කරලා තිබෙනවා. තවත් සාහිත්‍යයේ ඉසව්වලට මම ඉදිරියේදී යොමු වේවි.
*නිර්මාණයක් පොතක් විදිහට පළ කළාට පස්සේ ඒ පිළිබඳ හරිහමන් විචාරයක් සමාජයෙන් ලැබෙනවද?
මුහුණු පොතේ ලිව්වට පස්සේ හිතවතුන්ගෙන් ලැබුණු ප්‍රතිචාර මත මම පොතක් පළ කරන්න ඉක්මන් වුණා කියලා මටත් හිතෙනවා.ඒ වුණාට ග්‍රන්ථයක් කරන්න කලින් අපි ඒ ගැන සියපාරක් සිතිය යුතුයි.අතීතයට සාපේක්ෂව දැන් පොතක් පළ කරාට පස්සේ ඒ පිළිබඳව ලැබෙන විචාර හරි අඩුයි.ඕනෙම නිර්මාණකරුවෙක් අභ්‍යාස කාලයක් පසු කළ යුතු යැයි මම සිතනවා. ඉවසීම විවේක බුද්ධිය මගහැර ප්‍රමාණාත්මකව පොත් වැඩිපුර පළකිරීම සාහිත්‍යයට දියුණුවක් නෙවෙයි. මගේ නිර්මාණයන් ගැන සමහර අවස්ථාවල මටම සෑහීමට පත් නොවන තැන් තිබෙනවා.
*ගැහැනු පිළිබඳව හොඳම වර්ණනා කළ තිබෙන්නේ භික්ෂූන්වහන්සේ බව කියවෙනවා. මේ මතවාද පිළිබඳව ඔබ වහන්සේට අදහසක් තිබෙනවාද?
එහි කිසියම් සත්‍යයක් තිබෙනවා. තොටගමුවේ රාහුල මාහිමි මට මෙතනදි සිහිපත් වෙනවා. උන්වහන්සේගේ වර්ණනාචාතූර්ය ප්‍රතිභාව ඉතාම විශිෂ්ටයි. සැලළිහිණි සංදේශයෙන් මේ බව අපිට හොඳටම වැටහෙනවා. මේ වර්ණනාවලින් රස නිෂ්පත්තිය විනා මිනිස් භාවයන් ප්‍රකෝප කළේ නැහැ. ඒත් අද ඇතැම් රචකයන් ස්ත්‍රී වර්ණනා කියන ලියන දේවල් කොතරම් ජුගුප්සාජනකද? අලුත් ලේඛකයන්ට භික්ෂූන්ගෙන් ආදර්ශ ගත හැකි යැයි මම සිතනවා.
*ඔබවහන්සේ කෙටි කවි සමූහයන් නිර්මාණ වැඩබිමක් ලෙස සලකා සක්‍රීය ලෙස මැදිහත් වන බව පේනවා. කෙටි කවිය, දිගු කවිය, නිසදැස් කවිය ලෙස කවි වර්ග කිරීම සාධාරණද?
කවි වර්ග කිරීම අපේ පුරුද්දක්. මට නම් කවිය කවියමයි. මෙතනදි වැදගත් වන්නේ තමන්ගේ ප්‍රකාශනය ඉදිරිපත් කිරීමට තිබෙන උචිතම ආකෘතිය විනා වෙන දෙයක් නොවේ. කවියක සංෂිප්ත බවට මම බොහෝ කැමතියි.කුමන විදියට හෝ කවියකින් විය යුත්තේ රස නිෂ්පත්තියක් සහෘදයාට ලබා දීමයි.
*මේ දිනවල යෙදී සිටින අලුත් සාහිත්‍ය වැඩකටයුතු මොනවාද?
තවම අලුත් සාහිත්‍යය වැඩ කටයුත්තකට මම අත ගහලා නැහැ. අද තිබෙන්නේ ව්‍යාකූල දේශපාලන ආර්ථික සමාජ පරිසරයක්. මිනිසුන්ගේ සිත් සාහිත්‍ය පොතපත කෙරෙහි නැඹුරු කර ගැනීම මේ කාලයේ අමාරු වී තිබෙනවා.
*පොත් ප්‍රදර්ශනය ළඟ ළඟම එනවා. ලංකාවේ පොත් උත්තේජන ක්‍රියාකාරකම් සැප්තැම්බරයට පමණක් සීමා වීම ඔබ වහන්සේ දකින්නේ කොහොමද?
මේ කාලේ පොත් කතිකා විශාල වශයෙන් පැවැත්වෙනවා . ඒ ගැන සතුටුයි. මේ අවස්ථාව ලේඛකයා හා පාඨකයා ඒකට මුණගැසෙන අවස්ථාවක්. ළමා පිරිස කියවීමේන් ඈත්ව සිටිනවා. ඒ අය නැවත දිනා ගැනීමට මේක හොඳ අවස්ථාවක් බවට අපි පත් කරගත යුතුයි . අද වන විට ප්‍රාදේශීය මට්ටමිනුත් පොත් ප්‍රදර්ශන පැවැත්වෙනවා. ඒකත් හොඳ ප්‍රවණතාවයක් ලෙස මා දකිනවා.
ඇය ලංකාවෙන් එළියට ගොස් ජීවිතය සාර්ථක කරගත්තා සේම තමන් අත්විඳින සාර්ථකත්වය තවත් පිරිසකට ලබා දීමේ අරමුණින් සමාජ මාධ්‍ය ඔස්සේ අකුරු වලින් ගැහැනු පිරිමි
එඩ්වඩ් චන්ද්‍රසිරි නාට්‍ය ලෝකයේ අය පළමුව හඳුනාගන්නේ සාර්ථක නාට්‍ය සංවිධායකවරයකු ලෙසය.ආර්.ආර් සමරකෝන්ගේ ’’ජේලර් උන්නැහේ’’ නාට්‍යයේ සිට ලාංකීය වේදි
ලොව ප්‍රකට ඇමෙරිකානූ මනෝ විද්‍යාඥයකු වන මහාචාර්ය බ්‍රයන්.එල් වයිස්ගේ many Lives many masters නැමති කෘතිය අශෝක කුමාරසිරි නොනිමෙන භව ගමන නමින් සිංහලට පරිවර්තනය කර පා
අයෝමා සමරසිංහ ජීවිතේ සමහර අත්දැකීම් සීරූ මාරුවට නිර්මාණ බවට පෙරළා ගන්නට සමත් වූ ලේඛිකාවකි.ඒ බව ඇය මේ වන විට ඉදිරිපත් කර තිබෙන නිර්මාණ සමුච්චය තුළින් ප
අතීතයේ සිටම භික්ෂුව සහ සාහිත්‍ය අතර ඇත්තේ අවියෝජනීය සම්බන්ධයකි.1988 දී ’’සින්දු බින්දු මල්’’ ළමා ගීත සංග්‍රහය එළි දක්වමින් සාහිත්‍යය ක්ෂේත්‍රයට පිවිසෙ
රංගන ශිල්පිනියක්, හඬ කැවීම් ශිල්පිනියක්, සහ ලේඛිකාවක් ලෙස මාධ්‍ය ත්‍රිත්වයක ම හැකියාව විහිදුවමින් සිටින කුමුදු කුමාරසිංහ පසුගිය කාලයේ වඩා සමාජ අවධාන
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව
එදා ගිහියන්ට වඩා උගත් යතිවරුන් හිටියා - මහගම සීලානන්ද හිමි