IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


මගේ පොත්වල අන්තර්ගතය පිටකවරයෙනුත් පෙනෙනවා

තුරුණු මඬල

 


ඇය ලංකාවෙන් එළියට ගොස් ජීවිතය සාර්ථක කරගත්තා සේම තමන් අත්විඳින සාර්ථකත්වය තවත් පිරිසකට ලබා දීමේ අරමුණින් සමාජ මාධ්‍ය ඔස්සේ අකුරු වලින් ගැහැනු පිරිමි දෙපිරිසටම ජීවිතය ගැන කියාදෙමින් සිටින්නීය.ඇයෆේස් බුක් එකේ රහට හැඩකර ලියන අකුරුවලින් දිනපතාම ජීවිතයට යමක් එක් කරගන්නා පිරිස ද බොහෝය.ඇය එක පැත්තකින් සාර්ථක මනෝ විද්‍යා උපදේශිකාවක් වන විට තවත් පැත්තකින් කිවිදියක් හා නවකතාකාරිනියක් ලෙසද අපව හමුවේ.මේ කතාබහ ඇය තුළ සිටින සාහිත්‍යවේදීනිය පිළබදවයි.ඇය නම්න් අනීෂා  ජයකොඩිය.

* ඔබ සමාජ මාධ්‍ය ඇතුළේ මනෝ විද්‍යා උපදේශනය සම්බන්ධයෙන් ජනප්‍රිය ලේඛිකාවක්.මේ රසවත්  ලිවීමේ කලාව පටන් ගන්නේ මොන කාලේද?

ලිවීම පටන් ගන්නේ නම් පාසල් කාලෙදිම තමයි , හැබැයි උසස් අධ්‍යාපනය හදාරන කාලේ ඒක ටිකක් මගහැරුණා .ඊටත් පස්සේ සමාජ මාධ්‍ය හරහා ආයෙත් ලිවීමෙන්ම මගේ රටේ  මිනිස්සු එක්ක ලොකු සම්බන්ධයක් හදාගන්න මට පුළුවන් වුණා.

 

* ඔබේ ලිපි රහ නිසා පාඨකයන්  ශීඝ්‍රයෙන්  ඒවා කියවීමට පෙලඹුණා.මේ තරම් රහට ලියන්න පුරුදු වුණේ කොහොමද?

ඒක  සමහරවිට මට ජීවිතේ ගැන තියන ප්‍රායෝගික දැක්ම නිසා ඇතිවුණ දෙයක් වෙන්න පුළුවන් .මොකක්හරි දෙයක් දිහා හැමෝම දකින විදිහට එහා වෙනස්ම මධ්‍යස්ථ කෝණයකින් බලන පුරුද්ද පුංචි කාලේ ඉඳලම මට තිබ්බා , ඒ නිසාම මගේ ලියවිලි  ජීවිතේ ප්‍රායෝගික ඇත්ත එක්ක සම්බන්ධ වෙනවා වැඩියි .ඒක නිසා වෙන්න ඇති මිනිස්සුන්ට ඒවා වැඩිපුර  දැනෙන්නේ . මගේ ලිපි සහ වීඩියෝ මේ තරම් මිනිස්සු අතරට යාමට ඒ දැනීම ලොකු හේතුවක් වුණා .

 

* ඔබට වැඩිපුර ඉන්නේ  රසිකාවියෝද? රසිකයෝද?

මම හරිම ආඩම්බරෙන් කියනවා , මට හැම වයසකම ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේම රසික රසිකාවියෝ ඉන්නවා . බොහෝවිට ගැහැනු අයට එකතු වෙන්නේ ගැහැනු රසිකාවියෝ තමයි , හැබැයි මගේ තත්වය ඊට වඩා වෙනස් , බාල , මහලු , තරුණ මේ හැම අවදියකම ස්ත්‍රී පුරුෂ දෙගොල්ලොම මගේ ලිපි කියවනවා .

 

* ඒ කාලේ පුවත්පත්වල විවිධ විශේෂාංග තිබුණා.දැන් ඒ යුගය සමාජ මාධ්‍ය විසින් දිනාගෙන තිබෙනවා.ඒක ලේඛිකාවක් විදියට  ඔබ දකින්නේ කොහොමද?

සෝෂල්  මිඩියා මිනිස්සු අතරට එන්නේ  දෙදාහෙන් පස්සේ ,මේ අපි ඉන්න  ඩිජිටල් යුගයේ මිනිස්සු ජීවත් වෙන්න කාලයත්  එක්ක පුදුම  තරගයක් දෙනවා , ඒ වගේ වටපිටාවක ඉස්සර වගේ   ටීවී එක ඉස්සරහ ලොකු වෙලාවක් රැඳෙන්න මිනිස්සුන්ට ලොකු කාලයක් නැහැ.ඉතින් බත් කන ගමන් වැඩ කරන ගමන් , යන එන ගමන් තමන්ගේ අතේ තියන ෆෝන් එකෙන් සින්දුවක් අහන්න තමන් කැමති දෙයක් බලන්න මිනිස්සු ඇබ්බැහි වෙලා ඉන්නවා . ලේඛිකාවක් විදිහට මිනිස්සු අතරට යාමට තියන පහසු සහ  පුළුල් භාවය නිසා මම මේ  ක්‍රමයට කැමතියි , ඇත්තම කිව්වොත් අනිෂා ජයකොඩි කියන නම බිහිවෙන්නෙම සමාජ මාධ්‍ය නිසා තමයි , ඉස්සර වගේ දක්ෂතා හැකියා තියන මිනිස්සුන්ට දැන් අවස්ථා ඉල්ලමින් එක එක තැන්වල රස්තියාදු වේවි ඉන්න ඕනේ නැහැ ,සමාජ මාධ්‍ය නිසා ඕනම කෙනෙකුට තමන්ගේ දක්ෂතාව හැකියාව ඉතාම පහසුවෙන් තමන් විසින්ම සමාජ ගත කිරීමේ අවකාශය ලැබිලා තියනවා . තමන්ගේ සීමාවන් මොනවද කියලා දන්නවනම් බුද්ධිමත් නම් සමාජ මාධ්‍ය කියන්නේ ඕනම කෙනකුට දේවල් ඉගනගන්න , දැනුවත් වෙන්න , ව්‍යාපාර කරගන්න , වගේම යහපත් ලෙස සමාජ ගත වෙන්න  ඉතාම හොඳ අවකාශයක් .

 

* ඔබ නූරී හා නා නා කාව්‍ය කෘති මගින් පළමු වරට ලේඛන කලාවට අවතීර්ණ වුණා.ඒ කෘතිවල පළමු මුද්‍රණ ඉතා ඉක්මනින් අලෙවි වීමත් වුණා.අනීෂා කියන ලේඛිකාව පාඨකයෝ පිළිගත් ආකාරය ගැන සතුටක් තියෙනවද?

ඔව් , මගේ පළවෙනි කෘති දෙක මම හිතුවටත් වඩා ඉක්මනට මිනිස්සු අතරට ගියා , නානා කියන්නේ කාව්‍ය සංග්‍රහයක් ,නූරි කියන්නේ ගැහැනු සහ මිනිස්සුන්ගේ මනුස්ස හැඟීම් සහ දැනීම් අලලා ලියැවුණු වෙනස් විදියේ නවකතාවක් , නූරි නවකතාවේ තියන ප්‍රායෝගිකත්වය නිසාම නුරි තුළින් මිනිස්සුන්ට තම තමන්ව පෙනෙන්න පටන් ගත්තා , ඇත්තම කිව්වොත් මගේ අතින් ලියවෙන හැම පොතකින්ම කුමක් හෝ ධනාත්මක  සමාජ වෙනසක් ඇති කිරීම තමයි මගේ එකම අරමුණ .  නූරි සහ නානා කියන මගේ මුල්ම පොත් දෙකේදීම මගේ ඒ අරමුණ සාර්ථක වුණා කියලා ලොකු අධ්‍යාත්මික සතුටක් මට තියනවා .

 

* ඔබේ නවතම කෘතිය'' ගෙලාන් '.ඒ කෘතිය කවර ආකාරයේ කෘතියක්දැයි දැන ගැනීමට පාඨකයන් කැමති ඇති?

ගෙලාන් කියන්නේ පර්යේෂණාත්මක කෘතියක් , තවත් සරලව කිව්වොත් මේක ලිංගික ශ්‍රමිකයෝ ගැන ලියවුණු පොතක් , අවුරුදු ගාණක සමාජ පර්යේෂණයකින් පස්සේ , මගේ මනෝ විද්‍යාත්මක දැනුමත් එකතු කරලා , මනෝ උපදේශිකාවක් විදිහට මගේ වසර ගණනාවක අත්දැකීමුත් යහමින් මුසු කරලා තමයි '' ගෙලාන් '' ලියවුණේ .
අපි වගේ තුන්වැනි ලෝකේ  රටවල්වල බොහෝ ප්‍රශ්නවලට ඍජුව සහ වක්‍රව sex කියන කාරණාව බලපානවා , ඒ ගැන තියන නොදැනුවත්කම , සමාජ වටපිටාව , සහ යම් යම් සංස්කෘතික කාරණා නිසා sex නිසා මිනිස්සු විඳවනවා , ජීවිත වරද්දගන්නවා , පටලවාගන්නවා , ඒ වගේ ඇත්ත කතා සහ ඒ පිළිබඳ මනෝ විද්‍යාත්මක  ඇත්ත එක්ක ලියවුණු නවකතාවක් තමයි ගෙලාන් කියන්නේ .
සරලවම කිව්වොත් ගෙලාන්  ඇතුළේ තියෙන්නේ ගැහැනු සහ මිනිස්සු ජීවිතේ කාටවත්ම කියන්න අකැමති මනුස්ස හැඟීම් , 

 

*ඔබ පොත්වල කවරයේ ඉදන් සැලකිලිමත් වෙන බව අපට පේනවා.පොත් කවරයකින් පොතේ අලෙවියට මොන තරම් බලපෑමක් වෙනවද?ඒක ඔබේ පොත් වලින් ඔබට දැනුණේ කොහොමද?

අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙයි බැලුවේ කියලා කතාවටත් කියනවනේ , මම බොහෝවිට මගේ පොතේ අන්තර්ගතය කවරය තුළින් පෙන්වන්න කැමතියි , මම හිතනවා ඒ තුළින් මම පොතට සාධාරණයක් කරනවා කියලා , ගෙලාන් පොතෙත් තද  රතුපාට  කවරයේ ගෙලාන් කියන අකුරු තුන ස්පර්ශ කරනකොට ඔබට යමක් එම්බොස් වෙලා දැනෙයි.පොත කියවලා ඉවර වෙලා වහනකොට නැවත වරක්   ඒ දෙස  හොඳින් බැලුවම ඔබට මේ පොත ලියවිලා තියෙන්නේ මොකක්  ගැනද කියලා හොඳින්ම වැටහෙයි . 
මගේ පොත්වල අන්තර්ගතය සහ  පිටකවරය කියන්නේ දෙකක් නෙවෙයි එකක් .


* ඔබ සමහරු කතා කරන්න අකමැති එහෙත් කතා කළ යුතු මාතෘකා පිළිබද ප්‍රසිද්ධියේ කතා කරනවා.ලියනවා.මේ එඩිතර ගැහැනුකම ෂෝෂල් මීඩියා ඇතුළේ නඩත්තු කිරීම අමාරු නැද්ද ?

වවුලගේ ගෙදර ගියානම් එල්ලිලා ඉන්න ඕනේ කියලා කියනවනේ ,ඉතින් සෝෂල් මිඩියාවලට එනකොටම මට ඊළඟට මුහුණ දෙන්න වෙන දේවල් ගැන මම  හොඳින් දැනගෙන හිටියා . ඒ දැනුවත්භාවය සහ හිතේ හයිය නිසාම කවදාවත්ම මට ඒවා කිසිම අභියෝගයක් විදිහට දැනිලා නැහැ .මම කරන කියන දේ ගැන මට විශ්වාසයිනම් එතනින් එහාට මාව පාලනය කරන්න පුළුවන් මට විතරයි , සමාජයෙන් එල්ලවන බලපෑම් ගැන මිනිස්සුන්ගේ මඩ ගැන මම ඇහැක් ඇරලවත් බලන්නේ නැහැ , එයාලා එයාලගේ වැඩේ කරනවා , මම මගේ වැඩේ කරනවා . ඇත්තම කිව්වොත් මම අමුතුවෙන් යමක් සමාජ මාධ්‍ය තුළ නඩත්තු කරන්නේ නැහැ .කොහොමත් මම මගේ මතය වෙනුවෙන් පෙනී සිටින මට වගකියන ගැහැනියක් , නිවැරැදි දේ සමාජ ගත කරන්න ඒ වෙනුවෙන් පෙනී සිටින්න ඕනෑම කෙනකුට හයිය තියෙන්න ඕනෑ , විශේෂයෙන් ගැහැනුන්ට . ඒ මානසික  හයිය රටේ තරුණ ගැහැනු ළමයින්ට හුරු පුරුදු කරන එකත් අපේ සමාජ වගකීමක් .


*ඔබ ලංකාවෙන් එළියේ ඉඳන් ලියන කෙනෙක්.එතකොට සමහර ලංකාවේ අත්දැකීම් ඔබට මගහැරෙන්න   පුළුවන් .ඒ හිඩැස් පුරවා ගන්නද විටින් විට ලංකාවට එන්නේ?

ලංකාවෙන් පිට හිටියට අපි නිදහස් අධ්‍යාපනයෙන් ඉගන ගත්ත රටට ණය මිනිස්සු .ඒ ණය අපි ගෙවන්න ඕනෑ. මොන තරම් සැප පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන්කම තිබ්බත් මට ලංකාවෙන් සම්පුර්ණයෙන් මිදෙන්න බැහැ , ඉතින් කලා කටයුතුවලට සහ විවිධ ව්‍යාපෘති වලට   විටෙන් විට මට ලංකාවට එන්න වෙනවා , මගේ ලොකුම හයිය මගේ මහත්තයා ඒ වෙනුවෙන් මට උපරිම නිදහස සහ ඒ පහසුකම් සපයලා දෙනවා .


* ඔබ කවිය ,නවකතාව ආදී ඉසව් ගණනාවක සැරිසරනවා.එක් අවස්ථාවක ඔබ කියනවා විවිධ කෘති 10 ක් ලියන්න අදහස් කරන් සිටින බව.මොනවා ගැනද ඉස්සරහට ලියන්න හිතාගෙන ඉන්නේ?

මනෝ විද්‍යාව , සමාජ විද්‍යාව , අධ්‍යාපනය , පවුල් ජීවිතය , පෞරුෂ වර්ධනය , තාරුණ්‍යය , ළමා මනෝ විද්‍යාව , සහ තවත් අංශ ගණනාවක් ලිස්ට් එකේ තියනවා , මේ දශකය පුරාවටම සමාජයට මොනම හෝ දැනුවත්වීමක් ලබාදීම අරමුණු කරගෙන ඒ සෑම අංශයකම පොත් මා අතින් ලියවේවි . 


* ඔ⁣බ මේ දශකය නම් කරන්නේ ලිවීමේ දශකය විදියට.එහෙම ඔබටම නම් කරගන්න විශේෂ හේතුවක් තියෙනවද?

කවදා මැරෙයිද කියලා නොදැන වුණත් මම මගේ ජීවිතේ එක එක කොටස්වලට වෙන් කරගෙන ඉන්නවා , ජීවිතේ දෙවැනි දශකයේදී මම විවාහ වුණා , දුවෙක් හැදුවා , ආර්ථිකව ස්ථාවර වුණා , ඉගන ගත්තා , ඒ සියල්ලෙන්ම මම ඉතාම තෘප්තිමත් , ඒ වින්දනය විඳින ගමන්ම  මට ඕනේ ඊට වඩා වෙනස් දේවල් ටිකක් කරන්න , ඉතින් පොත් ලියන එක රිසර්ච් කරන එක , අලුත් විෂයයන් ඉගන ගන්න එක තමයි මගේ පැෂන් එක , අපි හැමෝම මැරෙනකම්ම ජීවිතේ එක්ක හැප්පෙන්න ඕනෑ.අලුත් දේවල් කරන්න ඕනෑ. එතකොට තමයි ජීවත් වෙනවා කියලා දැනෙන්නේ.

 

*ඔබ ගැහැනියක් වුණාට සමහර වෙලාවට පිරිමියාගේ කෝණයෙන් ඒ ප්‍රශ්නය බලන්න උත්සාහ කරන බව පේනවා.ඒක ඔබ හිතා මතාම කරනවද නැතිනම් අහම්බයක්ද?

අහම්බයක් නෙමෙයි , මම කලිනුත් කිව්වා වගේ මට දේවල් පේන්නේ අනිත් අයට වඩා පොඩ්ඩක් වෙනස් විදිහට , ගැහැනු  ගැන වැඩිපුර කතා කළාට , කවි සිංදු ලිව්වට පිරිමි ගැන ඒ තරම් සමාජ අවධානයක් ලැබෙන්නේ  නැහැ , මනෝ උපදේශනය රස්සාව නිසාද මන්දා මට ඒ සංවේදනය අනිත් අයට වඩා දැනෙනවා ,  මම පිරිමි වෙනුවෙන් ලියන කියන එකට හේතුව ඒක වෙන්න ඇති .

 

* ඔබ කාලයක් තිස්සේ මනෝ විද්‍යාව ගැන ලියන නිසා ලංකාවේ මිනිස්සුන්ගේ ජීවිත අත්දැකීම් හොඳට දන්නවා .උපදේශනය තුළින් සමාජය සුවපත් කරන්න පුළුවන් ද?

අපේ රටේ මිනිස්සුන්ට මනෝ උපදේශනය ගැන තියන දැනුම සහ අවබෝධය සාපේක්ෂව අවමයි , ඒ නිසාම ඉතාම විසඳගන්න පුළුවන් ප්‍රශ්න නිසාත් මිනිස්සු අහේතුකව විඳවනවා , තමන්ගේ ප්‍රශ්නෙකදී ඒ තියන සංවේදීතාව නිසාම මිනිස්සුන්ට  ප්‍රශ්නය නිවැරැදිව අවබෝධ කරගන්න බැරි වෙනවා . එතැනදී තමයි කෙනෙක්ට මනෝ උපදේශනය ඕන වෙන්නේ , නිවැරැදි උපදේශනය තුළින්  මිනිස් ජීවිත උඩු යටිකුරු කරවන්න පුළුවන්.



අදහස් (0)

මගේ පොත්වල අන්තර්ගතය පිටකවරයෙනුත් පෙනෙනවා

ඔබේ අදහස් එවන්න

තුරුණු මඬල

මගේ පොත්වල අන්තර්ගතය පිටකවරයෙනුත් පෙනෙනවා
2024 සැප්තැම්බර් මස 17 33 0

ඇය ලංකාවෙන් එළියට ගොස් ජීවිතය සාර්ථක කරගත්තා සේම තමන් අත්විඳින සාර්ථකත්වය තවත් පිරිසකට ලබා දීමේ අරමුණින් සමාජ මාධ්‍ය ඔස්සේ අකුරු වලින් ගැහැනු පිරිමි


සාහිත්‍යයෙන් පිරුණු නාට්‍යය පොත් විකුණන්න අමාරු නැහැ
2024 සැප්තැම්බර් මස 10 19 0

එඩ්වඩ් චන්ද්‍රසිරි නාට්‍ය ලෝකයේ අය පළමුව හඳුනාගන්නේ සාර්ථක නාට්‍ය සංවිධායකවරයකු ලෙසය.ආර්.ආර් සමරකෝන්ගේ ’’ජේලර් උන්නැහේ’’ නාට්‍යයේ සිට ලාංකීය වේදි


මගේ පොත් අත්පිටපත් රැසක් සුනාමියෙන් වැනසුණා
2024 සැප්තැම්බර් මස 03 25 0

ලොව ප්‍රකට ඇමෙරිකානූ මනෝ විද්‍යාඥයකු වන මහාචාර්ය බ්‍රයන්.එල් වයිස්ගේ many Lives many masters නැමති කෘතිය අශෝක කුමාරසිරි නොනිමෙන භව ගමන නමින් සිංහලට පරිවර්තනය කර පා


මෙි රටෙි කාටවත් වෘත්තිය ලේඛකයෙක් වෙන්න බැහැ
2024 අගෝස්තු මස 20 96 0

අයෝමා සමරසිංහ ජීවිතේ සමහර අත්දැකීම් සීරූ මාරුවට නිර්මාණ බවට පෙරළා ගන්නට සමත් වූ ලේඛිකාවකි.ඒ බව ඇය මේ වන විට ඉදිරිපත් කර තිබෙන නිර්මාණ සමුච්චය තුළින් ප


එදා ගිහියන්ට වඩා උගත් යතිවරුන් හිටියා - මහගම සීලානන්ද හිමි
2024 අගෝස්තු මස 13 64 0

අතීතයේ සිටම භික්ෂුව සහ සාහිත්‍ය අතර ඇත්තේ අවියෝජනීය සම්බන්ධයකි.1988 දී ’’සින්දු බින්දු මල්’’ ළමා ගීත සංග්‍රහය එළි දක්වමින් සාහිත්‍යය ක්ෂේත්‍රයට පිවිසෙ


මම සම්මාන බලාගෙන පොත් ලියන්නේ නැහැ
2024 අගෝස්තු මස 06 56 0

රංගන ශිල්පිනියක්, හඬ කැවීම් ශිල්පිනියක්, සහ ලේඛිකාවක් ලෙස මාධ්‍ය ත්‍රිත්වයක ම හැකියාව විහිදුවමින් සිටින කුමුදු කුමාරසිංහ පසුගිය කාලයේ වඩා සමාජ අවධාන


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 35 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 71 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 128 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site