ඇය ලංකාවෙන් එළියට ගොස් ජීවිතය සාර්ථක කරගත්තා සේම තමන් අත්විඳින සාර්ථකත්වය තවත් පිරිසකට ලබා දීමේ අරමුණින් සමාජ මාධ්‍ය ඔස්සේ අකුරු වලින් ගැහැනු පිරිමි දෙපිරිසටම ජීවිතය ගැන කියාදෙමින් සිටින්නීය.ඇයෆේස් බුක් එකේ රහට හැඩකර ලියන අකුරුවලින් දිනපතාම ජීවිතයට යමක් එක් කරගන්නා පිරිස ද බොහෝය.ඇය එක පැත්තකින් සාර්ථක මනෝ විද්‍යා උපදේශිකාවක් වන විට තවත් පැත්තකින් කිවිදියක් හා නවකතාකාරිනියක් ලෙසද අපව හමුවේ.මේ කතාබහ ඇය තුළ සිටින සාහිත්යවේදීනිය පිළබදවයි.ඇය නම්න් අනීෂා ජයකොඩිය.
* ඔබ සමාජ මාධ්‍ය ඇතුළේ මනෝ විද්‍යා උපදේශනය සම්බන්ධයෙන් ජනප්‍රිය ලේඛිකාවක්.මේ රසවත් ලිවීමේ කලාව පටන් ගන්නේ මොන කාලේද?
ලිවීම පටන් ගන්නේ නම් පාසල් කාලෙදිම තමයි , හැබැයි උසස් අධ්‍යාපනය හදාරන කාලේ ඒක ටිකක් මගහැරුණා .ඊටත් පස්සේ සමාජ මාධ්‍ය හරහා ආයෙත් ලිවීමෙන්ම මගේ රටේ මිනිස්සු එක්ක ලොකු සම්බන්ධයක් හදාගන්න මට පුළුවන් වුණා.
* ඔබේ ලිපි රහ නිසා පාඨකයන් ශීඝ්‍රයෙන් ඒවා කියවීමට පෙලඹුණා.මේ තරම් රහට ලියන්න පුරුදු වුණේ කොහොමද?
ඒක සමහරවිට මට ජීවිතේ ගැන තියන ප්‍රායෝගික දැක්ම නිසා ඇතිවුණ දෙයක් වෙන්න පුළුවන් .මොකක්හරි දෙයක් දිහා හැමෝම දකින විදිහට එහා වෙනස්ම මධ්‍යස්ථ කෝණයකින් බලන පුරුද්ද පුංචි කාලේ ඉඳලම මට තිබ්බා , ඒ නිසාම මගේ ලියවිලි ජීවිතේ ප්‍රායෝගික ඇත්ත එක්ක සම්බන්ධ වෙනවා වැඩියි .ඒක නිසා වෙන්න ඇති මිනිස්සුන්ට ඒවා වැඩිපුර දැනෙන්නේ . මගේ ලිපි සහ වීඩියෝ මේ තරම් මිනිස්සු අතරට යාමට ඒ දැනීම ලොකු හේතුවක් වුණා .
* ඔබට වැඩිපුර ඉන්නේ රසිකාවියෝද? රසිකයෝද?
මම හරිම ආඩම්බරෙන් කියනවා , මට හැම වයසකම ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේම රසික රසිකාවියෝ ඉන්නවා . බොහෝවිට ගැහැනු අයට එකතු වෙන්නේ ගැහැනු රසිකාවියෝ තමයි , හැබැයි මගේ තත්වය ඊට වඩා වෙනස් , බාල , මහලු , තරුණ මේ හැම අවදියකම ස්ත්‍රී පුරුෂ දෙගොල්ලොම මගේ ලිපි කියවනවා .
* ඒ කාලේ පුවත්පත්වල විවිධ විශේෂාංග තිබුණා.දැන් ඒ යුගය සමාජ මාධ්‍ය විසින් දිනාගෙන තිබෙනවා.ඒක ලේඛිකාවක් විදියට ඔබ දකින්නේ කොහොමද?
සෝෂල් මිඩියා මිනිස්සු අතරට එන්නේ දෙදාහෙන් පස්සේ ,මේ අපි ඉන්න ඩිජිටල් යුගයේ මිනිස්සු ජීවත් වෙන්න කාලයත් එක්ක පුදුම තරගයක් දෙනවා , ඒ වගේ වටපිටාවක ඉස්සර වගේ ටීවී එක ඉස්සරහ ලොකු වෙලාවක් රැඳෙන්න මිනිස්සුන්ට ලොකු කාලයක් නැහැ.ඉතින් බත් කන ගමන් වැඩ කරන ගමන් , යන එන ගමන් තමන්ගේ අතේ තියන ෆෝන් එකෙන් සින්දුවක් අහන්න තමන් කැමති දෙයක් බලන්න මිනිස්සු ඇබ්බැහි වෙලා ඉන්නවා . ලේඛිකාවක් විදිහට මිනිස්සු අතරට යාමට තියන පහසු සහ පුළුල් භාවය නිසා මම මේ ක්‍රමයට කැමතියි , ඇත්තම කිව්වොත් අනිෂා ජයකොඩි කියන නම බිහිවෙන්නෙම සමාජ මාධ්‍ය නිසා තමයි , ඉස්සර වගේ දක්ෂතා හැකියා තියන මිනිස්සුන්ට දැන් අවස්ථා ඉල්ලමින් එක එක තැන්වල රස්තියාදු වේවි ඉන්න ඕනේ නැහැ ,සමාජ මාධ්‍ය නිසා ඕනම කෙනෙකුට තමන්ගේ දක්ෂතාව හැකියාව ඉතාම පහසුවෙන් තමන් විසින්ම සමාජ ගත කිරීමේ අවකාශය ලැබිලා තියනවා . තමන්ගේ සීමාවන් මොනවද කියලා දන්නවනම් බුද්ධිමත් නම් සමාජ මාධ්‍ය කියන්නේ ඕනම කෙනකුට දේවල් ඉගනගන්න , දැනුවත් වෙන්න , ව්‍යාපාර කරගන්න , වගේම යහපත් ලෙස සමාජ ගත වෙන්න ඉතාම හොඳ අවකාශයක් .
* ඔබ නූරී හා නා නා කාව්‍ය කෘති මගින් පළමු වරට ලේඛන කලාවට අවතීර්ණ වුණා.ඒ කෘතිවල පළමු මුද්‍රණ ඉතා ඉක්මනින් අලෙවි වීමත් වුණා.අනීෂා කියන ලේඛිකාව පාඨකයෝ පිළිගත් ආකාරය ගැන සතුටක් තියෙනවද?
ඔව් , මගේ පළවෙනි කෘති දෙක මම හිතුවටත් වඩා ඉක්මනට මිනිස්සු අතරට ගියා , නානා කියන්නේ කාව්‍ය සංග්‍රහයක් ,නූරි කියන්නේ ගැහැනු සහ මිනිස්සුන්ගේ මනුස්ස හැඟීම් සහ දැනීම් අලලා ලියැවුණු වෙනස් විදියේ නවකතාවක් , නූරි නවකතාවේ තියන ප්‍රායෝගිකත්වය නිසාම නුරි තුළින් මිනිස්සුන්ට තම තමන්ව පෙනෙන්න පටන් ගත්තා , ඇත්තම කිව්වොත් මගේ අතින් ලියවෙන හැම පොතකින්ම කුමක් හෝ ධනාත්මක සමාජ වෙනසක් ඇති කිරීම තමයි මගේ එකම අරමුණ . නූරි සහ නානා කියන මගේ මුල්ම පොත් දෙකේදීම මගේ ඒ අරමුණ සාර්ථක වුණා කියලා ලොකු අධ්‍යාත්මික සතුටක් මට තියනවා .
* ඔබේ නවතම කෘතිය'' ගෙලාන් '.ඒ කෘතිය කවර ආකාරයේ කෘතියක්දැයි දැන ගැනීමට පාඨකයන් කැමති ඇති?
ගෙලාන් කියන්නේ පර්යේෂණාත්මක කෘතියක් , තවත් සරලව කිව්වොත් මේක ලිංගික ශ්‍රමිකයෝ ගැන ලියවුණු පොතක් , අවුරුදු ගාණක සමාජ පර්යේෂණයකින් පස්සේ , මගේ මනෝ විද්‍යාත්මක දැනුමත් එකතු කරලා , මනෝ උපදේශිකාවක් විදිහට මගේ වසර ගණනාවක අත්දැකීමුත් යහමින් මුසු කරලා තමයි '' ගෙලාන් '' ලියවුණේ .
අපි වගේ තුන්වැනි ලෝකේ රටවල්වල බොහෝ ප්‍රශ්නවලට ඍජුව සහ වක්‍රව sex කියන කාරණාව බලපානවා , ඒ ගැන තියන නොදැනුවත්කම , සමාජ වටපිටාව , සහ යම් යම් සංස්කෘතික කාරණා නිසා sex නිසා මිනිස්සු විඳවනවා , ජීවිත වරද්දගන්නවා , පටලවාගන්නවා , ඒ වගේ ඇත්ත කතා සහ ඒ පිළිබඳ මනෝ විද්‍යාත්මක ඇත්ත එක්ක ලියවුණු නවකතාවක් තමයි ගෙලාන් කියන්නේ .
සරලවම කිව්වොත් ගෙලාන් ඇතුළේ තියෙන්නේ ගැහැනු සහ මිනිස්සු ජීවිතේ කාටවත්ම කියන්න අකැමති මනුස්ස හැඟීම් ,
*ඔබ පොත්වල කවරයේ ඉදන් සැලකිලිමත් වෙන බව අපට පේනවා.පොත් කවරයකින් පොතේ අලෙවියට මොන තරම් බලපෑමක් වෙනවද?ඒක ඔබේ පොත් වලින් ඔබට දැනුණේ කොහොමද?
අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙයි බැලුවේ කියලා කතාවටත් කියනවනේ , මම බොහෝවිට මගේ පොතේ අන්තර්ගතය කවරය තුළින් පෙන්වන්න කැමතියි , මම හිතනවා ඒ තුළින් මම පොතට සාධාරණයක් කරනවා කියලා , ගෙලාන් පොතෙත් තද රතුපාට කවරයේ ගෙලාන් කියන අකුරු තුන ස්පර්ශ කරනකොට ඔබට යමක් එම්බොස් වෙලා දැනෙයි.පොත කියවලා ඉවර වෙලා වහනකොට නැවත වරක් ඒ දෙස හොඳින් බැලුවම ඔබට මේ පොත ලියවිලා තියෙන්නේ මොකක් ගැනද කියලා හොඳින්ම වැටහෙයි .
මගේ පොත්වල අන්තර්ගතය සහ පිටකවරය කියන්නේ දෙකක් නෙවෙයි එකක් .
* ඔබ සමහරු කතා කරන්න අකමැති එහෙත් කතා කළ යුතු මාතෘකා පිළිබද ප්‍රසිද්ධියේ කතා කරනවා.ලියනවා.මේ එඩිතර ගැහැනුකම ෂෝෂල් මීඩියා ඇතුළේ නඩත්තු කිරීම අමාරු නැද්ද ?
වවුලගේ ගෙදර ගියානම් එල්ලිලා ඉන්න ඕනේ කියලා කියනවනේ ,ඉතින් සෝෂල් මිඩියාවලට එනකොටම මට ඊළඟට මුහුණ දෙන්න වෙන දේවල් ගැන මම හොඳින් දැනගෙන හිටියා . ඒ දැනුවත්භාවය සහ හිතේ හයිය නිසාම කවදාවත්ම මට ඒවා කිසිම අභියෝගයක් විදිහට දැනිලා නැහැ .මම කරන කියන දේ ගැන මට විශ්වාසයිනම් එතනින් එහාට මාව පාලනය කරන්න පුළුවන් මට විතරයි , සමාජයෙන් එල්ලවන බලපෑම් ගැන මිනිස්සුන්ගේ මඩ ගැන මම ඇහැක් ඇරලවත් බලන්නේ නැහැ , එයාලා එයාලගේ වැඩේ කරනවා , මම මගේ වැඩේ කරනවා . ඇත්තම කිව්වොත් මම අමුතුවෙන් යමක් සමාජ මාධ්‍ය තුළ නඩත්තු කරන්නේ නැහැ .කොහොමත් මම මගේ මතය වෙනුවෙන් පෙනී සිටින මට වගකියන ගැහැනියක් , නිවැරැදි දේ සමාජ ගත කරන්න ඒ වෙනුවෙන් පෙනී සිටින්න ඕනෑම කෙනකුට හයිය තියෙන්න ඕනෑ , විශේෂයෙන් ගැහැනුන්ට . ඒ මානසික හයිය රටේ තරුණ ගැහැනු ළමයින්ට හුරු පුරුදු කරන එකත් අපේ සමාජ වගකීමක් .
*ඔබ ලංකාවෙන් එළියේ ඉඳන් ලියන කෙනෙක්.එතකොට සමහර ලංකාවේ අත්දැකීම් ඔබට මගහැරෙන්න පුළුවන් .ඒ හිඩැස් පුරවා ගන්නද විටින් විට ලංකාවට එන්නේ?
ලංකාවෙන් පිට හිටියට අපි නිදහස් අධ්‍යාපනයෙන් ඉගන ගත්ත රටට ණය මිනිස්සු .ඒ ණය අපි ගෙවන්න ඕනෑ. මොන තරම් සැප පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන්කම තිබ්බත් මට ලංකාවෙන් සම්පුර්ණයෙන් මිදෙන්න බැහැ , ඉතින් කලා කටයුතුවලට සහ විවිධ ව්‍යාපෘති වලට විටෙන් විට මට ලංකාවට එන්න වෙනවා , මගේ ලොකුම හයිය මගේ මහත්තයා ඒ වෙනුවෙන් මට උපරිම නිදහස සහ ඒ පහසුකම් සපයලා දෙනවා .
* ඔබ කවිය ,නවකතාව ආදී ඉසව් ගණනාවක සැරිසරනවා.එක් අවස්ථාවක ඔබ කියනවා විවිධ කෘති 10 ක් ලියන්න අදහස් කරන් සිටින බව.මොනවා ගැනද ඉස්සරහට ලියන්න හිතාගෙන ඉන්නේ?
මනෝ විද්‍යාව , සමාජ විද්‍යාව , අධ්‍යාපනය , පවුල් ජීවිතය , පෞරුෂ වර්ධනය , තාරුණ්‍යය , ළමා මනෝ විද්‍යාව , සහ තවත් අංශ ගණනාවක් ලිස්ට් එකේ තියනවා , මේ දශකය පුරාවටම සමාජයට මොනම හෝ දැනුවත්වීමක් ලබාදීම අරමුණු කරගෙන ඒ සෑම අංශයකම පොත් මා අතින් ලියවේවි .
* ඔබ මේ දශකය නම් කරන්නේ ලිවීමේ දශකය විදියට.එහෙම ඔබටම නම් කරගන්න විශේෂ හේතුවක් තියෙනවද?
කවදා මැරෙයිද කියලා නොදැන වුණත් මම මගේ ජීවිතේ එක එක කොටස්වලට වෙන් කරගෙන ඉන්නවා , ජීවිතේ දෙවැනි දශකයේදී මම විවාහ වුණා , දුවෙක් හැදුවා , ආර්ථිකව ස්ථාවර වුණා , ඉගන ගත්තා , ඒ සියල්ලෙන්ම මම ඉතාම තෘප්තිමත් , ඒ වින්දනය විඳින ගමන්ම මට ඕනේ ඊට වඩා වෙනස් දේවල් ටිකක් කරන්න , ඉතින් පොත් ලියන එක රිසර්ච් කරන එක , අලුත් විෂයයන් ඉගන ගන්න එක තමයි මගේ පැෂන් එක , අපි හැමෝම මැරෙනකම්ම ජීවිතේ එක්ක හැප්පෙන්න ඕනෑ.අලුත් දේවල් කරන්න ඕනෑ. එතකොට තමයි ජීවත් වෙනවා කියලා දැනෙන්නේ.
*ඔබ ගැහැනියක් වුණාට සමහර වෙලාවට පිරිමියාගේ කෝණයෙන් ඒ ප්රශ්නය බලන්න උත්සාහ කරන බව පේනවා.ඒක ඔබ හිතා මතාම කරනවද නැතිනම් අහම්බයක්ද?
අහම්බයක් නෙමෙයි , මම කලිනුත් කිව්වා වගේ මට දේවල් පේන්නේ අනිත් අයට වඩා පොඩ්ඩක් වෙනස් විදිහට , ගැහැනු ගැන වැඩිපුර කතා කළාට , කවි සිංදු ලිව්වට පිරිමි ගැන ඒ තරම් සමාජ අවධානයක් ලැබෙන්නේ නැහැ , මනෝ උපදේශනය රස්සාව නිසාද මන්දා මට ඒ සංවේදනය අනිත් අයට වඩා දැනෙනවා , මම පිරිමි වෙනුවෙන් ලියන කියන එකට හේතුව ඒක වෙන්න ඇති .
* ඔබ කාලයක් තිස්සේ මනෝ විද්‍යාව ගැන ලියන නිසා ලංකාවේ මිනිස්සුන්ගේ ජීවිත අත්දැකීම් හොඳට දන්නවා .උපදේශනය තුළින් සමාජය සුවපත් කරන්න පුළුවන් ද?
අපේ රටේ මිනිස්සුන්ට මනෝ උපදේශනය ගැන තියන දැනුම සහ අවබෝධය සාපේක්ෂව අවමයි , ඒ නිසාම ඉතාම විසඳගන්න පුළුවන් ප්‍රශ්න නිසාත් මිනිස්සු අහේතුකව විඳවනවා , තමන්ගේ ප්‍රශ්නෙකදී ඒ තියන සංවේදීතාව නිසාම මිනිස්සුන්ට ප්රශ්නය නිවැරැදිව අවබෝධ කරගන්න බැරි වෙනවා . එතැනදී තමයි කෙනෙක්ට මනෝ උපදේශනය ඕන වෙන්නේ , නිවැරැදි උපදේශනය තුළින් මිනිස් ජීවිත උඩු යටිකුරු කරවන්න පුළුවන්.
වෘත්තියමය පුවත්පත් කලාවට සමුදුන්නත් කලාව තවමත් ඇගේ තියෙන වග ඔහුගේ නිර්මාණවලින් අපට වටහා ගත හැකිය.
වර්තමානයේ සිනදුවක් දෙකක් ලියා එය ලක්ෂ ගණන්වලට අලෙව් කරනවා යැයි කියන නිර්මාණකරුවෝ අපට හමුවෙති.එසේම දශක ගණනක් පුරා සුභාවිත ගීතයේ උන්නතිය උදෙසා කටයුතු
විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු වන ප්‍රසාද් පිටිගලආරච්චි දැනට රජයේ සේවයෙන් අයින් වී මහනුවර පුද්ගලික රෝහල්වල සේවය කරයි. මීට අමතරව කවිය ඔහුගේ ප්‍රධාන විනෝදා
සචී සේනානායක මවක්, බිරිඳක්, ලෙස යුතුකම් ඉටුකරමින් සිටියත් කුඩා කාලයේ පටන් සිහින දුටුවේ ලේඛිකාවක් ලෙස තමාගේම කෘතියක් පොත් සාප්පුවක රාක්කයක් මත තිබෙනු
කියැවීම ජීවිතය කරගත්තෝ පසුකාලීනව නිරායාසයෙන් ම ලිවීමට පෙලඹෙන්නෝය. දිශනී වීරරත්නද මුල් කාලයේ කියැවීමට තිබු ආසාවේ ප්‍රතිඵලයක් ලෙස පොත් කතුවරියක් බව
දරුවන් වෙනුවෙන් නිර්මාණකරණයේ යෙදෙන්න මං හරි කැමතියි. මගේ පුංචි කාලේ මම ලබපු, විඳපු අත්දැකීම් රස මතක සාගරයක්.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මගේ පොත්වල අන්තර්ගතය පිටකවරයෙනුත් පෙනෙනවා