- රාජ්‍ය සම්මානිත ලේඛිකා තනූජා එන්. අයගම -
ඇය මේ වන විට රාජ්‍ය සාහිත්‍ය සම්මාන 6 ක් දිනාගෙන සිටින්නීය.
යන කෘති සදහා ඇය සම්මාන ලබා ගත්තාය.
ඇගේ බෞද්ධ සාහිත්‍ය සම්මාන ලැබූ කෘති වන්නේ
ඇගේ කෘති කීපයක්ම රාජ්‍ය සාහිත්‍ය සම්මාන නිර්දේශ වී තිබේ.
යන කෘති නිර්දේශ වූ කෘතිය.මෙවර ලංකාදීප මතුමහල සාහිත්‍ය සංවාදය රාජ්‍ය සම්මානලාභී ලේඛිකා තනුජා අයගමය.
* ඔබ පුංචි අය වෙනුවෙන් නිර්මාණකරණයේ යෙදෙන්න වැඩි කැමැත්තක් දක්වන බව පේනවා. එහි සත්‍යක් තිබෙනවද? නැතිනම් ඔබට ඒ ගැන තියෙන්නේ වෙන අදහසක් ද?
දරුවන් වෙනුවෙන් නිර්මාණකරණයේ යෙදෙන්න මං හරි කැමතියි. මගේ පුංචි කාලේ මම ලබපු, විඳපු අත්දැකීම් රස මතක සාගරයක්. ඒවා අදත් හිත හිතා කියව කියවා විඳින්න මං හරි කැමතියි. ගෙදර පරිසරය, සමාජ වටපිටාව, පාසල, නෑදෑ හිත මිතුරු සබඳතාවලින් ඒ අත්දැකීම් මට ලැබුණෙ. ඒ සියල්ලම සොඳුරු අත්දැකීම් පමණක් නොවෙයි. කටුක අත්දැකීමුත් ඒ අතර තිබුණා.
පුංචි පුංචි කවි ලියලා පත්තරවල ළමා පිටුවලට යවලා ඒවා පත්තරේ පළ වුණාම ලබපු අත්දැකීම් හරි මිහිරියි. ඉතිං ඒ ලියවිල්ල දිගටම කරන්න පෙලඹුමක් ඇතිවුණා. දිගින් දිගටම ලීවා. යොවුන් වියට එළැඹීමෙන් පසුත් මේ කවි ලියවිල්ල නතර වුණේ නැහැ. එහෙම ලියපු කවි එකතුවකින් තමයි මගේ පළමු පොත් ප්‍රකාශයට පත් වෙන්නේ. පොතක් ප්‍රකාශයට පත් වෙලා ඒ ලැබෙන ප්‍රතිචාර වලට ඊළඟ පොත කරන්න හොඳ පෙලඹවීමක් ඇති වෙනවා. දරුවන් ඒ පොත් විඳින හැටි දකිද්දී ලියන්න තියෙන කැමැත්ත වැඩිවෙනවා. මම දරුවන්ට ලියද්දි මමත් ඒ පොත විඳිනවා. පොත ලිවීමෙන් පස්සෙ මම මටම කියවගනිද්දි ඒක රහ නැහැයි කියලා හිතුණොත් ඒ පොත ප්‍රකාශයට පත් කරන්න හිතන්නේ නැහැ. මගේ පළමු ළමා පොත් ප්‍රකාශයට පත් වෙන්නෙ 1997දී යි. මේ වන විට ළමා පොත් 35කට ආසන්න ප්‍රමාණයක් ප්‍රකාශයට පත්වෙලා තියෙනවා. වැඩියෙන් නියැළෙන්නෙ දරුවන් වෙනුවෙන් ලිවීමට තමයි.
ඒ වගේම මම කෙටිකතාවලටත් කැමතියි. “ගාන්ධර්වයා අශ්වයා සහ මහල්ලා” නමින් කෙටිකතා පොතකුත් මම ප්‍රකාශයට පත් කරලා තියෙනවා.
* ළමා කතන්දර පොත් ලිවීම සමහරු සරල කාරණාවක් ලෙස සලකනවා. ඒක එහෙමද? නැතිනම් ඒක මොනතරම් බැරෑරුම් කාරණාවක්ද?
ළමා කතන්දර ලිවීම කිසිසේත්ම පහසු කටයුත්තක් නොවෙයි. ළමා සාහිත්‍ය කියන්නේ පුළුල් විෂයක්. ළමා කතන්දර නිර්මාණය කිරීමට අපේක්‍ෂා කරන්නේ නම් එම විෂය හැදෑරිය යුතුමයි. මෙහිදී මම අදහස් කරන්නේ යම් කිසි ආකෘතියකට කතාවක් ලිවීම කියන කාරණාව නොවෙයි. ළමා කතාවක් නිර්මාණය කිරීමට අත්දැකීමක් පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. නිර්මාණකරණයේ යෙදෙන අය අධ්‍යාපන ළමා මනෝවිද්‍යාව පිළිබඳ යම් කිසි අවබෝධයක් ලබාගෙන ‘ළමයා’ යනු කවුද යන්න හරිහැටි වටහාගත යුතුයි.
“ළමා පොත් පිළිබඳ ජාතික සමුළුව මගින් නිර්මාණය කරන ලද ළමා පොත් පිළිබඳ ප්‍රතිපත්ති යෝජනාවලිය ප්‍රතිචාර සඳහා හඳුන්වාදීම පසුගිය සැප්තැම්බර් මස සිදුවුණා. දැයේ දරුවන්ට ගුණාත්මක පොතක් තිළිණ කිරීමේ අරමුණ පෙරදැරිව මේ ක්‍රියාවලිය සිදු වුණේ. මේ යෝජනාවලිය සංස්කරණය වී සමාජගත වන්නේ නම් මේ විෂය පිළිබඳ උනන්දුවක් දක්වන අයට එය ප්‍රයෝජනවත් වේවි.
*ඔබට ලියන්න ඕනෑ කියලා හිතුණේ ඇයි? ඒ සඳහා ඔබ මූලාරම්භය තැබුවේ කොහොමද?
මගේ තාත්තා කවියෙක්. නමින් වින්සන් අයගම. තාත්තා වැඩ කළේ ආහාර දෙපාර්තමේන්තුවේ. අපි පුංචි කාලේ තාත්තා විගණන කටයුතු සඳහා දුර පළාත්වලට යනවා. ඒ ගියහම තාත්තා අපිට ලියුම් එවන්නෙ කවියෙන්. ඒ කවි අපි තාලෙට ගයනවා. ඒ කවි කටපාඩම්.
ටික ටික ලොකු වෙද්දි ළමා පත්තර කියවන්න පුරුදු වුණා. ඒවායෙ ගිය පුංචි කතන්දර බලන්න සතියක් ගතවෙනකම් අපි මග බලාගෙන හිටියා. විජය, මිහිර පත්තර අපේ පුංචි හිතේ පරිකල්පනය දියුණු කළා. විශේෂයෙන් විජය පත්තරේ ගිය ‘කැලේ කතාව’ මම අදටත් විඳින කතා පෙළක්. ඒ කතාවල රසයට මම හරි කැමතියි. ඒ කතාවල රසය, තාත්තාගේ කවිවල රිද්මය මගේ ළමා හිතේ පැලපදියම් වෙන්න ඇති. ඒ රිද්මය පුංචි කවි පන්තිය එළිදැකපු අතීතය හරි රහයි.
ඉරිදා දිවයින ළමා පිටුවේ මගේ පළමු කවි පෙළ ‘මල් පිපිලා හරි අගෙයි’ නමින් පළවුණේ 6 ශ්‍රේණියෙදි.
* ළමා පොතක් රචනා කිරීමේ නිසි ප්‍රමිතිගත ක්‍රමය බොහෝ අය දන්නෙ නැහැ. ඔබට එය විස්තර කරන්න පුළුවන්ද?
ළමා පොතේ බාහිර සහ අභ්‍යන්තර නිමාව උසස් අයුරින් සිදු කිරීමට ළමා සාහිත්‍ය යන පුළුල් විෂය හැදෑරිය යුතු වෙනවා.
වයස් කාණ්ඩය (උදා: අවුරුදු 4-6/ අවුරුදු 7-8/ අවුරුදු 9-10) පොත් වර්ගය (වචන නැති කතා /පිංතූර කතා/පරිච්ඡේද කතා) පොතේ ප්‍රමාණය ( 4/ 5/ 6/ 7.5” 8.5”) , කඩදාසි වර්ග සහ වර්ණ, පිටු ගණන ග්‍රන්ථනාම තොරතුරු සහිත පිටු හැර පිටු 16ක් තිබිය යුතුයි. (අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශ මණ්ඩලය සඳහන් කරන පරිදි) බාහිර නිමාවේදී සැලකිය යුතු වෙනවා.
පොතේ අභ්‍යන්තර නිමාව සඳහා කතාවේ ගුණාත්මක බව තිබිය යුතු වෙනවා. රසවින්දනය, භාෂාව පෝෂණය, දැනුම/තොරතුරු, සංස්කෘතිය පවරාදීම, තමා සහ සමාජය අවබෝධ කර ගැනීම යන අරමුණු ළමා කතාව තුළින් ඉටු විය හැකි නම් අගෙයි.
මෙම විස්තර ඇතුළත් පොතක ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩයෙන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා.
අමතරව ග්‍රන්ථ ප්‍රකාශන උපදේශන මණ්ඩලයෙන් ද මේ සඳහා උපදෙස් ලබා ගන්න පුළුවන්.
* ඔබ කෘතියක් සඳහා කතාවක් තෝරා ගැනීමේදී සැලකිලිමත් වන්නේ මොනවා ගැනද?
ලියන්නේ කාටද? කියලා පළමුවෙන්ම හිතනවා. කාටද කියලා මම කිව්වෙ කුමන වයස් කාණ්ඩයේ දරුවෙක්ටද මම ලියන්නේ කියලා. ඊට පස්සෙ ඒ වයසෙ දරුවන් කැමති අකැමති දේවල් ගැන. ඔවුන්ට කරන්න පුළුවන් සහ බැරි දේවල් ආදිය ගැන හිතනවා.
දෙවනුව හිතනවා මම මේ කතාව ලියන්නේ ඇයි කියලා. රසවිඳින්නට පමණක්ද, විෂය කරුණු කියලා දෙන්නද , යම් කිසි චරිතයක් ගැන කියලා දෙන්නද ආදි වශයෙන්. ඒ අනුව ප්‍රබන්ධයක් ද, නිර්ප්‍රබන්ධයක් ද, චරිත කතාවක්ද ලියන්න ඕනෑ කියලා තීරණය කරනවා.
ඊට පස්සෙ හිතනවා මම මේ පොත මොන ආකෘතියකටද නිර්මාණය කරන්නේ කියලා. ඒ අනුව චරිත පසුබිම කතාවේ ගලායාම ගැන හිතනවා.
* ඔබ කීපවරක්ම ළමා කෘතිවලින් රාජ්‍ය සම්මානයට පාත්‍රවුණා. එහි රහස කුමක්ද?
සම්මාන ලබාගැනීම සඳහා මා පොත් ලියන්නේ නැහැ. එහෙත් ලියූ පොතක් සම්මාන සඳහා නිර්දේශවීමත් සතුටක්. මම දීර්ඝ කාලයක් තිස්සේ දරුවන්ට ලියනවා. ළමා සාහිත්‍ය විෂය පිළිබඳ මම තවම හදාරනවා. ඒ හැදෑරීම භාවිත කර බලනවා.
* මේ දිනවල වැට් එක නිසා ප්‍රකාශන කලාවේත් අර්බුදකාරී තත්වයන් රැසක් ඇතිවී තිබෙනවා. ප්‍රකාශන කලාවටත් සම්බන්ධ කෙනෙක් විදිහට එය ඔබ දකින්නේ කොහොමද?
පොත් මුද්‍රණය සඳහා කඩදාසි ඇතුළු අමුද්‍රව්‍ය මිලදී ගැනීමේදී වැට් සහිත බිලක් අපට ලැබෙන්නෙ. ඒ අවස්ථාවේදී අප එම බිල ගෙවනවා. මුද්‍රණය කරන ලද පොත විකිණීමේදී විකූණුම් මිලට වැට් අය කරන නිසා පොතේ මිල වැඩි කරන්න සිදු වෙනවා. එතකොට සිදුවෙන්නෙ වැඩි මිලකට පාඨකයාට පොත ලබාදීමයි. එහිදී අපහසුතාවයට පත් වෙන්නේ පාඨකයා. දෛනික වුවමනාවන් සඳහා මුදල් පිරිමසා ගෙන බොහෝදෙනා පොතක් ගන්න මුදල් වෙන කරගන්නෙ හරිම අපහසුවෙන්. පොතේ මිල වැඩි වුණාම ඔවුන් පොත් මිලදී ගන්නෙ නැහැ. පොත් මිලදී ගන්නෙ නැහැ කියන්නෙ කියවීම අඩුවීමක නේද?
* සාහිත්‍ය කලාවේ දීර්ඝ කාලයක් කටයුතු කරමින් සිටින කෙනෙක් විදිහට එහි දියුණුව වෙනුවෙන් යෝජනා කරන දේ මොනවාද?
කියවීම ප්‍රවර්ධනය සඳහා කටයුතු සිදුවිය යුතුයි කියලා හිතනවා. වැඩිහිටියා වෙනුවෙන් විවිධ කියවීම් අවස්ථා, පොත් ජනගත කිරීම් බොහොමයක් දකින්න ලැබෙනවා. විවිධ වැඩසටහන් පවා. එහෙත් සමාජය යහපත් නැහැ කියලා තමයි හැමෝම කියන්නෙ. කවුද මේ සමාජය කියන්නේ. අපි ඇතුළු මිනිසුන් ම නේද? යහපත් සමාජයක් උදෙසා කියවීම කියන සංකල්පය ගැන හිතුවොත් වැඩි ප්‍රමාණයක් කියවන්නෙ ඒකට කැමති පිරිසක් නේද? ඒකට ඇබ්බැහි වූ පිරිසක් විතරම නේද? ඉතිං අර කියවන්නෙ නැති අයට පොත් කියවන්න පුරුදු කරන එක ලේසි නැහැ. සමහර අවස්ථාවල කෙනෙක් දෙන්නෙක් ඊට අනුගත වෙනවා. මට හිතෙන්නෙ අපි කියවීමට පුරුදු පුහුණු කරන්න පටන්ගන්න ඕනෑ ප්‍රාථමික ශ්‍රේණිවලින් කියලා. පින්තූර පොතෙන් පටන් ගන්න පුළුවන්. ඊට පස්සෙ පරිච්ඡේද කතා. දරුවා 5න් 6ට පාස් වෙද්දි එයා ස්වාධීන පොත් කියවන්නෙක් බවට පත් කරන්න ඕනෑ. ඒ සඳහා පොත් මුල්ල, කියවීම් කාමරය, ප්‍රාථමික ශ්‍රේණි සඳහා පුස්තකාල පාසල්වල තියෙන්න ඕනෑ. මේ කාරණා චක්‍රලේඛවලින් එළියට ඇවිත් හැම පාසලකම ක්‍රියාත්මක වෙන්න ඕනෑ. කියවීමේ සංස්කෘතියක් ඇති කරන්න අඩිතාලම දැම්මාම තවත් අවුරුදු 20න් හරි යහපත් සමජයක් හදන්න බැරි වෙන එකක් නැහැ.
*ළමා සාහිත්‍යකරණයට අමතරව ඔබ වඩා කැමැත්තක් දක්වන සාහිත්‍ය ශානර මොනවාද?
යොවුන් සාහිත්‍ය සහ කෙටිකතා. මේ ශානර දෙකම මම කියවන්න ආසයි.
යොවුන් සාහිත්‍ය කෘතිවලට කැමත්ත ඇති වන්න ඇත්තෙ එහිද ඉලක්ක ගත මූලික කණ්ඩායම දරුවන් නිසාම වෙන්න ඇති කියලා. යොවුන් සාහිත්‍යය ද වෙනම විෂයක්. දරුවාගේ මානසික වර්ධනයට සමපාතව කායික වර්ධනයත් මෙහිදී සලකා බලන්න වෙනවා. කායික වර්ධනය බාහිරින් පෙනුණද යෞවනයන්ගේ මානසික වර්ධනය බාහිරින් පෙනෙන්නෙ නැහැ. ඉතින් මේ කණ්ඩායමට පොතක් ලියනවා කියන එක නම් ලොකු වගකීමක්.
අනෙක් කරුණ මේ වයස් කාණ්ඩයේ දරුවන් කියවන පොත් විවිධ ශානරවලින් යුතු පොත් වනවානම් හොඳයි. එවිට ඔහු හෝ ඇයගේ පරිකල්පනය විවිධ පැති ඔස්සේ පැතිරෙනවා ඇති.
නව යොවුන් වියේ දරුවන් සඳහා එක් පොතකුත් කෙටිකතා පොතකුත් මං දැනට ප්‍රකාශයට පත්කරලා තියෙනවා. මගේ යොවුන් වියේ මා වැඩියෙන්ම ආස වුණේ කෙටිකතා කියවන්න. පත්තරවල යන කෙටිකතා මම කියෙව්වා. පත්තරවලට ලිව්වා. තරගවලට ලිව්වා. හොඳ කෙටිකතාවක් කියවලා සති ගාණක්ම ඒ කතාවත් එක්ක ඉන්න අවස්ථා තිබුණා. විශේෂයෙන් ඒ කාලේ මං වැඩිම කැමති ප්‍රවීණ ලේඛක ජයතිලක කම්මැල්ලවීර මහතාගේ පොත්වලට. මාංචු, ලේ, අන්තිම කැමැත්ත ඒ අතරින් කීහිපයක්. සමහර කෙටිකතා ජීවිතය උගන්වද්දි තවත් සමහර කෙටිකතා නිර්මාණකරණයේ විශාලත්වය දිගෑරලා පෙන්නුවා.
මේ දිනවල ඔබ අලුතින් යෙදී සිටින සාහිත්‍ය නිර්මාණ කටයුතු මොනවාද?
“වමට දකුණට” ළමා සහ යොවුන් පොත් පෙළක් පසුගිය වසරේ ග්‍රැෆිකෙයා ප්‍රකාශන ලෙස ජනගත වුණා. ඒ පොත් පෙළට විවිධ තේමාත්මක අගයන් ඇති පොත් තෝරාගෙන ප්‍රකාශයට පත් කළා. ඉදිරියේ එම පොත් පෙළට තවත් විවිධ තේමා එකතු කරමින් හරවත් නිර්මාණ එකතුවක් දරුවන් වෙත තිළිණ කිරීමට කටයුතු කරනවා. එම පොත් එකතුවට මගේ පොතක් එක් කරන්න හිතන් ඉන්නෙ.
ඒ වගේම පසු ගිය සති අන්තයේ “80 අපි කණ්ඩායම හා සුදර්ශි” ආයතනය එක්ව ‘අත් රූකඩ’ වැඩමුළුවක් පැවැත්වූවා. ළමා කතන්දර කියන්න අත් රූකඩ හරි වටිනවා. ඉතින් ඉස්කෝලෙකට ගිහින් අත් රූකඩයක් එක්ක කතන්දරයක් කියන්න බලාපොරොත්තුවක් තියෙනවා.
වර්තමානයේ සිනදුවක් දෙකක් ලියා එය ලක්ෂ ගණන්වලට අලෙව් කරනවා යැයි කියන නිර්මාණකරුවෝ අපට හමුවෙති.එසේම දශක ගණනක් පුරා සුභාවිත ගීතයේ උන්නතිය උදෙසා කටයුතු
විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු වන ප්‍රසාද් පිටිගලආරච්චි දැනට රජයේ සේවයෙන් අයින් වී මහනුවර පුද්ගලික රෝහල්වල සේවය කරයි. මීට අමතරව කවිය ඔහුගේ ප්‍රධාන විනෝදා
සචී සේනානායක මවක්, බිරිඳක්, ලෙස යුතුකම් ඉටුකරමින් සිටියත් කුඩා කාලයේ පටන් සිහින දුටුවේ ලේඛිකාවක් ලෙස තමාගේම කෘතියක් පොත් සාප්පුවක රාක්කයක් මත තිබෙනු
කියැවීම ජීවිතය කරගත්තෝ පසුකාලීනව නිරායාසයෙන් ම ලිවීමට පෙලඹෙන්නෝය. දිශනී වීරරත්නද මුල් කාලයේ කියැවීමට තිබු ආසාවේ ප්‍රතිඵලයක් ලෙස පොත් කතුවරියක් බව
දරුවන් වෙනුවෙන් නිර්මාණකරණයේ යෙදෙන්න මං හරි කැමතියි. මගේ පුංචි කාලේ මම ලබපු, විඳපු අත්දැකීම් රස මතක සාගරයක්.
අරුණ ශාන්ත මැලෑගොඩ මේ වන විට කෘති 4 ක් ද වේදිකා නාට්‍ය දෙකක්ද විරිදු රචනා,ගීත රචනා කෙටිකතා ද රචනා කර ඇත.සාහිත්‍ය තරගවලින් සහතික සම්මාන ගෞරව නාම ද ලබා ගෙන
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මම සම්මාන බලාගෙන පොත් ලියන්නේ නැහැ