IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


මෙි රටෙි කාටවත් වෘත්තිය ලේඛකයෙක් වෙන්න බැහැ

තුරුණු මඬල

 

 

අයෝමා සමරසිංහ ජීවිතේ සමහර අත්දැකීම් සීරූ මාරුවට නිර්මාණ බවට පෙරළා ගන්නට සමත් වූ ලේඛිකාවකි.ඒ බව ඇය මේ වන විට ඉදිරිපත් කර තිබෙන නිර්මාණ සමුච්චය තුළින් පැහැදිලි වේ.මෙවර ලංකාදීප මතුමහල සාහිත්‍ය අතිරේකයෙන් අප සමග සම්මුඛ වන්නේ ඇයයි.  .

 

* කියවන්න පටන්ගත්තෙ ඉස්කෝලෙ යන කලේ ඉඳලද?

ඔව් මගේ පාසල් ජීවිතයේ මතක ඇති කාලයේ ඉඳන් මම පොතපත කියවනවා. ඒ පුරුද්ද අද දක්වාම තියෙනවා.මං හිතනවා මට ලියන්න අවශ්‍ය පන්නරය ගත්තේ කියවීම තුළින්.මගේ ජීවිත කාලය තුළ විශාල කෘති සංඛ්‍යාවක් මට කියැවීමට අවස්ථාව ලැබුණා.

 

* ඔබට  ලියන්න පුළුවන් කියල මුලින්ම දැනුණේ කොහොමද? පොතක් පළ කිරීම දක්වා එය වර්ධනය වුණේ කොහොමද?

 ‘සිහින සිත්තමක්’ මගේ පළමු නවකතාව. ජීවිතේ ප‍්‍රථම වතාවට රචනා කළ ඒ නවකතාව 2018 වර්ෂයේ ගොඩගේ අත්පිටපත් තරගයෙන් ප‍්‍රශස්ත කෘතියක් බවට පත්වෙලා ගොඩගේ ප‍්‍රකාශනයක් විදියට 2018 වර්ෂයේදී ම එළි දකිනවා. 

මගේ පාසල් ජීවිතයේ මම වැඩියෙන්ම ආස කළ විෂය සිංහල භාෂාව හා සිංහල සාහිත්‍යය. ඒ විෂයට මට විශිෂ්ට සාමාර්ථයක් තියෙනවා. සාමාන්‍යයෙන් මට පාසල් කාලයේ ඉදන් ක්ෂණයකින්  ඕනෑම දෙයක් ලියන්න සහජ හැකියාවක් තිබුණා. මගේ පළමු ප‍්‍රසිද්ධ ලේඛනය 1977 ‘කලාවැව’ දේශපාලන පුවත්පතට ලිපියක් ලිවීම. ඒ වසරේදීම මම ජීවිත අරගලයට මුහුණ දෙන්න වයස අවුරුදු විස්සෙදි මහවැලි සංවර්ධන අමාත්‍යාංශයට ලිපිකාරිනියක විදියට සම්බන්ධ වෙනවා. ඒ ජීවිත අරගලයේ තවත් පියවරක් විදියට. 1978 වර්ෂයේදී මම විවාහ දිවියට ඇතුළත් වෙනවා. දරුමල්ලන් සහ රැකියාව අතර ගෙවන අරගලයේ ප‍්‍රතිඵලයක් විදියට ලේඛනකලාව මගෙන් ගිලිහෙනවා. නැවත ලේඛන කලාවට අවතීර්ණ වෙන්නෙ දේශපාලන පළිගැනීම් නිසා 2000 වසරේදී අසධාරණ විදියට රැකියාව අහිමිවීමෙන් පස්සෙයි. වසර 23 කළ රැකියාව සහ ජීවිතයට සම්බන්ධ බොහෝ දෑ අහිමිවීමේ වේදනාව මම හුදකලාව දරාගත්තෙ හිතට එන අදහස් කවි විදියට අකුරු කරල හිත සැහැල්ලු කර ගැනීමෙන්. අවුරුදු 18 ක් ජීවිතේ විවිධ හැලහැප්පීම්, අභියෝගවලට තනිවම මුහුණ දෙමින් ජවිතයට හොඳ පන්නරයක් ලබාගත්තා. ඒ ගමන් මම ස්වයංරැකියා කීපයක් කළා. අවසානේ පරිගණක ගුරුවරියක් විදියට පෞද්ගලික පරිගණක පාසලක සහ රජයේ පාසලක ස්වාධීන පරිගණක ගුරුවරියක් විදියට රැකියාව කළා. ඒ අතරෙ මානසික පීඩනය නිසාම මම හදවත් රෝගියෙක් වුණා. නැවත පුරුදු ලේඛන දිවියට අවතීර්ණ වෙලා මුහුණු පොතට කවි ලියන්න පටන් ගත්තා. ඒ තමා මගේ ලේඛන දිවියේ පුනරුත්පත්තිය.

මගේ දෙවැනි පොත 2019 කර්තෘ ප‍්‍රකාශනයක් විදියට එළිදක්වන ලද ‘විශ්රාන්තිය’ කියන ‘සඳැස් කාව්‍ය සංග‍්‍රහය’. ඒ ග‍්‍රන්ථය පාසල් පුස්තකාල සදහා යෝග්‍ය බවට අධ්‍යාපන ග‍්‍රන්ථ ප‍්‍රකාශන උපදේශක මණ්ඩලයෙන් සහ ජාතික පුස්තකාල සේවා  ප‍්‍රලේඛන මණ්ඩලයෙන් පුස්තකාල සඳහා සුදුසු පොතක් ලෙස අනුමත වුණා. ඒ ජයග‍්‍රහණ මගේ ලේඛන දිවියට ආශිර්වාදයක් කරගන්න මම අදිටන් කර ගත්තා. ඉන්පස්සෙ 2020 වර්ෂයේදී ‘අනන්තානන්ත’ නමින් කෙටිකතා සංග‍්‍රහයක්, ‘සන්තප්ප සන්තතිය’ නම් නවකතාවක් සහ ‘සචේතනික’ නමින් නිදහස් ආර කාව්‍ය සංග‍්‍රහයක් මගේ ම ‘අසනි’නමින් වූ ප‍්‍රකාශන ආයතනයෙන් එකම දිනයකදී එළිදක්වනවා. ඒ ග‍්‍රන්ථ 3 සඳහා ද අධ්‍යාපන ග‍්‍රන්ථ ප‍්‍රකාශන උපදේශක මණ්ඩලයෙන් සහ ජාතික පුස්තකාල සේවා ප‍්‍රලේඛන මණ්ඩලයෙන් අනුමැතිය ලැබීම මගේ ලේඛන දිවියේ තවත් අමතක නොවන සිදුවීම් ලෙස සටහන් වෙලා තියෙනවා.

 

* ඔබ  නවකතාවක් රචනා කිරීමේදී අනුගමනය කරන විශේෂ උපක‍්‍රම තියෙනවද?

තාත්විකත්වයට මම බොහොම රුචි කෙනෙක්. දශක පහකට වඩා සමාජ සංස්ථාව සමඟ ගැටී ජීවත්වීමේදී මගේම ජීවිතයේ මා ලැබුව අත්දැකීම් සහ මා වටා සිටින පවුලේ සාමාජිකයන් ගෙන්, මට ඉතා සමීපතම ආශ්‍රිතයන්ගෙන් සහ එදිනෙදා සමාජයේ අහන දකින සිද්ධීන් පාදක කරගනිමින් ඒ චරිත මගේ කර ගනිමින් ඒ වටා කරුණු ගොනුකරමින්, විශේෂයෙන් තරුණ පරම්පරාව වෙනුවෙන් ඔවුන් නොදන්නා කරුණු විවිධ පැතිකඩයන් ඔස්සේ යම් චරිත මඟින් ඉදිරිපත් කිරීමට ප‍්‍රයත්නයක් දැරීම මගේ නවකතා රචනයේ අරමුණයි. 

 

* ජීවිතේ මුහුකුරා යද්දී ලබන අත්දැකීම් හරහා නිර්මාණකරුවකුගේ පරිකල්පන ශක්තිය දියුණු වෙනව කියල හිතනවාද?

පරිකල්පනය කියන්නෙ අහන, දකින, සිදුුවුණු දෙයට වඩා අලුතින් යම් දෙයක් ප‍්‍රතිනිර්මාණය කිරීම යි. ඒ සඳහා නිර්මාණකරුවකුට අපූර්ව වස්තූන් නිර්මාණය කිරීමේ හැකියාව (ප‍්‍රතිභාව), ජීවන අත්දැකීම් සහ පොත පත පරිශීලනයෙන් ලබාගත් අවබෝධය (ව්‍යුත්පත්තිය) සහ නිරන්තරයෙන් සිදුකරනු ලබන පුහුණුව (සතතාභ්‍යාසය) තිබිය යුතුයි. ඒ සියල්ල ළදරු අවධියට වඩා පරිණත අවධියේ ඇතිවන විශේෂිත ලක්ෂණ කියල මම විශ්වාස කරනවා. ඒ සියල්ලට මඟ සලසන්නේ ජීවිත අත්දැකීම්.

 

*ඔබ ලේඛන කලාවෙන් ඔබ්බට ගොස් පසුකාලීනව ප‍්‍රකාශන කලාවට එකතු වෙනවා. කාන්තාවකට පොත් ප‍්‍රකාශනයට එකතුවීමම අභියෝගයක් නෙමේද?

ලංකාව කියන්නෙ සම්පත්වලින් පිරුණු රටක්. සහජීවනයෙන් ජීවත් වෙන්න උත්සාහ කරන පුද්ගලයන්ට මේ රට පාරාදීසයක්. ජීවත් වෙනව කියන්නෙම අභියෝගයක්. වයස කියන්නෙ ඉලක්කමක්. ලිංග භේදය කියන්නෙ පැවැත්ම උදෙසා ලැබී තිබෙන යම් සැලැස්මක්. ඒ සැලැස්මට අනුව අපට වගකීමක් සහ වගවීමක් තියෙනවා කළ හැකි දේ කිරීමට. සහජීවනයට ස්ත‍්‍රී පුරුෂ භේදයක් තිබිය යුතු නැහැ කියන ස්ථාවරයේ මම ඉන්නවා. ආත්ම විශ්වාසය, නිවැරැදි දේ නිවැරදි ආකාරයට කිරීම සහ සාමූහිකත්වයේ වටිනාකම තේරුම් ගෙන කටයුතු කිරීම අභියෝග ජයගැනීමේ ඉලක්කය යි. වෘත්තියක් කියන්නෙ ජීවත්වීමේ අවස්ථාවක්. ඒ  අවස්ථාවට ස්ත‍්‍රී පුරුෂ භේදයකින් තොරව අපි මුහුණ දිය යුතුයි.

 

* ඔබේ අලුත්ම කෘතිය සම්මතය සහ අසම්මතය පිළිබඳ විමර්ශනයක් ලෙසයි ඔබ හඳුන්වා දී තිබෙන්නේ ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කළ හැකිද?

මගේ අලුත්ම කෘතිය ‘අසුරඟන. මේ පොතේ අන්තර්ගතයට පෙර පොතේ පිටකවරයේ නාමයට අවධානය යොමු කරන්න මම කැමතියි. සුර සහ අසුර කියන්නෙ දේව කොට්ඨාස දෙකක් බව අපි පැරණි කතා ආශ‍්‍රයෙන් දැනගෙන තියෙනවා. අසුරයො කියන්නෙ වැරදි දේ කළ දේව කොට්ඨාසයක්. ‘අසුරඟන' කියන්නෙ. අසුර කාන්තාව කියන අර්ථයෙන්. මේ පොතේ කතාකරන්නේ  නිවැරැදි දේ කළ සහ නොකළ දේව කොට්ඨාසයක් ලෙස සැලකෙන පුරුෂයන් නිසා අගතියට හෝ සුගතියට පත්වුණු කාන්තාවන්ගේ ජීවන අත්දැකීම් වල එකතුවක්. අපි සංස්කෘතිය කියන රාමුව ඇතුළෙ සම්මතය සහ අසම්මතය කියන ක‍්‍රියාකාරකම් ගැන බාහිරින් ස්පර්ශ කරමින් අදහස් දැක්වීම් කරනවා. මේ පොතේ එම විෂය කරුණ ඉතිහාසය, සමාජවිද්‍යාව, ජීවවිද්‍යාව, පරිනාමවාදය, මනෝවිද්‍යාව, නීතිය කියන විවිධ ඉසව් ඔස්සේ ගැඹුරින් සාකච්ඡා කරනවා. කියවීම අවසානයේ පාඨකයාට අවස්ථාවක් ලබාදීල තියෙනවා අපි සංස්කෘතියේ වහලුන් වී ජීවත් වෙනවද, එසේත් නොමැති නම් සංකෘතික මිනිසුන් වෙනවද කියන නිගමනයකට එන්න.

මේ ග‍්‍රන්ථයත් අධ්‍යාපන ග‍්‍රන්ථ ප‍්‍රකාශන උපදේශක මණ්ඩලයෙන් පාසල් පුස්තකාල සඳහා සුදුසු බවට අනුමැතිය ලබා තිබෙනවා. 

 

* සාහිත්‍ය පොත් එළිදැකීම්, සාහිත්‍ය සම්භාෂණවල ඔබ අපට නිතරම දකින්නට ලැබෙනවා. අනෙක් ලේඛක ලේඛිකාවන් සමඟ තිබෙන ඇසුර ඔබේ නිර්මාණ ජීවිතය පෝෂණය වෙන්න බලපෑවේ කොහොමද?

එළිමහන් හෝ ගෘහස්ථ හමුවීම්වලින් අපට විවිධ පුද්ගලයන් ඇසුරට අවස්ථාව ලැබෙනවා. මට පුංචි සතුටක් තිබෙනවා මගේ කාර්යාල ජීවිතයේදී මට බොහෝ දුෂ්කර පළාත්වල විවිධ ජන කොට්ඨාස එක්ක සමීපව කටයුතු කිරීමේ අවස්ථාව ලැබුණා. ඒ වගේම ගුරු වෘත්තියේදී විවිධ වයස් කාණ්ඩ යටතේ ඉගෙනුමට රුචි පුද්ගල ඇසුරක් ලැබුණා. ලේඛක දිවියේදී විවිධ අදහස් උදහස් සිතුම් පැතුම් ඇති විවිධ තරාතිරමේ පාඨක ලේඛක පුද්ගල ඇසුර ලැබෙනවා. ඒ සියල්ල මගේ ලේඛන කලාවට වස්තු බීජ විදියට මම සලකනවා. 

 

* ඔබේ තවත් සාහිත්‍යය ඉසව්වක් වන්නේ කෙටිකතාවයි. ඔබට ලැබෙන වස්තු බීජ ඇතුළේ කෙටිකතාවලට අවශ්‍ය අඩුම කුඩුම සපයා ගන්නේ කොහොමද?

කෙටි කතාව කියන්නෙ මූලික අදහසක් ඉදිරිපත් වෙන ආකාරයට අත්දැකීමක් හා බැඳුණු සංසිද්ධියක් ඉස්මතු කර පෙන්වන කලා නිර්මාණයක්. කෙටි කතාව ගැන කියන කොට මට මතක් වෙන්නෙ පාසල් දිවියේ සිංහල භාෂා පාඩමේදී සාරාංශය ලියන්න ඉගෙන ගත්ත ආකාරය. නවකතාවක් කියන්නෙ ප‍්‍රබන්ධ චරිත හා සිදුවීම් ගොඩනංවමින් අනුක‍්‍රමිකව කතා කීපයක් ප‍්‍රවෘත්තියක් විදියට දීර්ඝ ලෙස ගලාගෙන යාමට සැලැස්වීමක්. කෙටි කතාවක් ලිවීමේදී විශේෂ සැලකිල්ලක් දක්වන්න වෙනවා අරමුණ මුදුන් පමුනුවා ගැනීමේ අභිලාෂය ඉටුකරගන්න. මම ලියන කෙටි කතාවල තියෙන්නෙත් ජීවිත අත්දැකීම් කීවොත් එය නිවැරැදියි. 

 

* ඔබ සාහිත්‍ය ඉසව් කීපයකම සැරිසරනවා. ඒ අතරින් වැඩියෙන් පෙම් බඳින්නේ මොන ඉසව්වටද?

එදිනෙදා ජීවිතයේ මගේ ඇසුරට පත්වන විවිධ පුද්ගලයන් නිසා මම විවිධ ආකාරයේ අත්දැකීම් ලබනවා. අහන දකින සමහර දේවල් හරිම නීරසයි. ඇතැමෙක්ගේ වචන හදවතට පිහිතුඩකින් අනිනවා වගේ වේදනාත්මකයි. සමහර සිද්ධීන් හාස්‍යජනකයි. මේ හැමදේටම නිහඬව ප‍්‍රතිචාර දක්වන්න මම තෝරගත්ත සරලම මාර්ගය තමා ඒ අදහස් සියල්ල ක්ෂණයකින් අකුරු බවට පෙරළීම. ඒ නිසා මම කවියට වැඩියෙන්ම පෙම්කරනවා.   

 

* පිට රටවල පොත් ලිවීම හොඳ ආදායම් මාර්ගයක් කරගත් ලේඛක ලේඛිකාවන් සිටිනවා. ලංකාව හා සැසදීමේ දී ඒ තත්වය ඔබට දැනෙන්නේ කොහොමද?

අකමැත්තෙන් වුණත් සත්‍ය කතා කළ යුතු යි කියල මම හිතනවා. පැරණි කියමනක් තියෙනවා ‘කියවීම මිනිසා සම්පූර්ණ කරයි’ කියලා. අත්දැකීමෙන් මම දන්නවා ශ‍්‍රී ලාංකිකයන්ගෙන් සියයට අනූපහක් පොත පතට ඇල්මක් දක්වන්නේ නැහැ. ඔවුන්ට පොත පතක් කියවන්න වෙලාවක් නැහැ. බාහිර ආටෝපයට, මුදල් පසුපස හඹායාමේ වියරුව නිසා අද සමාජයේ අතළොස්සක් ඇර අනෙක් සියලූ දෙනාම ජීවත් වෙන්නෙ මමත්වයෙන් හිස උදුම්මවාගෙන. ඔවුන්ට කාගෙවත් ගුරුහරුකම් වැඩක් නැහැ. දැනුමෙන් ප‍්‍රයෝජනයක් නැහැ. හොඳම උදාහරණය තමා 2023 ශ‍්‍රී ලංකාවේ සමස්ත ජනගහනය ලක්ෂ 220 වැඩි බව සඳහන් වෙනවා.

ලේඛකයෙක් සිය කෘතියෙන් එකවරකදී මුද්‍රණය කරන්නෙ පිටපත් 500 හෝ 1000 ක්. මෙච්චර ජනගහනයක් ඉන්න රටක ඒ පොත් ටික අලෙවි කරගන්න හැම පොත් සාප්පුවක් ඉදිරියේම ලේඛකයා හෑල්ලූවෙනවා. මෙහෙම ජන කොට්ඨාසයක් ඉන්න රටක පොත් ලිවීම වෘත්තියක් වෙලා නැහැ.ඒක ඛේදවාචකයක් නොවේද?

 



අදහස් (0)

මෙි රටෙි කාටවත් වෘත්තිය ලේඛකයෙක් වෙන්න බැහැ

ඔබේ අදහස් එවන්න

තුරුණු මඬල

සාහිත්‍යයෙන් පිරුණු නාට්‍යය පොත් විකුණන්න අමාරු නැහැ
2024 සැප්තැම්බර් මස 10 16 0

එඩ්වඩ් චන්ද්‍රසිරි නාට්‍ය ලෝකයේ අය පළමුව හඳුනාගන්නේ සාර්ථක නාට්‍ය සංවිධායකවරයකු ලෙසය.ආර්.ආර් සමරකෝන්ගේ ’’ජේලර් උන්නැහේ’’ නාට්‍යයේ සිට ලාංකීය වේදි


මගේ පොත් අත්පිටපත් රැසක් සුනාමියෙන් වැනසුණා
2024 සැප්තැම්බර් මස 03 25 0

ලොව ප්‍රකට ඇමෙරිකානූ මනෝ විද්‍යාඥයකු වන මහාචාර්ය බ්‍රයන්.එල් වයිස්ගේ many Lives many masters නැමති කෘතිය අශෝක කුමාරසිරි නොනිමෙන භව ගමන නමින් සිංහලට පරිවර්තනය කර පා


මෙි රටෙි කාටවත් වෘත්තිය ලේඛකයෙක් වෙන්න බැහැ
2024 අගෝස්තු මස 20 95 0

අයෝමා සමරසිංහ ජීවිතේ සමහර අත්දැකීම් සීරූ මාරුවට නිර්මාණ බවට පෙරළා ගන්නට සමත් වූ ලේඛිකාවකි.ඒ බව ඇය මේ වන විට ඉදිරිපත් කර තිබෙන නිර්මාණ සමුච්චය තුළින් ප


එදා ගිහියන්ට වඩා උගත් යතිවරුන් හිටියා - මහගම සීලානන්ද හිමි
2024 අගෝස්තු මස 13 64 0

අතීතයේ සිටම භික්ෂුව සහ සාහිත්‍ය අතර ඇත්තේ අවියෝජනීය සම්බන්ධයකි.1988 දී ’’සින්දු බින්දු මල්’’ ළමා ගීත සංග්‍රහය එළි දක්වමින් සාහිත්‍යය ක්ෂේත්‍රයට පිවිසෙ


මම සම්මාන බලාගෙන පොත් ලියන්නේ නැහැ
2024 අගෝස්තු මස 06 55 0

රංගන ශිල්පිනියක්, හඬ කැවීම් ශිල්පිනියක්, සහ ලේඛිකාවක් ලෙස මාධ්‍ය ත්‍රිත්වයක ම හැකියාව විහිදුවමින් සිටින කුමුදු කුමාරසිංහ පසුගිය කාලයේ වඩා සමාජ අවධාන


බස මරා පොත් ලියන්න එපා
2024 ජුලි මස 30 73 0

වාසනා බාලසූරිය මෑත පරපුරේ ජනප්‍රිය ලේඛිකාවකි.මේ වන විටත් නවකතා කීපයක්ම පළ කර තිබෙන ඇය ළඟදීම තවත් අලුත් කෘතියක් හරහා පාඨකයා හමුවීමට සූදානම්ය.


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 67 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2131 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 985 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site