විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු වන ප්‍රසාද් පිටිගලආරච්චි දැනට රජයේ සේවයෙන් අයින් වී මහනුවර පුද්ගලික රෝහල්වල සේවය කරයි. මීට අමතරව කවිය ඔහුගේ ප්‍රධාන විනෝදාංශයක් ලෙස සලකා එහි නිරත වේ.
විවේක කාලය කවි පොත් කියවීමටත් ලිවීමටත් යොදවන බව ඔහු පවසයි. දැනට මහනුවර සිට සාහිත්‍යයකරණයේ යෙදී සිටින ප්‍රසාද් සමග ලංකාදීප මතුමහල කළ සංවාදයකි මෙි.
* ඔබ කවියට යොමු වන්නේ මොන කාලයේ ද?
මම කුඩා කාලයේ සිට කවියට ආසක්තයි. මගේ කුඩා කාලය ගෙවුණේ ඒ දවස්වල ඉතාම පිටිසර වූ රත්නපුර දිස්තික්කයේ කලවාන කියන ගමේ. මගේ මවුපියන් දෙදෙනාම සිංහල භාෂාව විෂය ඉගැන්වූ ගුරුවරු. ඔවුන් සමග මම පසුකාලීනවත් තරගෙට කවි කිව්වා. ඒ ආභාසය මට පොඩි කාලයේ දී ඉඳලම ලැබුණා.
මම අවුරුදු 6-17 කාලයේ කුඩා කවි පොතක් රචනා කළා. ඒ දිනවල සිට අද දක්වා කවි රචනා කළත් පොත් ලෙස ප්‍රකාශ කළේ ළඟදී.
*ඔබ පළ කළ කෘති ගැන හැඳින්වීමක් කරන්න.
මම කවි පොත් තුනක් පළ කරලා තියෙනවා.
• බෝසතුන් සහ බෝ සතුන්
• ධම්මපදය සිව්පදයෙන් සහ
• ගමන් සහ ගිමන් ලෙස. ඒ පොත් පාඨකයා ආදරයෙන් වැලඳගෙන තිබෙනවා.
* ඔබ වෛද්‍යවරයෙක්. ඔබ වැනි කාර්ය බහුල අයකුට කවි ලිවීම සඳහා කාලය හොයාගන්න පුළුවන් ද ?
වෛද්‍යවරයෙක් වීම කවි ලියන්න අනුබලයක් මිස බාධාවක් නොවෙයි. ආදිකාලයේ සිටම වෙද්‍යවරුන් කලා කටයුතුවල යෙදිලා තිබෙනවා. ලංකාවේ පමණක් නොව විදේශවල පවා. අන්ටන් චෙකොෆ්, ස්පිට්ල්, විදේශීය වශයෙනුත් ගුණදාස අමරසේකර, කාලෝ ෆොන්සේකා දේශීය වශයෙනුත් උදාහරණ ලෙස දැක්විය හැකියි.
මීට අමතරව බොහෝ ක්ෂේත්‍රත්‍වල (දේශපාලන, ව්‍යාපාරික වැනි ක්ෂේත්‍රවල)වෛද්‍යවරුන් යෙදී සිටිනු දැකිය හැකියි.
මහගමසේකර කියලා තියෙන දෙයක් තමයි සිගරැට් කොලේක දුම්රියේ යන ගමන් ලියන්න ඔහුට කවියක් තියෙනවා කියන එක. දෙවැන්න නම් කවි කියන එක කාලය තිබුණු පළියටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අනුභූතියක් එක්ක එය නිරායාසයෙන් එන දෙයක්. කවියක් හැදීම දරුවෙක් හදනව වගේ වැඩක්. බීජයක් මනසේ පිළිසිඳගෙන එය මෝරන්න ඕනෑ.
*ඔබ කවි ලිවීම සඳහා කවි නිමිති සොයා ගන්නේ කෙසේ ද?
කවි නිමිති හැමවිටම හැම තැනම තිබෙනවා. ඒවා කවි බවට පත් කිරීමේ හැකියාවයි කවියෙක් කරන්නේ. ඒ සඳහා මූලික වශයෙන් ප්‍රතිභාව, ප්‍රඥාව සහ පරිණත භාවයක් අවශ්‍යයි. ප්‍රතිභාව කියන්නේ ජානමය දෙයක්. මට එවැන්නක් ඇත්නම් එය මගේ මවුපියන්ගෙන් ලැබුණා යැයි මම සිතනවා. වෛද්‍යවරයෙක් වීමේදී සියලුම ජාන ස්ථරවල මනසට ඇතුළුවීමේ හැකියාවක් තියෙනවා.
මෙය විශාල වාසියක්. කවියක් යනු සියුම් මිනිස් හැඟීම් සිත් ඇදගන්නා ලෙස ඉදිරිපත් කිරීමයි.
*කවිය ගැන ඔබේ නිර්වචනය?
කවියට මගේ පුද්ගලික නිර්වචනයක් නැහැ. එහෙත් මා පිළිපදින නිර්නායක තිබෙනවා. කවියක් නම් චමත්කාර ජනක විස්මය උපදවනසුලු විය යුතුයි. එය භාවාත්මක (හැඟීම්වලට අමතන) විය යුතුයි. අපූර්ව (පෙර නොදුටු), අව්‍යාජ, සංයමයෙන් යුත් ප්‍රකාශනයක් විය යුතුයි. ජිවිතය පිළිබඳ ප්‍රඥාවක් ඇති කරන්න පුළුවන් නම් හොඳයි. කවියක් බිහිවීමට කවියාගේ මනස මේ නිර්නායකයන්ට සුසර කර තිබිය යුතුයි.
*කවි පොතකින් පිටපත් 250ක් වත් අලෙවිකර ගැනිමට නොහැකි යයි සමහරු චෝදනා කරනවා. ඒ චෝදනාව ඔබත් කරනවා ද?
මෙය හා මා එකඟ වෙනවා. මීට බොහෝ හේතු තිබෙනවා.
සමාජය කවියා හා සවිඥානික වී නැහැ. දේශපාන අධිකාරිත්වය, අධ්‍යාපන ක්‍රමය, පවුල් සංස්ථාව කලා රස වින්දනයට එතරම් තැනක් 1948 සිටම දී නැහැ. කවිය පමණක් හැදෑරීමෙන් රැකියාවක් සපයා ගත නොහැකි සත්‍යය අප අවබෝධ කර ගත යුතුයි.
එසේම කවියට ප්‍රමිතියක් දෙන තැනක් නැහැ. මා සිතන්නේ පළවන බොහෝ කවි පොත් (මාගේ පොත් ඇතුළුව) සංස්කරණය විය යුතු බවයි. සංස්කෘතික අමාත්‍යාංශයෙන් මේ සඳහා පියවර ගත යුතුයි. කවීන්ට මාර්ගෝපදේශයක් දෙන අංශයක් පිහිටුවිය යුතුයි.
ආර්ථික වශයෙන් පිඩාවට පත්ව සිටින සමාජය කවි පොත්වලට ප්‍රමුඛත්වයක් නොදෙයි.
ඕනෑම නිෂ්පාදනයක් ජනතාවට අතරට ගෙනයාමට ක්‍රමවේදයක් ඇත.
නිෂ්පාදනයේ ප්‍රමිතිය, ප්‍රචාරය, මිල සහ පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව මේ අතර වේ. කවි පොත්වල මේ අංශයන්හි පසුබෑමක් තිබෙනවා.
වඩාත්ම වැදගත් දේ වන්නේ විද්‍යාව ආර්ථිකය කෙතරම් දියුණු වුණත් සිතේ සතුට ලබා ගැනීමට අධ්‍යාත්මික දියුණුවක් අවශ්‍ය බවයි. මෙම අධ්‍යාත්මික දියුණුව ලබා ගැනීමට කලාව මහගු පිටිවහලක් වන බව සමාජයට ඒත්තු ගැන්විය යුතුයි.
*සංදේශ කාව්‍ය රචනා කරන කාලය වගේ කවීත්වය තිබෙන පිරිස් අඩු බවට සමහරු චෝදනා කරනවා. ඒ චෝදනාව ඔබත් කරනවා ද?
මම එය හා එකඟ වෙනවා.. එදා තත්වයත් අද තත්වයත් සෑම අතින්ම අහසට පොළොව වගේ. කවිය සඳහා පූර්ණකාලීනව යෙදිය හැකි අය අද නැත. කවිත්වය යනු ප්‍රතිභාවයි. එවැනි කවීන් ද කවි රස විඳින්නන් ද දුලබ බව ප්‍රසිද්ධ වැකියකි. (පෙදෙහි රස හව් විඳිනා දෙනෙතා ඉතා දුලබෝ) අනෙක කාලයත් සමගම සියල්ල වෙනස් වෙනවා සේම කවිය ද වෙනස් විය යුතුයි.
*අනුකරණය සහ අනුගමනය යනු දෙකක්. ඔබටත් ආභාසය ලුබුණු නිර්මාණකරුවන් සිටී ද?
මම බොහෝ කවි පොත් පරිහරණය කරනවා.. මම දන්නා විදියට එවැනි ආභාසයක් නැහැ.. එහෙත් මගේ පොත් බලන අයට මගේ පොත්වල එවැනි ආභාසයක් තිබේ යැයි කිව හැකියි.
*ඔබ කවි ලියන්නේ සම්මාන බලාපොරොත්තුවෙන් ද ? නැතිනම් ජනතා සම්මානය සඳහා ද ?
කිසිදා සම්මානයක් උදෙසා කවි ලියන්න බැහැ. කවියක් යනු හදවත් ප්‍රකාශනයක්. සම්මාන ලැබුණත් නැතත් එය එයමය. එහෙත් විද්වතුන්ට එය වඩා උසස් රචනාවක් ලෙස සකස් කළ හැකියි. . එහෙත් සම්මාන දීම හොඳයි. සම්මානයෙන් කෘතියක් , කෘතියෙන් සම්මානයත් දෙකෙන්ම විනිශ්චය මණ්ඩලයත් බැබළිය හැකි බව මම හිතනවා..
*මේ දිනවල ඔබ යෙදී සිටින අනෙකුත් නිර්මාණ කටයුතු දැනගන්න කැමතියි.
මගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහයේ දෙවන මුද්‍රණය මේ වසරේ එළිදැක්වීමට බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මාගේ සිව්වන කාව්‍ය සංග්‍රහය සඳහා සූදානම් වෙමින් සිටිනවා.
ඇගේ පළමු කාව්‍ය සංග්‍රහය ’’මංගල වීදිය’’ පළවන්නේ 1994 වසරේදීය. ඉන්පසු 2013 දී දෙවැනි කාව්‍ය සංග්‍රහය වන සුබ පෙරනිමිති කෘතිය පළකරන ඇය එම කෘතිය වෙනුවෙන් 2014 කළ
වෘත්තියමය පුවත්පත් කලාවට සමුදුන්නත් කලාව තවමත් ඇගේ තියෙන වග ඔහුගේ නිර්මාණවලින් අපට වටහා ගත හැකිය.
වර්තමානයේ සිනදුවක් දෙකක් ලියා එය ලක්ෂ ගණන්වලට අලෙව් කරනවා යැයි කියන නිර්මාණකරුවෝ අපට හමුවෙති.එසේම දශක ගණනක් පුරා සුභාවිත ගීතයේ උන්නතිය උදෙසා කටයුතු
විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු වන ප්‍රසාද් පිටිගලආරච්චි දැනට රජයේ සේවයෙන් අයින් වී මහනුවර පුද්ගලික රෝහල්වල සේවය කරයි. මීට අමතරව කවිය ඔහුගේ ප්‍රධාන විනෝදා
සචී සේනානායක මවක්, බිරිඳක්, ලෙස යුතුකම් ඉටුකරමින් සිටියත් කුඩා කාලයේ පටන් සිහින දුටුවේ ලේඛිකාවක් ලෙස තමාගේම කෘතියක් පොත් සාප්පුවක රාක්කයක් මත තිබෙනු
කියැවීම ජීවිතය කරගත්තෝ පසුකාලීනව නිරායාසයෙන් ම ලිවීමට පෙලඹෙන්නෝය. දිශනී වීරරත්නද මුල් කාලයේ කියැවීමට තිබු ආසාවේ ප්‍රතිඵලයක් ලෙස පොත් කතුවරියක් බව
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
අද පළවන කවි නැවත සංස්කරණය විය යුතුයි