ගමේ නම ඉදිරියට දමා ගනිමින් තම නාමය සන්නාමයක් කරගත් ලේඛකයෝ, මාධ්‍යවේදීහු බොහෝ දෙනෙක් කලා ක්ෂේත්‍රයේ සිටිති. දූනගහ බටේපොළ විජේසිරි ද ප්‍රාදේශීය මාධ්‍යවේදියකු ලෙස පාඨකයා හඳුනාගන්නේ දීර්ඝ කාලයක් පුරා මාධ්‍යකරණයට ඔහු දැක්වූ අනූපමය දායකත්වය නිසාය.පසුගිය දා දූනගහගේ දෙවැනි කෘතිය වන 'පුවත්පත බලවත්ය' කෘතිය එළිදැක්වීම සිදුවිය.විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් එළිදැක්වුණු එම කෘතිය පිළිබඳව දූනගහ බටේපොළ විජේසිරි මාධ්‍යවේදීයා සමග ලංකාදීප මතු මහල සිදු කළ සංවාදයකි මෙි.
* ඔබේ ලේඛන කලාවේ ආරම්භය 70 දශකයට දිව යනවා. අපි එතැනින් කතාව පටන් ගමු.
මම මුලින්ම පළ කළේ කවි සඟරාවක්. ඒ පොත පළ වූයේ 1977 දී.ඉන්පසු පුවත්පත් කලාවේදියෙක් ලෙස කාර්යබහුල වීම නිසා පොතක් ලියන එක මගෙන් ටිකක් මගහැරුණා.
* පුවත්පත් කලාවට ඔබේ ආගමනය සිදුවෙන්නේ කොහොමද?
මම පුවත්පත් කලාවට පිවිසෙන්නේ 88/89 භීෂණ යුගයේදී. දවස පත්තරයට තමයි මම මුලින්ම පුවත්පත් කලාවේදියෙක් ලෙස සම්බන්ධ වුණේ. එදා සිට අද දක්වා පුවත්පත් කලාවේදියෙක් වගේම සෝදුපත් කියවන්නෙක් ලෙසත් විජය පුවත්පත් ආයතනය තුළ රැකියාව කරනවා.
* 'පුවත්පත බලවත්ය 'වැනි පොතක් රචනා කරන්න කල්පනා කළේ ඇයි?
අපේ රැකියාව විදියට අපි තෝරගෙන තිබෙන්නේ පුවත්පත් කලාව. ඒත් සමහරු කියනවා දැන් පත්තරවලින් වැඩක් නැහැ මිනිස්සු පත්තර කියවන්නේ නැහැ කියලා. මට සමාජයට පෙන්නන්න ඕන වුණේ පත්තරෙන් අපි සමාජයට කළ දේ කොච්චර තිබෙනවද කියලා.මම අතීතයේදී පත්තරෙන් කරපු දේ මේ පොතේ පැහැදිලිව මතක සටහන් විදියට පෙළ ගස්වල තිබෙනවා.
* ඔබේ පත්තර අත්දැකීම් නැවත සිහිපත් කරගැනීමට ආයාසයක් දරන්න සිදුවුණාද ?නැතිනම් පොතක් ලියන්න හිතාගෙනම කරුණු කාලයක් පුරා සටහන් කරගෙන හිටියද?
මම පුවත්පත්වල පළවූ ලිපි එකතු කරගෙන තියාගෙන හිටියා. ඒ වගේම ඒ සිදුවීම් මට නැවත ආවර්ජනය කිරීමත් අපහසු වුණේ නැහැ.ප්‍රාදේශීය මාධ්‍යවේදීන් විදියට අපි මේ සමාජයට ලොකු සේවයක් කරලා තියෙනවා කියලා මේ පොත දිහා ආපහු හැරිලා බැලුවාම මටම තේරුණා.
* ප්‍රාදේශීය මාධ්‍යවේදී භූමිකාව පිළිබඳව ආපසු හැරලා බලනකොට ඔබට මොන වගේ හැඟීමක්ද තිබෙන්නේ?
ලොකු සතුටක් තිබෙනවා ඒ සම්බන්ධව .අපි ප්‍රාදේශීය මාධ්‍යවේදීන් හැමෝම ඒ කාලේ වැඩ කළේ යක්කු වගේ. අපි කාටවත් බය වුණේ නැහැ.සමහර අවස්ථාවල අපි ජීවිත අවදානම් තියාගෙන පවා සමහර ප්‍රවෘත්ති වාර්තා කළා.ඒ අතීතය සිහිපත් වෙද්දී අද ලොකු සතුටක් දැනෙනවා.අපි ඇත්ත ඇති සැටියෙන් වාර්තා කළේ.අපිට අපේ පත්තරේ තමයි අංක එක වුණේ.දැන් වගේ අපි ඒ කාලේ පත්තර කීපයකට ලිව්වේ නැහැ.උදේට හැමදාම ගෙදරින් එළියට බහින අපි හොඳ ප්‍රවෘත්තියක් හම්බුණාම ඒක මුලින්ම අපේ ආයතනයට එවන්න තමයි බලන්නේ.අපේ ප්‍රදේශයේ පුවත් වැඩිපුර පළවීම නිසා අපේ ආයතනවල ලංකාදීප පුවත්පත කියවන්න වෙනමම පිරිසක් පුරුදු වුණා.අපි හැමෝම පත්තර කලාව ගැන ලොකු හැඟීමකින් තමයි ඒ කාලේ වැඩ කළේ.
* එදා මාධ්‍ය කලාව සහ අද මාධ්‍ය කලාව අතර වෙනසක් ඔබ දකිනවද?
වෙනසක් දකිනවා.එදා ප්‍රවෘත්තියක් හොයාගන්න අපි ලොකු කට්ටක් කෑවා.අද මාධ්‍යවේදීන් එකම ප්‍රවෘත්තිය පත්තර හතර පහකටම යවනවා.එදා අපිට මහන්සිවෙලා හොඳ ප්‍රවෘත්ති හොයාගන්න පුළුවන් වුණා.ඒත් අද කාලේ මාධ්‍යවේදීන් එහෙම මහන්සි වෙනවද කියන එක ගැන සැකයක් තිබෙනවා.
* "පුවත්පත බලවත්ය" යන කෘතියට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා.පොත් දොරට වැඩීම ගැනත් ගොඩක් අය සතුටින් කතා කරනවා.එහෙත් සෝදුපත් කියවා නැවත නිවැරැදි කිරීමේ කිරීමේදී සිදුවූ දෝෂයක් මත මගේ හිතේ යම් කනගාටුවක් තිබෙනවා.ඒකට විශේෂයෙන්ම බලපා තිබෙන්නේ මමත් පුවත්පතේ සෝදුපත් කියවන්නෙක් වීමයි.
* පුවත්පතක වගේම කෘතියකත් භාෂාව ඉතාම වැදගත් දෙයක්.පොතක් අංග සම්පූර්ණ වන්නේ භාෂාව නිවැරැදි වුණොත් නේද?
පොතකට නිරවද්‍යතාව, භාෂාව හරිම වැදගත්. පොත පළ වුණාට පස්සේ මම තේරුම් ගත්තු කාරණාව තමයි මට තවදුරටත් මේකෙ හරි වැරදි බැලිය යුතුව තිබුණා කියන එක.
* ඔබ "පුවත්පත බලවත්ය" කියන එකෙන් වෙන අදහසක් ගෙන ඒමට උත්සාහ දරන බවක් පේනවා.ඇත්තටම අද දවසේ පුවත්පත බලවත්ද?
ඇත්තටම පුවත්පත බලවත්.ආකර්ෂණීය පුවතක් ඉදිරිපත් කළාම ඒක පාඨකයාගේ අවධානයට පාත්‍ර වෙනවා.අද ෆේස්බුක්වල මොනතරම් ප්‍රවෘත්ති පළ වුණත් එහි නිරවද්‍යතාව ගැන ගැටලුවක් තිබෙනවා.ඩිජිටල් මාධ්‍යකරණයක් ගැන අපි කොච්චර කතා කළත් අපේ ගම්වලට තාම ඒක හරි හැටි ගිහින් නැහැ.මට තාම පුවත්පත් පුරුද්දක් විදිහට ගන්න අය හමුවෙනවා.
* පුවත්පත බලවත්ය කෘතිය සඳහා දායක වූ පිරිස පිළිබඳවත් අපි කතා කරමු.
පළමුව මගේ පුතා ජීවන පහන් තිළිණ මතක් කළ යුතුයි. ඔහු මාධ්‍ය උගන්වන ගුරුවරයෙක් ලෙසත් කටයුතු කරනවා.ඒ වගේම මගේ පවුලේ අනිත් අයත් මම මතක් කරන්න කැමතියි.එසේම මම රැකියාව කරන ආයතනයේ සියලු දෙනාමත් මම සිහිපත් කරනවා.
* ඉදිරියේ තවත් පොතක් ලියන්න අදහසක් තිබෙනවද?
මම දැනට කවි පොතක් ලියලා තියෙනවා.මැද්දෙපොළ ජයකොඩි මහතා නැතිවුණාම අපි කිව්වේ ඔහු දිව්‍යලෝකෙ ගියා කියලා.එදා අවමංගල උත්සවය වෙනුවෙන් කවිමඩුවකුත් පැවැත්වුණා.එහි කවි කියපු වදාකඩ නවරත්න මහතාත් ඊට පසු කාලයක නැතිවුණා. ඒ දෙන්නා දිව්‍ය ලෝකෙදි හමුවෙලා කතා කරන දේවල් තමයි පරිකල්පනීය කවි විදියට පාඨකයාට මම ඉදිරිපත් කරන්න හිතාගෙන ඉන්නේ.ඉදිරියේදී ඒ කවි පොත පළ කරන්න මම බලාපොරොත්තුවෙන් සිටිනවා.
ඇගේ පළමු කාව්‍ය සංග්‍රහය ’’මංගල වීදිය’’ පළවන්නේ 1994 වසරේදීය. ඉන්පසු 2013 දී දෙවැනි කාව්‍ය සංග්‍රහය වන සුබ පෙරනිමිති කෘතිය පළකරන ඇය එම කෘතිය වෙනුවෙන් 2014 කළ
වෘත්තියමය පුවත්පත් කලාවට සමුදුන්නත් කලාව තවමත් ඇගේ තියෙන වග ඔහුගේ නිර්මාණවලින් අපට වටහා ගත හැකිය.
වර්තමානයේ සිනදුවක් දෙකක් ලියා එය ලක්ෂ ගණන්වලට අලෙව් කරනවා යැයි කියන නිර්මාණකරුවෝ අපට හමුවෙති.එසේම දශක ගණනක් පුරා සුභාවිත ගීතයේ උන්නතිය උදෙසා කටයුතු
විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු වන ප්‍රසාද් පිටිගලආරච්චි දැනට රජයේ සේවයෙන් අයින් වී මහනුවර පුද්ගලික රෝහල්වල සේවය කරයි. මීට අමතරව කවිය ඔහුගේ ප්‍රධාන විනෝදා
සචී සේනානායක මවක්, බිරිඳක්, ලෙස යුතුකම් ඉටුකරමින් සිටියත් කුඩා කාලයේ පටන් සිහින දුටුවේ ලේඛිකාවක් ලෙස තමාගේම කෘතියක් පොත් සාප්පුවක රාක්කයක් මත තිබෙනු
කියැවීම ජීවිතය කරගත්තෝ පසුකාලීනව නිරායාසයෙන් ම ලිවීමට පෙලඹෙන්නෝය. දිශනී වීරරත්නද මුල් කාලයේ කියැවීමට තිබු ආසාවේ ප්‍රතිඵලයක් ලෙස පොත් කතුවරියක් බව
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
අපි ඒ කාලේ වැඩ කළේ යක්කු වගෙ