- කොත්මලේ සිරිසේන -
වෘත්තියමය පුවත්පත් කලාවට සමුදුන්නත් කලාව තවමත් ඇගේ තියෙන වග ඔහුගේ නිර්මාණවලින් අපට වටහා ගත හැකිය. පත්තරයට ආයුබෝවන් කිව්වත් ඔහු තුළ සිටින සාහිත්‍යවේදියාට සමුනොදුන් ඔහු කාව්‍ය කෘති කීපයක්ම පසුගිය කාලයේ පළ කරන්නේ ලිවීම තම ජීවිතය බව පාඨකයාට යළි යළිත් පසක් කරමිනි.ජීවිතය නැවතිලා, හුදෙකලා රාත්‍රිය, සඳ මැකී අහවරයි, ඉරගල වැටුණු පසු ,මග හැරුණු රාත්‍රිය, මැදියම් රැයක් ගෙවුණු වගයි ඔහු රචනා කළ කාව්‍ය,කෙටිකතා,විචාර පොත් වලින් කීපයකි.දශක හතරකටත් වැඩි කාලයක් පුවත්පත් කලාවේදියකු ලෙස සක්‍රීයව කටයුතු කළ කොත්මලේ සිරිසේන මහතා ගුරුවරයකු ලෙස ද කාලයක් කටයුතු කළේය .නිරන්තරයෙන්ම නිර්මාණකරණය සමග කටයුතු කිරීමට කැමැත්තක් දක්වන ඔහු මෙවර ලංකාදීප මතුමහල සාහිත්‍ය අතිරේකය සමග සංවාද ගත විය .
ඔබ දශක ගණනාවක අත්දැකීම් තිබෙන පුවත්පත් කලාවේදියෙක්.එහෙත් පසුගිය කාලයේ කවියට වැඩි නැඹුරුතාවක් දැක්වුවා නේද?
එහෙම විශේෂත්වයක් නැහැ. එහෙත් මට කියන්න තියෙන දේ හොඳටම කියන්න පුළුවන් මාධ්‍ය විදිහට මම විශ්වාස කරන්නේ කවිය.මෑත කාලීනව මම වැඩිපුර කවි පොත් රචනා කළේ ඒ නිසයි. කෙටි කවිය තමයි මගේ ආත්ම ප්‍රකාශනය.
සමහරු කෙටි කවිය දෙස වපරැසින් බලන්නට පෙලඹී තිබෙනවා.එහෙත් ඇතැම් විචාරකයන් කෙටි කවිය අවප්‍රමාණය කරන බවක් පේනවා නේද?
කවිය කියන්නේ නිර්මාණාත්මක දෙයක්.එය වක්‍රාකාරයෙන් කියන්නට සමත්කම තමයි දක්ෂතාවය.සඳැස් , නිසඳැස් ලෙසත් කවිය විවිධාකාරව ඉදිරිපත් කරන්න පුළුවන්.මේ අතරින් කෙටි කවියත් නිර්මාණාත්මක මාධ්‍යයක් ලෙසයි මම සලකන්නේ.පොඩි වචන කීපයකින් දාර්ශනික අගයක් මතු කරන්න කෙටි කවියට පුළුවන්.කවුරු හරි ඒක එහෙම නෙවෙයි කියල කියනවනම් මං ඒ අදහස පිළිගන්නේ නැහැ.
ඔබ ගුරුවරයෙක්, පුවත්පත් කලාවේදියෙක්.ඒ භූමිකා ඔබේ නිර්මාණාත්මක ජීවිතයට බලපෑවේ කොහොමද?
පුංචි කාලේ ඉඳන්ම මට පත්තර උණක් තිබුණා.මොනවා හරි දෙයක් කුරුටු ගාලා පත්තරවලට ලියලා යවන එක මගේ පුරුද්දක්. ඒවා පත්තරවල පළවීමෙන් මම අසීමිත සතුටක් ලැබුවා.මුල් කාලේ පත්තර වලට යවපු සමහර නිර්මාණ පළ වුණා. සමහර ඒවා පළවුණේ නැහැ. එහෙම පළවෙනකොට මට උත්තේජනයක් ආවා දිගටම ලියන්න ඕනේ කියලා.ඔයා අතරේ මම දුටුවා පුහුණු වෙන පුවත්පත් කලාවේදීන් ගන්නවා කියලා දැන්වීමක්. මම ඒකට අයදුම්පතක් යොමු කළා.එතකොට මම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පළවෙනි වසරේ ඉගෙන ගන්නවා.කොහොම හරි මුලින්ම ලිඛිත පරීක්ෂණය සමත් වෙලා නැවත වාචික පරීක්‍ෂණයට එන්න කියලා මට කැඳවීමක් ලැබුණා.ඒකෙනුත් මම තෝර ගත්තට පස්සේ 1980 ජනවාරි තමයි මුලින්ම පුවත්පත් කලාවේදියෙක් විදියට මම සේවයට බැඳුණේ.1990 දවස පුවත්පත් ආයතනය වහනකම්ම මම ඒකෙ වැඩ කළා.ඊට පස්සේ 91 දී මම සති මැද ලංකාදීප පුවත්පතට සම්බන්ධ වුණා.ඉන් පස්සේ 93 දී මම ගුරු වෘත්තියට ගියා.එතන අවුරුදු අටක් වැඩ කරලා නැවත 2000 වසරේ දී ලංකාදීප පුවත්පතට සම්බන්ධ වුණා.පුවත්පත් කලාවේ විවිධ භූමිකා හොබවලා 2022 වසරේ තමයි මම වෘත්තිමය වශයෙන් පුවත්පත් කලාවෙන් සමුගත්තේ.
පුවත්පත් කලාවේ මතක වලිනුත් ඔබ කෘතියක් පළ කළා නේද?
ඒ කෘතියෙන් මම උත්සාහ කළේ මගේ ජීවිත කතාව කියන්න නෙමෙයි.මට වුවමනා වුණේ අසූව දශකයෙ ඉඳන් 2022 දක්වාම පුවත්පත් ඉතිහාසය තුළ මා දුටු සමාජ දේශපාලනමය ඉතිහාසය පාඨකයාට ඉදිරිපත් කරන්නයි.මේ කාලය කියන්නේ ලංකාවේ තීරණාත්මක සිදුවීම් සිදුවුණු වකවානුවක්. විශේෂයෙන්ම කළු ජූලිය, යුද්ධය, පාස්කු ප්‍රහාරය,කොරෝනා ආදී විවිධ දේ මට පත්තරය තුළ සිටින ගමන් දැක ගැනීමට ලැබුණා.ඒ මම අත්විඳපු දේවල් ඓතිහාසිකව වැදගත් වන ආකාරය මගේ පත්තර අත්දැකීම් ඇසුරෙන් පාඨකයාට විස්තර කරන්න තමයි මට වුවමනා වුණේ.
ප්‍රවීණ පුවත්පත් කලාවේදියකු හා ලේඛකයකු විදියට ඔබ නව පරපුරේ නිර්මාණ දෙස බලන්නේ කොහොමද?
අපි නිර්මාණ කළ යුගය හා දැන් තියෙන යුගය සම්පූර්ණයෙන්ම වකවානු දෙකක්. ඒ යුගයේ මේ තරම් තාක්ෂණික දියුණුවක් දක්නට ලැබුණේ නැහැ. අපි පොත පත එක්ක තමයි ජීවත්වුණේ.අද තාක්ෂණික පැත්තෙන් ගත්තොත් හැමදේම දියුණු වෙලා යූටියුබ් අන්තර්ජාලය සමාජ මාධ්‍ය වගේ දේවල් ඉදිරියට ඇවිත් තිබෙනවා. ඒ හරහා විවිධ නිර්මාණත් බිහි වෙනවා.ඒවා පරිශීලනය කරන විශාල පිරිසකුත් බිහි වී සිටිනවා.එහෙත් එතැන අපිට පෙනෙන්නට තිබෙන කාරණය තමයි අන්තර්ගතයට වඩා තාක්ෂණයට වහල් වී සිටින පිරිසක් බිහිවී තිබීම.සමහරු අන්තර්ගතයට වඩා ආකෘතිය වැදගත් කොට සලකන බවක් පේනවා.ඒ අතරේ නව මං සොයාගෙන යන පිරිසකුත් සිටිනවා.කොහොම නමුත් අලුත් පරම්පරාව දෙස අසුබවාදීව බලන්න මම කැමති නැහැ.
කියැවීම තරුණ පරම්පරාවෙන් දුරස් වෙන්න බලපෑවෙත් තාක්ෂණයද?
අපි ඒ කාලේ පත්තරයක් පොතක් කියවන්න ලොකු පිපාසයකින් හිටියේ.අද පත්තර කියවීමෙන් පිරිසක් ඈත් වෙලා.තාක්ෂණය මේකට බලපාලා තිබෙනවා.කියවීමත් තාක්ෂණයට මාරු වුණාට පොතක් පත්තරයක සුවඳ ඒ මාධ්‍යවලින් ලබන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ.අනික තාක්ෂණයට වහල් වීම නිසා පරිකල්පනය අඩුවී තිබෙනවා.අපි ඒ කාලේ අපට දැනුණු දේ කියෙව්වා. ඒව පසුව නිර්මාණ බවට පත්වුණා.අද එවැනි තත්වයක් දක්නට ලැබෙනවා අඩුයි.
මේ දිනවල අලුත් සාහිත්‍ය කටයුතුවල යෙදී සිටිනවද?
මේ දිනවල මම අලුතෙන් පොතක් ලියාගෙන යනවා. ඒක මගේ ළමා කාලයේ මතක පෙළ ගස්වල රචනා කරන පොතක්.අපි ගම්වල ඉඳපු අය විදියට අපි සීමිත සම්පත් එක්ක තමයි ඒ කාලේ ජීවත් වුණේ. අපිට ඒ කාලේ චිත්‍රපටියක් බලන්න යෑම ලේසි වුණේ නැහැ.අපි මොනවා හරි බැලුවනම් බැලුවේ ගමේ පන්සලේන්.රජයේ චිත්‍රපටි අංශයෙන් චිත්‍රපටි පෙන්වන වෑන් ගමට ආවා. එවැනි අත්දැකීම් රාශියක් මට තිබෙනවා. ඒ වගේම පත්තර කලාවේත් රසවත් අත්දැකීම් ගොඩක් තිබෙනවා.ඒව අනාගත පරපුරට දායාද කිරීම වැදගත් බව තමයි මගේ හැඟීම.
ඔබ කාලයක් සක්‍රීයව සිනමා ලේඛනයෙහි යෙදුණා. දැන් ඒක අමතක කරලද?
දැන් සිනමාවත් යම් කඩා වැකීමකට ලක්වෙලා තිබෙන්නේ.ඒකත් එක්ක අපේ උත්තේජනයත් යම් තරමකින් අඩු වුණා.දවස පුවත්පතේ ඉන්න කාලෙ කලා පිටුව කළේ මම.ඒවා ඇසුරු කිරීම එක්ක කලාව ගැන කලාකරුවන් ගැන ලොකු උනන්දුවක් මට ඇතිවුණා.ලියන්නාට හොඳ දැනුමක් තියෙන්න ඕනෑ.කොහොම නමුත් මම කිසිදාක සිනමාව හෝ කලාව ගැන ලියන එක අත්හරින්න සූදානම් නැහැ.මැරෙනකම්ම මම සිනමා ලේඛනයේ යෙදෙනවා.
ඇගේ පළමු කාව්‍ය සංග්‍රහය ’’මංගල වීදිය’’ පළවන්නේ 1994 වසරේදීය. ඉන්පසු 2013 දී දෙවැනි කාව්‍ය සංග්‍රහය වන සුබ පෙරනිමිති කෘතිය පළකරන ඇය එම කෘතිය වෙනුවෙන් 2014 කළ
වෘත්තියමය පුවත්පත් කලාවට සමුදුන්නත් කලාව තවමත් ඇගේ තියෙන වග ඔහුගේ නිර්මාණවලින් අපට වටහා ගත හැකිය.
වර්තමානයේ සිනදුවක් දෙකක් ලියා එය ලක්ෂ ගණන්වලට අලෙව් කරනවා යැයි කියන නිර්මාණකරුවෝ අපට හමුවෙති.එසේම දශක ගණනක් පුරා සුභාවිත ගීතයේ උන්නතිය උදෙසා කටයුතු
විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු වන ප්‍රසාද් පිටිගලආරච්චි දැනට රජයේ සේවයෙන් අයින් වී මහනුවර පුද්ගලික රෝහල්වල සේවය කරයි. මීට අමතරව කවිය ඔහුගේ ප්‍රධාන විනෝදා
සචී සේනානායක මවක්, බිරිඳක්, ලෙස යුතුකම් ඉටුකරමින් සිටියත් කුඩා කාලයේ පටන් සිහින දුටුවේ ලේඛිකාවක් ලෙස තමාගේම කෘතියක් පොත් සාප්පුවක රාක්කයක් මත තිබෙනු
කියැවීම ජීවිතය කරගත්තෝ පසුකාලීනව නිරායාසයෙන් ම ලිවීමට පෙලඹෙන්නෝය. දිශනී වීරරත්නද මුල් කාලයේ කියැවීමට තිබු ආසාවේ ප්‍රතිඵලයක් ලෙස පොත් කතුවරියක් බව
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
තාක්ෂණයට වහල් වුණොත් පරිකල්පනය මොට වෙනවා