කියැවීම ජීවිතය කරගත්තෝ පසුකාලීනව නිරායාසයෙන් ම ලිවීමට පෙලඹෙන්නෝය. දිශනී වීරරත්නද මුල් කාලයේ කියැවීමට තිබු ආසාවේ ප්‍රතිඵලයක් ලෙස පොත් කතුවරියක් බවට පත්වූවාය. ඇය මේ වන විට මහ කිකිළි හා ගෝබී නමින් කෘති දෙකක්ම පළ කර හමාරය.ඊට අමතරව ප්‍රවීණ ලේඛිකාවක හා ඇගේ තිබූ ඇසුරද තමා ලේඛිකාවක බවට පත්කළ බව ඇය කියන්නීය.ලංකාදීප මතුමහල සමග මේ සම්මුඛ වන්නේ ඇය පියවරෙන් පියවර පැමිණි සාහිත්‍ය ගමන පිළිබදවය.අපි ඇයට සවන් දෙමු.
* කෝබි ඔබේ අලුත්ම කෘතිය.ඒක නව කතාවක්ද?යොවුන් කතාවක්ද?ඔබේ ඉලක්කගත පාඨකයා කවුද?
යොවුන් කතාවක් කියලා වර්ග කරන්න පුළුවන්.හැබැයි ඉතින් සාහිත්‍ය කෘතියක් රස විඳින්න වයස් භේදයක් නැහැ.වයසින් මුහුකුරා ගිය කෙනකුට වුණත් සිබිල් ගේ ළමා පොතක් බලලා වින්දනයක් ලබන්න බැරි කමක් නැහැ.සමහරු වයසට ගියත් කාටූන් බලන්න ආසයි.අන්න ඒ වගේ.
ඇත්තෙන්ම මම යම් වයස් කාණ්ඩයක පාඨකයෙක් ඉලක්ක කරගෙන ලිව්වේ නැහැ.මට ලියන්න තියෙන දේ ලිව්වා.ඕන වයසක කෙනෙක්ට කියැවීමට විවෘතයි.
* කෝබි කෘතියට කලින්, ඔබේ පළමු කෘතිය වන 2021 දී පළ කළ "මහ කිකිළි" පිළිබදව දැන ගැනීමට කැමතියි.
ඒ මගේ බාල කාලේ ගමේ ගත කළ ජීවිතයේ යම් ආංශු මාත්‍රයක් කිව්වොත් හරි.කුකුළු පැටවුන් තුන්දෙනෙක් වටා ඒ කතාව ගොඩ නැගෙන්නේ.සුරස ප්‍රකාශනයක් විදියට පළවුණු ඒ පොත මේ වන විට සියල්ල විකිණී හමාරයි.ඇත්තෙන්ම කෝබිට වඩා "මහ කිකිළි "සන්දර්භය සම්පූර්ණයෙන් වෙනස්.ටිකෙන් ටික අපෙන් ගිලිහෙන ගම ,එහි සුන්දරත්වය යම් පමණකට ගෙනහැර පාන්න මහ කිකිළි සමත් වුණා කියලා මට විශ්වාසයක් තියෙනවා.
* ලේඛිකාවක් වීමට පුංචි කාලයේ ඉදලා සිහින දුටවාද?
කොහෙත්ම නෑ. ලේඛිකාවක් වීම අහම්බයක්.මම උසස් අධ්‍යාපනය පවා හැදෑරුවේ වාණිජ අංශයෙන්.සාහිත්‍ය කලාව ගැන මෙලෝ හසරක හැඟීමක් තිබුණු කෙනෙක් නෙමෙයි.අපේ පහළ ගෙදර ඉන්නේ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ ගුරුවරියක මෙන්ම මේ වන විට පූර්ණ කාලීන ලේඛන කලාවේ නිරත ඉන්ද්‍රා පුෂ්පානි ජයවර්ධන ගුරුතුමිය.ඈ ලියන කවි කතන්දර සාහිත්‍ය පොත පතේ අත්පිටපත් මට කියවන්න දෙනවා.සමහර විට ඒවා ටයිප් කරලා දෙන්නැයි කියනවා.ඔය සාහිත ඇසුර නිසා මටත් ලියන්න ආසාවක් ඇති වුණා. දවසක් මම ඇයට කිව්වා සමනලයෙක් ගැන හරි පොත් පිංචක් ලියන්න ආසයි කියලා.ඈ ඉතාමත් සතුටු වෙලා ටිකෙන් ටික මම ලියන්නියක කළා. ඒ විදියට මට නොතිබිච්ච සිහිනයක් පැළ කළේ ඇය.
*කෝබි යනු උපාධිධාරී ධනවත් බල්ලෙක්.එවැනි චරිතයක් ආශ්‍රයෙන් කෘතියක් රචනා කරන්න හිතුවේ ඇයි?
කෝබි කියන්නේ ඕස්ට්‍රේලියාවේ සිටින මගේ අක්කගේ සුරතලා. කෝබි ඒ ගෙදරට ගෙනාපු දවසේ ඉඳන් විස්තර අපිට කියනවනේ.ඒ සැප ලංකාවෙ දරුවෙකුටවත් නොලැබෙන තරම්.ලංකාවේ බල්ලො පැත්තකින් තියමු,බත් කටක් නොලැබෙන වීදි දරුවන් කොච්චර ඉන්නවද? අනෙක එහේ බල්ලෙක් ඇති දැඩි කරන හැටි අධ්‍යාපන ආයතනයකට එක්කගෙන ගිහින් කන්න බොන්න බුරන්න උගන්නන හැටි , අන්තිමේ ඒ පාඨමාලාව සාර්ථකව අවසන් කළාම උපාධියක් වගේ ඔළුවට තොප්පියක් දාලා අධ්‍යාපනය හැදෑරූ බල්ලෙක් කියලා සහතිකයක් දෙන හැටි ලංකාවට අලුත් අත්දැකීමක්. ඒ අත්දැකීමත් මට බෙදා හදා ගන්න වුවමනා වුණා.
*මේ කෘතිය සමග ඔබ කොපමණ කාලයක් ගත කළාද? මේ වන විට පාඨකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාරය කොහොමද?
ඇත්තෙන්ම කාලයක් තිස්සේ මේ පොතේ සැලසුම මගේ හිතේ ඇඳිලා තිබුණේ.ඒක අකුරු කරන්න නම් ලොකු කාලයක් ගත වුණේ නැහැ.මාසෙකින් විතර ඔක්කොම වැඩ ඉවර කරගන්න පුළුවන් වුණා. පොත බලපු ගොඩක් අය කියන්නේ අලුත් අත්දැකීමක් බවයි.වයස් භේදයක් නැතිව රස විඳින්න පුළුවන්කම තියෙන බවත් ගොඩක් අය කියනවා.තාම පොත පිටවෙලා සතියක් වගේ.තව ඉස්සරහට තමයි වැඩිපුර පාඨක ප්‍රතිචාර ලැබෙන්නේ.
*මේ කෘතිය ඔබ පළ කරන්නේ සූරිය ප්‍රකාශනයක් ලෙසයි.පළමු කෘතියත් සුරස ප්‍රකාශනයක් ලෙස පළ වුණා.ලේඛිකාවක් ලෙස ඒ ගැන මොකද හිතන්නේ?
මගේ පළමු පොත වන "මහ කිකිළි" ප්‍රකාශයට පත් කළ සුරස ආයතනයටත්, කෝබි ප්‍රකාශයට පත් කළ සූරිය ප්‍රකාශන ආයතනයටත් ස්තූති කළ යුතුයි.
ඇත්තෙන්ම සූරිය පොතක් විදිහට කෝබි ප්‍රකාශයට පත් කරගන්න ලැබීම වාසනාවක් විදියටයි මම දකින්නේ.ඒක හරි අපූරු කතාවක්.සූරිය ප්‍රකාශන අධිපති අතුල ජයකොඩි මහතා සමග කිසිදු පෙර හැඳුනුම්කමක් මගේ තිබුණේ නැහැ.මම නිකමට අත්පිටපත අරගෙන සූරිය ප්‍රකාශන ආයතනයට ගියා.
අත් පිටපත උඩින් පල්ලෙන් බලපු අතුල ජයකොඩි මහත්තයා කියවලා බලලා සති දෙකකින් දැනුම් දෙන්නම් කියලා කිව්වා.මරදානේ ඉඳන් කිලෝමීටර් දෙකක් ඔබ්බෙන් තියෙන නිවසට ඇවිත් පැයක් ගතවෙන්නත් කලින් මට කෝල් එකක් එනවා.
" මම අතුල ජයකොඩි, හරිම ලස්සන කතාවක්,අපි මේ පොත ගහමු,මගේ නෝනත් පොත එක හුස්මට කියෙව්වා කියල දුරකතන ඇමතුමෙන් කියැවුණා. මට අදහා ගන්න බැරි වුණා. ඊට පස්සේ සති දෙකක් ඇතුළත පොත පිට වුණා. සූරිය පොත් කියන්නේ ගුණාත්මක පොත් කියල සමාජයේ මතයක් තියෙනවා. මට ඒ කුලකයට ඇතුළු වෙන්න ලැබීම ඇත්තටම සතුටක්.
මගේ පොත් දෙකේම පිට කවර නිර්මාණය කළේ ප්‍රවීණ ග්‍රැෆික් නිර්මාණවේදී නිමල් ජයශාන්ත.ඔහුටත් ස්තුතියක් පළ කළ යුතුයි.
*පොත් කියවීම සමාජයෙන් ඈත්වෙමින් යනවා යැයි සමහරු පවසනවා.යොවුන් ලේඛිකාවක් විදියට ඒ ගැන අදහසක් තියෙනවද?
අධ්‍යාපනයේ තියෙන තරගකාරී බව දරුවන් පොත් කියැවීමෙන් ඈත් කරනවා කියලා මටත් හිතෙනවා.ජංගම දුරකතනයත් පොත දරුවාගේ අතින් ඈත් කරන්නට ඒක හේතුවක්.දවසින් දවස සංකීර්ණ වන මේ ප්‍රශ්නවලට විසඳුමකුත් පේන තෙක් මානයේ නැහැ.
*පාඨකයා ආකර්ශනය කර ගන්න ලේඛිකාවක් විදියට ඔබ යොදා ගත් උපක්‍රම මොනවාද?
මම කෝබි ලියන්න භාවිත කළේ ඉතා සරල භාෂා ශෛලියක්.කොහොමත් දැන් මිනිස්සු අපබ්‍රංශ ලේඛන ක්‍රම කියවන්න කැමති නෑ.කියවන මිනිස්සුත් කියවන්නේ හැල්මේ දුවන ගමන් හති අරින්න පොඩ්ඩක් නැවතුණු ඉසඹුවක.
*ලංකාවේ මේ මොහොතේ පවතින සාහිත්‍ය කලාව පිළිබද ඔබේ අදහස කුමක්ද?
මිනිසුන්ට සාහිත්‍ය කලාව ගැන ප්‍රබෝධය අඩු වෙලා වගේ එකක් මට දැනෙනවා.සාහිත්‍ය කියවීමට වඩා ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යවලට ලැදියාව වැඩිවෙලා වගෙත් දැනෙනවා.මිනිස්සු ඉන්නේ බඩගින්නේ.බඩගින්න නිවිච්ච දවසක මිනිස්සු ආපහු කියවන්න පෙලඹේවි.
*කාන්තාවන් බොහොමයක් අද වන විට සාහිත්‍ය කලා කටයුතුවල යෙදී සිටිනවා.ලංකාවේ සිටින ඔබ ප්‍රියකරන කාන්තා ලේඛිකාවන් කවුද?
මා සාහිත්‍ය කලාවට පෙළඹවූ ඉන්ද්‍රා පුෂ්පානි ජයවර්ධනගේ පොත පත මම ආසාවෙන් කියෙව්වා. දැනට ජීවතුන් අතර නැති වුණත් සිබිල් ගේ සරල ලේඛන වහරට මම කැමතියි.
ළමයින්ට ලිවීම මොන තරම් අභියෝගයක්ද?ඒ අභියෝගය ජය ගත්තා යැයි සිතනවාද?
මේක තනිකරම ළමයින් උදෙසාම ලියවුණු පොතක් නෙමෙයි. දරුවන් උදෙසා නිවීමේදී ඔවුන්ගේ කුඩා මනස ගැන මනා පරිචයක් තිබිය යුතුයි. ඒක හරි පරිස්සමෙන් කරන්න ඕන දෙයක්.ඔවුන්ගේ වැඩෙන මනසට අප කියන දේ සෘජුවම බලපානවා.ඒ නිසා දරුවන්ට ලිවීම සෙල්ලමක් නෙමෙයි.ඒක මනෝ විද්‍යාත්මකව ප්‍රගුණ කළ යුතු ලියවිල්ලක්.කෝබිට ලැබෙන ප්‍රතිචාර අනුව මම සාර්ථක වී ඇතැයි දැනෙනවා.
ඇගේ පළමු කාව්‍ය සංග්‍රහය ’’මංගල වීදිය’’ පළවන්නේ 1994 වසරේදීය. ඉන්පසු 2013 දී දෙවැනි කාව්‍ය සංග්‍රහය වන සුබ පෙරනිමිති කෘතිය පළකරන ඇය එම කෘතිය වෙනුවෙන් 2014 කළ
වෘත්තියමය පුවත්පත් කලාවට සමුදුන්නත් කලාව තවමත් ඇගේ තියෙන වග ඔහුගේ නිර්මාණවලින් අපට වටහා ගත හැකිය.
වර්තමානයේ සිනදුවක් දෙකක් ලියා එය ලක්ෂ ගණන්වලට අලෙව් කරනවා යැයි කියන නිර්මාණකරුවෝ අපට හමුවෙති.එසේම දශක ගණනක් පුරා සුභාවිත ගීතයේ උන්නතිය උදෙසා කටයුතු
විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු වන ප්‍රසාද් පිටිගලආරච්චි දැනට රජයේ සේවයෙන් අයින් වී මහනුවර පුද්ගලික රෝහල්වල සේවය කරයි. මීට අමතරව කවිය ඔහුගේ ප්‍රධාන විනෝදා
සචී සේනානායක මවක්, බිරිඳක්, ලෙස යුතුකම් ඉටුකරමින් සිටියත් කුඩා කාලයේ පටන් සිහින දුටුවේ ලේඛිකාවක් ලෙස තමාගේම කෘතියක් පොත් සාප්පුවක රාක්කයක් මත තිබෙනු
කියැවීම ජීවිතය කරගත්තෝ පසුකාලීනව නිරායාසයෙන් ම ලිවීමට පෙලඹෙන්නෝය. දිශනී වීරරත්නද මුල් කාලයේ කියැවීමට තිබු ආසාවේ ප්‍රතිඵලයක් ලෙස පොත් කතුවරියක් බව
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
පිටරට බල්ලොත් උපාධි ගන්නවා - දිශනී වීරරත්න