IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


බස මරා පොත් ලියන්න එපා

තුරුණු මඬල - 17

 


වාසනා බාලසූරිය මෑත පරපුරේ ජනප්‍රිය ලේඛිකාවකි.මේ වන විටත් නවකතා කීපයක්ම පළ කර තිබෙන ඇය ළඟදීම තවත් අලුත් කෘතියක් හරහා පාඨකයා හමුවීමට සූදානම්ය. ඇය ලේඛිකාවකට අමතරව රංගන ශිල්පිනියක් ලෙස ද කටයුතු කරන්නීය.ලංකාදීප මතුමහල සාහිත්‍ය අතිරේකයේ තුරුණු මඬල මෙවර වෙන් වන්නේ ඇය වෙනුවෙනි.


වාසනාගේ අලුත් පොතක් ළගදීම නිකුත් වීමට නියමිතයි.ඒක සැප්තැම්බරයේ සාහිත්‍ය කලබලය වෙනුවෙන් කලබලයට එළිදක්වන පොතක්ද? නැතිනම් කල් යල් බලා  රචනා කළ එකක්ද?

කලබලයට පොත් එළිදැක්වීම මගේ ක්‍රමය නෙවෙයි.  මොකද මට අවුරුදු දෙක තුනක්ම පොතක් කරන්න බැරි වුණා . මගේ තුන්වැනි පොත ප්‍රකාශනයට පත් කරන ප්‍රකාශන ආයතනය මගෙන් පසුගිය  වකවානුවේදී  නවකතාවක  පිටපතක් ඉල්ලා සිටියත් එයට මගෙන් උද්යෝගිමත් පිළිතුරක් ඔවුන්ට ලැබුණේ නැහැ  . ඉතින් කල්යල් බලා රචනය කරමින් මගේ ජීවිතේට සුදුසුම අවස්ථාව ආවම මගේ තුන්වැනි පොත මෙලෙස  එළිදැක්වීමට  තීරණය කළා .

 

වාසනා ලියපු පොත් අතරින් වාසනාට වාසනාව ගෙනාපු පොත විදියට  සලකන පොත කුමක්ද?

ඔව් සමහර විට මේ ළඟදීම එළිදැක්වීමට නියමිත අලුත්ම ඔබ කියන  පොත වෙන්න පුළුවන්. ආරක්ෂාව,  දයාව, විශ්වාසය , අවබෝධය , ගරුත්වය ,  මේ සියල්ලද ආදරය තුළ තිබිය යුතුයි. ආදරය යනු හුදෙක් මෘදු හැඟීමක්. එය රළු වූ කල කුටුම්බ ජීවිතයක සිර වී සිටින  පතිනියකගේ දෑසට  දුක් කඳුළු  උනන හේතුවක් විය හැකියි . ඉතින් මම මගේ මීළඟ කතා පොතෙන් කතා කරන්නේ   දුක් කඳුළු ඉවත ලා දැඩි අධිෂ්ඨානයත් ධෛර්ය සම්පන්න බවත් මානුෂීය හැඟුම් එකතු වූ ආදරයත් එකට මිටි කර ගනිමින් දිහිරියෙන් ජීවිතය ජය ගන්නා ගැහැනියකගේ කතාවක්.ඒ කෘතිය මගේ වැඩිම පාඨක ආකර්ශනය ලබන පොත වේවී. 

 

පසුගියදා කරන ලද සමීක්ෂණයකින් හෙළි වුණේ ලංකාවේ වැඩියෙන්ම නිකුත් වන්නේ නවකතා බවයි.මේ තරම් නවකතා ප්‍රමාණයක් පළ වීමට හේතුව කුමක් කියලද ඔබ හිතන්නේ?

මං හිතන්නේ කරුණාසේන ජයලත් මහත්මයාගේ ගොළු හදවත ලියවුණු දා පටන් ලේඛන ක්ෂේත්‍රයේ වැඩිම ඉල්ලීමක් ඇත්තේ නවකතාවට   බවයි. නවකතාවකින් මිනිසාගේ මනස සැහැල්ලු කරන හේතු කාරණා බොහෝ තිබෙනවා . ඇත්තටම කිව්වොත් සමහර පාඨකයන් පොත් ඇතුළේ තියෙන චරිත පවා ඔවුන්ගෙ කරගන්නවා. වීරයන් බවට පත් කරගන්නවා. මෙහෙම වෙන්නෙ නවකතා පොත් වගේම ඔවුන්ට ඒ චරිතත් තමන්ගෙ වගේ දැනෙන නිසා වෙන්න පුළුවන් . අනෙක මානසික පීඩනය වැනි දේකට වුවත් නවකතා පොතක් කියවීම ඒ පීඩනය අමතක කරන්නට සුව වෙන්නට තරම් හොඳ ඔසුවක්ද විය හැකියි. 

 

ඔබ පොතක් රචනා කරන විට වඩාත්ම සැලකිල්ලට ගන්නේ පොතේ පිට කවරය ගැනද? එහෙම නැත්නම් අන්තර්ගතය ගැනද?

මෙහෙමයි . අපි පොතට කලින් හැමදාමත් පිටකවරය බැලුවේ කියලා  කිව්වට ඇත්තම කතාව පොතක් එක් ක්ෂණයකින් ඇස ගැටෙන්නට ඇස ඇදගන්නට මූලිකම හේතුව වෙන්නෙ පොතේ පිටකවරය. ඒ නිසා ඒක වැදගත් නැහැ කියන්න බැහැ. එහෙත් ඒ වගේම පොතට ඇතුළත් කතාවෙ අන්තර්ගතය ද වැදගත් . අර්ථවත් කතාවකට අර්ථවත් ගණයේ පිටකවරයක් කියන්නෙ පොතේ වටිනාකම නියම කරන මිලටත් වඩා වැඩි වටිනාකමක් දෙන්නක්.  මට නම් පොතේ අන්තර්ගතය වගේම පිටකවරයත් වැදගත් . 

 

අද  පළ වන සමහර  නවකතාවල අක්ෂර වින්‍යාස  දෝෂ ඉතා බහුලව දක්නට ලැබෙනවා.නවකතාවකට හෝ ඕනෑම කලා නිර්මාණයකට සෝදුපත් බැලීම යන කාරණාව මොනතරම් වැදගත්ද.?

අනිවාර්යයෙන් සෝදුපත් බැලීම අනිවාර්ය කටයුත්තක්. මොකද  අක්ෂර වින්‍යාස දොස් සහිත කෘතීන් මගින් වෙන්නෙ යම් නොදන්නා අක්ෂරයක් වුවත් වැරදි ලිවීමක් ඇතුළේ එය නිවැරැදි එකක් බවට පත් වීමයි. එයින් සිංහල භාෂාව බෙල්ල මිරිකගෙනම මැරෙන තත්වයක් එනවා . අපිට සිංහල භාෂාවෙ වචන ඕනෙ තරම් තියෙනවා . සෝදුපත් නොබලා පොතක් කරද්දී  තමන්ගෙ මව් භාෂාව විකෘති වෙනවා විතරක් නෙවෙයි තමන් ලිවීමෙහි අදක්ෂයෙක් යැයි සමහරු හංවඩු ගහනවා. ඉතිං මෙච්චර සිංහල භාෂාවෙ වචන තියෙද්දි එහෙම අක්ෂර වින්‍යාසය වැරදියට ලියන්නෙ ඇයි කියල හිතෙනවා. සමහරු සෝදුපත් නොබලා පොතක් එළිදක්වන්නෙත් ඇයිද කියලා සමහර වෙලාවට මට ගැටලුවක් .

 

ඔබ රංගන ශිල්පිනියක් ලෙසත් කටයුතු කරන කෙනෙක්.ගෙදර වැඩ දරුවගේ වැඩ අතරේ  පොත්පත් කිහිපයක්ම ඔබ පළ කරලා තිබෙනවා.ලියන්න වෙලාව හොයා ගන්නේ කොහොමද? 

මේ දවස්වල රංගන ශිල්පිනියයි ලේඛිකාවයි කියන දෙන්නම තාවකාලිකව නිවාඩු ගිහින් ඉන්නෙ . බබා ලැබෙන්න ඉදිද්දි ලිව්වා මිසක් බබා ලැබුණට පස්සෙ තාම ලියන්න බැරි වුණා  . එහෙත් ඔබ අහපු ප්‍රශ්නෙට හරිම පිළිතුරු දෙන්න පුළුවන් තව ඉස්සරහට . එතකොට ඉතිං දරුවා වගේම  අනෙක් කටයුතුත් කළමනාකරණය කරගෙන හොඳ අවබෝධයකින් රංගන ශිල්පිනියක් හැටියටත් ලේඛිකාවක් හැටියටත් , ආදරණීය අම්මා කෙනෙක් හැටියටත්  මේ ජීවන ගමන නිමාවෙනතුරුම යන්නයි මගේ බලාපොරොත්තුව . 

 

කෙනෙක් ජීවිතය ලබන අත්දැකීම් නිර්මාණ සඳහා වස්තු බීජ සපයා ගැනීමේදී මොනතරම් වැදගත් වෙනවද?අත්දැකීම් මදිකම සමහර නිර්මාණ වලින් පේන්න තියෙනවා නේද.?

මෙහෙමයි එක එක්කෙනාට ලැබෙන අත්දැකීම් සහ අත්විඳීම් විවිධාකාරයි. අත්දැකීම් සහ අත්විඳීම් නිර්මාණ සදහා වස්තුබීජයක් කර ගැනීමේදී ලොකු රුකුලක් ලබා දෙනවා. මගෙ පළවෙනි පොතත් , දැන් එන්න තියෙන පොතත් එවන් අත්දැකීම් සහ අත්විඳීම් අතර ලියවුණු කතා . කෙනෙකුට ලියන්න අත්දැකීම් අවශ්‍යමයි කියලා නැහැ . හොඳ මනෝම පරිකල්පන ශක්තියක් ඇති ලේඛකයකුට ලේඛිකාවකට. අනුන්ගේ අත්දැකීමක් වුණත් තමන්ගෙ වගේ ලියන්න හැකියාවක් තියෙනවා . ඉතිං මං හිතන්නෙ නෑ ඔබ ඔය කියන විදිහට අත්දැකීම් මදිකමක් පොත්වලින් පේනවා කියලා . මොකද පොතක් ලියද්දි අත්දැකීම් මතම ලියන්න ඕනෙ කියලා නියමයක් නැහැ . ඒ වගේම තමයි සමහරුන්ට තමන් අත්දැකපු දේ ඒ විදිහටම ලියන්න ඕනෑ . එහෙම අවස්ථාවල ලියන්න සිංහල භාෂාවෙ කොච්චර වචන තිබුණත් ලියන්නෙ තමන් අත්දැකපු දේ අමු අමුවෙ. එහෙම ඒවා නම් අත්දැකීම් නැතුව ලියන එක එහෙම අයට හොඳයි කියලා හිතෙනවා. 

 

ඔබ සමාජ මාධ්‍ය තුළත් නවකතා ලියන කෙනෙක්.සමාජ මාධ්‍යයේ නවකතා කියවන පාඨකයන් ඇයි නැවත පොතක් විදිහට එය මිලදී ගත යුත්තේ?

ඒක ඉතිං නියමයක් හරි අනිවාර්යය දෙයක් හරි නෙවෙයි .එහෙත් ලේඛකයකු හෝ ලේඛිකාවක බලාපොරොත්තු වෙනවා තමන් ලියන කතාවට සාධාරණ විනිශ්චයක් අදහස්වලින් දෙනවා වගේම එය පොතක් වුණාට පස්සෙත් ගනිවි කියලා . හැබැයි සමහර පාඨකයන් ඉන්නවා සමාජ මාධ්‍යයේ කතාව නොකියෙව්වත් ලියන ලේඛිකාව හෝ ලේඛකයාගේ ලිවීමේ විශ්වාසයෙන් පොත බයක් නැතුවම ගන්න. තවත් කොටසක් ඉන්නවා එම කතාවෙ චරිතවලට ඇලුම් කරමින් ඒ චරිතෙ ඇතුළත් පොත මගේ කරගන්නවා කියන අදහස් ඇතුව. ඒකෙන් පේනවා පාඨකයන් විවිධයි කියලා . එහෙම නැත්නම් ලේඛකයා උනන්දු කරවන අදහසින් වුණත් පොතක් ගන්න පුළුවන් . ඔය කොයි ආකාරයෙන් වුණත් අන්තිමට කියන්න තියෙන්නේ පොත් කියවන්න කැමති පොත්වලට ආදරේ කරන අය කොහොමත් පොත් ගන්නවා කියලා .

 

ඔබේ නවකතාවල පිටකවර ඉතාම ආකර්ෂණීයයි අපි ඒ ගැනත් ටිකක් කතා කරමු.එකම ශිල්පියෙක්ද ඒවා නිර්මාණය කළේ.?

මං දැනට මුද්‍රිත මාධ්‍යයට එකතු කරලා තියෙන්නේ පොත් දෙකයි. එයින් මුල් පොතේ කංචුකය නිර්මාණය කළේ ඇලානා මදුරාගොඩ . ඇලානා මදුරාගොඩ  මගෙ පළවෙනි පොතේ කංචුකය කරද්දී පොත් ක්ෂේත්‍රයේ කාගෙවත් කංචුක නිර්මාණය කරලා තිබුණේ නැහැ . ඒක මගේ පළවෙනි පොත වගේම එයාගෙත් පළවෙනි කංචුකය . ඒ වගේම මගේ දෙවැනි පොතේ කංචුකය නිර්මාණය කළේ නලින් පීරිස්  . ඔහු ලේඛකයකු මෙන්ම කංචුක නිර්මාණය කරන කෙනෙක් ඒ වෙද්දිත්. 

 

ඔබ ලියූ නවකතා කීපයටම ආදරය තේමා කරගෙන ඇති බව පේනවා. එතනින් පිට පැනලා වෙනත් තේමාවක් හෝ වෙනත් ශානරයක් ස්පර්ශ කරන්න ඔබ කැමති නැද්ද.? 

ඔබගේ ප්‍රශ්නයෙන් මට පිට පිළිතුරු දෙන්න වෙනවා. මං ආදරේම තේමා කරන් ලියලා නැහැ . හැබැයි ආදරේ නැතුවමත් නෙවෙයි .එහෙත් දැනට ලියවුණු පොත් දෙකයි එන්න තියෙන පොතයි අන්තර්ගතය වෙනස් වගේම ආදරය සොයාගෙන යන විදිහත් වෙනස් . පළවෙනි පොතෙන් කියන්නෙ ජීවිතයම ජය ගත්ත ගෑනු ළමයෙක් ගැන. ඇය මේ කතාවෙ ඉගෙන ගැනීම ජීවිතයට කොච්චර වැදගත් ද කියලා පෙන්වනවා. ඒ වගේම එහි ඇයට අභියෝගයක් තියෙනවා ඒ තමයි පීතෘත්වය සොයාගෙන යාම. සිය තුරුණු ප්‍රේමය විතරක් නෙවෙයි  පිය සෙනෙහසත් මගෙ පළවෙනි පොතේ  අභියෝගයක් කරලා තියෙනවා . දෙවැනි පොතේ කතා කරන්නෙ යම් කෙනෙක් සතුට හොයාගෙන යන විදිහ. එහෙත් අවසානෙට එයත් අමුතුම ආකාරයේ ආදරයක් බවට පත් වෙනවා. ආදරණීයව ආදරේ බෙදන මිනිස්සුන්ට සතුටත්   හරි ළගයි  කියලා තමයි කියන්න ඕනෑ.

 



අදහස් (0)

බස මරා පොත් ලියන්න එපා

ඔබේ අදහස් එවන්න

තුරුණු මඬල

මගේ පොත් අත්පිටපත් රැසක් සුනාමියෙන් වැනසුණා
2024 සැප්තැම්බර් මස 03 23 0

ලොව ප්‍රකට ඇමෙරිකානූ මනෝ විද්‍යාඥයකු වන මහාචාර්ය බ්‍රයන්.එල් වයිස්ගේ many Lives many masters නැමති කෘතිය අශෝක කුමාරසිරි නොනිමෙන භව ගමන නමින් සිංහලට පරිවර්තනය කර පා


මෙි රටෙි කාටවත් වෘත්තිය ලේඛකයෙක් වෙන්න බැහැ
2024 අගෝස්තු මස 20 85 0

අයෝමා සමරසිංහ ජීවිතේ සමහර අත්දැකීම් සීරූ මාරුවට නිර්මාණ බවට පෙරළා ගන්නට සමත් වූ ලේඛිකාවකි.ඒ බව ඇය මේ වන විට ඉදිරිපත් කර තිබෙන නිර්මාණ සමුච්චය තුළින් ප


එදා ගිහියන්ට වඩා උගත් යතිවරුන් හිටියා - මහගම සීලානන්ද හිමි
2024 අගෝස්තු මස 13 62 0

අතීතයේ සිටම භික්ෂුව සහ සාහිත්‍ය අතර ඇත්තේ අවියෝජනීය සම්බන්ධයකි.1988 දී ’’සින්දු බින්දු මල්’’ ළමා ගීත සංග්‍රහය එළි දක්වමින් සාහිත්‍යය ක්ෂේත්‍රයට පිවිසෙ


මම සම්මාන බලාගෙන පොත් ලියන්නේ නැහැ
2024 අගෝස්තු මස 06 54 0

රංගන ශිල්පිනියක්, හඬ කැවීම් ශිල්පිනියක්, සහ ලේඛිකාවක් ලෙස මාධ්‍ය ත්‍රිත්වයක ම හැකියාව විහිදුවමින් සිටින කුමුදු කුමාරසිංහ පසුගිය කාලයේ වඩා සමාජ අවධාන


බස මරා පොත් ලියන්න එපා
2024 ජුලි මස 30 73 0

වාසනා බාලසූරිය මෑත පරපුරේ ජනප්‍රිය ලේඛිකාවකි.මේ වන විටත් නවකතා කීපයක්ම පළ කර තිබෙන ඇය ළඟදීම තවත් අලුත් කෘතියක් හරහා පාඨකයා හමුවීමට සූදානම්ය.


සම්මාන බලාගෙන පොත් ලියන්නේ පිස්සෝ
2024 ජුලි මස 16 56 0

ජීවන පහන් තිළිණ තරුණ පරම්පරාවේ නවකතාකරුවෙකි.ඔහු මේ වන විට විවිධ කෘති කීපයක් පළ කළත් ඔහුගේ වැඩි නැඹුරුතාව තිබෙන්නේ නවකතාවට බව නවකතා තුනක් එළිදක්වා අපට


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site