IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


මම සම්මාන විකුණලා රෝස්පාන් කාපූ මිනිහෙක්

තුරුණු මඬල - 1

 

 

 

දශක ගණනක් පුරා පත්තර පිටු අතර ඔහුගේ නම නින්නාද වූයේ සාමාන්‍ය ජනතාවගේ හදවත්වලට කවි ලියන පොදු ජන කවියා ලෙසය. රජ මැඳුරේ සිට පාරේ කුණු අදින පීඩිත මිනිහාටත් කවි කියවන්නට පුරුදු කළේ ඒ අව්‍යාජ කවි හිතබව ආදරයෙන් ලියා තැබිය යුතුය. ගණිකාවන්, කම්කරුවන් මුහුදු යන්නන්, පොල් ගස් නගින්නන් මෙන්ම දුක් විඳින ගැහැනිය ද නිරන්තරයෙන් කාව්‍ය ප්‍රාණීන් බවට ඔහු පත්කර ගත්තේය. ඒ අනුව පත්තර පිටුවලට ඔහු ලීවේ කවි නොව මිනිසුන්ගේ ජීවිතයම බව සැබෑවක් විය. අද වන විට පත්තරයෙන් සමාජ මාධ්‍යය ඔහුගේ කවියට මාරු වී තිබුණත් ඔහු කිසිවිටක දුක් විඳින මිනිහා වෙනුවෙන් කවි ලිවීම නතර නොකළේය. නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික් ලෙස උප්පැන්න සහතිකයේ නම තිබුණත් මුළුරටට ම ඔහු හඳුනන්නේ ආදරණීය ‘බෙනා’ ලෙසය. තාමත් ගමට වී කුලියක් මලියක් කර ගනිමින් ඒ අතරේ කවිය ද අත් නොහැර සිටින බෙනාගේ කවි හදවතට එබී බැලීමට ලංකාදීප මතුමහල "තුරුණු මඬල "විශේෂාංගයෙන් වෑයම් කළෙමු.
 

ඔබ ගැන  සමාජයේ විවිධ කියැවීම් තිබෙනවා.එහෙත්  ඒවා පැත්තකින් තියලා බෙනාට බෙනා ගැන දැනෙන විදිය මුලින්ම කියමු බලන්න ?

ඉස්සරලම අපිට තියෙන සිම්බල් එහෙම නැත්නම් මුද්‍රා අයින් කරන්න ඕනෑ. ඒ සමගම තමන් ළඟ තියෙන මමත්වය ගැලවිලා යනවා. එතකොට තමයි නියම මනුෂ්‍යත්වයෙන් පිරිපුන් මිනිහෙක් එළියට එන්නෙ. කවියා කියන ලේබලයට මම කැමතිම නැහැ. මොකද මම දැකපු බහුතරයම කවියන් කියල හිස උදුම්මගත්තු එවුන්. තමන්ගේ හැකියාව නිසා තමන්ට බරපතළ සිවිල් වටිනාකම් සමාජයෙන් ඉල්ලන මිනිස්සු තමයි මම දැක්කෙ. මම තවම ඉන්නෙ මගෙ පාඨකයන්ට හෝ රසිකයන්ට පහළින්. මම ඔවුන්ට ඉහළින් ගිහිල්ල නෑ. යන්නෙත් නෑ. ඒ නිසයි එදා ඉදන්ම මම කවියෙක් නෙමෙයි,එදිනෙදා කුලී වැඩ කරන සාමාන්‍ය කම්කරුවෙක්. අදත් එහෙමයි. කාර් එකේ ඉස්සරහ ලාංඡනයක් ගහල ඇතුළේ ඉන්නෙ දොස්තර කෙනෙක් කියන එක ඒත්තු ගන්වන්නට අවශ්‍ය නැහැ. මම හිතන්නෙ ආටෝපයට වඩා පරමාදර්ශය ප්‍රබලයි. වාහනේ රාජ්‍ය ලාංඡනය තිබුණට දේශපාලකයන්ට අපි දෙකට නැමෙන්න ඕනේද? මම කවියෙක් කියන එකට මගෙ පාඨකයො මාව අදහන්න ඕනෙද? නෑ එහෙම ඕනෙ නෑ. මම ඔටුනුවලට වඩා කැඩුණ්‍ර බාටවලට ගරුකරන මිනිහෙක්. ඔබ මලක් වෙන්න. මම කටුවක් වුණාට තරහා නැහැ. මට දැනෙනව මම මනුස්සයෙක් කියල. මොකද මට දෙවියො එහෙම කියනව ඇහිල තියෙනවා


පොදු ජන කවියකු විදියට ඔබට විශාල ජනතාකර්ශනයක් තිබෙනවා.  ඒක නඩත්තු කරන්න ඕන දෙයක් කියලා හිතෙන්නේ නැද්ද ?

ඒක නඩත්තු නොකරන නිසා තමයි මට ඔබ කියන  ජනතාකර්ශනය ඇත්තෙ. දැන් දැන් බොහෝ දුරට මම කවි ලියනව අඩුයි. මම හිතන්නෙ ඉඳල හිටල ලියන කවියකදී වුණත් බොහෝ අය මට කතාකරනවා. මගෙ කවිය මමයි කියල දෙකක් නෑ. ඒක මා වටා ඉන්න පාඨකයෝ හොඳින් දන්නවා. ඒ ඇත්ත ජීවිතේට හැම කෙනෙක්ම ආදරෙයි. මම කවිකම නඩත්තු කරන්න යන්නෙ නෑ. මිනිසුන් මා නඩත්තු කරනවා. අතේ සතේ නැති වුණාට මට කී්‍යක් හරි දෙන්නෙ මගෙ පාඨකයෝ තමයි. ඒක ඔවුන්ට ගරුත්වයක් පිණිස සටහන් කරන්න. මම දේවාලේ ඉස්සරහ හිඟන්නෙක් තමයි. හැබැයි දෙයියන්ගෙන් සල්ලි ඉල්ලන්නෙ නෑ. මම ඉල්ලුවෙ මිනිස්සුන්ගෙන්. ඉතින් එහෙම එකෙක් දේවාල නඩත්තු කරන්නෙ නෑ.

 

ඔබේ අලුත්ම කාව්‍ය කෘතිය දැන් නිකුත්ව තිබෙනවා. කලින් පොත් වගේම මේ පොතත් පාඨකයන් ආදරයෙන් වැළඳගෙන තිබෙනවාද?

මේ සැරේ කවි පොත මම ප්‍රකාශන ආයතනයකට වික්කා. එහෙම කළේ කාත් කවුරුවත් නැතුව මැරුණු අම්ම කෙනකුගේ මලමිනිය ඒ ගෙදර කුණුවෙන්න නොදී අවසන් කටයුතු ටික කරල දමන්න. ඒ විස්තර මගේ ෆේස්බුක් පිටුවෙ ඇති. අත්‍යවශ්‍ය මොහොතක පොත මිලදී ගනිමින් ඔවුන් මට  පිහිට වුණා. ඒ සම්බන්ධයෙන් ඔවුනට කතෘවේදීත්වය හිමිවිය යුතුයි. පොත ඔවුනට පවරා ඇති බැවින් ඒ පිළිබඳව යමක් පැවසීම එතරම් සදාචාරාත්මක නැහැ. මොකද දැන් එය ඔවුනට අයිති කෘතියක්. උණු කැවුම් වගේ විකිණුනා ද පුස් පාන් වගේ විසිකළා ද කියන එක දන්නෙ ඔවුන්ම තමයි.

 

බෙනා දුක විකුණනවා. දුක මාකට් කරනවා වගේ චෝදනා මුල් කාලයේ එල්ල වුණ.එහෙත්  ඒ චෝදනා දැන්  එතරම් අහෙන්නේ නැහැ නේද?

මට විකුණන්න පොත් මාකට් කරන්න දුකක් තිබුණෙ නැහැ මොකද මගෙ ජීවිතයම එදා ඉඳන්ම අද දක්වාම දුකක්. ඉතින් මම ඒ විඳපු දේවල් හා අත්දැකීම් ලිව්වා. අදත් ඒ විදිහටම ඒ විඳින දේ ලියනවා. අදත් මම සැප විඳින කෙනෙක් නෙවෙයි. ඉතින් ඒ ලියන ඒවට පාඨකයන්ට ඇඬෙනවනම් මගෙ ජීවිතයම කඳුළක් කියල මට වැටහෙනවා. මාකට් කරන්න දෙයක් නැහැ. මගෙ කවියයි - ජීවිතයයි දෙකම එකක්. මම ලියන දෙයකට පාඨකයෝ සංවේදී වෙනවනම් මම හිතන්නෙ පාඨකයන් ජීවිත යථාව අවබෝධ කරගෙන තියෙනවා. ඒක හැම රචකයකුටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මිනිස්සු හිනස්සවන්න පුළුවන් ඉක්මනින් ඒත් අඬවන එක ලේසි නෑ. පාඨකයන් එහෙම  දුක්බර වුණා නම්. සංවේදී වුණානම් ඇත්තටම ඒ මගෙ කවි හා ජීවිතය යන දෙකම එකක් නිසා බව පැහැදිලියි. ඒක මට මාකට් කරන්න දෙයක් නැහැ. මොකද අපි හැමෝම හිටියෙ එකම වීල්බැරෝවක.

 

බෙනා කවියට ආවේ පත්තර පිටුවලින් අද ඒ තැන සමාජ මාධ්‍ය දිනාගෙන තිබෙනවා. ඒ ගැන මොකද හිතන්නේ?

ඇත්තටම මම ඒකට සතුටයි. සමාජ මාධ්‍යයේ ප්‍රමිතියක් නැති කවි තියෙනව කියල බොහෝ කවියන් කියනව මට ඇහිල තියෙනවා. ප්‍රමිතිගතව කවි ලියන අය විතරක්ද කවියෝ? සමාජ මාධ්‍ය නොතිබුණානනම් අලුත් අයට එන්න ඉඩක් ලැබෙයි කියල ඔබ  හිතනවද? එහෙනම් තවමත් පාඨකයෝ වැඳුම් පිදුම් කරන්නෙ පත්තරවලින් ජනප්‍රිය වුණ අපිට විතරයි. එහෙනම් අලුතින් කවි ලියන අලුත් පරපුරක් මලාට බිහිවෙන්නෙ නෑ. අපිව හැමදාම පාඨකයො හිස් මුදුනින් අදහන්න ඕනෙද? අපි දැන් කවි පඩංගු විතරයි. අලුත් අය අපිට වඩා හොඳට ලියනවා. අලුතින් එන අයට ඉඩදීල අපි මේකෙන් තොලොංජි වෙලාම යන්න ඕනෑ. නැත්නම් අලුත් අදහස්, නැවුම් අදහස්, අලුත් කවි, අලුත් තරුණ කවි කිවිඳියන් අපිට දැකගන්න ලැබෙන්නේ නැහැ. මට වඩා දක්ෂ විදියට ලියන අලුත් කවි කිවිඳියන් මම සමාජ මාධ්‍යයෙන් දැකල තියෙනවා. උන්ට ඉඩදෙන්න ඕන නිසා මමනම් දැන් ලියන්නෙත් නැහැ. කවි පොතක් ගහන්නෙත් අතේ සල්ලි නැතුව ගියොත් විතරයි. මට ප්‍රවීණ ආධුනික කියල වෙනසක් නෑ. ඒ හැමෝම ලියන දේ කවි විදියට මම දකිනවා පතරතරවලට ස්තුතියි. නමුත් දැන් මම පත්තරවලට ලියන්නෙත් නැහැ. ඒක මුල අමතක කිරීමක් නෙමෙයි. අලුත් අංකුරවලට ඉඩ හසර වෙන්කිරීමක්.  ඇත්තටම පාත්තයො අයින්වෙලා රාජාලියන්ට පියාඹන්න ඉඩ දෙමු කියලයි මගෙ යෝජනාවා.

 

බෙනාගේ කවි පොත්වල නාමකරණය සුවිශේෂයි.  මේ තරම් පාඨක ආකර්ශනකට ලක්වුණු නම් දැම්මේ කොහොමද?

මගෙ පළමු පොත ‘‘මයෙ අම්මෙ යමු යංඩ"
ඉන් පසුව "හිඟමං යැදීම තහනං". "තෙල් නැතුව ඇවිළෙන්ඩ" "බුදුපිළිම යට නාග බිත්තර" "මල්ලිකා - මිනිය ගන්නව තුනහමාරට" සහ අවසානයට මේ මෑතක කළ ‘‘"ගෝමර නෙමෙයි සුදුකබර" පොත ගන්න පුළුවන්.
මම හිතන්නෙ කවි පොත්වල එතෙක් තිබූ සැකිල්ල හෝ රාමුව මං කඩල දැම්මා. එකවත් එහෙමයි. පෙරවදන් පසුවදන්වලට විදග්ධයන් පසෙකලා පීඩිතයන්ගේ අදහස් අන්තර්ගත කළා. මට බය නැතුව වැල් පාලමේ ගියා. මොකද මට වැටෙන්න තැනක් නෑ. වහ වැටිල හිටියෙ. කොහොම වැටුණත් එකයි.
කාටත් තේරෙන භාෂාවක් මට අවශ්‍ය වුණා. මොකද උගත් අයට වගේ නූගත් අයටත් දැනෙන රචනා ශෛලියක් මට අවශ්‍ය වුණා. ඒක ඇත්තටම මිනිසුන්ට දැනුණා. මම ඔබ වෙනුට උඹ පාවිච්චි කළා. මෂ්තිස්ක, උදර, රතදර නිලුපුල් වෙනුවට මම මොළගෙඩි, බඩගෙඩි, තොල්පෙති, ඇස්ගෙඩි පාවිච්චි කළා. ඒක අමුයි රළුයි තමයි. නමුත් ඒක මිනිස්සුන්ට දැනුණා. සිද්ධ වුණේ එපමණයි. සමහර පොත්වලට මම ජීවිතේ ඇසින් දුටු හා විඳවපු දේවල් කරණ කොට නාමකරණය කළා. සීමා මායිම් කඩන එක හා බිඳින එක මගේ හැටියක්. එහෙම මිනිසුන්ට කඩදාසි සහ පෑන් ආදරෙයි.

 

පාඨකයා ඔබේ කවි ආදරයෙන් වැළඳ ගත්තත් සම්මාන උළෙලවල ජුරිවලට ඔබේ කවි දිරෙව්වේ නැහැ නේද?

මං හිතන්නෙ මම සම්මානවලට නුදුසුසු මං ඔය සම්මාන අතේ සතේ නැති වුණාම යකඩ කඩවලට විකුණලා රෝස් පාන් කන නිසා වෙන්න ඔිනෑ. මොකද මං එහෙම කරල තියෙනවා. එහෙම නැත්නම් මගෙ ආදරණීය සදාදරණීය ජුරියට මං ලියන අටමගල ගැන මෙලෝ මළදානයක් තේරෙන්නෙ නෑ. එහෙම නැත්නම් එයාල ඉල්ලන ප්‍රමිතියට මම වඩේ බදින්නෙ නෑ. කොහොම නමුත් මං සම්මානවලට කැමති නෑ. මට ඒව හැමෝටම පේන්න සාලෙ මැද්දෙ තියන්න ගෙයක් නෑ. මට කැබිනට් එකකුත් නෑ. මා මේ ලංකාවෙ පීඩිතයො හොඳටම අඳුරනවා. පොතක් ගැහුවම දවස් හත අටින් ඉවරයි. පාඨකයො පන වගේ ආදරෙයි. ඔවුන්ගෙ හදවතේ මම යාවජීවයි. ඉතින් මලකඩ කන යකඩ කුට්ටි මට මොකටද?


ඔබේ කවිවල භාෂාව හා තේමාත්මක ගැඹුර සුවිශේෂයි. ඒක ඔබට දැනෙන්නේ කොහොමද?

මම ලියන බොහෝ කවිවල මතුපිට තියෙන අර්ථය නෙමෙයි අභ්‍යන්තරයේ තියෙන්නෙ. සමහරු ඒ ගැඹුරේ කිමිදෙනවා. සමහරු උඩින් පීනනවා. ඉතාම සරලව ලියපු කවියක අරුත උඩින් ග්‍රහණය කරගත් පිරිස වැඩියි. එහි ඇතුළත විග්‍රහය හදවතින් ගත් පිරිස අඩුයි. ඇත්තටම මම මෙතෙක් ලියපු දේවල්වල අභ්‍යන්තරය බොහෝ දෙනෙක් වටහාගත්තෙ නෑ කියන එකයි මගෙ මිනුම. ඒක සිදුවන විට මම සමහර විට ජීවතුන් අතර නොසිටින්න පුළුවන්. ඇත්තටම මම කවි ලියල තියෙන්නෙත් මම ජීවත්ව ඉඳිද්දි ඒ ගැන කතාකරන්න නෙමෙයි. මා නැති යම් කිසි දවසක මිනිසුන් ඒ ගැන කතාකරයි. ඒ තමයි සුවිශේෂත්වය.


බෙනාට කැමැති පිරිසක් ඉන්නවා වගේම බෙනා කැමැති කවියන් ඉන්නවා.

මම කැමති කවියන් දෙදෙනාම අද ජීවතුන් අතර නැහැ. එක්කෙනෙක් චන්ද්‍රකුමාර වික්‍රමරත්න. අනිත් කෙනා ධර්මසිරි රාජපක්ෂ. සුජීවත් ඉන්න අයගෙන් නම් රත්න ශ්‍රී විජේසිංහ

 

සාහිත්‍ය වැඩබිම ඇතුළේ කවිය කියන මාධ්‍යයට ලැබී තිබෙන තැන ගැන සතුටුද? 

මේ තරමටවත් ඉතිරිවෙලා තියෙන එක ගැන සතුටට වඩා පුදුමයි.



අදහස් (1)

මම සම්මාන විකුණලා රෝස්පාන් කාපූ මිනිහෙක්

ර.මු. හේ. අරුණ ශාන්ත Saturday, 03 August 2024 07:48 PM

නූතන ජන සන්නිවේදනය විය යුත්තේද ඔය කියන ශෛලිය තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

තුරුණු මඬල

සාහිත්‍යයෙන් පිරුණු නාට්‍යය පොත් විකුණන්න අමාරු නැහැ
2024 සැප්තැම්බර් මස 10 16 0

එඩ්වඩ් චන්ද්‍රසිරි නාට්‍ය ලෝකයේ අය පළමුව හඳුනාගන්නේ සාර්ථක නාට්‍ය සංවිධායකවරයකු ලෙසය.ආර්.ආර් සමරකෝන්ගේ ’’ජේලර් උන්නැහේ’’ නාට්‍යයේ සිට ලාංකීය වේදි


මගේ පොත් අත්පිටපත් රැසක් සුනාමියෙන් වැනසුණා
2024 සැප්තැම්බර් මස 03 25 0

ලොව ප්‍රකට ඇමෙරිකානූ මනෝ විද්‍යාඥයකු වන මහාචාර්ය බ්‍රයන්.එල් වයිස්ගේ many Lives many masters නැමති කෘතිය අශෝක කුමාරසිරි නොනිමෙන භව ගමන නමින් සිංහලට පරිවර්තනය කර පා


මෙි රටෙි කාටවත් වෘත්තිය ලේඛකයෙක් වෙන්න බැහැ
2024 අගෝස්තු මස 20 95 0

අයෝමා සමරසිංහ ජීවිතේ සමහර අත්දැකීම් සීරූ මාරුවට නිර්මාණ බවට පෙරළා ගන්නට සමත් වූ ලේඛිකාවකි.ඒ බව ඇය මේ වන විට ඉදිරිපත් කර තිබෙන නිර්මාණ සමුච්චය තුළින් ප


එදා ගිහියන්ට වඩා උගත් යතිවරුන් හිටියා - මහගම සීලානන්ද හිමි
2024 අගෝස්තු මස 13 64 0

අතීතයේ සිටම භික්ෂුව සහ සාහිත්‍ය අතර ඇත්තේ අවියෝජනීය සම්බන්ධයකි.1988 දී ’’සින්දු බින්දු මල්’’ ළමා ගීත සංග්‍රහය එළි දක්වමින් සාහිත්‍යය ක්ෂේත්‍රයට පිවිසෙ


මම සම්මාන බලාගෙන පොත් ලියන්නේ නැහැ
2024 අගෝස්තු මස 06 55 0

රංගන ශිල්පිනියක්, හඬ කැවීම් ශිල්පිනියක්, සහ ලේඛිකාවක් ලෙස මාධ්‍ය ත්‍රිත්වයක ම හැකියාව විහිදුවමින් සිටින කුමුදු කුමාරසිංහ පසුගිය කාලයේ වඩා සමාජ අවධාන


බස මරා පොත් ලියන්න එපා
2024 ජුලි මස 30 73 0

වාසනා බාලසූරිය මෑත පරපුරේ ජනප්‍රිය ලේඛිකාවකි.මේ වන විටත් නවකතා කීපයක්ම පළ කර තිබෙන ඇය ළඟදීම තවත් අලුත් කෘතියක් හරහා පාඨකයා හමුවීමට සූදානම්ය.


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 67 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2131 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 985 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site