ඇය හම්බන්තොට දිස්ත්‍රික්කයේ දබරැල්ල මහා විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය හදාරා පහ වසර ශිෂ්‍යත්වය සමත්ව මාතර සුජාතා විද්‍යාලයට ඇතුළත් වුවාය. එහිදී වාණිජ අංශයෙන් උසස් පෙළ හැදැරිමෙන් පසු කැලණිය විශ්ව විද්‍යාලයෙන් ගණකාධිකරණ අංශයෙන් ප්‍රථම උපාධිය සහ පශ්චාත් උපාධිය හැදැරුවාය . දැනට කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අංශයේ ඩිප්ලෝමා පාඨමාලාව හදාරමින් සිටින ඇය ජාතික යොවුන් සේනාංක මුලස්ථානයේ සහකාර අධ්‍යක්ෂ - මුල්‍ය වශයෙන් සේවය කරන්නීය.මේවන විට නවකතා 10 ක් හා ඉංග්‍රීසි භාෂාවෙන් රචිත ළමා කතාවක් පළ කර තිබෙන ඇය සාහිත්‍ය කලාවේ අනාගතයක් හොයන නිර්මාණකාරිනියකි.
මෙවර ලංකාදීප මතුමහල තුරුණු මඬල සංවාදය චින්තනී අමරසිංහ සමගය.
*ඔබ නවකතා රචිකාවියක්.විවිධ සාහිත්‍ය ශානරයන් අතර නවකතාව තෝරා ගැනීමට විශේෂ හේතුවක් තිබෙනවද?
සාමාන්‍යයෙන් මම විශ්වාස කරනවා හැම මනුස්සයෙක්ටම තමන්ගෙ අදහස් ප්‍රකාශ කිරිමට කැමැත්තක් තියෙනවා. සමහර අය තමන්ගෙ දක්ෂතා හදුනාගෙන ඒ ප්‍රකාශ කිරිමේ මාධ්‍ය තෝරා ගන්නවා. මම කවි සහ නවකතා දෙකම මගේ ප්‍රකාශන මාධ්‍ය ලෙස යොදා ගන්නවා. මට නවකතාව වඩාත් පහසුයි කියලා මම හිතනවා. ඒ තුළින් මම මගේ අදහස් සමාජගත කරන්නට කැමතියි.
*නවකතා හෝ කිසිසම් සාහිත්‍ය කෘතියක් මගින් සමාජයට බලපෑමක් කරන්න පුළුවන් ද?
ඒක හුගක් දුරට තීරණය වන්නේ පවතින සමාජයේ ස්වරුපය අනුවයි. අතීතය ගත්තාම ලෝකයේ විප්ලව සිදුවු කාලවල සාහිත්‍යය ප්‍රධාන භුමිකාවක් වෙලා තිබුණා. අද ඒක වෙනස් වෙලා. සමාජය සයිබර් අවකාශයට විවෘත වෙලා තියනවා. මේ තුළ ඕනෑම දෙයක් කිසිම සංස්කරණයකින් තොරව සමාජගත වෙනවා. එය සමාජයේ උන්නතියට වගේම පරිහානියටත් එකසේ බලපානවා.
මම හිතන්නේ හැම ලේඛකයෙකුටම තමන් සමාජගත කරන දෙයින් සමාජයට සිදුවන බලපෑම ගැන අවබෝධයක් තිබිය යුතුයි. ඒක තමන් තුළින්ම තමන් කරගන්න නියාමනයක් කියා මම හිතනවා. තමන් අතින් තමන් ජිවත් වන සමාජයේ සදාචාරාත්මක බව සාමුහික බව සහ සංස්කෘතික ලක්ෂණ පරිහානියට පත් නොකර නවමු මානයන් සොයා යෑමේ බරපතළ වගකීම සාහිත්‍යවේදියාට තියෙනවා.
*ඔබේ නවකතාවල නාමකරණයේ හා කවරවල සිටම වෙනසක් දකිනවා.ඔබේ පොත් අනිත් පොත්වලින් වෙනස් වෙන්න ඒක හේතුවක් ද? නැතිනම් තව හේතු තිබෙනවද ?
මම හිතනවා සාමාන්‍ය මිනිසුන් ඇතුළේ වෙනස් කෙනකු වෙන්න අවශ්‍ය නම් ඒ වෙනුවෙන් තමන් සොයා යෑම් කරන්න අවශ්‍යයි කියලා. මගේ පොත්වල නම් එහෙම සොයා යෑම්වල ප්‍රතිඵල. හැමෝම කරන දේ කරන්න මම ටිකක් අකමැතියි. ඒ ආකල්පයම තමයි මේ වෙනස් නම් යොදන්න හේතුව.
* ඔබ ඇඹිලිපිටිය දබරැල්ල වැනි දුෂ්කර ගමක ඉපදුණු කෙනෙක්.ඔබේ සාහිත්‍ය ගමනට පරිසරය බලපෑවේ කොහොමද ?
ඇත්තටම මම ඉපදී හැදී වැඩෙන කාලයේ මේ ගම හරිම දුෂ්කරයි. එහෙත් සුන්දරයි. සරලයි. අපට හුගාක් කාලයක් ගතවෙන තුරු නළජලය විදුලිය වැනි යටිතල පහසුකම් පවා තිබුණේ නැහැ. එහෙත් පවුලේ අය අතර තියෙන සහයෝගය, ගම්වැසියන් අතරේ එකිනෙකා අතර තියෙන අන්‍යෝන්‍ය බැඳියාව වගේ දේවල් මම ඉගෙන ගන්තේ මේ ගමෙන්. පසුව මම මගෙ නව යොවුන් වයසේදී මාතර නගරයටත් සරසවි අධ්‍යාපනයට කොළඹටත් සංක්‍රමණය වෙනවා. එහිදී අර්ධ නාගරික සහ නාගරික ජිවිත අත්දැකිමුත් මට ලැබෙනවා.
මගෙ කුඩා කාලයේ ලබපු අත්දැකිම් ඇසුරෙන් තමයි මම මගේ තුන්වැනි කෘතිය වන මිඩ්මාච් ලියන්නෙ. ඒ ලබපු අත්දැකිම මගෙ සාහිත්‍ය ගමනට දැවැන්ත රුකුලක් වුණා.
* ඔබ පරිවර්තනයවලට කැමැත්තක් දක්වනවාද?ඒ ආභාසය ඔබේ නිර්මාණ වලට යොදාගෙන තිබෙන්නේ කොහොමද ?
මගේ අම්මා ජාතික කඩදාසි සංස්ථාවේ තිබුණු පුස්තකාලයෙන් විශ්ව සාහිත්‍ය කෘති ගෙනැවිත් දීලා මට පරිවර්තන පරිශීලනයට පුරුදු කළා. ඒ ශෛලිය සහ වචන නොදැනීම මා තුළට කාවැදිලා තිබුණ කියලා මට දැනුණේ මා ලියන්න පටන් ගත්තායින් පසුව.එය නිසා විවිධ ශෛලින් වලින් සාහිත්‍ය කටයුතුවල නියැළෙන්නට පහසු වුණා කියලා හිතෙනවා
* ඔබ ඉංග්‍රීසි භාෂාවෙන් ළමා පොත් පෙළක් ආරම්භ කර තිබෙනවා.ඒ පිළිබඳ ව දැන ගැනීමට කැමතියි?
ඔව්. මේ එහි මුල්ම අවස්ථාවයි. මේ පොත් පෙළ සමුද්‍ර ප්‍රකාශන ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන්නට කටයුතු යොදමින් තිබෙනවා. එක පොතක් දැනටම නිකුත් කර තිබෙනවා.
මගේ බලාපොරොත්තුව චාලි නමි කුඩා හාවෙකු වටා ගෙතෙන විවිධාකාර කුඩා කතාන්දරවලින් ආකල්ප සංවර්ධනයක් ළමා මනස තුළට කාවැද්ද වීමයි.
අපේ රටට අවශ්‍ය ආකල්ප සංවර්ධනය ඇතිවෙන්න ඕනෑ දරුවෙකුගෙ ළමා කාලය තුළදී කියා මම විශ්වාස කරනවා
*වැඩිම කාන්තා නියෝජනයක් කාන්තාවන් සදහා මෙවර පාර්ලිමේන්තුවට ලැබී තිබෙනවා.සාහිත්‍ය ක්ෂේත්‍රයේත් කාන්තාවන්ට ලැබී තිබෙන තැන ගැන අදහසක් තිබෙනවද?
ඇත්තෙන්ම පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩිවිම ගැන ලොකු සතුටක් දැනෙනවා. සාහිත්‍ය
ක්ෂේත්‍රයේ නම් කාන්තා නියෝජනය ප්‍රමාණවත් මට්ටමක තියෙනවා කියලා මම හිතනවා. එහෙත්, ඔවුන් ලියන්නට බයයි . මේ සමාජය තුළම සිදුවන සිද්ධි නිර්මාණවලට යොදා ගන්න ලේඛිකාවන් තරමක් පසුගාමි වෙනවා. ඒ ඒවාට ලැබෙන ප්‍රතිචාර සහ ප්‍රතිපෝෂණවලට විවෘත විමේ තියෙන පසුගාමි අදහස් නිසා. ඉදිරියට අපේ ලේඛිකාවන් වඩාත් යථාර්ථවාදි ලේඛනයකට ඉදිරිගාමි වේවියයි මා විශ්වාස කරනවා
*ඔබේ නිර්මාණකරණයට පාඨක අදහස් මොන තරම් වැදගත් වෙනවාද.එවැනි විශේෂ අත්දැකීම් තිබෙනවාද ?
මම ලේඛනයට පිවිසෙන්නේ 2020 වර්ෂයේ. කොවිඩ් කාලයේ ෆේස්බුක් එකේ මම පළමු වරට සංසාර්යා නම් මගේ නවකතාව සමාජගත කරනවා. මෙහිදි පාඨක ප්‍රතිචාර ඉතාම ඉක්මනින් සහ ධනාත්මකව ලැබෙනවා. ඒ නිසාම තමයි මේ නවකතාව මුද්‍රිත පොතක් බවට පරිවර්තනය වෙන්නෙ.
ඒ වගේම ඉන්පසුව මා විසින් ප්‍රකාශනයට පත් කරන ලද හැම පොතටම එකම විදියට පාඨක ප්‍රතිචාර ලැබෙනවා. පාඨකයා එකම විදියට පවත්වා ගැනිම ඇත්තටම අභියෝගයක්. ඔවුන් දැන් හරිම බුද්ධිමත් සහ විවිධ මාධ්‍ය යොදාගෙන පොත් ගැන කතා කරනවා. ඒ නිසා මම හිතන්නෙ පාඨක ප්‍රතිචාර අපේ ඊළග පොත ලිවිමේදී හරිම වැදගත්
*ඔබ පොත් ප්‍රකාශන ආයතන කීපයකින්ම ඔබේ පොත් පළ කර තිබෙනවා.ඒකට විශේෂ හේතුවක් තිබෙනවාද ?
මම ප්‍රකාශන ආයතන 09 ක් එනම්
අගහස්, සුරිය, නොහදුනන්නි, දෙව්මිණි, පැහැසර, ආශිර්වාද, අකුර , සුසර සහ සමුද්‍ර නම් ප්‍රකාශන ආයතන සමග මගේ පොත් ප්‍රකාශනයට පත් කරමින් ඉන්නවා. සමහර ලේඛක ලේඛිකාවන් එක් ප්‍රකාශන ආයතනයක් තෝරාගෙන එය සමග පමණක් වැඩ කරනවා. එහෙත් මම ලේඛනයට පැමිණ තවම වසර හතරයි. මෙවැනි ප්‍රබල ප්‍රකාශන ආයතන සමුහයක් සමග වැඩ කරන්නට ලැබිම නිසා මට හුගක් අත්දැකිම් ලැබුණා. විවිධ ශානරවල ලියන ලේඛක ලේඛිකාවන් සමුහයක් ඇසුරු කරන්නට ලැබුණා. මම හිතනවා මේ අවදියේ මට එය විවිධ අවස්ථා විවර කළා කියලා.
* රටේ පුනරුදය සාහිත්‍ය කලාවටත් ඉදිරියේදී ලැබේවිද ?
දැන් ශ්‍රි ලංකාව වෙනස් මානයන්ට යොමුවන රටක් විදියට ලේඛකයන් සහ සාහිත්‍යවේදින් වශයෙන් වඩාත් සහකම්පනයෙන් යුක්ත එකිනෙකා කෙරෙහි දයාවෙන් කරුණාවෙන් බැඳෙන වඩාත් යහපත් මාධ්‍ය භාවිතාවක් වෙනුවෙන් විශාල වගකිමක් අපට තියෙනවා. පෑන සහ කීබෝඩ් එක පරිස්සමෙන් භාවිත කරමින් ස්වයං වාරණයන් සහ ස්වයං නියාමනයන් ගෙන් යුක්තව අපේ සමාජ වගකිම ඉටු කළ යුතුයැයි සිතනවා.
ඇය හම්බන්තොට දිස්ත්‍රික්කයේ දබරැල්ල මහා විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය හදාරා පහ වසර ශිෂ්‍යත්වය සමත්ව මාතර සුජාතා විද්‍යාලයට ඇතුළත් වුවාය. එහිදී වාණ
ඇය මුලින්ම සාහිත්‍ය කලාවේ හොඳ රසිකාවියකි.එසේම කලාව හා සාහිත්‍යය පිළිබඳ අධ්‍යයනයට කැමති කෙනෙකි.
ගමේ නම ඉදිරියට දමා ගනිමින් තම නාමය සන්නාමයක් කරගත් ලේඛකයෝ, මාධ්‍යවේදීහු බොහෝ දෙනෙක් කලා ක්ෂේත්‍රයේ සිටිති.
නිස්සරණ අහසක් ’තරුණ මාධ්‍යවේදී උපුල් වික්‍රමසිංහගේ පළමු කාව්‍ය සංග්‍රහයයි. මීට පෙර ’මකර දේශයේ සිට’ නමින් චීනය සම්බන්ධ සංචාරක කෘතියක් පළ කළ උපුල් එමග
වෘත්තීයමය වශයෙන් මෘදුකාංග ඉංජිනේරුවරයකු ලෙස කටයුතු කරන ලකිදු වික්‍රමසිංහගේ කුළුදුල් කාව්‍ය සංග්‍රහය ’’ගුරු පාට ඇස්’’ නමින් පාඨකයා අතට පත්කෙරිණි. ස
පුවත්පත් කලාවේදියකු සේම ලේඛකයකු වන කුසුම්සිරි විජයවර්ධන පොඩි කාලේ සිටම ඔහුගේ ලෝකයේ වීරයන් ලෙස සැලකුවේ ලේඛකයන්ය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සාහිත්‍යකරුවා නව මාන සොයන්නකු විය යුතුයි - චින්තනී අමරසිංහ