සුමතිපාල දියගහගේ
ඉවත දමන දුම්රිය ප්‍රවේශපත්වලින් නිර්මාණය කරන ලද ගල්කණු හතරක් සහිත චෛත්‍යයක ආකෘතියක් වෙසක් උත්සවය නිමිත්තෙන් ගාල්ල ප්‍රධාන දුම්රිය ස්ථානයේදී ප්‍රදර්ශනය කිරිමට දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයෙකු පියවර ගෙන තිබේ.
අඩි හතරයි අඟල් හයක් පමන උස චෛත්‍යය සහ ගල් කණු හතර නිර්මාණය කිරීමට ඉවත දමන ලද දුම්රිය ප්‍රවේශපත් හැට පන් දහසක් යොදා ගත් බව මෙම නිර්මානය ඉදිරිපත් කරන ලද ජී ඩබ්ලිව් ප්‍රසන්න ද සිල්වා පැවසීය.
‘මම කුඩා කාලයේ සිටම කලාවට ලැදියි. ඒ නිසා විටින් විට විවිධ නිර්මාණ ඉදිරිපත් කළා. මෙම චෛත්‍යය සහිත ගල්කණු හතර සහ අට පට්ටම් කූඩු හතරක්ද නිර්මානය කළා. මෙම චෛත්‍ය සකස් කිරීමට මට මාස හයක පමන කාලයක් ගතවුණා. විවේකය තියන වෙලාව මේ සඳහා යොදා ගත්තා.
ගාල්ල හා අවට දුම්රිය ස්ථානවලින් ඉවත දමන දුම්රිය ප්‍රවේශපත් එකතු කර ගෙන නිර්මාණය කළා. මගේ පුතාත් මේ නිර්මාණය සකස් කිරිමේදී උදව්කළා.ඒ වගේම ගාල්ල දුම්රිය ස්ථානාධිපතිතුමා ඇතුලු කාර්ය මණ්ඩලය මේ සදහා මට සහාය දුන්නා.‘යැයි ප්‍රසන්න ද සිල්වා පැවසිය.
පුත්තලම පිටවට රවුම් මාර්ගයේ කිරිවැව තුළ ඉවතලන ප්ලාස්ටික් බෝතල් භාවිතා කරමින් රුවන්වැලි සෑ අනුරුවක් ඉතා අලංකාර ලෙස නිර්මාණය කර ඇත.
ඉවත දමන දුම්රිය ප්‍රවේශපත්වලින් නිර්මාණය කරන ලද ගල්කණු හතරක් සහිත චෛත්‍යයක ආකෘතියක් වෙසක් උත්සවය නිමිත්තෙන් ගාල්ල ප්‍රධාන දුම්රිය ස්ථානයේදී ප්‍රදර
කොළඹ හුණුපිටිය ගංගාරාමය විහාරස්ථානය සහ අරලියගහ මන්දිරය විසින් සංවිධානය කරනු ලබන ’’බුද්ධ රශ්මි ’’ ජාතික වෙසක් කලාපයේ සර්වඥ ධාතුන් වහන්සේලා සහ කෞත
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කළ වෙසක් කලාපය යාපනය නගර කේන්ද්‍රකරගනිමින් පැවැත්විණි.
කොළඹ හා තදාසන්න ප්‍රදේශ තොරණ 11 ක ඡායාරූප පහතින් දැක්වේ.
වෙසක් උත්සවය නිමිතිකර ගෙන හැටන් මුලස්ථාන පොලිසිය විසින් සංවිධානය කරන ලද වෙසක් කලාපය හැටන් පොලිස් ස්ථානය ආශ්‍රිතව පැවැත්විණි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දුම්රිය ප්‍රවේශපත්වලින් වෙසක් නිර්මාණයක්
rama Monday, 30 April 2018 11:11 AM
අනේ පින්තූරයක් වත් දන්න එපැය.
Udarath Tuesday, 01 May 2018 09:12 AM
මමත් හැදුවා වෙසක් කුඩු දෙකක් ...
Senarath Wednesday, 02 May 2018 08:24 AM
ඉතාම හොඳ නිර්මාණයක්. මුදල් වියදම් වීමකුත් නැහැ.