IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


අන්තරේ සිසුවෝ විරෝධතාවක

(ඡායාරූප සහ වීඩියෝ -  ඉෂාන් සංජීව)

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුහු පිරිසක් කොළඹ මහපොළ ශිෂ්‍යාධාර ගොඩනැගිල්ල ඉදිරිපිටදි අද (05) විරෝධතාවක නිරත වූහ.
 
මාස ගණනක් ප්‍රමාද කළ මහපොළ ශිෂ්‍යාධාර වාරිකය දෙන ලෙසත්, ජීවන වියදමට සරිලන ලෙස මහපොළ ශිෂ්‍යාධාර වාරිකය ඉහළ දමන ලෙසත් ඉල්ලමින් ඔවුහු උද්ඝෝෂණයේ යෙදුණහ.



අදහස් (13)

අන්තරේ සිසුවෝ විරෝධතාවක

Lebbe Thursday, 05 September 2019 11:08 AM

බඩු මිල වැඩිකොට මේ අය ඉල්ලන සියලු දේ දිය යුතුයි.

:       0       0

රවින් Thursday, 05 September 2019 11:51 AM

නියමයි, තව උද්ඝෝෂණය කරන්න. ඊට පස්සේ අපි ඕගොල්ලන්ගේ අපේක්ෂකයාව ජනාධිපති කරනවා. ඒ ජනාධිපතිගේ රාජකාරිය වෙන්නේ මුළු නිලකාලය තුළම උද්ඝෝෂණ කරන එක විතරයි. නැතිනම් එයාට විරුද්ධව මහජනයා උද්ඝෝෂණ මෙහෙයවනවා. යමු ඔහොම ඉදිරියටම..

:       0       0

සිමියොන් Thursday, 05 September 2019 01:32 PM

මල්ලිලා, නංගිලා මෙහෙම ඉන්නේ නැතිව, ගිහින් පොතක් පතක් බලාගන්නවාද අපිට පව් නොදී...

:       0       24

vidya Thursday, 05 September 2019 06:11 PM

කඳුළු ගෑස් ගස්සවාගෙන දවසින් දවස නාකිවෙනවා. රැකියාවක් ලැබෙනතුරු මොනවා හරි කරන්න. රටේ හැමතැනම මාන වගේ පරිසරය විනාශ වන වල් පැලයක් හැදිලා තියනවා, වතුරේ ජපන් ජබර වැනි වැඩක් නැති පැලයකින් වැව විනාශ වෙලා තියනවා. ඔය තරුණ මොළ පාවිච්චි කරලා රසායන විද්‍යාව, ජීව විද්‍යාව කරපු අයත් සමග එකතුවෙලා මොනවා හරි පරිසරයට හිතවත් දෙයක් නිර්මාණය කරන්න උත්සහ ගන්න. අපිටත් තරුණ දිවිය මතකයි. කුඹුරු අස්වදපු හැටි, පොල් අතු වියපු හැටි, කුඹුරුවල වල් නෙලපු හැටි. තණකොළ කපල හරකුන් පෝෂණය කරලා කිරි දොවපු හැටි ඒ අතරම අධ්‍යාපනය ලබපු හැටි. ග්‍රාමීය අපිට කොතරම් බාධක පැමිනුනාද , එනමුත් අපිට පසුබාන්න තරම් කාලයක් තිබුනේ නැහැ. තවද තාක්ෂණික ආයතන වල මාස හයේ පාටමාලා තියනවා අලුත් දෙයක් ඉගෙන ගෙන තමන්ගේම දෙයක් පටන් ගන්න. ඔය තරුණ මොලයට අලුත් දෙයක් ඇතුල් කලොත් ඔබලාට අලුත් අදහස් පහල වෙයි. මනස කියන එක පුදුම දෙයක්. එයට අවශ්‍ය අලුත් අදහස් පමණයි . ටිකක් මේ ගැන සිතල බලන්න. අනුන්ගේ දේවල් දිහා බලාගෙන ඉන්න එපා.අද මේසෙන් වැඩ කරන කෙනෙකුට දවසේ වැටුප රුපියල් 2000 කි.

:       0       162

RaveendraFriday, 06 September 2019 03:19 AM

පිස්සුදඔහෙට අපිවගේ මහෝෂදපඩියෝ ඔහෙලා කියනදේවල් අහන්නේ නැහැ හරිද ..? ...එතකොට අපේ උද්දච්චකම, පණ්ඩිතකම , මෝඩ ආඩම්බරකම , මුළු ලෝකෙම තිබෙන සියලුම දේවල් දන්නවා කියන නුගත් සිතුවිලි වලට මොකද වෙන්නේ ? අපි උගත්තු අපි කියනවිදියට මුළු රටම වැඩකළ යුතුයි.එකයි අපි මේ හැමදාම මොනවහරි හොයාගෙන දියව් දියව් කියා කියා කෑ මොර දෙන්නේ තේරුනාද. අපිට වැඩක් නැහැ රටේ අනාගතෙවත් අපේ අනාගතෙවත්. අපි වැඩකරන්නේ දියවන්න ඔයේ ඉන්න අපේ සහෝදර රතුහැට්ටකාරයන් කියන විදියට හොදේ .ඔහෙලා කවුද අපිට උපදෙස් දෙන්න ගිහින් සරසවියක ඉගෙනගෙන එනවා අපි වගේ ගොන් බුරුවන් එක්ක කතා කරන්න.තමුසෙලා දාහක් එක්ක තරක කරලා දිනන්න පුළුවන් එත් අපේ එකෙක් එක්ක තර්ක කරලා දින්නං බහ තේරුනා නේද ? "අපේ මොලේ වැදිලා තියෙන තරම. එනවා මෙතන අපිට හොද නරක කියල දෙන්න.අපේ අම්මලටවත් බැරිඋනා අපේ ගොන් මොලේ පාදල දෙන්න " , මුන් එනවා මොලේ නැති අපිට නුවණැති කතා කියන්න.

:       0       158

Sarasi Thursday, 05 September 2019 11:11 PM

උසස් අධ්‍යාපනය විනාශ කරලා දැන් ශාසනයත් විනාශ කරන්නද හදන්නේ ? සිල්වත් ගුණවත් ස්වාමින්වහන්සේලාගේ දානේ වේලත් නැති කරන්නද හදන්නේ. කරුණාකර ඔය චීවරය අයින් කර සටනට සුදුසු වෙනත් ඇඳුමක් ඇඳන් අයිතිවාසිකම් ඉල්ලන්න. කෝ මේ ඇත්ත ගේ ගුරු හාමුදුරුවරු සහ ගිහි කල මව්පිය වැඩිහිටියෝ ? මහනායක ස්වාමින් වහන්සේලා කෝ ? බොහෝම කනගාටුයි කාන්තාවක් විදියට මෙහෙම කතා කරන්න සිදුවීම ගැන . අපේ උසස් අධ්‍යාපනයයි ශාසනයයි දෙකම නැති වෙන කම් ඇස් පියාගෙන ඉන්න බැරි නිසා මේ ලිව්වේ.

:       0       68

RaveendraFriday, 06 September 2019 07:09 AM

Sarasi වෙත, ඔබගේ වැදගත් අදහස් අප ඉතා ඉහළින් අගය කරන්නෙමු. අපට මේවා දැකීමේදී ඇත්තේ අපගේ ආගම පිළිබඳව හරිම කණගාටුවකි.. අප බෞද්ධයින්ය. චීවරයට අපගේ සිත්තුල ඇත්තේ මහත් භක්තියකි, ගරුත්වයකි. (එලෙසම අප අන් ආගම් වලටද ගරු කරන්නෙමු) ..සාමනේර නමක් මෙසේ හැසිරීම පිළිබඳව දුකක්, කණගාටුවක් ඇතත් එ් පිළිබඳව කතා කිරීම අපට වඩා කළයුත්තේ මහා නාහිමිවරුන්ය. අප මෙම සාමනේර ස්වාමීන් වහන්සේලාගේ දෙමාපියන් දොස් නැගීමත් කිසිවිට නොකළ යුතු බව අපගේ හැඟීමයි. මෙවන් සිදුවීම් වලට උඩගෙඩි දෙන තිරිසනුන් අප අවට ඒමට සිටින බව නොරහසකි. අවාසනාවකට අඩු තරමින් අන්තරේ ඉන්න බූරුවන්ටවත් මෙය අඩුතරමින් ආගමකට කරන නිගාවක් ලෙස නොතේරීම ඉතාමත් කණගාටුයි. එසේවීමට එක් වැදගත් හේතුවක් ලෙස අප දකින්නේ අන්තරේ නමැති මරණාධාර සමිතිය පිටුපස සිටින තීන්දු, තීරණ නිසාය. මෙම අන්තරේ ඉන්න තක්කඩින්ට අප කරන්නේ හරි දෙයක්ද? වැරදි දෙයක්ද? යන්න තේරුණු දවසට මෙවන් ආගම් වලට නිගා වෙන ක්‍රියාවන් නැතිවෙනු ඇත. එ් දවසට අප ගොඩක් ප්‍රමාදය.

:       0       67

JehaanFriday, 06 September 2019 10:16 PM

රවීන්ද්‍ර මහත්මා, මහනායක ස්වාමින්වහන්සේලා, මේ ගැන නොපමාව කටයුතු කරනවා නම් ගිහියන් වන අපට මේ ගැන කතා කිරීමටවත් අවශ්‍ය නැහැ. මේ දේවල් පිටරටවල පවා ප්‍රචාරය වී අපේ ආගම ගැන වැරදි ආකල්ප පවා ලෝකයේ ඇති වෙන්න පුළුවන්. මම නම් කියන්නේ පිටරටවල වගේ අතින් මුදල් ගෙවා ඉගෙන ගන්න සලස්සලා වත් අපේ රට හදා ගත්තේ නැති නම් මේක ලොකු ප්‍රශ්නයක්.

:       0       0

රජින්ද Friday, 06 September 2019 10:29 AM

මේ වගේ කාලය කා දමන පිරිසක් කිසිම රටක නැතුව ඇති.

:       0       72

sampath Friday, 06 September 2019 11:46 AM

මේ ළමයි හොස්ටල් එකක විදුලි පංකාවක් නතර කරන්නේ නැහැ. වතුර කරාමයක් හරියට වහන්නේ නැහැ. තමන්ගේ සරසවියේ කුණු ගොඩක් සුද්ද පවිත්‍ර කරගන්නේ නැහැ. විශේෂයෙන් ඩෙංගුවලට හමුදාවෙන් දාලා පිරිසිදු කෙරෙව්වේ... මොන කතාද? නිකම් හම්බවුණා ඔබ නිදිවරලා පාඩම් කරලා ලබාගත්තු අධ්‍යාපනය අනුන්ගේ අතකොලු වෙලා විනාශ කරගන්න එපා..

:       0       119

Bimal Friday, 06 September 2019 10:36 PM

රවීන්ද්‍ර මහත්මයා , වැඩිහිටියන්ටත් තමන්ගේ තරුණ දරුවා ගැන වගකීමක් තිබෙනවා. ආ දැන් අපේ ළමයා උගතා නිසා රටේ ඉහ නිකට පැහුණු වැඩිහිටියන්ටත් වඩා දන්නවා කියා අහක බැලීම සුදුසු නැහැ. තමන්ගේ ළමයාව රටටම හිසරදයක් කර සමාජගත කිරීමේ වරදින් ඔවුන්ට ගැලවෙන්න බැහැ. ඒ වගකීම, පාසල ගුරුවරු, ආණ්ඩුව හෝ රටේ තත්වය , සමාජ ක්‍රමය ,ආදී නිදහසට කාරණා ඉදිරිපත් කර සාධාරණීකරණය කරන්න බැහැ. කලකට පෙර , මගේ ළමයා පිකට් එකේ ඉන්නවා කියලා ආරංචි වෙලා මම කාර්යාලයෙන් ෂෝට් ලිව් දමා ගොසින් කනේ පාරක් දීලා ගෙදර ඇදන් ආවේ. දැන් ළමයා පිටරට විශ්ව විද්‍යාලයක ශිෂ්‍යත්වයක් ලබා පශ්චාත් උපාධිය හදාරනවා. තව පොඩ්ඩෙන් හිරේ. ළමයි බිහිකර මුළු රටටම හිසරදයක් කර සමාජගත කිරීම ජාතික අපරාධයක්.

:       1       2

RaveendraSunday, 08 September 2019 07:53 AM

Bimal මයා වෙත, ඔබගේ අත්දැකීම් සහිත අදහස් අප අගය කරන්නෙමු. මේ අන්තරේ ඉන්න හරකුන් තමන්ටත් වැඩක් නැති, රටටත් වැඩක් නැති දෙමාපියන්ටද වගතුවක් නැති පිරිසක් බව නම් ඉතා හොඳින් පැහැදිලිය. කවුරු කෙසේ විරුද්ධ වුණත් අපගේ මේ අදහස්වලට (කාරුණික සලකන්න අපට කිසිඳු දේශපාලන අරමුණක් නොමැත) වැඩිදෙනෙකු අවනත නොවෙනු ඇත. දියවන්නා ඔයේ ඉන්න රතුහැට්ටකාරයන් ගේ අතකොලු මෙන්ම සම්පූර්ණයෙන්ම අන්තරේ කියන මරණාධාර සමිතිය පාලනය කරන බව නම් 100% ස්ථිරයි. එබැවින් අන්තරේ ඉන්න කවුරුවත් සරසවිවල නවක වදයට විරුද්ධ වුනා යයි ඔබ අප අසා තිබේද? උත්තරය නැත. අප කිසිවෙකුට ශාරීරික හිංසාවලට කිසිවිට කැමැත්තක් නොමැත.

:       0       0

lalithm Saturday, 07 September 2019 05:21 AM

හොර චීවරධාරීන් පෙරටුකොටගෙන මේ කරන ගොන්කම් නවතා ඉගෙනගෙන රැකියාවක් හෝ තමතමන්ගේ ව්‍යාපාරයක් කරලා ජීවත් වෙයව්. මහපොළ සල්ලි නුඹලාගේ බූදලයක් නොවේ. රටේ මහජනයාගේ බදු මුදල්. අම්මලා තාත්තලා ළමයි හදන්න විතරක් නොවේ. අධ්‍යාපනයටත් වියදම් කරන්න ඕනේ. ඒක ඒ ගොල්ලන්ගෙත් වගකීමක්. ඒ වගේම වෙන රටවල තියෙන විදියේ ශිෂ්‍ය ණය ක්‍රමයකින් මේ රටේ අධ්‍යාපන බර අඩු කරන්නම ඕනේ. එතකොට මේ නිකමුන් වේගෙන යන උපාධිධාරීන් බෝ වෙන එක නවතීවි...

:       0       1

ඔබේ අදහස් එවන්න

වීඩියෝ දර්ශන

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 6285 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.



ජනපති සටන කොයිබටද?
2024 සැප්තැම්බර් මස 14 2246 4

මෙවර ජනාධිපතිවරනය ලබන 21 වන දින පැවැත්වෙන් අතර මීළග විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීමේදී මහජනතාව දරණ විවිධ මතයන් පිළිබඳ අදහස් විමසීමක් අප විසින් සිදු කරන





වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19780 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 291 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 152 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site