IMG-LOGO

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා


ආඩම්බරකාර ලැරී 6වැනි හාම්පුතා එනතෙක් මඟ බලා සිටියි

(විමුක්ති එස් රුද්‍රිගු)

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරු 5 ක් සමඟ වාසය කිරීමට වාසනාවන්ත වූ ලැරී, 6 වැනි අග්‍රාමාත්‍යවරයා පැමිණෙන තෙක් අග්‍රාමාත්‍ය නිල නිවසට වී බලා සිටින බව එරට මාධ්‍ය වාර්තා කළේය.

දේශපාලන කැලඹීම වලින් පිරි වසර 14 ක එක්සත් රාජධානි ඉතිහාසයේ ස්ථාවර එකම චරිතය ලැරී බව බ්‍රිතාන්‍ය මාධ්‍ය පෙන්වා පෙන්වා දුන්නේය. 2007 වසරේ ජනවාරි 13 වැනිදා ලැරී උපත ලැබුවේය.

ලැබෙන ජනමත විමසුම් ප්‍රතිඵල නිවැරදි නම් ප්‍රථම වතාවට කම්කරු පාක්ෂික අග්‍රාමාත්‍යවරයකු සමඟ වාසය කිරීමට ලැරීට හැකියාව ලැබෙනු ඇතැයි එරට මාධ්‍ය ප්‍රකාශ කළේය.

මෙතෙක් ලැරීගේ හාම්පුතුන් වූ සියලුම අග්‍රාමාත්‍යවරුන් කන්සර්වටිව් පක්ෂය නියෝජනය කළ අපේක්ෂයන් බවද බ්‍රිතාන්‍ය මාධ්‍ය පැවැසුවේය. රිෂි සුනාක් අග්‍රාමාත්‍ය නිල නිවසෙන් නික්ම යෑමත් සමග ඔහුගේ සුරතලාවූ ලැබ්‍රඩොර් රිට්‍රීවර් වර්ගයට අයත් නෝවාද අග්‍රාමාත්‍ය නිල නිවසෙන් නික්ම යනු ඇති බවත් ලැරී ඒ පිළිබඳ සතුටට පත්වනු ඇති බවත් එරට මාධ්‍ය ප්‍රකාශ කළේය.

17 වැනි වියේ පසුවන ලැරී 6 වැනි අග්‍රාමාත්‍යවරයා සමගද දීර්ඝ කාලයක් ජීවත්වීමට වාසනාවන්ත වනු ඇතැයි සියල්ලොගේම බලාපොරොත්තුව බව බ්‍රිතාන්‍ය මාධ්‍ය පැවැසුවේය.



අදහස් (7)

ආඩම්බරකාර ලැරී 6වැනි හාම්පුතා එනතෙක් මඟ බලා සිටියි

RISHI SUNAK Thursday, 27 June 2024 01:26 PM

ලැරීට දීර්ඝායුෂ ලැබේවා.

:       4       74

Prabha Thursday, 27 June 2024 03:39 PM

කතා කරන්න පුළුවන් වුණා නම් සෑහෙන රහස් අහගත හැකියි

:       2       45

පිටරැටියා Thursday, 27 June 2024 04:00 PM

ලංකාවේ ඉන්න බලලෝභී දූෂිත දේසපාලුවෝ තුරන් වෙලා යන්නේ කොයි වෙලාවෙද කියලා හිතෙනවා .

:       0       0

සමන් Thursday, 27 June 2024 08:29 PM

ඉතින් අපිට පාන්ද?

:       27       16

Kapila Thursday, 27 June 2024 09:56 PM

ලැරී ලංකාවේ හිරිය නම් වසර 17ක් ජීවත් වෙන්නේ නෑ. මිනිසුන් සෙස්පාළුවන් ට කරණ සාපය සුරතුලුන්ටත් වදින්න තිබුන. ලැරී ට දීර් ඝායු වේවා.

:       0       2

Nimal Friday, 28 June 2024 08:38 AM

උදේට ඇඟ ලේ රත් වෙන සිත කලකිරෙන ලංකාවේ පුවත් රටාව මැද හරිම මෘදු ලෙස සුරතල් සතෙකුගේ තොරතුරු සමග මුසු කල වැදගත් පුවතක්. සිත් ගන්නාසුලු ඉදිරිපත් කිරීමක්.

:       0       4

Amitha Friday, 28 June 2024 08:39 AM

මේ වගේ ගොන් කමෙන්ට් කරන මෝඩ ගන්කබරයොත් ලංකාවේ තාම ඉන්නව නෙ යකෝ

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වීඩියෝ දර්ශන




ගෑස් ටැංකියක් පුපුරා හතරක් මරුට:තවත් හතරකට තුවාල
2025 අප්‍රේල් මස 08 5808 15

කුරුණෑගල වැහැර ප්‍රදේශයේ ගෑස් ඉන්ධන හලකින් ලොරි රථයක ගෑස්ටැංකියකට ගෑස් පුරවද්දී එය පුපුරා යාමෙන් පුද්ගලයන් සිව් දෙනකු මිය ගොස් තවත් පුද්ගලයන් සිව්




මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 86 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 446 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 926 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site