IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ආබාධයට ලක්වන සතුන්ට ප්‍රතිකාර කරන්න ජාත්‍යන්තර ප්‍රමිතිය ඇති කූඩුවක්

 

(නිමල කොඩිතුවක්කු)

ආබාධවලට ලක්වන දිවියන් ඇතුලු වනජීවීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා ජාත්‍යන්තර ප්‍රමිතිය ඇති කූඩුවක් කොළඹ ඩී. එස්. සේනානායක විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ වනජීවී සහ පරිසර සංරක්ෂණ සංසදය විසින් උඩවලව සත්ත්ව රෝහලට  පරිත්‍යාග කරනු ලැබීය.

අවස්ථාවට උචිත ලෙස වෙනස් කළ හැකි අංගෝපාංග වලින් සමන්විතව මෙම කූඩුව නිෂ්පාදනය කර තිබිම විශේෂත්වයකි.

සත්වයාගේ ප්‍රමාණය අනුව මෙම කූඩුව වෙනස් කිරීමෙන් ඕනෑම වනජීවියෙකුට පහසුවෙන් ප්‍රතිකාර කිරීමට හැකිවන අතර එවැනි පහසුකම් වලින් යුතු කූඩුවක් වනජිවි දෙපාර්තමේන්තුවට ලැබුණු පළමු අවස්ථාව මෙය බවද  වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙවැනි පහසුකම් වලින් සමන්විත කූඩුවක් මෙතෙක් නොතිබීම හේතුවෙන් වනසතුන්ට ප්‍රතිකාර කිරීම අසීරු වී තිබූ බවද එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු සඳහන් කළේය.

එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් කොළඹ ඩී. එස්. සේනානායක විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ වනජීවී සහ පරිසර සංරක්ෂණ සංසදය විසින් මෙම කූඩුව නිර්මාණය කර තිබේ.

ඩී. එස්. සේනානායක විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ  වනජීවී සහ පරිසර සංරක්ෂණ සංසදයේ  සභාපති දක්ෂිණ පලිහවඩන මහතා විසින් වෛද්‍ය මාලක අබේවර්ධන  මහතා වෙත මෙම කූඩුව ප්‍රදානය කළ අයුරු ජායාරූපයේ දැක්වේ.

(ඡායාරූප සහ වීඩියෝ - නිමල කොඩිතුවක්කු)

 



අදහස් (9)

ආබාධයට ලක්වන සතුන්ට ප්‍රතිකාර කරන්න ජාත්‍යන්තර ප්‍රමිතිය ඇති කූඩුවක්

liyanage Thursday, 30 July 2020 07:58 PM

ඉතාම වටිනා අගය කළයුතු ක්‍රියාවක්.., අනතුරුවලට ලක්වන සතුන් හැසිරවීම පිළිබඳව අන්තර්ජාතික පුහුණුවක් සහ සතුන් හැසිරවීමේදී සහ ප්‍රතිකාර කිරීමේදී යොදාගන්න මෙවලම් (glows, boots) එම නිලධාරීන්ට ලබාදී මෙම කූඩුව වෙත රැගෙන ඒමේදී එම සත්වයාට සිදුවන හානිය සහ එම නිලධාරීන්ට වන හානිය වළක්වා ගත හැකිය. ප්‍රතිකාර කොට සත්වයා කැලයට මුදා හැරීමේදී කරපටියක් දැමීම කළයුතුවේ.

:       0       11

shen Friday, 31 July 2020 01:53 AM

කූඩුව කොහොම වුණත් සතා මැරෙනවනේ මල්ලී.. ඉතිං මොන එහෙකටද ජාත්‍යන්තර කුඩු...!!

:       24       38

ranaSunday, 02 August 2020 09:50 AM

මේ කුඩුවෙ බර ?? යකඩ බාර් නේ ? ඉතුරු හරිය හිතාගන්න.

:       0       0

විජිත් Friday, 31 July 2020 06:31 AM

හොඳ අදහසක්, උතුම්ම පරිත්‍යාගයක්. ඩී.එස් සේනානායක විදුහලේ සියලුදෙනාටම ස්තුතියි. ප්‍රමාදවී හෝ මෙවන් පහසුකම ඇති විශාල කූඩුවක් සාදාගැනීමට බලධාරීන් හට සිතක් පහලවෙන්න. අහිංසක සතුන් කීදෙනෙක් දිවිපුදන්න ඇතිද...? ඒ සතුන් ගැන මතක් කරන්න අකමැති වුණත්.. අප දාලාගිය කළු කොටි මිතුරාගේ මුහුණ අමතක කරන්නේ කොහොමද? මට මෙහෙමනම් ඒ සතාව බේරාගැනීමට පුදුම උත්සාහයක් ගත්ත අපේ දොස්තර මාලක අබේවර්ධන මහත්මයාට මොනතරම් දුකක්, වේදනාවක් ඇතිද ඒ සත්වයා ගැන...? කූඩුව සැදීමට දායකවුණු සියලුදෙනාටම පින්. ගොඩක් පින්..!!!

:       12       105

සමිත සේනක අලුත්ගමගේ.Friday, 31 July 2020 09:36 AM

විජිත්, ඇත්තටම මෙය ප්‍රශංසා කළ යුතු අගනා ක්‍රියාවක්... මින්පසු වන සතුන්ට ප්‍රතිකාර කිරීමේදී, ඔවුන් ප්‍රවාහනය කිරීමේදී, ඔවුන්ට එතරම් පීඩාවන් සිදුවෙන එකක් නැහැ. මේ කූඩුවට පින්සිදු වෙන්නට මේ පරිත්‍යාගය කළ සියලුම දෙනාට අනේක වාරයක් ස්තුතිවේවා... !!! අහිංසක වනසතුන්ගේ ප්‍රයෝජනයට මේ උපකාරය කළ එතුමන්ලාට තිබූ කාරුණික සත්ව කරුණාව ගැන අපට ද ආඩම්බරයක් තමයි තිබෙන්නේ... නැවත වරක් ස්තූතියි.

:       0       105

Akila Friday, 31 July 2020 10:48 AM

කූඩුව තිබ්බට මදි.., සත්තුන්ට වෙදකම් කරන්න දන්නා විදේශීය වෛද්‍ය කණ්ඩායමකුත් ගෙන්න ගන්න...

:       21       50

මල්ලිකා කහටපිටිය Saturday, 01 August 2020 02:30 AM

කඳුකරයේ, වතුකරයේ මිනිස්සු සංවිධානාත්මකව දිවියෝ මරනවා; මේ මෑතකදී 7 දෙනෙක් මරලා දාලා තිබුණා කළු පැන්තර් දිවියා ඇතුළුව, අප දැනුවත්ව. ඒ ගැන කිසි කෙනෙක් හඬක් නගන්නේ නැහැ. ආණ්ඩුවත් නිහඬයි. දිවියෝ ටික වඳ වුණොත් වඳ වුණාමයි.

:       0       0

sunil gikiyanage Saturday, 01 August 2020 01:10 PM

එහෙමනම් කොටියාව වලිගෙන් ඇදලා කකුලෙන් ඇදලා කූඩුවට දාන්න වෙන එකක් නැහැ. පොඩ්ඩක් මොලය පාවිච්චි කළානම් ජාත්‍යන්තර ප්‍රමිති ඕනේ නැහැ. අර කලුකොටියාව ගේන්න යනකොට පොඩි ලෑලී කෑල්ලක් අරගෙන ගියානම් කොටියාව ලැල්ල උඩින් තියලා කූඩුවට අගේට තල්ලු කරනවා.. වලිගෙන් කනෙන් අදින්නේ නැතිව.

:       0       81

Chathura Sunday, 02 August 2020 12:50 PM

ලැජ්ජා වෙන්න ඕනෑ මේ වගේ ඉතා සුළු යකඩ පට්ටං නිර්මාණයක්වත් කර ගන්න බැරි රටක්.

:       0       9

ඔබේ අදහස් එවන්න

වීඩියෝ දර්ශන

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 6803 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.



ජනපති සටන කොයිබටද?
2024 සැප්තැම්බර් මස 14 2248 4

මෙවර ජනාධිපතිවරනය ලබන 21 වන දින පැවැත්වෙන් අතර මීළග විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීමේදී මහජනතාව දරණ විවිධ මතයන් පිළිබඳ අදහස් විමසීමක් අප විසින් සිදු කරන





වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28655 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23608 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site