IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


ඕමන්තේ රිය අනතුරකින් 5 ක් මරුට

(සිතුම් චතුරංග)

යාපනය නුවර ඒ 09 මාර්ගයේ වව්නියාව ඕමන්තේ ප්‍රදේශයේදී අද (23) රාත්‍රී බස් රථයක් සහ ජීප් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයින් පස්දෙනකු ජීවිතක්ෂයට පත්ව තවත් 20 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි ඕමන්ත පොලිසිය කියයි. 

යාපනයේ සිට කොළඹ බලා ධාවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් හා වව්නියාව සිට පේදුරුතුඩුව දක්වා ගමන් ගත් ජීප් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසීය. 

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය සහ ජීප් රථය ගිනිගෙන ඇති අතර එහි සිටි මගීන් දෙදෙනකු සහ ජීප් රථයේ රියදුරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කීය.

තුවාල ලැබූවන් කඩිනමින් වවුනියාව මහ රෝහල වෙත ඇතුළත් කළ බව පොලිසිය පැවසීය.

ගිනි ගත්  බස්රථය සහ ජීප් රථය වව්නියාව නගර සභාවේ ගිනි නිවීම් ඒකකය සහ පොලිසිය එක්ව නිවා දමා තිබේ.

 



අදහස් (18)

ඕමන්තේ රිය අනතුරකින් 5 ක් මරුට

kusal Sunday, 23 February 2020 05:32 PM

මත්ද්‍රව්‍ය , මත්පැන් බාවිතා කරන වගකීම් ගැන දැනීමක් නැති අයට වගකීම් බාර දුන්නහම ඔහොම වෙනවා. මගීන් ප්‍රවාහනය කරන රිදුරෙක් වෙන්න මනුස්සයෙකුට ඊට අදාළ චරිතයක් තිබිය යුතුයි.

:       414       336

Raveendra Sunday, 23 February 2020 06:09 PM

මෙම අනතුරු දැකීමේදී අප සිත්වලට ඉතාම කනගාටුදායක හැගීම් පහලවුවත් අපට කිරීමට කිසිදු දෙයක් නැත. කුඩාකල අප බස්රථවල ගමන්කරනවිට රියදුරු අසුන ඉහලින් ලියා ඇති වැකියක් මතකයට නැගුණි. " ජිවිත ගණනක් සමගින් යන රියදුරු දෑතට සියලු දෙවි පිහිටයි " . නොහික්මුණු මුර්ගයන් රියදුරු අසුනේ ලැග ගන්නේද , " එතන විනාශයකි " බව මෙයද එක උදාහරණයකි. අනතුරට ලක්වූ සැමට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරන්නෙමු.

:       1       352

Ruhunu Sunday, 23 February 2020 07:09 PM

අපේ බස්රථ රියදුරන්ගේ රිය ධාවනය නම් අන්තිමයි.

:       1       418

denin Monday, 24 February 2020 01:21 AM

මේ මාසයේ මේ ටික දිනට මාර්ග අනතුරුවලින් 20ක් පමණ මියගියා නේද? දැන් දැන් ලංගම බස්රථවලින් සිදුවන මාර්ග අනතුරු ප්‍රමාණයත් වැඩිවී තිබෙනවා නේද? රියදුරු බලපත්‍රයක් තිබුණු පලියටම ලංකාවේ කිසිවෙකු නිවැරදිව රිය පදවන්න දන්නවා කියා සිතන්න එපා.

:       1       89

RaveendraMonday, 24 February 2020 05:17 AM

ඔබගේ අදහස් ඉතාම නිවැරදිය.. රියදුරු බලපත්‍රය ලබාගත් පමණින් මේ තුන් ලෝකෙටම තිබෙන රිය පැදවීමේ න්‍යායන් තමන් විතරයි දන්නේ යන මුග්ධ අදහසින් වැඩි පිරිසක් රියදුරු අසුනේ සිටීම ලංකාවේ සුලභ දසුනකි. ඉවසීම, අනෙකාට ඉඩදීම, ජීවිත ගණනක් තම දෑතේ තිබෙන බවත් නොවැටහීම, මම විතරයි මාර්ගයේ යායුතු වෙන සතෙකුටවත් පාරේ යාම නොරිස්සීම යන මහඟු ගුණාංගවලින් සපිරි මෙවන් තකතීරු මගමරුවන්ට සදාකල් රියදුරු බලපත්‍ර අවලංගු කළ යුතුමයි. අපගේ අදහස් එලෙසම තමන්ට දරාගත නොහැකි දඩමුදල් මෙන්ම ඒ ඒ මාර්ග නීති කඩකිරීම් අනුව එම රියදුරන් නැවත නැවතත් රියදුරු බලපත්‍ර පරීක්ෂණවලට ලක්කිරීම, සුළු වැරදිවලට අධික දඩ මුදල් ගෙවීම්, ඉතාම දුරබැහැර දුෂ්කර ප්‍රදේශවලට ගොස් ගෙවීම් කිරීමට සැලැස්වීම (එමගින් ඒ ඒ රියදුරාගේ ඉවසීම පුරුදු වනු ඇත.) වැනි ක්‍රියාමාර්ග ගැනීමෙන් මෙම අනතුරු යම්තාක් දුරට අඩුකරගත හැකිවෙනු ඇත. මේ සෑම ක්‍රියා මාර්ගයකටම අවංක, පොලිස් නිලධාරින් සිටීම ඉතාම වැදගත් වනු නියතය. අවාසනාවකට පොලිස් සේවයේ වැඩිදෙනෙකු වංකව, අවංකව රට වෙනුවෙන් තම සේවය කරන්නේද යන්න ඒ ඒ නිලධාරින් තමන්ගේ හදවතින් විමසීමක් නොකිරීම කණගාටුවකි.

:       0       28

Sudeera Monday, 24 February 2020 04:48 AM

දවසට කී දෙනෙක් නම් මැරෙනවද? මෙහෙම මේකට කරන්න ඕනේ පුළුවන් තරම් පාරවල් වන් වේ කරන එක... පාරවල් ටිකක් පළල් කරලා. විශේෂයෙන් දුර යන පාරවල්...

:       1       126

Manoj Monday, 24 February 2020 05:02 AM

දිගටම අනතුරු මේ දවස් වල. සුදීර කියනව වගේ පාරවල් පළල් වෙලා මැදින් පේමන්ට් එකක් යන්න ඕනේ. අලුතෙන් හදන ඒවගෙත් හරිහමන් පළලක් නැහැ.

:       0       11

suranjith Monday, 24 February 2020 05:18 AM

රාජ්‍ය පාලකයාගේ යහපත් හා අයහපත් ක්‍රියා කලාපයන් මත රට වැසියාටද? යහපත් හා අයහපත් කල් උදාවෙනවා. දැන් නියඟයක් පැමිණ ඇත. වතුර විදුලි බලය ක්‍රමයෙන් අඩුවීගෙන යයි. එළවලු හිඟයක් බදු මිල ඉහළ යාමත්, පසුගිය මාස 3 තුළ හා ඉදිරියට උත්සන්න වෙමින් පෙමින් පවතිනවා අනතුරු හා හදිසි විපත් වලින් මිය යන ගණන ඉතාම වේගයෙන් ඉහළ යනවා. රට වැසියනි, ඔබ ප්‍රවේසම් වෙන්න.. හැකි පමණින් පින් දහම් කරන්න..

:       1991       614

සමන්ත Monday, 24 February 2020 01:29 PM

රාජා භවතු ධම්මිකෝ... යනුවෙන් බුදුන් වහන්සේද දේශනා කලේ මෙයයි. එහෙත් ස්වාභාව ධර්මය අපිට වඩා බලවත්ය..

:       1       7

Jayantha Monday, 24 February 2020 06:00 AM

පාරවල් පළල් කිරීම.. මෙම අනතුරුවලට විසඳුමක් නොවේ. පළමුව මාරක අනතුරු වෙන ස්ථාන විමර්ෂන කර එම ස්ථාන බ්ලැක් ස්පොට් ප්‍රෝග්‍රෑම් කියා ව්‍යාපෘතියක් පටන් ගෙන ඒකට මෙම අනතුරු ඇතුළත් කළ යුතුයි. ඉන්පසු එම ස්ථානවලට බිස්නස් කේසස් සහ ඇස්තමේන්තු සාදා මුදල් වෙන්කරගෙන එම ස්ථාන පමණක් පුළුල් කිරීමක් හෝ වෙනත් ක්‍රමයකින් හෝ එම ස්ථානවල හෙඩ් ඔන් කලූෂන් අනතුරු වැළැක්වීමේ ක්‍රමයකට මාර්ගය සකස් කළ යුතුයි..

:       1       175

chinthana Monday, 24 February 2020 06:03 AM

බසය වම් පැත්තේ තියන්නේ. ජීප් එක වැරදි පැත්තට ගිහින් හැප්පිලා තියන බවයි ඡායාරූපවලින් පේන්නේ...

:       0       14

මංගල Monday, 24 February 2020 07:09 AM

ඇවනියු නැත්නම් අයිලන්ඩ් කියලා කියන කොටස්වලින් පාරවල් දෙකට බෙදලා වෙන් කරන්න ඕනේ.... එහෙම නොකරන තාක්කල් අනතුරු ප්‍රතිශතය වැඩියි. සිංහලෙන් කියනවා නම් පාරවල් වන් වේ කරන්න ඕනේ. සුදු ඉරකින් පාර දෙකට බෙදලා පැයට කිලෝමීටර 100ක වේගයෙන් වාහන දෙකක් කනේ ගෑවීගෙන දෙපැත්තට යනවා.

:       0       50

ajith Monday, 24 February 2020 08:47 AM

හොයන්නේ, බලන්නේ නැතුව, මහා මාර්ග ගැන කිසිම දැනුමක් නැති දේශපලකයින්ට ඕනෑ විදියට පාරවල් හැදුවාම මාරක අනතුරු වෙන එක පුදුමයක් නෙවෙයි.

:       0       4

lanka01 Monday, 24 February 2020 10:22 AM

බේබද්දන්ව පාර්ලිමේන්තුවට යැවීමෙන් සහ ඔවුන්ට වගකීම් සහිත රාජකාරි පැවරීමෙන් වැළකී සිටින්න... මේ හැම දේකටම වගකිව යුත්තේ පාලනයයි.

:       0       2

ravi Monday, 24 February 2020 11:34 AM

සවසට වැඩ ඇරුණාම.. ගෙදර යනවා වෙනුවට.. තැබෑරුමක, අවන්හලක, සූදුපොලක, රැය ගතකරලා තමයි ඊළඟ දවසේ රාජකාරියට ඇවිත් මේ අහිංසක මනුස්සයින්වත් පටවාගෙන, බාගෙට නිදිමතේ.. බාගෙට වෙරිමතේ තමයි වැඩිහරියක් අපේ රියැදුරන් තම රාජකාරී කටයුතු වල යෙදෙන්නේ.. ඉතින් ඔය වගේ රියැදුරන්ට තමයි හුඟක් අවස්ථාවල්වල මෙවැනි අකරතැබ්බයන්ට මුහුණ පාන්න සිද්ද වෙන්නේ... ඔය අවස්ථාවේ.. මේ වාහනයට ගොඩවෙලා ඉන්න හැම මගියෙක්ම මාරයත් එක්ක තමයි මේ ගමන යන්නේ.. නොදැනුවත්ව හෝ...!!!

:       0       1

චමින්ද Monday, 24 February 2020 12:34 PM

වීඩියෝ එකේ විනාඩි 2:20 යන තැන, බලාගෙන සිටින කෙනෙක් කියනවා ඇහෙනවා "කොහෙද යන කෙනෙක් ඇවිත් ගිනි තිබ්බනේ" කියලා. එහි මුලින් කියන වචන පැහැදිලි නැහැ.

:       0       1

Rohana Tuesday, 25 February 2020 08:05 AM

මෙයින් බස් රියැදුර ද ජීප් රියදුරුද වරද කළේ ? වැරදිකරු කවුද කියා නිශ්තිතව කියල නැහැ. කෙසේවෙතත් මෙවැනි අනතුරු කරන්නන්ට සමාවක් නොදිය යුතුයි. මාරාන්තික අනතුරු වලට අමතරව අනිකුත් වැරදි සඳහා තාක්ෂණය දියුණු මේ ලෝකයේ සිදුකරන සියලු වැරදි ඇල්ලීමට කැමරා උදව් කරගන්න බැරිද ? එමගින් දඩ මුදල් පිලිබඳ තොරතුරු රියදුරුගේ ජංගම දුරකතනයට එවිය හැක. හේතුව පොලිසිය මගින් සම්ප්‍රදායික ක්‍රමයට වැරදිකරුවන් කීප දෙනෙක් ඇල්ලුවත් එමගින් වැරදි කරන සියලු දෙනා අල්ලා ගැනීමට ක්‍රමයක් නැතිවීමයි.

:       0       0

lanka01 Tuesday, 25 February 2020 10:10 AM

හැප්පිලා, හිරවෙලා පණපිටින් පිච්චෙනකොට තමයි තේරෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වීඩියෝ දර්ශන

ජනපති හදිසියේ මහනුවර වන්දනා බැතිමතුන් හමුවට යයි
2025 අප්‍රේල් මස 25 2897 17

ජනාධිපති අනුර දිසානායක මහතා ඊයේ රාත්‍රියේ මහනුවර සිරි දළදා වන්දනාවේ නිරත බැතිමතුන් හමුවට හදිසියේ ගොස් ඔවුන්ගේ සුව දුක් විමසා බැලුවේය.



කටුනායක වෙඩිල්ලේ තොරතුරු එළියට
2025 අප්‍රේල් මස 22 5225 11

කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යය‍ේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ



ජනපති දළදා වඳී
2025 අප්‍රේල් මස 18 2741 10

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප



මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 770 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 371 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 521 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site