(හසිත රංග ගුණතිලක)
කොරෝනා වෛරසය පාලනය කරගත නොහැකි තත්වයකට පත්වුවහොත් කතෝලික සභාව මගින් පාලනය වන සියලුම පාසල් වසා දමන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ.
කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සහ අධ්‍යාපන ක්ෂේත්රය බාර පුද්ගලයින් ගන්නා තීන්දු තීරණවලට ද එකඟව කටයුතු කරන බවද අගරදගුරුතුමෝ කීහ.
බොරැල්ල අගරදගුරු මැදුරේ අද (28) පැවති මාධ්‍ය හමුවකදී අගරදගුරුතුමෝ මේ බව පැවසූහ.
මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන චීනයේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීම වෙනුවෙන් රජයට ස්තූතිය පළ කරන බවද මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ වැඩිදුරටත් පැවසුහ.
දඹුල්ල නාවුල වෑමැඩිල්ල ජලාශයෙන් පිට වානේ සිට මසුන් අල්ලන පිරිසක් ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මෙසේය. මෙය ඉතා අනාරක්ෂිත මෙම ක්‍රියාවෙන් ජිවිත හානි සිදු
දීග ජන්තු නමින් ප්‍රසිද්ධියට පත්ව සිටි ඇති රජකු පලාගල මීගස්වැව ප්‍රදේශයේ නිවසක් වටේ ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලීමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියය
නාවුල බෝවතැන්න ජලාශයේ වාන්දොරටු හයක් අඩි දෙක බැගින් විවෘත කිරීම හේතුවෙන් අඹන් ගඟ දෙපස ගම්මාන 09 ක ජනතාවට දින දෙකක සිට ගමනා ගමන කටයුතු සහ ගමෙන් පිටවීමට න
වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘කොරෝනා පාලනය කරන්න බැරිවුවහොත් කතෝලික පාසල් වහනවා’
eresh S kumara Tuesday, 28 January 2020 09:19 AM
කතෝලික පාසල් විතරක් නෙමෙයි සිංහල මුස්ලිම් දෙමල සියලු පාසල් වල ඉන්නෙත් ළමයි. ඔක්කොම වහන්න ඕනි
tarzan Tuesday, 28 January 2020 09:48 AM
කතෝලික ළමුන් විතරයි ළමුන් අනිත් ළමුන් එහෙම නැහැ.
DilanTuesday, 28 January 2020 10:04 AM
ලංකාවේ සියලුම සුළු ජාතීන් සහ සුළු ආගම් නියෝජනය කරන අය හිතන්නේ ආත්මාර්ථකාමී විදියටයි.
sharm warnTuesday, 28 January 2020 11:24 AM
දන්නේ නැත්නම් දැනගෙන කතා කරන්නකෝ. අගරදගුරුතුමාට අයිතියක් නැහැ රජයෙන් පාලනය වන පාසල් වහන්න. නමුත් එතුමා මෙහෙම කිව්වම අධ්‍යාපන ඇමැතිටත් පොඩ්ඩක් මොළේ පෑදෙනවනේ. ඔය තරම් කතෝලිකයන්ට තලන්න සුදානම් ශරීරෙ කියලා ඉන්න එපා. අඩු ගානේ ඒ මගින් වත් අනිත් පාසල් දරුවන්ගේ ජීවිත රැක ගන්න හඩක් නගන්න අවලාද කියන්න කාලේ වැය නොකර.
athuraWednesday, 29 January 2020 03:37 AM
ඔය කිව්වට මහා ජාතිය කියන අපිත් එහෙම තමයි එහා ගෙදර මිනිහ දෙයක් කලොත් මෙහා ගෙදර මිනිහ බලන්නේ කොහොමද ඒකට අංචියක් අදින්නෙ කියලා.
hemanthaWednesday, 29 January 2020 04:06 AM
එතුමා කියපු දෙය වැරදි විදියට වටහාගෙන අදහස් දක්වන්න එපා. එතුමාට බලයක් නැහැ සියලුම පාසල් වහනවා කියන්න. එතුමාට බලය තියෙන්නේ කතෝලික සබාවෙන් පාලනය වන පාසල් වසන්න විතරයි. බහුතරයක් අදහස් දමන්න ආගම්වාදී ගෝත්රිකවාදීව හිතලයි.
True Citizen Tuesday, 28 January 2020 11:35 AM
අනෙක් පාසල් වහන්න කාදිනල් තුමාට බලයක් නැහැ. නමුත් කතෝලික පාසල් වහන්න එතුමාට පුළුවන්...
Dasa PTuesday, 28 January 2020 12:52 PM
අනිත් පාසල් වහන්න උන්නාන්සේ අධ්‍යාපන ඇමති කියලා හිතුවද?
Denzil Tuesday, 28 January 2020 10:13 AM
හොඳ අදහසක්. කතෝලිකයන් පමණක් බේරගත්තොත් ඇති.
AyomalTuesday, 28 January 2020 01:28 PM
මිත්‍රයා, කතෝලික පාසල් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්න බලය කාදිනල් තුමාට තියෙනවා. අනෙකුත් රජයේ පාසල් වලට අදාළව තීන්දු තීරණ ගන්න එක අධ්‍යාපන බලධාරීන්ගේ වගකීමක්. උන්වහන්සේ තමන්ට අයිති ක්ෂේත්රයේ තීන්දු තීරණ ගන්නවා. ඒකෙ ඇති වැරැද්ද මොකක්ද ?
gayanWednesday, 29 January 2020 01:40 AM
එතකොට කතෝලික පාසල් වලට සල්ලි දෙන්නේ ආණ්ඩුවෙන් නෙමේද? දන්නේ නැති නිසයි ඇහුවේ?
JAYASEKARAWednesday, 29 January 2020 08:43 AM
මේ ගොල්ලෝ කොහොමත් ආත්මාර්ථකාමී කොටසක්... මන්නාරම් හිටපු රදගුරු රායප්පු ජෝසේෆ් කොටින්ට ආරාධනා කොට... කතෝලික සභාව.. එක වචනයක් කිව්වේ නැහැ. මොකෝ කොටි යුද්ධයේදී ගොඩක් මැරුනේ මේ ගොල්ලන්ගේ කට්ටිය නෙමෙයිනේ.. කතෝලික දරුවන් විතරද දරුවෝ..?
kap Tuesday, 28 January 2020 10:36 AM
ඔව් ඉතින් අනික් ජාතීන්ගේ ළමයි නැති උනාම මෙයාගේ ආගමේ ළමයි ඉතුරු වෙනවානේ.
Gamage Tuesday, 28 January 2020 10:41 AM
එක ඇත්ත. අපි බේරුනොත් ඇති. අනිත් සිංහල, දෙමළ, මුස්ලිම් අය ගැන අපට කමක් නැහැ. සුදු ඇදගෙන කළු ඇවිදින්. සමහර වෙලාවට සුදු ඇදගත්ත අයගේ කළු පෙන්න ගන්නවා.
rana Tuesday, 28 January 2020 10:41 AM
දැන් අපේ රටේ තීන්දු තීරණ ගන්නේ ආගමික නායකයන්ද ?
Buddika Tuesday, 28 January 2020 10:53 AM
අපූරු දූරදර්ශී අදහසක්.සියලුම ආගමික නායකයින්ට ගරු කරනවා. ඒත් කාදිනල්තුමා මේ වගේ අදහස් තියෙන කෙනෙක්ද? එතකොට කාදිනල්තුමාගේ කරුණාව දයාව තියෙන්නේ කතෝලික දරුවන්ට විතරද? අනික් අය දරුවෝ නෙවෙයිද? කොහොමද ඒ වගේ අදහස් තියෙන්නේ?
jayasekaraWednesday, 29 January 2020 08:54 AM
ඇත්ත.. කතෝලික දරුවෝ විතරද දරුවෝ?... කවදාවත් අපේ මහා සංඝයා වහන්සේලා කියලා තියෙනවද..? මේ වගේ ආත්මාර්ථකාමී අදහසක්... උන්වහන්සේලා හඬ නගන්නේ සියලු දෙනා වෙනුවෙන්...
jayasekaraWednesday, 29 January 2020 08:56 AM
කණ කොකාගේ සුද පේන්නේ ඉගිලෙන කොටලු..!!!
බද්රානි Tuesday, 28 January 2020 10:57 AM
"කතෝලික පාසල් පමණක් වහනවා" කියන ප්‍රකාශයට මමත් විරුද්ධයි. නමුත් මේ රටේ පාලකයින් ගැන කිසිදු විශ්වාසයක් තවමත් නොමැති බව තමයි උන්වහන්සේගේ ප්‍රකාශයෙන් පිළිඹිබුවන්නේ. පසුගිය රජය සමයේ රටේ පාලකයින් දැන දැනම කතෝලික ජනතාවට එල්ල කළ ත්‍රස්තවාදී ප්‍රහාරය ගැන උන්වහන්සේට තවමත් අමතක නැතිව ඇති. අඩුම තරමේ තමන්ගේ ජනතාවගේ ආරක්ෂාවවත් සපයා ගැනීම තමයි නායකයෙක් ලෙස එතුමා කළ යුත්තේ. කොහොමත්, කතෝලික පාසල් වල කරන අනාගත වැඩපිළිවෙලක් සහිත අධ්‍යාපනය සහ ඒ පුජකයින්ගේ හික්මීම මෙන්ම සමාජයට හා දරුවන්ට ආදර්ශයට ගත හැකි විනය ගැන අපි ඔවුන්ව අගය කළ යුතුයි.
අරවින්ද Tuesday, 28 January 2020 10:58 AM
කාදිනල්තුමන්ට තීරණ ගන්න පුලුවන් කතෝලික පාසල් ගැන විතරයි. අනෙක් පාසල් පිළිබදව රජය තීරණය කළ යුතුය. ප්‍රතිචාර දක්වන වීට අවබෝධයෙන් ප්‍රතිචාර දැක්වීමට කරුණික වන්න.
Naushad Tuesday, 28 January 2020 11:13 AM
දැන් ඔබ ආත්මාර්ථකාමී යැයි කියනු ඇත.
Sana Tuesday, 28 January 2020 11:13 AM
අනික් පාසල් ගැන එතුමාට තීරණයක් ගන්න බැරි නිසා වෙන්න ඇති එහෙම කියන්නේ. වරදවා තේරුම් ගන්න එපා. සමහරු ඕකට අකමැති වෙන්නත් පුළුවන්නේ. එවිට කියයි එතුමා කොහොමද පාසල් වහන්න කියන්නේ කියා. ඕකයි මම හිතන විදියට හේතුව. බොම්බේ ප්‍රශ්නේ වෙලාවෙත් එහෙම කළානේ. අනික් අයට උපදෙස් දෙන්න එතුමාට බැහැනේ. මෙතන ආගම් ප්‍රශ්නයක් නැහැ.
රවිඳු Tuesday, 28 January 2020 11:42 AM
"අශ්වයා පැනලා ගිය පසු ඉස්තාලේ වහලා ඵලක් නැහැ" කියන බව කාදිනල්තුමා දන්නවා. අනාගත අවධානම ගැන හිතලා, එතුමාගේ වපසරිය තුළ යම් තීරණයක් ගත හැකියි. දේශපාලකයින්ට මුට්ටි අල්ලන ආගමික නායකයින්ට වඩා, එතුමාට තමන්ගේ ජනතාව ගැන විශාල ආදරයක් තිබෙනවා. එතුමාව ආදර්ශයට රැගෙන අනෙකුත් පූජකයිනුත් ඒ ආකාරයෙන් කටයුතු කිරීමයි කළයුත්තේ... පාලකයින්ගේ දෙපතුල් ලෙවකමින් වරප්‍රසාද ලබාගැනීමට උත්සාහ කිරීම ආත්මාර්ථකාමීත්වය විනා, තමන්ගේ ජනතාව වෙනුවෙන් පෙනී සිටීම කිසි විටෙකත් ආත්මාර්ථකාමීකම නොවේ.
සනත් Tuesday, 28 January 2020 12:09 PM
සියලු පාසැල් වසා දැමීමට ඉල්ලා සිටින බව ප්‍රකාශ කළානම් එය සාධාරණ ප්‍රකාශයක් වෙනවා....
BamunuarachchiThursday, 30 January 2020 03:45 AM
ඔබ හරියට හරි...
Nuwan Tuesday, 28 January 2020 12:19 PM
එ්කට අපේ පාසල් ලෝක විනාශේ වෙනවා කිව්වත් පැමිණීම 80% බලනවා. මේ පොළවේ පයගහලා නෙමේ අධ්‍යාපන අමාත්‍යාංශය ඉන්නේ...
සංජීව Tuesday, 28 January 2020 12:57 PM
මෙතුමට තීරණය කරන්න පුළුවන් කතෝලිකයන් ගැන පමණයි. ඒ නිසයි එහෙම කියලා තියෙන්නේ. බහුතරයක් වන බෞද්ධ පාසල් ගැන කතා කරන්න බෞද්ධ හිමිනමක් නැති එක ගැන බෞද්ධයෙක් විදියට කණගාටුයි. අපේ හාමුදුරුවරු කතා කරන්නේ කුඩු මුදලාලිලා, මිනීමරුවන්, හොර දේශපාලුවෝ බේරාගන්නනේ.
rohana kumara mendis Tuesday, 28 January 2020 03:12 PM
ඔය තීරණය ගන්න ඕනි රටේ නායකයෝ අධ්‍යපන අමාත්‍යාංශය විසින්.
Champa Tuesday, 28 January 2020 03:19 PM
අගරදගුරුතුමා පහුගිය කාලේ ඔබේ සමහර හොඳ ස්ථාවර නිසා මම ඔබට ගරු කරපු කෙනෙක්. නමුත් දැන් දැන් ඔබේ කතාව වෙනස්. උදාහරණයක් විදිහට ඔබ කියනවා කතෝලික පාසල් වහනවා කියලා. කතෝලික පාසල් වල දරුවෝ විතරද දරුවෝ? කතෝලික පාසල් නොවෙන පාසල් වල ඉගෙන ගන්න දරුවන්ට ඒ වෛරසය බෝ වුනාට කමක් නැත්ද? දැන් ඔබ කියයි ඒක රජයේ වැඩක් ඔබේ වැඩක් නෙමෙයි කියල. හැබැයි ඔබ අහල තියෙනවද අපේ මහා සංඝරත්නය කවදාවත් බෞද්ධ දරුවෝ කියලා වෙන් කරලා කතා කරනවා? බෞද්ධ පාසල් කියලා වෙන් කරලා කතා කරනවා? ඇත්තටම කිව්වොත් බෞද්ධයන්ට විතරයි වෙනම පාසල් නැත්තේ. අනිත් හැම ආගමකටම වෙනම පාසල් තියෙනවා. ඒක වෙනම කතාවක්. මම කියන්න ගියේ සෑම ජාතික ප්‍රශ්නයකදීම අපේ මහා සංඝරත්නය කතා කරන්නේ සමාජයේ ඉන්න සියලුම දරුවන් වෙනුවෙන්. එහෙම කතා කරලත් ඔවුන්ට ජාතිවාදීන් ආගම්වාදීන් කියල අපහාස කරනවා. නමුත් ඔබේ මේ කතාව බලන්න. ඒක තනිකරම ඔබේ ආගම විතරක් ඉහලට තියල කරන කතාවක් නෙමෙයිද?
NimalWednesday, 29 January 2020 03:40 PM
අනිකුත් කතෝලික නොවන සහෝදර කිතුණු ජනතාව ගැන එතුමා කටයුතු කරන අන්දම ගැන සිතා බැලුවොත් ඔබතුමියගේ කතාවේ ඇති සත්‍යය පෙනේවි මැනවින්...
bamunuarachchi Wednesday, 29 January 2020 07:51 AM
පාසල් වැසීම කොරෝනාවෙන් බේරීමට ප්රතිකර්මයක්නම් ඔබ වහනේසේ එයකරන්න. කොහොමද පල්ලියේ දේශනාවලට පූජාවන් වලට බැතිමතුන් ගෙන්වා ගැනීම එයත් නතරකරනවාද?
Bamunuarachchi Thursday, 30 January 2020 03:44 AM
‘කොරෝනා පාලනය කරන්න බැරිවුවහොත් සියලුම පාසල් වහන්න" කීවා නම් තමයි වටිනාකමක් තිබෙන්නේ... කතෝලික ළමයි විතරද ළමයි...? අනික් අය ළමයි නෙවෙයිද..?
Nimal Thursday, 30 January 2020 08:44 AM
කතෝලික පාසල් වැසීම ශුද්ධ වූ බයිබලයේ එන උපදේශයක් නොවේ.
lankasri Thursday, 30 January 2020 12:31 PM
කියන්නත් දෙයක්ද? කාදිනල් තුමා වහන්න ඉස්සර කොරෝනා ලස්සනට වහයි පාසල් ටික.