IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


කැලණි සරසවියේද හොඳම මිතුරා බල්ලාය

සරසවියේ ආචාර්යවරුන්ගේ හා සිසුන්ගේ ආදරය  සතුන්ට ද එක සේ දක්වන බව පෙන්වීමට කැලණි සරසවි සිසුහු පිරිසක් වීඩියෝවක් නිර්මාණය කළහ.

සරසවියේ බිමේ ඉබාගාතේ යන එන  ‘රූනි‘ සහ ‘රෙක්සි‘ නම් බල්ලන් දෙදෙනකුට සරසවි සිසුවකු සහ සරසවි ඇදුරුවරියක සලකන ආකාරය ඉන් ඉදිරිපත් කරයි.



අදහස් (0)

කැලණි සරසවියේද හොඳම මිතුරා බල්ලාය

ලලීන් rosa Wednesday, 20 May 2015 10:57 AM

සමහරු නම් තිරිසනුන්ට එහා අන්ත විදිහට සලකනේ..සත්තුන්ට මෙය හොඳ ආදර්ශයක් (ම)

:       0       0

පුලස්ති ශ්‍රී පරාක්‍රම Saturday, 27 June 2015 03:49 PM

කැළණි සරසවියේ කියලා දැක්ක ගමන්ම මට මේ අක්කා වෙන්න ඇති කියලා හිතුනා. එතකොට මම 3 වන අවුරුද්දේ. මේ අක්කා එතකොට 4 වන අවුරුද්දේ. එතකොටත් මම අනන්තවත් දැකලා තියනවා මේ අක්කා බලු පැටවු හුරතල් කරනවා.සමහර වෙලාවට මම ගොඩක් වෙලා මේ දිහා බලා ඉන්නවා. මොකද සරසවියේ මෙහෙම අය අඩු නිසා. (නි)

:       0       0

ප්‍රියංකර Wednesday, 01 July 2015 05:43 PM

වැඩේ නම් හොඳයි. (නි)

:       0       0

මොවින්ද Wednesday, 20 May 2015 11:10 AM

මෙවන් ආදරයක් වෙන් කරන්න එපා එක පව් ... මේ සතුන්ට ඉන්නන දෙන්න බලු වෑන් වලට දාන්න එපා (ම)

:       0       0

ඉසුරන්දි Wednesday, 08 July 2015 07:35 AM

මොකක් හරි පිනක් කරලා ඇති මේ විදිහට සත්කාර ලබන්න. (ර)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Wednesday, 20 May 2015 11:24 AM

මිනිසාට බල්ලගෙන් ඉගෙන ගත යුතු දේවල් බොහොමයක් තිබේ , අපි බල්ලට බල්ලා කීවාට , එම නම සුදුසු මනුෂයන්ද අප අතර අද බොහෝය (ම)

:       0       0

අනුර Saturday, 06 June 2015 07:30 AM

සත්ව කරුණාව හොඳ දෙයක්. නමුත් මෙවැනි පොදු ස්ථානයක හා මෙවැනි උගත් යයි සිතන පිරිසක් ගැවෙසෙන තැනක බල්ලන් වැනි වැනි සතුන් හදා වඩා ගැනීමට යෑම එය කරන පිරිසට නොහොබිනා වැඩක්. මෙවැනි සතුන්ට ආදරය කරන අය කළ යුත්තේ එම සතුන් තමන්ගේ ගෙවල් වලට ගෙන ගොස් ඇති දැඩි කිරීමයි. මෙම සතුන් මෙවැනි ස්ථාන වල සිටීමෙන් බලාපොරොත්තු නොවන අවස්ථාවලදී පුද්ගලයන් සපාකෑමට හා එය හේතුවෙන් ජල භීතිකා රෝගය බෝ කිරීමත් සිදුවේ.(නදී)

:       0       0

චන්දිමා Wednesday, 20 May 2015 11:38 AM

බෙහෙත් දීල තියෙන්නේ (ම)

:       0       0

චාමර රනුග්ගේ Tuesday, 09 June 2015 02:40 AM

අතිවිශිෂ්ටයි. (නි)

:       0       0

පොමරෙනියන් Wednesday, 20 May 2015 12:33 PM

නයන,සැම සතෙකුටම මොලයක් තියෙනවා.බුද්ධිය තමයි අඩු වැඩි වෙන්නේ. සමහර මිනිසුන්ට මොලය තිබුනාට බුද්ධිය නැහැ, සමහරු අපේ නම ලියන්නේ කියන්නේ වැරදි විදියට. එක අපේ හිමිකම් කඩවීමක්. සමහර මිනිසුන් ජිවත් වන්නේත් අපව විකුණලා. සමහර මහත්වරු වැරදී වැඩ කරලා අපේ වැඩ කියලා කියනවා. (අ)

:       0       0

සිරි දිසානායක Wednesday, 17 June 2015 06:00 AM

මේ සුනකයින් ලඟට වැඩිය විසබීජ තියෙන්නේ අපේ ගාව. මෙයාල අත ගැවට මෙයාල අප ලෙවකාවට ජලබීතිකව හැදෙන්නේ නැහැ. අපි මොන තරම් අඩු දැනුමක් ද සතුන් ගැන තියෙන්නේ. අපේ ලංකාවේ වැසිකිලියක් ලඟට යන්න බහ, ගඳ, අපි කීයෙන් කී දෙනාද වැසිකිලි ගිහින් සබන් දාල ඇත හෝදන්නේ. අඩු ගානේ සතුන්ගේ ආදරය කොන්දේසි විරහිත ආදරයක්. අපි උදව් අරගෙන උදව් කරපු මිනිහටම බනිනවා සුනකයින් එහෙම නැහැ. එයාල ලඟින්ම දැවටී දැවටී ඉන්නවා. (ම)

:       0       0

ඉන්දු Sunday, 14 June 2015 04:28 PM

1995 හිටියා රාජා කියලා නම දමපු බල්ලෙක්. එයාටත් අපි හැමෝම අාදෙරන් සැළකුවා. බෙල්ලෙ තිබුනු පිළිකාවක් ඉවත් කළා ලොකු මුදලක් වැයකරලා. සෑම විශ්ව විද්‍යාලයකම මේවගේ අාදරණීය හා සුන්දර දේවල් තියෙනවා අනාදිමත් කාලයක ඉඳලා. මේ සුනක පෝතකයන් ගෙවල් වල කොටුකරලා හදන එකට වඩා මෙහෙම හදන එක ඒ සතාගේ නිදහසට හොඳයි. (නි)

:       0       0

කුමාර Wednesday, 20 May 2015 02:41 PM

ආදරය, කරුණාව මේ හැම දෙයක්ම අපිට වගේම සතුන්ටත් ඕන, එත් මට තියන කණගාටුව අපි ඇත්තටම ආදරය කරුණාව කියන එක හරියටම අවබෝධ කරගෙන ඉන්නවද කියන එකයි.බලන්න ටිකක් ඔයාලගේ හදවත ඇතුලන්තයට තට්ටු කරලා. ඇත්තටම එහෙම දෙයක් තියනවනම් ...(බ)

:       0       0

ගයාන් Friday, 22 May 2015 03:58 AM

මේ වීඩියෝ ඒක කරලා මාස දෙකකට විතර පස්සේ මේ බලුපැටව් දෙන්න ඉන්නවද කියල බැලුවම හිටියේ නෑ. පසුව දැනගන්න ලැබුනේ විශ්වවිද්‍යාලයේ බල්ලෝ වැඩියි කියල බලු වෑන් ඒකෙන් මේ දෙන්නව අරන් ගියා කියන එකයි. කොතරම් හොයල බැලුවත් මේ දෙන්නව නැවත හොයාගන්න බැරි වුණා. (ස)

:       0       0

කොඩිකාර Saturday, 06 June 2015 11:21 PM

සරසවි වල පැරැන්නෝ නවකයන්ට කියලා බල්ලන්ට වන්දවන රටක ඕක මොකක්ද? (නි)

:       0       0

කොස්වත්ත Tuesday, 02 June 2015 11:02 AM

ඔක්කොමත් හරි අර බල්ලාගේ ඇගපත කකුලෙන් අතගාන එකනම් හරිම කැතයි (බ)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 20 May 2015 09:27 AM

මිනිසාගේ ආදිතම මිතුරා ! (ස)

:       0       0

සැම් Monday, 13 July 2015 03:25 AM

මිනිසාගේ ප්‍රියතම හා සමීපතම සත්වයා බලලා නේ එකේ වැරද්දක් නෑ (ම)

:       0       0

වින්ද්‍යා Thursday, 21 May 2015 07:12 AM

හරිම සංවේදී වීඩියෝ එකක්.මම දැක්කා එවපු ප්‍රතිචාර. සමහරු බෙහෙත් විදලද අහනවා. ලෙඩ හැදේවි කියනවා.කරුණාවන්ත හොඳ හදවත් තියන උතුම් මිනිසුන්ට කවදාවත් ඒ වගේ අවාසනාවන්ත දේවල් වෙන්නෙ නැහැ. මේ තමයි මහපොළොවේ පයගහලා ජීවත්වෙන මිනිස්සු.පරිසරයට සතා සිව්පාවට ආදරේ මිනිස්සු. (නි)

:       0       0

හර්ෂණ Monday, 08 June 2015 01:49 AM

අනේ ඇත්තමද? (නි)

:       0       0

සමන් Monday, 08 June 2015 01:51 AM

ඇත්තටම ඒක ඉතා හොඳ වැඩක් (නි)

:       0       0

තිළිණ Monday, 08 June 2015 01:53 AM

මමත් මේ වැඩේ අගය කරනවා

:       0       0

ගෙරින් Wednesday, 20 May 2015 09:36 AM

ඉතාම ලස්සන වැඩක්. මෙන්න නියම මිනිස්සු (ම)

:       0       0

ගමඇති Wednesday, 20 May 2015 09:40 AM

මිනිසුන්ගේ ගුණදහම් පිරිහුනත් බල්ලන්ගේ හොඳ ගතිගුණ නොපිරිහි පවතියි. (ස)

:       0       0

රන්ජිත් Wednesday, 20 May 2015 09:43 AM

මේ බල්ලෝ දෙන්නාම එකම මවගේ වගෙයි පෙනෙන්නේ. බලන්න හැඩරුව සහ ප්‍රමාණය.හොඳ ආදර්ශවත් ක්‍රියාවක්. (ස)

:       0       0

කපිල Wednesday, 20 May 2015 09:44 AM

එන්නත් කරලද? (ස)

:       0       0

ඩිල්හානි Wednesday, 20 May 2015 09:48 AM

අයිතිකරුවෙක් නැති බල්ලන් අතගෑම උන්ගේ කෙල ඇගේ ගාගැනිම ඉතාම භයානක ක්‍රියාවක්.(ම)

:       0       0

දයාසිරි Wednesday, 20 May 2015 09:50 AM

අත ගගා ඉඳලා වැඩක් නැහැ. උන්ට ඇත්තටම කැමතිනම් ගෙදර ගෙනිහින් හරියට හදන්න. නැත්න්ම පැටව් බෝවිම වලක්වන සහ ජලභිතිකා එන්නත් ලබාදෙන්න කටයුතු කරන්න. (ස)

:       0       0

නයන Wednesday, 20 May 2015 09:56 AM

ඉබාගාතේ යන එන බල්ලන් අතගානවා, කන බත් එකත් අනනවා. බැරි වෙලාවත් බල්ලා හැපුවනම් මොකද වෙන්නේ. බල්ලට මොලේ නැහැ. නමුත් මිනිස්සුන්ට මොලයක් තියෙන්න ඕනේ. (ර)

:       0       0

ක්‍රිෂානි Wednesday, 20 May 2015 09:56 AM

බල්ලන්ට අපිත් ආදරෙයි. ඒත් තමාගේ ආරක්ෂාව පලමුව සලසා ගත යුතුයි නේද? (ර)

:       0       0

හසිනි ඒකනායක Wednesday, 20 May 2015 09:58 AM

ඉතාමත් අගනෙයි. (ම)

:       0       0

හංසි Wednesday, 20 May 2015 10:06 AM

අතීතයේ සිට පතා ආ ආදරයක මහිමය (ම)

:       0       0

අධිකාරි Wednesday, 20 May 2015 10:20 AM

හැම තැනම ඉන්න අනාථ සත්තුන්ට මිනිස්සු මෙහෙම සලකන්න.. බෞද්ධ කියන්නේ කරුණාව.....(බ)

:       0       0

සමන්ති Thursday, 21 May 2015 01:07 AM

නමුත් බල්ලන් ඉල්ලීම් දිනාගැනීමට අරගල කරන්නේ නැත (නි)

:       0       0

මදුෂා සුරංගි Tuesday, 09 June 2015 08:38 AM

මිනිසාෙග් හොඳම මිතුරා බල්ලා කියන වැකිය ඔවුන් සනාථ කර අැත (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

වීඩියෝ දර්ශන

අධිවේගයේ නිධාන ගල කුඩු කරයි
2024 නොවැම්බර් මස 23 13056 0

වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ







මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 717 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2012 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site