IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ගලි බවුසර් හැප්පෙනවා නම් කලින් කියන්න

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ඩයනා ගමගේ රාජ්‍ය ඇමති තුමියට වූ සිදුවීම ගැන කාන්තාවක් ලෙස තම කනගාටුව ප්‍රකාශ කරන බව සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවැසුවාය.

මේ සභාව නියෝජනය කරන කවුරුත් කතා කරන වචන වල වගකීමක් තිබිය යුතු යැයිද තමාට වාචික හිංසනයක් වූ විට හරි තීරණයක් පාර්ලිමේන්තුව අරන් තිබුණ නම් එවැනි දෙයක් නොවෙන්න තිබූ බවද මන්ත්‍රීවරිය කීවාය.

"ගලි බවුසර් කියන්නේ  අප්‍රාණවාචී වචනයක්. ගලි බවුසර් හැප්පෙනවා නම් කලින් කියන්න. අපි අයින් වෙලා ඉන්නම්. පැත්තක යන අපේ ඇඟේ තමයි ජරාව ගෑවෙන්නේ"



අදහස් (20)

ගලි බවුසර් හැප්පෙනවා නම් කලින් කියන්න

Buddika Friday, 09 December 2022 11:51 AM

ඩයනට වාචික හිංසනයක් උනා නම් කණගාටුයි. ඒත් ඊට පෙර කවිරත්න මන්ත්‍රීවරියට වුනු දේට පියවර නොගත්තේ ඇයි.?

:       9       65

sisilFriday, 09 December 2022 06:52 PM

ඩයනා ගමගේ රාජ්‍ය ඇමති තුමියට වූ සිදුවීම ගැන කාන්තාවක් ලෙස තම කනගාටුව ප්‍රකාශ කරන බව සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය එම ප්‍රකාශය කරනා අවස්ථවේ පසුපස අසුනේ ඉතාම සතුටින් ( ගලි බවුසර් කතව අනුමත කරමින් ) සිටිනා බව videos වල පැහැදිලිව තිබේ.

:       1       2

Senjee Friday, 09 December 2022 12:08 PM

පාර්ලිමේන්තුව උත්ත්රීතරයී ! එහෙමයී කියන්නේ. ඒත් පාවිචිචි කරන භාෂාව සහ ශෛලීන් මෙම උත්තරීතර භාවයට ගැලපෙනවද ? ඩයනා, කවිරත්න මැතිනියන්ට පමණක් නොවේ වරක් වාසුදේව මැතිතුමා ප්‍රසිද්ද කුනුහරුපයක් කිව්වා. මේ ළඟදී චාමර සම්පත් මැතිතුමාටත් කිරිඇල්ල මැතිතුමා " Bloody Fool" ලෙස ඇමතුවා. මේ සියල්ල වැරදි නොවේද? තැනකට ගිහින් හැසිරෙන්න නොදන්නා අයද පාර්ලිමේන්තුවේ ඉන්නේ. කතානායක, පක්ෂ නායකවරු මුනිවත රකින්නේ ඇයී?

:       1       48

de silva Friday, 09 December 2022 12:17 PM

මෙ කුනුගොඩ ගලි බවුසරයක් ලෙස හැදින්විම ගලි බවුසර්වලට සහ එහි සේවකයන්ට කරන අපහාසයකි, ගලි බවුසර යනු අපට හදිසි අවස්තාවල්දී අත්ය්‍යවශ්‍ය දෙයකි.

:       14       68

මහසෙන් Friday, 09 December 2022 12:24 PM

කාගේ කාගෙත් වාචාල කම් දැක්කා රට්ටු.ඔය ගුබ්බෑයමේ ඉන්න ඔක්කොම ගදගස්සවන්නේ රට.මේ කියන නෝනා ත් අපි දැක්කා ඔය කියන වේලාවේ හිනා වෙවී උන්න හැට්.

:       9       42

Prajeeth Silva Friday, 09 December 2022 12:35 PM

මේක කුණුහරුපයක් මම දැක්කා මේ මන්ත්‍රීවරිය කට වහගෙන හිනා වෙවී ඉද්දී මේ මන්ත්‍රීවරයා උපහාසාත්මක විදියට හිනාවෙනවා...

:       3       26

randilFriday, 09 December 2022 01:33 PM

ඩයනගෙ කටෙ හැටි දැක්කහම කාටත් හිනා යනව

:       8       28

SanthuSaturday, 10 December 2022 10:32 AM

තවත් කෙනෙක්ගෙ ශරීර අව වය යන් ගැන පහත් ලෙස කතා කිරීම්, අපහාස කිරීම් කරන්නවුන්ගේ මුඛයෙ දුගන්දය තමා මේ පැතිරෙන්නෙ තමුන්ටවත් නොදැන

:       0       3

Kandy Whip Friday, 09 December 2022 01:32 PM

ඇය විශ්වාස කරන සාරධර්මවල අනුකූලතාවයක් තිබීම ගැන මෙම කාන්තාවට සුභ පැතුම්

:       3       11

Santhu Friday, 09 December 2022 05:05 PM

ගලි බවුසර් වගෙද ගලිය කඩා ගෙන වලට ලිස්සා වැටුන අය සෝදා හැර පිරිසිදු කිරීම..? පහසුමත් නැහැ

:       0       0

බද්රානි Friday, 09 December 2022 07:30 PM

මෙතන නිකම් බොරුවට කාන්තාවන්ට අපහාසයක් කළා කියලා දැඟලුවට නලින් බණ්ඩාර මන්ත්‍රී තුමාගේ ප්‍රකාශය තුල එහෙම යමක් සිදුවුයේ නැහැ. ඩයනා ගමගේ "හැප්පිලා බලමු" කිව්වම තමයි එතුමා ඒ ප්‍රකාශය කලේ. ඒක හරියට අර, "මඩ තවරා ගත් ඌරෙක් සිංහයෙකුට සටනට ආරාධනා කලවිට" සිංහයා දුන් පිළිතුර වගේ උපහැරණයක්. ගැහැණු පිරිමි බේදයක් නැහැ, වාචාල ලෙස කතා කළා නම් ඊට ප්‍රතිචාරත් බලාපොරොත්තු විය යුතුයි. තක්කඩි ලෙස සමාජය නොමග යවන්න උත්සහ කරන මේ අය හිතාගෙන ඉන්නේ අපට සිංහලත් තේරෙන්නේ නැහැ කියලද?

:       1       7

Kumara Friday, 09 December 2022 07:43 PM

226 දෙනාම ගලිබවුසර් තමයි.

:       1       6

sampath Friday, 09 December 2022 08:08 PM

ව්‍යවස්ථාදායකයේ මූලික කාර්යභාරය නීති සම්පාදනය. ඒ සඳහා අත්හල නොහැකි වගකීමක්. එය කිරීමට ශක්‍යතාවය ප්‍රතිපත්තිසම්පාදකයන් වැඩි වශයෙන් තෝරා යැවීමෙන් මෙවැනි සම්ප්‍රපලාප වලකාගැනීමට හැකියාවද වගකීමද ඇත්තේ ජනතාවටම පමණි.

:       0       1

ranil Friday, 09 December 2022 08:29 PM

ගලි බවුසරේ හැලෙන්න ඕනි තිගේ කටට.

:       0       2

de silva Friday, 09 December 2022 10:40 PM

කාන්තාවකට මෙසේ අගෞරව කිරීම කිසිසේත් අනුමත කළ නොහැක.

:       1       1

vidya Saturday, 10 December 2022 12:41 AM

මිනිස්සු බඩගින්නේ හාමතේ ඉන්න වෙලාවේ ගලි බවුසර පුරවන්න තරම් දේවල් පහවෙන්නේ නෑ. ඒ නිසා හැප්පුනත් බය වෙන්න කාරි නෑ. මේ රට මෙහෙම දුවන එකයි පුදුමෙ.

:       0       3

විජිත් Saturday, 10 December 2022 02:21 AM

ඔය කියන විදිහට ඩයනා හෙවත් සමන්මලිට " ගලි බව්සර් " එක කියන්න එපා. ඒවුනාට " කක්කා පැකට් එක " කියලා කිව්වාට කමක් නැහැ නේද...? ඇත්තටම මේ කක්කා පැකට් එකක් නොවෙයි ...කක්කා කන්ටේනර් එකක්...!!!

:       1       2

චන්දිම ෆොන්සේකා Saturday, 10 December 2022 07:49 AM

ද්විත්ව පුරවැසියන් ඉන්නවානම් ඒක පවතින නීතියට පටහැනි නම් කවුරු උනත් වහාම හොයල ඉක්මන් තීන්දුවකට ඇවිත් ඔතනින් ඉවත් කරන්නයි ඕනි. මේ විකාර කතා අස්සේ බදු ගහන්නයි රටේ සියලු සම්පත් විකුනන එකයි හොරෙන්ම වෙනවා.

:       0       4

lankasri Saturday, 10 December 2022 08:07 AM

අනෙ මෙ තම තමුන්ට නම්බු දෙන්න ඉස්සර දුක් විදින ජනතවට කන්න දෙන විදිහක් ගැන බලන්න.

:       0       1

රංජිත් Sunday, 11 December 2022 10:35 AM

මේ තරම් ජරාවට පත් වෙච්චි රටක් ලෝකයේ තව තියේද? ඩයනා පුරවැසි භාවය නැත්නම් කථානායක කියන තැනැත්තා දැනගන්න ඕනෑ නීතිය ආදර්ශමත් විදියට හසුරුවන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

වීඩියෝ දර්ශන

අධිවේගයේ නිධාන ගල කුඩු කරයි
2024 නොවැම්බර් මස 23 16018 4

වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ







මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 510 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 730 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2037 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site